පොලොන්නරුව පුලස්තිපුර පැවති සුහද හමුවක් අවසානයේ අනතුරුදායක ලෙස මාර්ගයේ සිග් සැග් ක්‍රමයට ගමන්ගත් බස් රථ 25 ක රියදුරන්ගේ බලපත්‍ර ඊයේ (2) රථවාහන පොලිස් මූලස්ථානය මගින් බාරයට ගත් බවත් ඔවුන්ට ඉදිරියේ නඩු පවරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවැසීය.මෙම බස් රථවල මෝටර් රථ පනත උල්ලංඝණය කරමින් අභ්‍යන්තරය සහ පිටත වෙනස්කම් රැසක් සිදු කර ඇති බවත් ඒවා නිසි පරිදි වෙනස් කර යළි ඉදිරිපත් කරන තෙක් මෝටර් රථ ප්‍රවාහන පරීක්ෂක නිලධාරින් විසින් ඔවුන්ගේ බස් ධාවනය තහනම් කරමින් බලපත්‍ර ද සිය භාරයට ගත් බව නිහාල් තල්දුව මහතා පැවැසීය.
Source:
https://www.gossiplankanews.com/2023/10/bus-25-polonnaruwa-nabbed.html
