මහේල_ජයවර්ධන

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    l4879415.jpg



    මහේල ජයවර්ධන කියන්නේ ශ්‍රී ලංකාවේ කෙනෙකුට අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය කෙනෙක් නෙවෙයි. ලෝක විස්සයි20 අවසන් තරගය පැවැත්වෙන අද දවසේදී ලංකාවේ වැඩිම කතා වෙන නම් වලින් එකක්. එම අවසාන තරගයට ක්‍රීඩා කරන කණ්ඩායමේ නායකයා වශයෙන් පමණක් නොවෙයි අද දින ඔහු ගැන කතා වෙන්නේ. පසුගිය පස් වෙනිදා ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවියට රයිට් තොම්ප්සන් මහතා ලියු "A man who speaks for a nation" යන ලිපිය සහ ඒ ඇසුරින් ෆේස්බුක් වෙබ් අඩවියේ අද දින බෙදා හැරුණු සටහන මගින් ඔහු කුමන වර්ගයේ පුද්ගලයෙක්දැයි ඉතා අනර්ඝ ලෙස විග්‍රහ කර තිබෙනවා. ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරනු දුටු පළමු දවසේම, ඔහුගේ අනාගතය ඉතාමත් දීප්තිමත් බව තේරුම් ගන්නට මේ ක්‍රීඩාවට හැම අයුරකින්ම දායක වී ඇති කෙනෙකු වශයෙන් මට අපහසු වුනේ නෑ. ඒ කාලයේ මගේ මිතුරන් සමග මහේල ජයවර්ධන යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබුණු අගනා සම්පතක් යයි මා පැය ගණන් තර්ක කර තිබෙනවා. නමුත් අවාසනාවකට මා ක්‍රිකට් දෙස බලන කෝණයෙන්ම මගේ මිතුරන් ක්‍රිකට් ක්‍රීඩාව දෙස බැලුවේ නෑ. ඔවුන් පමණක් නොවෙයි, අද ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍ය වේදීන් පාවා තම හැඟුම් වලට වහල් වෙලා තමයි විචාරයේ යෙදෙන්නේ. ඒ කියන්නේ තමන් ඇලුම් කරන ක්‍රීඩකයා වෙනුවෙන් ඔවුන් පෙනී සිටිනවා කිසිදු වටිනාකමක් නැති තර්ක කරමින්.


