මහ බැංකුවේ ව්‍යවහාර මුදල් කෞතුකාගාරය

AnuradhaRa

Well-known member
  • මහ බැංකුවේ ව්‍යවහාර මුදල් කෞතුකාගාරය

    ව්‍යවහාර මුදල් කෞතුකාගාරය

    මහ බැංකුවේ ව්‍යවහාර මුදල් කෞතුකාගාරය කොළඹ කොටුවේ මහ බැංකු ප්‍රධාන කාර්යාලයේ 1982 අප්‍රේල් 20 වන දින පිහිටුවන ලදී. දැනට මෙම කෞතුකාගාරය පිහිටා ඇත්තේ කොළඹ 01 චැතම් වීදියේ අංක 54 දරණ ස්ථානයෙහි පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ලි පරිශ්‍රයේ ය. රජයේ සහ බැංකු නිවාඩු දිනයන්හි හැර සියළු ම වැඩ කරන දිනයන්හි සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 තෙක් මහජනතාව, පාසල් සිසුන් සහ විදේශීය/දේශීය නානක ශාස්ත්‍රඥයින් සඳහා මෙම කෞතුකාගාරය විවෘත ව පවතී. මෙම කෞතුකාගාරයට ඇතුළු වීම සඳහා කිසිදු ගාස්තුවක් අය කරනු නො ලැබේ.
    මහ බැංකුවේ ව්‍යවහාර මුදල් කෞතුකාගාරයෙහි ක්‍රි. පූ. 3 සිට අද දක්වා ශ්‍රී ලංකාවේ භාවිතා කළ කාසි සහ නෝට්ටුවල ඉතිහාසය විදහා දක්වන පැරැණි කාසි සහ නෝට්ටු විශාල සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කර තිබේ. අනෙකුත් මහ බැංකුවලින් ලැබුණු විදේශීය කාසි සහ නෝට්ටු ද මෙම කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

    පැරැණි කාසි සහ නෝට්ටු ප්‍රදර්ශනය කර ඇත්තේ පහත සඳහන් යුග ආවරණය වන පරිදි අනුපිළිවෙළට ය.
    ආදි යුගය >>
    මධ්‍යකාලීන යුගය >>
    යටත් විජිත යුගය >>
    නිදහසින් පසු යුගය සහ ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවූ දා සිට >>

    ආදි යුගය

    අනුරාධපුර රාජධානිය ( ක්‍රි. පූ. 3 සිට ක්‍රි. ව 107)
    කහපණ
    ලක්ෂ්මි තහඩු කාසි
    සිංහ කාසි
    කහවණු හෝ ලංකේෂ්වර කාසි
    ස්වස්තික කාසි
    විදේශීය කාසි

    කහපණ
    දිවයිනේ මුලින් ම හඳුනා ගත් ව්‍යවහාර මුදල් ඒකකය කහපණ ලෙස සඳහන් කෙරේ. ඒවා සංස්කෘත භාෂාවෙන් පුරාණ ලෙස ද ඉංග්‍රීසි බසින් එල්ඩින්ග්ස් ‍ලෙස ද හැඳින් වේ. කාසියේ එක් පැත්තක හෝ දෙපැත්තේ ම කොටා තිබුණු සලකුණු හෝ සංකේත හේතුවෙන් හස්එබු කරන ලද කාසි වශයෙන් ඒවා ප්‍රචලිත ව ඇත. මේවා ක්‍රි. පූ. 3 සිට ලංකාවේ භාවිතා කර තිබේ. කහපණ නිර්මාණය කර ඇත්තේ මිටියකින් තලන ලද තහඩුවකින් ලෝහ තීරු කැපීමෙන් ලෙසට සලකනු ලබයි. මෙම කාසි වටකුරු, චතුරස්‍රාකාර, සෘජුකෝණාශ්‍රාකාර හෝ දිගැටි ආදී විවිධ හැඩවලින් යුක්ත වේ. ඒවායේ බර එකිනෙකට සම කරනු ලැබ ඇත්තේ කාසියේ මුළු කපා සකස් කිරීමෙනි. කහපණ සාදා ඇති ලෝහය බොහෝදුරට රිදී බවට සොයා ගෙන ඇත.

    කහපණ
    kahapana2.jpg
    kahapana1.jpg


    ලක්ෂ්මී තහඩු කාසි
    lakshmi1.jpg
    lakshmi2.jpg


    ක්‍රිස්තු පූර්ව 7 වන සියවසේ සිට 8 වන සියවස දක්වා වර්ෂවල දී පමණ දිවයිනේ “කහවනු” නමින් හැඳින්වෙන රන් කාසි වර්ගයක් සංසරණයේ පැවතුනි.

