මහ‍‍‍෴මැතිවරණයක්‍෴රනිල්

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මහ‍‍‍෴මැතිවරණයක්‍෴රනිල්

    ජූනි මාසයට පෙර මැතිවරණයක්

    ලබන ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් කැඳවීම සඳහා යෝජනාවක් සම්මත කරගැනීමට සියලු පක්ෂ හා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

    කොළඹදී මෙරට විදෙස් මාධ්‍යවේදීන් හමුවේ අදහස් ප්‍රකාශ කරමින් වික්‍රමසිංහ මහතා අද (16) පස්වරුවේ එම කරුණු සඳහන් කළ බව බී.බී.සී. සිංහල සේවය වාර්තා කර තිබිණි.

    රනිල් වික්‍රමසිංහ මහතා එහිදි මෙසේ ද පවසා ඇත.

    “අද පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් මම කම්පාවටත් කනගාටුවත් පත් වෙනවා. අපිට මේ අරාජික තත්ත්වය තවදුරටත් බලා ඉන්න බෑ. අපිට බහුතරය තියෙනවා. අපිට ඒක ඔප්පු කරන්න පුළුවන්. මේ රටේ නීත්‍යනුකූලව පිහිටවපු ආණ්ඩුව අපියි. අපිට ඒ ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්. කතානායකවරයා ජනාධිපතිවරයාට යොමු කරන ලිපියට ප්‍රතිචාරයක් බලා සිටිනවා.

    අවශ්‍ය නම් යළිත් වරක් ජනාධිපතිවරයා මුණ ගැසෙන්න එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සූදානම්. ඕනෑම වෙලාවක හමුවෙන්න අපේ පක්ෂ නායකයන් සූදානම්. අපිට අනෙක් සියලු දේ කතා කරලා විසඳගන්න පුළුවන්. නමුත් රටේ ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යන්න පුළුවන් එකම කණ්ඩායම අපි බව පිළිගන්න ඕනේ.

    ඒක නොපිළිගන්න තුරු රටේ අරාජික තත්ත්වයක් තියේවි. අපිට අරාජික තත්ත්වයක් අවශ්‍ය නැහැ. අනෙක් දේශපාලන පක්ෂ සමඟ ද සාකච්ඡා කර ලබන ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට අපි සූදානම්. ඒ සඳහා යෝජනාවක් සම්මත කරගැනීම කෙරෙහි ද අවධානය යොමු වී තිබෙනවා”
     

    batakolaachchi

    Junior member
  • Jan 30, 2018
    41
    3
    8
    විධායකය, ව්ය වස්ථාදායකය, අධිකරණය තුළ ද මෙරට මහජන බදු මුදලින් යැපෙන තනතුරු දාරීන් විසින් ශ්රීථ ලංකාවේ ගෞරවයද මහජන මුදල් ද කාබාසිනිය කරමින් පවතී.
    2015 ජනවාරි 08 දින පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසුව ජනතාවගේ පරමාධිපත්යවයට වැරදි අර්ථකතන දෙමින් පවත්වාගෙන ගිය දින 100 යේ සුලුතර ආණ්ඩුව තුලින් කල පලමු කාර්යය මහබැංකුව මංකොල්ල කෑමයි...ඉන් නොනැවතී හොරා කෑ... සල්ලි මන්ත්රීරවරු 118 ක අතරේ බෙදා ..19වන ව්යයවස්ථා සංශෝධනය පෞද්ගලික පළිගැනීමක් ලෙස පමණක් නිවැරදි නොවන ලෙස සිදුකර හොරා කෑ මන්ත්රීක බහුතරයෙන් සමිමත කර ජනතා පරමාධිපත්ය යටපත් කලේය.අධිකරණය විසින් තවදුරටත් එය තහවරු කරමින් ජනමත විචාරණයක් ලබා නොදෙන ලදී.... මහ මැතිවරණයක්ද රට අවුලට පත්කළ 19 වන ව්යදවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක්ද ඉල්ලා මහජනතාව පාරට බැසිය යුතු කාළය එළඹ ඇත. සල්ලි මලුවලට විකිණී මාරු වෙන පර්ලිමෙන්තුවට බලය පැවරෙන ක්ර මය මෙරටට සුදුසු නොවේ ..වීධායක ජනාධිපති දූරය වසර 05කට සීමා කර..වාර ගණන සීමා නොකල යුතුය..එය ජන්දයෙන් සීමා කිරීමට ජනතාවට හැකියාව ඇත.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දෙසැම්බර් 7 වෙනකොට මහින්ද විරුවාගේගේ රෙප් පවර් එක, නැතිනම් රෙපියුටෙෂන් එක හොඳටම වැටෙනවා.