    මම මුලින්ම මහේල ක්‍රිකට් ක්‍රීඩා කරනවා දකින්නේ, සනත් ජයසුරිය ටෙස්ට් ලකුණු 340ක් ලබා ගත දිනයේදීම අගනා අර්ධ ශතකයක් ලබා ගනිමින් ක්‍රීඩා කල ඉනිම තුලින්. එතැන් පටන් ඒ වනතෙක් සනත් ජයසුරියගේ රසිකයෙක් වූ මා මහේල ජයවර්ධනගේ රසිකයෙක් වනවා. එදිනේ වටිනාම ක්‍රීඩකයාගේ දිගුකාලීන රසිකයෙක් එක මොහොතකින් වෙනත් ක්‍රීඩකයකුගේ රසිකයකු වීම් පුදුමය දනවන කාරණයක්. ඒ වනතෙක් පිටියේ හතරකොනට ලවක් දෙවක් නැතුව පහර දෙන සනත් ජයසුරියගේ රසිකයා වූ මා හැඟුමට වඩා බුද්දියට ඉඩ දී මේ දර්ශනීය ස්පර්ශය(Elegant Touch) ඇති ක්‍රීඩකයා තෝරා ගන්නවා. මෙතන ඉඳලා තමයි අර කාර්යාලයේ ඇති වූ වාද-විවාද ඇති වන්නේ. මාත් සමගම එකට සනත්ගේ රසිකයන් වූ අනෙක් පිරිස මා හා ගැටෙන්න පටන් ගන්නවා. ඒත් මා මගේ බුද්ධිය අව තක්සේරු කරන්න සුදානම් වුනේ නෑ. මහේලට ඒ කාලයේ බොහෝ දෙනෙක් අකමැති වූ හේතුව ඔහුගේ ක්‍රිකට් වලට වඩා "ඌ මහා පඬියා" යන මනක්කල්පිත සිතිවිල්ලෙන්. එක අතකට මෙය මගේ කාර්යාලීය මිතුරන්ට සීමා වුනේ නෑ. යන යන තැන අය කතා කලොත් "මහේල මහා පඬියා" කියන දේ දිව මතුරක් ලෙස කියවුනා. මට ඒ සිතුවිල්ල ඇති නොවන්න සාධාරණ හේතුවක් තිබුනා. සාමාන්‍යයෙන් ඉක්මණින් මිතුරන් ඇති නොකර ගන්නා මා දෙසත් සමාජය මේ ලෙසම බැලු අවස්ථා තිබුනා. මාත් සමග කුළුපග වූ බොහෝ දෙනෙක් පසුව මා හා කියා සිටියේ "අපි හිතන් හිටියේ ඔයා හරි ආඩම්බරයි කියල" යන්නයි. ඒ නිසාම මට වැටහුනා මහේල ගැන තිබෙන මේ නොකැමැත්තත් ඒ වගේ එකක් කියල. අනිත් කාරණය තමයි මුල් කාලයේදී මහේලා මාධ්‍යත් සමග කල ගනුදෙනුව මාධ්‍ය කරුවන් තුල පවා ප්‍රසාදයක් ඇති නොකල එකක්. බොහෝ දෙනාට තිබුණේ කෙනෙකුගේ මුහුණෙන් මිනිසා පිලිබඳ තීරණ ගැනීමේ පොදු දුර්වලතාව.

    ටික කලකට පසු අප අන්ත පරාජයක් ලැබූ 1999 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි හය වටයෙන් විසි වී ගිය පසු තරගයකදී මහේල ක්‍රීඩා කරනවා. එම තරගයේ විස්තර විචාරකයකු ලෙස සහභාගී වූ 1996 දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාණයේ ජයග්‍රහනයට කැඳවාගෙන යාමට මහත් පිටිවහලක් වූ පුහුණුකරු වී ඩේව වට්මොරේ මහතා පවසා සිටියේ "මේ(මහේල) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් දමනා ස්ථාවර තැන්පතුවක්(This is a Fixed Deposit of Sri Lankan Cricket In Future)" යන්නයි. ඒ කියමන ඇසු සැනින් මගේ මුවගට සිනහවක් පහල වුයේ මට වැරදුනත් වට්මොර් වැනි පුද්ගලයෙකුට වරදින්නට නොහැකි නිසායි. ඒත් මෙවැනි දේට ඇහුම්කන් නොදී පන්දුව යන දෙස පමණක් බලා සිටින මගේ කාර්යාලීය මිතුරන් අර පුරුදු තැටියම වාදනය කරමින් මහේල කිසි වැදගැම්මකට නැති ක්‍රීඩකයෙකු බව පවසන්නේ අඩුම ගණනේ එම ඉනිමේදී දක්වන ලද දක්ෂතාව ගැනවත් නොසිතායි.

