මහේල සමර්සෙට් පිලට එක්වෙයි
ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන එංගලන්්තයේ විස්සයි:20 තරගාවලිය වෙනුවෙන් සමර්සෙට් පිලට එක්වීමට ගිවිසුම් අත්සන් කර තිබේ. මෙවර එංගලන්ත ගිම්හානයේදී පැවැත්වෙන විස්සයි:20 තරග 14 න් 12 කට මහේල ජයවර්ධන කී‍්‍රඩා කිරීමට නියමිතය.
මහේල සමග සමර්සෙට් පිලට එක්වීමට කොදෙව් පිලේ ආරම්භක පිතිකරු කි‍්‍රස් ගේල්ද එකග වී තිබේ.
මහේල මේ වන විට එංගලන්ත පිලේ පිතිහරඹ උපදේශකවරයා ලෙසින් කටයුතු කරමින් සිටී.
”ඒ වගේ පළපුරුද්දක් තියෙන විශිෂ්ට කී‍්‍රඩකයෙක් ඉන්නකොට හැකිි ඉක්මනින් එයාව අපි අතට ගන්න ඕනෑ” යයි සමර්සෙට් පිලේ අධ්‍යක්‍ෂ මැතිව් මේනාර්ඞ් සමර්සෙට් කි‍්‍රකට් සමාජයේ නිල වෙඞ් අඩවියට පවසා තිබිණ.
”කිසිම සැකයක් නෑ. මහේල කියන්නේ අති විශිෂ්ට කී‍්‍රඩකයෙක්. ඔහු පිටියේ හතර වටෙන්ම ලකුණු ලබාගන්නවා....ඒ වගේම ඔහු නියම වෘත්තිකයෙක්. ඒ නිසා පිටියේදී වගේම ඉන් පිටතදීත් ඔහු අපේ කී‍්‍රඩකයන්ට ඉතාමත් හොඳ උත්තේජනයක් වේවි” යයිද මැතිව් මේනාර්ඞ් පවසා තිබේ.
ටෙස්ට් සහ එක්දින ලකුණු 12,000 ක් ඉක්මවා රැුස්කරගෙන ඇති මහේල ජයවර්ධන, විස්සයි:20 අන්තර්ජාතික තරග 55 කදී ලකුණු 1493 ක් ලබා ඇත.
”ලෝකයේ ඉතාමත් සාර්ථක කී‍්‍රඩකයන් ගෙන්වා ගැනීමේ සම්ප‍්‍රදායක් සමර්සෙට් කී‍්‍රඩා සමාජයට තියෙනවා. ඒ විශිෂ්ටයන්ගේ ලයිස්තුවට එක්වීමට මාත් කළ හැකි හැම දේම කරනවා” යයි මහේල ජයවර්ධන පවසා තිබිණ.
බටහිර ඉන්දීය පිලේ සිටි අති විශිෂ්ට පිතිකරුවකු වූ ශී‍්‍රමත් විවියන් රිචඞ්ස් මෙන්ම එංගලන්තයෙන් බිහිවූ අති විශිෂ්ට තු-න් ඉරියව් කී‍්‍රඩකයකු වන ඉයන් බොතම් කී‍්‍රඩා කළේත් සමර්සෙට් පිලටය.
විස්සයි:20 ලෝක කුසලාන තරග වලදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කිරිමේ ලෝක වාර්තාව උසුලන්නේද මහේලය. ඒ තරග 31 කදී ලකුණු 1016 ක් රැස්කරමිනි.
Source