දැන් ඔය සංගා මහේල, මාලිංගට බනින අයට පොඩ්ඩක් හිතන්න දෙයක් මම කියන්නේ.
පොඩ්ඩක් හිතන්න මේක උනේ උඹලට කියලා. තමන්ගේ හිතට එකඟව වැඩක් කරන්න බැරි තැනක උඹලා ඉන්නවද? අපි උනත් කරන්නේ රස්සාව කරන තැන ඉන්න බැරි නම් එතනින් අයින් වෙන එක නේද?
මෙයාල කරන්නෙත් ඒ දේ නේද? එක අතකින් බැලුවොත් එයාල අවංකයි. අපිට පැහැදිලිව පේන දෙයක් තමයි ලෝක කුසලාන අවසන් තරඟයට මොකක් හරි බලපෑමක් තිබ්බා. ඉතින් සංගාලා කරේ තමන්ට බලපෑම් වැඩි නිසා ඉල්ලා අස් වුනා. දැන් උඹලා කියන්නේ ඕනේ බලපෑමක් තියාගෙන ඉන්න එක හරි කියලාද?
සංගා, මහේල, අරවින්දලා කියන්නේ අපේ රටේ ක්රිකට වලට විශාල සේවයක් කරපු අය. එයාල මේ රටේ අනිත් අය එක්ක බැලුවාම අපේ රටේ ක්රිකට් වලට ආදරයක් තියෙන අය විදිහට තමයි මම නම් දකින්නේ. ඒ වගේ අය අයින් වෙලා යන්න මොකක් හරි ලොකු වැරැද්දක් තියෙන්න ඕනේ නේද? අරවින්ද ඉල්ලා අස් වීමේ ලිපිය භාර දුන් දවසෙම රට අත් ඇරලා ගියා.
ඒ දවස් වල අර්ජුන මේ දේවල් වෙනවා කියලා කිව්වා. ඒ කාලේ බැනපු එවුන් දැන් අර්ජුන හොඳයි ලු. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහන්න හදලා වැඩක් නෑ බන්.
තව දෙයක් තමයි සංගලා IPL ගැහුවලු සල්ලි වලට, රට ගැන හිතන්නේ නැතුව. පොඩ්ඩක් මතක් කරන්න කැමති එයාල තමන් captain කරපු ටීම් දෙකම දාල තමයි ආවේ. ඒකට අපේ පාලක් මණ්ඩලයෙන් අවසරය දුන්නා. එහෙම කරලා තියෙද්දී බනින එක වැරදි නේද. මට නම් පේන්නේ මෙහෙම බනින ගොඩක් එවුන්ගේ හිතේ ඊර්ෂ්යාව තියෙනවා.
මම අන්තිමට අහන්න කැමති. ඇයි බන් උඹලා ඔච්චර අන්ධ? ඇයි බන් උඹලට තර්කානුකූලව දෙයක් දිහා බලන්න බැරි, ඇයි බන් උඹලා අන්තිමට මීඩියා ඒකේ කියන ඕනෙ කුණු ගොඩක් පිලිගෙන අතීත සිදුවීම් අමතක කරලා නිගමන වලට එන්නේ?
අහෝ!!! අපේ රටට යන කල දසාව...!!!!