    දේශීයව - මිනිහා කැතම වෙලා ගිහින්. දැන් හැම කෙනා අතේම ස්මාර්ට්ෆෝන්. ඉස්සර වගේ නෙමෙයි. සිරා රාජ්‍ය මාද්දිය අල්ලගෙන හිටියට, මිනිස්සු නිවුස් ගන්නේ ඒවායින් නෙමෙයි.

    ට්විටර්, ෆේස්බුක්, නිවුස් වෙබ්සයිට් වලින්.

    පාර්ලිමේන්තු පොලීස් නිලධාරීන්ට පුටුවලින් ගහපු එක, මිරිස් වතුර ගහලා ඒ මිනිස්සු වේදනාවෙන් ඉන්න එක, මේ වෙනකොට රටම දැකලා ඉවරයි.

    ඔහොම යන්. සිරා හිතාගෙන ඉන්නේ දෙසැම්බර් 7 තීන්දුව එනකන් මේ වැඩේ දිගටම යයි කියලා. ඔව් යයි.

    සමහර විට පාර්ලිමේතුව ඇතුලේ, ඉතාහාසයේ පලමු වතාවට මනුස්සයෙක් මැරෙයි.

    මේ පාදඩ වැඩ වලට උසි ගන්වලා මහින්ද ලස්සනට ඉන්න හැටියි, එහෙම අමාරුවෙන් සම්මත කර ගන්න ඒවා සිරා පිලිගන්න බෑ කියාලා ආයෙත් ඊලඟ දවසෙත් ගහමරා ගන්න එකට සෙට් කරන හැටියි රටම දන්නවා. සීලාචාර රටවල නියෝජිතයිනුත් දැක්කා. ලෝකෙ හැම ටී.වී චැනල් එකකම පෙන්නුවා.

    ඔහොම යන්කො සිරා මරා.

    මරාට අමතකයි, බයියන්ගෙ චන්දවලින් දිනන්න බෑ කියලා. දිනන්නේ පාවෙන චන්ද යන පැත්තට. දැන් මරා යුධ විරුවා නෙමෙයි, පාර්ලිමේන්තුවේ පාතාල නායකයා. දෙසැම්බර් 7 වෙනකොට, එයා රටේම පාතාල නායකයා වෙනවා.

    ගමන සුබයි මරෝ.... රුපියල් පහක් පැට්‍රල් අඩුකරලා, තව මොන මොනවා හරි දීලා චන්ද ගන්න මේ රමේ මිනිස්සු හිඟන්නෝ කියල හිතාගෙන ඇති මරා පකයා.

    2015දිත් දුන්නානේ මලු පුරවලා සහන.... දින්නද මරෝ? නෑ නේ? මේ සැරේ ඊටත් අන්තයි මරෝ. මිනිස්සුන්ට එපාවුනාට පස්සේ සහන දීලා චන්දෙ ගන්ඩ බෑ.

    මහින්ද හා මහින්දගේ බයියෝ කොච්චර කෑගැහුවත් රනිල්ලා රට විකුණනවා කියලා, ලෝකෙම ඉස්සරහා රට ගඳ ගස්සන්නේ කවුද කියලා රටම ලයිව් බලනවා හැමදෑම

    ඔහොම යන්කො සිරා මරා.