    කහවණු
    kahawanu1.jpg
    kahawanu2.jpg


    විදේශීය කාසි

    දිවයිනේ විදේශීය කාසි දක්නට ලැබීමට නිසැක ව ම හේතු වූයේ ජාත්‍යන්තර වෙළඳාමයි. අනුරාධපුර, මිහින්තලේ, සීගිරිය, කුරුණෑගල, මාතර, අකුරුගොඩ සහ බදුල්ල යන ප්‍රදේශවලින් මෙම කාසි වැඩි වශයෙන් සොයා ගන්නා ලදී. මේවායින් වැඩි කොටසක් ග්‍රීක, ඉන්දු ග්‍රීක, රෝම, චීන, අරාබි සහ ඉන්දියානු වේ.

    මධ්‍යකාලීන යුගය

    පොළොන්නරු රාජධානියේ සිට කෝට්ටේ රාජධානිය දක්වා (ක්‍රිස්තු වරෂ 1017 - ක්‍රිස්තු වර්ෂ 1597)

    මස්ස කාසි
    රාජරාජ
    නිශ්ශංකමල්ල
    රාජාධිරාජ
    වෝඩගංග
    රාජේන්ද්‍රදේව
    ලීලාවතී
    පළවන විජයබාහු
    සහස්සමල්ල
    පළවන පරාක්‍රමබාහු
    ධර්මා‍ශෝක

    දඹදෙනිය රාජධානිය
    තුන්වන විජයබාහු
    සේතු කාසි - යාපනය
    දෙ වන පරාක්‍රමබාහු සිංහ කාසි - හතරවන පරාක්‍රමබාහු
    පළවන බුවනෙකබාහු

    මහනුවර රාජධානිය (ක්‍රි. ව. 1474 - ක්‍රි. ව. 1815)
    ලැරීන්
    තුට්ටුව
    දඹදෙනි කාසි
    පණම
    සල්ලි
    තංගම

    යටත් විජිත යුගය

    පෘතුගීසි යුගය (ක්‍රි. ව. 1505 - ක්‍රි. ව. 1658)

    පෘතුගීසි යුගයේ භාවිතා කළ කාසි

    ශාන්තුවරුන්ගේ රූප ඇතුළත් කාසි (තෝමස් මුනිවරයානන්) - රන්/රිදී
    තංගම
    මලක්කා - රිදී
    කෘෂාඩෝ
    ගිනිමස්ස - රිදී
    කක්‍රම් ආදිය

    ලන්දේසි යුගය (ක්‍රි. ව. 1640 - ක්‍රි. ව. 1796)

    ලන්දේසි යුගයේ භාවිතා කළ කාසි

    zeelandia1.jpg
    zeelandia2.jpg
    stuivers1.jpg
    stuivers2.jpg


    රික්ස් ඩොලර්
    දොයිතු
    සිලන්තයේ කාසි
    හොලැන්ඩියාවේ කාසි
    යුට්‍රෙච්ටි කාසි
    බටහිර ප්‍රිරිස්ලන්තයේ කාසි
    ගැල්ඩර්ලන්තයේ කාසි
    තුට්ටු

    ප්‍රථම වරට මුදල් නෝට්ටුවක් හඳුන්වා දෙන ලද්දේ ලන්දේසීන් විසිනි . එය හැඳින්වූයේ ක්‍රෙඩිට් බ්‍රීවන් හෝ කෑස්-නෝට්න් ලෙස ය.

    notice.jpg


    බ්‍රිතාන්‍ය යුගය (ක්‍රි. ව. 1796 - ක්‍රි. ව. 1948)

    1796 දී යටත් වීමේ ගිවිසුමට අනුව ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ බලය පවරා ගන්නා ලද්දේ ඉංග්‍රීසීන් විසිනි.

    ඉංග්‍රීසීන් භාවිතා කළ කාසි

    rix1.jpg
    rix2.jpg


    ෆාර්දීන්
    බ්‍රිතාන්‍ය තුට්ටු
    පතාගය (රිදී කාසිය - 1825)
    පණම්
    රුපියල් (ඉන්දියානු රුපියල්)
    රුපියල් භාගය
    රුපියල් කාල

    1872 දී රුපියල් ශත ක්‍රමය ඇරඹිනි. (එ නම් සත 100 ක් රුපියලකට සමාන වන ලෙස යි.)

