මහ ඇමැති අස්‌ නොවුණොත් නැගෙනහිර බල පෙරළි&#3514

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,964
    113
    මහ ඇමැති අස්‌ නොවුණොත් නැගෙනහිර බල පෙරළි&#3514

    ප්‍රියදර්ශන ලියනගේ

    නැගෙනහිර පළාත් ප්‍රධාන ඇමැති නසීර් අහමඩ් මහතා තමන් කළ වරද නිහතමානීව පිළිගෙන මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌ නොවුණහොත් නැගෙනහිර පළාත් සභාව තුළ ළඟදීම බල පෙරළියක්‌ සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට ඊයේ (1 දා) පැවැසීය.නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් මහතා පළාත් ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා සමග ඇතිකරගෙන ඇති ගැටුම මීට හේතුවී ඇත.

    මුස්‌ලිම් කොංග්‍රසය නියෝජනය කරන නසීර් අහමඩ් මහතාට නැගෙනහිර පළාත් ප්‍රධාන ඇමැති ධුරය හිමි වූවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සමග මුස්‌ලිම් කොංග්‍රසය ඇතිකර ගෙන තිබූ එකඟතාව මතයි.

    නසීර් අහමඩ් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මුළු රටෙන්ම විරෝධය එල්ල වීමත් සමග ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතාද ඔහුගේ ක්‍රියාව හෙළා දකිමින් වහාම සිංහල ජනතාවගෙන් මහ ඇමැතිවරයා සමාව ගතයුතු බව සඳහන් කර තිබිණි.

    මේ වන විට මහ ඇමැතිවරයාව ඉල්ලා අස්‌වන ලෙස මුස්‌ලිම් කොංග්‍රසයෙන්ද දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ.

    නැගෙනහිර මහ ඇමැති ධුරය මුස්‌ලිම් කොංග්‍රසය සතුව දිගටම තමා ගැනීමට නම් මහ ඇමැතිවරයා ඉල්ලා අස්‌වී එම පක්‍ෂයේම වෙනත් මන්ත්‍රීවරයකුට ධුරය ලබාදීම එකම විකල්පය බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඇමැතිවරයා පැවැසීය. එසේ නොවී මහ ඇමැතිවරයා බලයේ රැඳී සිටීමට උත්සාහ කළහොත් ජනාධිපතිවරයා ළඟදීම තීන්දුවක්‌ ගනු ඇතැයිද ඇමැතිවරයාගේ අදහස විය.

    - http://www.divaina.com/2016/06/02/news04.html
     
    Glass Killerz

    Member
    Jan 5, 2016
    171
    52
    0

    සිංහල ජනතාවගෙන්? හමුදාව කියන්නෙ සිංහල ජනතාව නෙවෙයි. මේ වගේ මෝඩ අදහස් නිසා තමයි රටට කෙල වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: wije99000