    මහේල ගැන ඊළඟ හොඳ විචාරය ලැබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් පැමිණ ශ්‍රී ලංකාවට ගෞරවයක් ලබා දුන් ලෝක ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන තරග තීරක වරයා වන රන්ජන් මඩුගල්ලේ මහතායි. බ්‍රයන් තෝමස් මහතා සමග සම්මුඛ සාකච්චාවකට සහභාගී වන මඩුගල්ලේ මහතා කියා සිටින්නේ "ඔහු තුල සැඟවුණු දක්ෂතා තිබෙනවා. ඔහුගේ අඩුපාඩුව තමයි දිගු ඉනිම වලට නොයෑම. ඔහුට තිබෙන ජීවමාන උදාහරණය සචින් තෙන්ඩුල්කාර්" (Mahela is a player who has great potential. But what he currently lacking is not playing big innings. The living example for him is Sachin Tendulkar). මට මේ දේවල් කියූ ආකාරයටම මතක සිටින්නේ මා මහේලට දැඩි ලෙස ඇලුම් කරන රසිකයෙක් වන නිසා කියා ඔබට හිතෙන්න පුළුවන්. එහෙත් අනෙක් බොහෝ ක්‍රීඩකයන් මෙන්ම වෙනත් දේ සම්බන්ධව ලැබෙන මෙවැනි ප්‍රකාශ මගේ මතකයෙන් ගිලිහෙන්නේ නෑ.

    මින් ටික කාලයකට පස්සේ ඔස්ට්‍රේලියාවේදී මුරලි පන්දුව දමා ගසන චෝදනවා නිසා එවකට නායකයා වූ අර්ජුන රණතුංග තරගයේ විනිසුරු වූ රෝස් එමර්සන් සමග ආරවුලක් ඇති කර ගන්නවා. එම තරගය අවසාන ඕවරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගන්නේ ලකුණු තුන්සිය ගණනක් පසුපස හඹා ගිහිං. එම තරගයේදී එවකට තරුණ ක්‍රීඩකයකු වූ මහේල ශතකයක් වාර්තා කර ගන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් කරලියේ කටින් පහර දෙන්න අර්ජුන තරම් ප්‍රවීණ නොවුනත්, එම අපවාදයට උඩගෙඩි දුන් එංගලන්ත කණ්ඩායමට අගන පිළිතුරක් පිත්තෙන් ලබා දෙමින්.

    එම කාලයේම ක්‍රිකට් තරගයට පෙර කෙරෙන සංවාදයකට ප්‍රවීණ විස්තර විචාරකයකු ලෙස සහබාගි වන හේමන්ත දේවප්‍රිය මහතා පවසන්නේ "මහේල ශරීරයෙන් ඉතා කුඩායි, ඒත් මානසිකව ඔහු තුල ඉන්නවා යෝධයෙක් තරම් විශාල පුද්ගලයෙක්". මේ කියමන් වලින් මට පසක් වන්නේ මා ගත් තීරණය සහ මගේ මතය නිවැරදි බවයි.

    ඉන් අනතුරුව එන්නේ මහේලට ඉතා අවාසනාවන්ත තරගාවලියක් වූ, දකුණු අප්‍රිකාවේ පැවැත්වූ 2003 ලෝක කුසලාන තරගාවලියයි. එහිදී ඔහු ක්‍රීඩා කල ඉනිම හතකදී ලබා ගන්නේ ලකුණු 21 ක් පමණයි. ඒ කාලයේදී ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ඔහුට නිර්දය ලෙස පහර දෙනවා. එම වාර්තා කියව මගේ කාර්යාලීය මිතුරන් මගෙන් විමසන්නේ "දැන් නම් මහේලව හලන්න කාලේ හරි නේද ?" කියයි. මා ඊට දෙන පිළිතුර වන්නේ "තව මැච් 40-50ක් බින්දුව ගැහුවත් මහේල වගේ පිතිකරුවෙක් හොයා ගන්න බෑ. මහේල ටීම් එකේ ඉන්න ඕනේ. බලපන් මහේලව හලනවද කියල" මා කිව ආකාරයටම මහේල දිගටම කණ්ඩායමේ රැදී ඉන්නවා. එවිට ඔවුන් තේරුම් කමිටුව විවේචනය කරනවා. මගේ ඒ කියමන පසු කාලයක මතක තබාගෙන පැවසුවේ ලෙහෙසියෙන් දෙයක් මතක තබා ගැනීමට නොහැකි පුද්ගලයෙක් ලෙස මුළු කාර්යාලේම ප්‍රසිද්ධ සුසන්ත. ඒ 2007 ලෝක කුසලාණයේ හොඳින්ම ලකුණු අතර සිටි ක්‍රීඩකය සහ කණ්ඩායමට නායකත්වය දුන්නේ මහේල වීම ගැන සාකච්චාවට බඳුන් වූ මොහොතේදී.