    රුපියලට වඩා අඩු වටිනාකමක් ඇති කාසි වූයේ

    ශත ¼ (තඹ)
    ශත ½ (තඹ)
    ශතය (තඹ)
    ශත දෙක (පිත්තල)
    ශත පහ (පිත්තල)
    ශත දහය (පිත්තල)
    ශත විසි පහ (පිත්තල)
    ශත පනහ (පිත්තල)

    බ්‍රිතානය යුගයේ දී, නෝට්ටු නිකුත් කිරීමේ අධිකාරිමය බලය හිමි ව තිබුණේ ආයතන තුනකට ය.

    1. මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කළ නෝට්ටු (1827 – 1855) පවුම් නෝට්ටු
    ...පවුම
    ...පවුම් දෙක
    ...පවුම් පහ

    2. පෞද්ගලික බැංකු විසින් නිකුත් කළ නෝට්ටු (1844 – 1884) එ නම්
    ...ඔරියන්ටල් බැංකුව
    ...චාර්ටඩ් මර්කන්ටයිල් බෑන්ක් ඔෆ් ඉන්දියා ලන්ඩන් ඇන්ඩ් චයිනා
    ...ආසියාතික බැංකුව
    .....(i) පවුම් නෝට්ටු
    .....(ii) රුපියල් නෝට්ටු

    3. මුදල් කොමසාරිස් මණ්ඩලය විසින් නිකුත් කළ නෝට්ටු (ලංකාණ්ඩුව යටතේ) (1884 – 1950)
    මුදල් කොමසාරිස් මණ්ඩලය පහත සඳහන් නිලධාරීන්ගෙන් සමන්විත විය.
    .භාණ්ඩාගාරික
    .යටත් විජිත ලේකම්
    .විගණකාධිපති

    උප නෝට්ටු

    1939 දී සහ 1940 දී කාසි හිඟයට මුහුණ දීම පිණිස රුපියලට අඩු වටිනාකමක් ඇති නෝට්ටු නිකුත් කිරීම සඳහා හදිසි අවස්ථා බලතල පනතෙහි ඇතුළත් නියෝග යටතේ මුදල් කොමසාරිස් මණ්ඩලයට බලය පවරන ලදී.

    මුදල් කොමසාරිස් මණ්ඩලය විසින් නිකුත් කළ උප නෝට්ටු
    ශත 05
    ශත 10
    ශත 25
    ශත 50
    රුපියල් 1

    මෙම නෝට්ටු අතුරින්, ශත 5 නෝට්ටුව ශත 2 හි සහ ශත 3 හි තැපැල් මුද්දර ලෙසින් නිකුත් කෙරිණි.

    මුදල් කොමසාරිස් මණ්ඩලය විසින් නිකුත් කළ අනෙකුත් නෝට්ටු
    රුපියල් එක
    රුපියල් දෙක
    රුපියල් පහ
    රුපියල් දහය
    රුපියල් පනහ
    රුපියල් සියය
    රුපියල් පන් සියය
    රුපියල් දහස
    රුපියල් දස දහස

    බැංකු අතර සිදු කරන ලද ගනුදෙනු සඳහා පමණක් රුපියල් දස දහසේ මුදල් නෝට්ටු භාවිතා කරන ලදී.


    නිදහසින් පසු යුගය සහ ශ්‍රී ලංකා මහ බැංකුව පිහිට වූ දා සිට

    1949 අංක 58 දරන මුදල් නීති පනතෙහි ඇති කොන්දේසිවලට අනුව 1950 අගෝස්තු 28 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවන ලදී. අනෙකුත් කාර්යයන් අතර නෝට්ටු සහ කාසි යන දෙ වර්ගය ම ඇතුළත් ව්‍යවහාර මුදල් නිකුත් කිරීම පාලනය කිරීම සඳහා මුදල් මණ්ඩලයක් ස්ථාපනය කිරීමට මුදල් නීති පනත අවකාශ සැලසුවේ ය.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ කාසි

    ලංකාව තුළ ඉංග්‍රීසීන් විසින් නිකුත් කළ නෝට්ටු 1951 වන තුරු ද කාසි 1963 වන තුරු ද භාවිතා කරන ලදී. පළමුවන කාසි කාණ්ඩය හඳුන්වා දෙන ලද්දේ 1963 දී ය. මෙම කාසි කාණ්ඩයේ මුහුනත මඟින් ලංකාවේ රාජ්‍ය ලාංඡනය හඳුන්වා දෙන ලදී. මෙම කාණ්ඩය පහත සඳහන් කාසිවලින් සමන්විත විය.