    මා සිතන ආකාරයටම සිතන තවත් අය සිටිය යුතුයි. එහෙත් කිසිම තැනකදී මට එවැනි කෙනෙක් මුණ ගැහුනේ නෑ. නමුත් මා කියවන ඉංග්‍රීසි බ්ලොග් එකක් වන Cricket Through the Eyes of an Irishman හී පල වී තිබු The Kelani river of Sri Lankan Cricket !! by Nipunika Sandarenu කියවූ මා අමන්දානන්දයට පත් වන්නේ එම ලිපියෙන් කියා ඇත්තේ මා පවසන දේම වෙනත් ආකාරයකින් පැවසු දේශීය විස්තර විචාරකයකු පැවසු දෙයකි. අප කවුරුත් දන්නා පරිදි කැළණි ගඟ ශ්‍රී ලාංකික ජන ජීවිතයට කරන මෙහෙය අප්‍රමාණය. එහෙත් කැළණි නදියට දොස් මිස වර්ණනා ලැබෙන්නේ නෑ. බීමට ජලය පමණක් නොව විදුලි ජනනයට පවා දායකත්වය සපයනවා. එහෙත් කැළණි ගඟට හොඳක් කියන කෙනෙක් දකින්න නෑ. ඒ වාගේම මහේල දක්ෂතා දක්වන විට පැසසුම් නාවත් මහේලට වැරදුන විට මාධ්‍ය ඔහුට එලව එලව පහර දෙයි. නිපුනිකාගේ ලිපිය අප කියවන්නට පෙර අයිරිෂ් ජාතික බ්ලොග්කරුවා කියවා එය ඔහුගේ බ්ලොග් අඩවියට එක කරන්නේ මහේල යනු මාහැඟි වස්තුවක් බව ඔහු දාන්න නිසායි. මොනවා වුනත් පසුව සොයාගෙන යාමේදී නිපුනිකාද බ්ලොග් එකක් ලියන බව සොයා ගන්න ලැබුනා.

    කතාවේ වැදගත් තැනට එන්නේ දැන්. අපිත් එක්ක මේ බ්ලොග් කට්ටක් අටෝගෙන ඉන්න සුදිකය කොහොමද මහේලත් එක්ක එක බැංකුවේ වාඩි වෙලා මැච් බලන්නේ ? මේක මු දැකපු හීනයක් වෙන්න ඕනේ. මුත් ක්‍රිකට් ගහන එක ඇත්ත තමයි. ඒත් මහේල එක්ක එකට වාඩි වෙන්න. වැඩ කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ නම් ඔන්න කමක් නෑ. මහජන බැංකුවේ වැඩ කරන එකාට මහේල එක්ක වාඩි වෙන්න චාන්ස් එක වදින්න විදියක් නෑනේ. ඒකත් එකටම මොනවා හරි තරගයකින් දිනාපු එකක්ද දැන්නෑ? හරි මාතෘකාව දැකපු ඕනෑම කෙනෙකුට (මාව දාන්න) මේ වගේ අදහස් ගොන්නක් ගාලගෙන ආවා නම එක ස්වාභාවිකයි. එහෙම නොවුනානම් තමයි වැරදි.

    හැබැයි මේකත් එක්තරා විදියක චාන්ස් එකක් තමයි. ඔයාල දන්නවනේ මම වැඩ කරන්නේ ක්‍රෙඩිට් කාඩ් අංශයක කියල. පහුගිය සටහන් දෙක කියෙව්වනම් ඒක වැටහෙනවා. හොඳයි, අපි වැඩ කරන්නේ VISA ත් එක්කනේ. ඔන්න 2010 පාපන්දු ලෝක කුසලානයට VISA එකෙන් ලොකු ප්‍රමෝෂන් එකක් කරා හිල්ටන් හෝටලයත් එක්ක එකතු වෙලා. හේතුව තමයි දකුණු අප්‍රිකාවේ දහවල් කාලයේ පැවැත්වෙන තරග නරඹන්න ලෝකයේ හොඳම කාලය, ඒ කියන්නේ රාත්‍රී 8.00 ට පමණ තියෙන්නේ අපි ඉන්න කලාපයේ වීම. ඒ පාපන්දු තරඟ අර විශාල තිරයක පෙන්වන. එතන VISA gold කාඩ් හිමියන්ට ඇතුලත් වීමේ ටිකට් ඒක 25%ක ඩිස්කවුන්ට් එකකට ලබා දෙනවා. ඒ කියන්නේ රුපියල් 1000ක් වෙන ටිකට් ඒක රුපියල් 750ට ලබා දෙනවා. ඒ විතරක්ද ඇතුළේදී ඒ රුපියල් දාහෙම කෑම බීම මිලදී ගන්න පුළුවන්. මම ක්‍රිකට් වලට වගේම පාපන්දු වලටත් ඒක වගේම ඇල්මක් දක්වන නිසාත් මුල සිටම ස්පාඤ්ඤ කණ්ඩායමට සහයෝගය දක්වපු නිසාත්, දවස් දෙකක්ම මෙතන තරග බලන්න මම ගියා. දකුණු අප්‍රිකාවේ පැවැත්වුණු මේ පාපන්දු ලෝක කුසලානය පෙන්වන iL Ponte කියන හිල්ටන් හෝටලයේ පිහිනුම් තටාකාංගණය තිබෙන මනරම් ප්‍රදේශයම දකුණු අප්‍රිකානු සිරි ගන්නා ආකාරයට සරසා තිබුනා. ඒ විතරක්ද දකුණු අප්‍රිකානු ජෑස් සංගීත කණ්ඩායමක් එහි ගෙන්වා තිබුනා. එම සංගීත කණ්ඩායමේ සිටි කළු තරුණියත් සමග කුළුපග වෙන්න මට අවස්තාවක් උදා වුනා. ඒ ගැන වෙනම පොස්ට් එකකින් විස්තර කරන්නම්. අර වුවුසෙලාස් කියන නලාත් බොහෝ දෙනෙක්ගේ අත් වල තිබුණා. දැන් කිසිදු තරග බිමකට වුවුසෙලාස් රැගෙන යන්න තහනම් කරලා. ඒ වගේම විවිධ කණ්ඩායම් වල ටී ෂර්ට් විකුණන ස්ටෝල් එකකකුත් තිබුනා.

    වුවුසේලාස් : www.wikipedia.org
    300px-Watching_South_Africa_%26_Mexico_match_at_World_Cup_2010-06-11_in_Soweto_7.jpg


    ඒ ජූලි මාසේ තුන් වෙනිදා, මම වැඩට එන ගමන් තව ඇඳුමක් දාගෙන ආවා. මටත් ගෝල්ඩ් කාඩ් එක ලැබුනා විතරයි. අපේ ඔෆිස් එකේ ඉඳල හිල්ටන් එකට තියෙන්නේ පයින් යන දුර. හිල්ටන් එක කිව්වට iL Ponte කියන හිල්ටන් එකෙන්ම කරගෙන යන ඉතාලි ආපන ශාලාව. මීට කලින් මම එක වතාවක් මිතුරෙක් සමග ගොස් තිබුනා. ඊට අමතරව ඉතිං ලොන්ඩරියට තමයි. ඒකත් තියෙන්නේ එතනම. හවස ඇඳුම් මාරු කරගෙන මමත් චන්ඩියා වගේ ගියා ගිහින් අදාල ගත්ත ගෝල්ඩ් කාඩ් එක. කෙලින්ම දුන්න. එයාලට මම ප්‍රමෝෂන් එක ගැන විස්තර කියන්න යද්දී එයාල දන්නවා. කෙලින්ම 750ක් ස්වයිප් කරලා කාඩ් එකයි රිසිට් එකයි පෑනයි දුන්න අත්සනට. මම ගියා ඇතුලට. හොඳටම තිරය දිස් වෙන තැනක් ඉදිරිපස පේලියේ බැංකුවක වාඩි වුනා. කාටවත් කරදරයක් නෑ. මගේ ටිකට් එකට ලැබුන ටෝකන් වලින් ඔරේන්ජ් ජුස් එකක් ගෙන්වාගෙන මම තිරය දෙසට ඇස් යොමු කළා. මුල් තරගය ආර්ජෙන්ටිනාව සහ ජර්මනිය අතර. පටන් ගන්න තව වෙලා තියෙන නිසා ශ්‍රී ලාංකික නිවේදකයා ප්‍රශ්න අහන තරගයක් පටන් ගත්තා. මම මේවට හිත යොමාගෙන හිටියේ. මගේ ලඟට ආව එක්තර වේටර් වරයෙක් "සර් දිස් ඉස් එ බූක්ඩ් ටේබල්. කැන් යූ ප්ලීස් මූව් සම්වෙයාර් එල්ස් ?" කියල කිව්වා. මම කල්පනා කලේ වෙන් කරපු මේසයක් නම් ඇයි මට විතරක් යන්න කියන්නේ. තවත් අය වාඩි වෙලා ඉන්නේ. ඒ ගමන්ම මම මගේ ළඟ ඉන්න කෙනා කවුද බලන ඔලුව දකුණු පැත්තට හැරෙව්වා


    මේක තමයි ටිකට් එක.
    MJ+001.jpg



    මහේල ........ ඔව් .... ඒ ඉන්නේ මගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකය මහේල. ඔහුගේ බිරිඳ ක්‍රිස්ටිනාත් එක්ක. මගේ ඔලුව නිකන් තෝන්තු වෙලා ගියා. මම මහේලගේ මුණ දිහා බලල හිනා වුනා. ඔහුත් පෙරලා සිනහවකින් සංග්‍රහ කළා. මම පිටිපස්සේ ආසනයට යද්දී ඔහු මා දෙස බලා හිස ඇල කර මද සිනහවක් පෑවා. ඔහුට තේරුනා මට සිදු වෙච්ච අපහසුතාවය. ඔහු මාත් සමග හිස ඇල කර මද සිනා පෑවේ "අනේ සොරි අයියේ" කියන පෙනුමකින්. නමුත් ඔහු එසේ කරන්න මේ සුදීකය කවුද? ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයා, හිටපු නායකයා. කතා කරන්න බොහොමයක් දේ තිබුනත්, ඔහුගේ පුද්ගලිකත්වයට හානි කරන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ. අවුරුද්දේ වැඩි කාලයක් ගිනි අව්වේ වේලිලා-වේලිලා ඉන්න කෙනෙකුට තමන්ගේ බිරිඳත් එක්ක නිවිහැනහිල්ලේ ඉන්න ටික මැද්දට පැනල ඇණයක් වෙන්න කොහෙත්ම උවමනාවක් තිබුනේ නෑ. එහෙම හිතලා ඔහුත් එක්ක ටිකක් කතා කරන්න මගේ හිතට ආපු ආසාව අපහසුවෙන් මැඩ ගත්තා. ඔවුන් එතනට ඇවිත් තිබුනේ ආජෙන්ටිනා මිතුරු පිරිසක් සමග. ඔබ පිලිගන්නවද එම තරගාවලිය තුල තරග තිබෙන හැම දවසකටම අදාළ රටේ කිහිප දෙනෙක් මෙතනට එකතු වුනා කිව්වහම. මාධ්‍ය වේදීන්ගෙන් ගැලවිලා, රසිකයන්ගෙන් ගැලවිලි මෙහෙම නිවී හැනහිල්ලේ ඉන්න මහේලලා වගේ අයට හම්බවෙන්නේ බොහොම පුංචි අවස්ථාවක් විතරයි. ඔහු දන්නවානම් මේ ඉන්නේ ඔහුගේ හොඳ රසිකයෙක් බව ? ටික වෙලාවකට පස්සේ කවුදෝ ටී-ෂර්ට් එකකට අත්සනක් ගන්න මහේල ගාවට ආවා. ඒ අවසරෙන් මගේ පොකට්ටුවෙන් මගේ කාඩ් එකක් ගෙන අනිත් පස මම ඔහුගේ අත්සනක් ගත්තා සිහිවටනයක් ලෙස. මම ඊට කලින් කිසිම කෙනෙක්ගේ සමරු අත්සන් අරගෙන නෑ. ඔවුන් ආර්ජන්‍ටිනාවට සහය දැක්වුවත් ජර්මන් කණ්ඩායම එම තරගය ජයගත්තා. ඉන් පසුව තමයි මා නරඹන්න බලාපොරොත්තුවෙන් සිටි ස්පඥ්ඥය සහ පැරගුවේ අතර තරගය. මම දැක්කා මහේල යුවලත් එක්ක රසික රසිකාවියෝ එකට හිඳිමින් චායාරුප ගන්නවා. මට එහෙම කරන්න හිතුනත් මා වෙනුවෙන් මගේ දුරකථනයෙන් ක්ලික් කරන්න මේ වගේ තැනකට එන කෙනෙක් ඉදිරිපත් වෙයි කියල හිතන්න අමාරු නිසා, ඒ අසාවත් මැඩ ගත්තා.

    මේ තියෙන්නේ මම අර ගත්ත අත්සන.

    MJ+002.jpg



    මෙතනදී මම ඇත්තටම තේරුම ගත්තා ඔහු පඬියෙකු නොව නිහතමානී කමේ ප්‍රතිමුර්තියක් කියලා. සමහර මේ වගේ තරු මට්ටමේ අය පොළොවට උඩින් තමයි ඉන්නේ. සාමාන්‍ය මිනිසුන්ගේ ඉදිරියේ ඔවුන්ගේ මුවගට සිනහ එන්නේ නෑ.

    මේ දවස් වල ඔහුගේ නිහතමානීත්වයට පින් සිදු වන්නට, කැලේ පිපී කැලේම පර වන්නට ඉඩ තිබුණු දක්ෂතා පිරි පන්දු යවන්නෙක් කරලියට ගෙන එන්න සමත් වුනා විතරක් නොවෙයි, ඔහුට වැඩිමහලු සහෝදරයෙක් වෙමින් උපකාර කරන්නේ සමහරවිට ඔහුගේ මිය ගිය සොහුරා දිශාල් ගැන සිහි වී වන්නට පුළුවන්. ඒ ක්‍රීඩකයා අකිල ධනංජය. අපිට ඔහු ගැන ඉදිරියට හොඳ පුවත් අහන්න ලැබෙයි කියන එක තමයි මගේ විශ්වාසය.

    අවසානයේදී මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා

    "කෙනෙකු, ඔහුගේ හෝ ඇයගේ මුහුණින් විනිශ්චය නොකරන්න" කියා.


    SOURCE
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    mageth favorite ma cricketer rep+


    thankx for info



    mageth hodama player thama mahela.superb player kenk :)
    machn kln rep deela

    Nice article =)
    +7 added

    hamotama thanks....rep thama denna belu....
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    Hemoma me wage buddhimathva hithanna one... nathnam api apivama vinasha karagannawa jeevithe anith dewal waladi pawa.. final paradunata api apu gamana diha balala jayagrahanayata wada loku sathutak labanna puluwan....