    ශතය (ඇලුමිනියම්)
    ශත දෙක (ඇලුමිනියම්)
    ශත පහ (ඇලුමිනියම්)
    ශත දහය (ඇලුමිනියම්)
    ශත විසි පහ (තඹ/නිකල්)
    ශත පනහ (තඹ/නිකල්)
    රුපියල (තඹ/නිකල්)


    1950 සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු කාණ්ඩ එකොළහක් නිකුත් කරනු ලැබ ඇත.

    01 හයවන ජෝර්ජ් රජුගේ රුව සහිත නෝට්ටු කාණ්ඩය රුපියල්1 සහ 10 (1951)
    02 දෙ වන එළිසබෙත් රැජිනගේ රුව සහිත නෝට්ටු කාණ්ඩය රුපියල්1, 2, 5, 10, 50, 100 (1952)
    03 ලංකාවේ රාජ්‍ය ලාංඡනය ඇතුළත් නෝට්ටු කාණ්ඩය රුපියල්1, 2, 5, 10, 50, 100 (1956)
    04 එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක රුව ඇතුළත් නෝට්ටු කාණ්ඩය රුපියල් 2, 5, 10 ,50, 100 (1962)
    05 පරාක්‍රමබාහු රජුගේ පිළිරුව සහිත කාණ්ඩය රුපියල් 2, 5, 10, 50, 100 (1965)
    06 ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය ඇතුළත් නෝට්ටු කාණ්ඩය රුපියල් 50, 100 (1975)
    07 සතුන් සහ වෘක්ෂලතා ඇතුළත් නෝට්ටු කාණ්ඩය රුපියල් 2, 5, 10, 20 ,50, 100 (1979)
    08 ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක තේමා රැගත් නෝට්ටු කාණ්ඩය රුපියල් 5, 10, 20, 50, 100, 500, 1000 (1981)
    09 ඓතිහාසික සහ සංවර්ධනය විදහා දැක්වෙන නෝට්ටු කාණ්ඩය රුපියල් 500, 1000 (1987)
    10 ශ්‍රී ලංකාවේ උරුමයන් ඇතුළත් නෝට්ටු කාණ්ඩය රුපියල් 10, 20, 50, 100, 500, 1000
    2000 (1991)(2005)
    11 සංවර්ධනය සෞභාග්‍යය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන් රුපියල් 20, 50, 100, 500, 1000, 5000 (2011)

    රුපියල් පහ සහ රුපියල් දෙක නෝට්ටු වෙනුවට 1984 දී රුපියල් පහ (නිකල්/පිත්තල) සහ රුපියල් දෙක (තඹ/නිකල්) කාසි හඳුන්වා දෙන ලදී.

    2005 වසරේ දී, කාසිවල බර සහ ලෝහ මිශ්‍රණය වෙනස් කරමින් රුපියල් 5 සහ රුපියල් 2 සඳහා සංසරණය පිණිස නව කාසි කාණ්ඩයක් මහ බැංකුව නිකුත් කළේ ය. මේ සමග ම රුපියල, ශත 50 සහ ශත 25 කාසි නිකුත් කරන ලද්දේ ප්‍රමාණය, ලෝහ මිශ්‍රණය, බර සහ පැහැය වෙනස් කිරීමෙනි. මෙම නව කාසි එ වකට සංසරණයේ පැවතුණු කාසි සමඟ සමගාමී ව සංසරණය කරන ලදී.

    මහ බැංකුවේ මුදල් කෞතුකාගාරයේ විවිධ රටවල්වලින් ලැබුණු විදේශීය කාසි සහ නෝට්ටු ප්‍රදර්ශනය කරන අතර අමුත්තන් සඳහා නානක පුස්තකාලයක් පවත්වා ගෙන යනු ලබයි. මෙම පුස්තකාලය සතු ව ශ්‍රී ලංකාවේ මෙන් ම විදේශීය කාසි සහ නෝට්ටු පිළිබඳ විෂයය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන ලද දුර්ලභ පොත්පත් එකතුවක්, වාර ප්‍රකාශන සහ සඟරා ද තිබේ. බැංකුව විසින් නිකුත් කරන ලද අලෙවිය සඳහා ඇති සමරු කාසි කෞතුකාගාර පරිශ්‍රයේ දී මහජනතාවට මිල දී ගත හැක. කෞතුකාගාරයට පැමිණෙන අමුත්තන්ට පහත සඳහන් ප්‍රකාශන නොමිලේ ලබා ගත හැක.

    මුදල් පිළිබඳ ඉතිහාසය
    ව්‍යවහාර මුදල් පිළිබඳ කරුණු
    ඔබගේ මුදල් නෝට්ටු පිළිබඳ දැනුවත් වන්න
    ව්‍යවහාර මුදල් පිළිබඳ මාර්ගෝපදේශ
     
    Last edited: