මහ බැංකුව බංකොලොත්. ඩොලරයක ඇත්ත මිල රුපියල් 265.87

ranilplus

Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    තාම බංකොලොත් නෑ. පරණ උන්ගෙ පව් කර ගහන්ව, ගත්ත නය වරික වෙලාවට පියවනව, ආනයනය තව ටිකක් පාලනය කරගෙන අපනයනය වැඩිකරල විදේශ රැකියාවලට ගිය අයගෙ මෙහෙට ප්‍රේශන වෙනද වගේ ස්ථාවර උනොත් ගොඩ යන්න පුලුවක්, ඒ කට සියලු දෙනාගෙ කැපවීමක් තියෙන්න ඕන. ඇල්පෙනිත්ත පවා රටින් ආනයනය නොකර.
     
    • Haha
    Reactions: shenat and U-tag

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    විදේශ සංචිත කවුද ගත්තේ
    දැන් කාගාවද තියෙන්නේ
    අපිට එයින් ටිකක් ගන්න බෑ ද?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,975
    113
    Colombo
    වාණිජ බැංකු වල තිබෙන්නේ තැන්පතුකරුවන්ගේ මුදල් බව අපි දන්නවා. තැන්පතුකරුවන් විසින් ආපසු ඉල්ලූ විට වාණිජ බැංකු විසින් මේ තැන්පතු මුදල් ආපසු ගෙවිය යුතුයි. ඒ සඳහා වාණිජ බැංකුවක් සතුව හැම විටම ඔවුන්ගේ බැරකම් ඉක්මවන වත්කම් තිබිය යුතුයි. වාණිජ බැංකුවක වත්කම් වලට වඩා බැරකම් වැඩිනම් එයින් අදහස් වෙන්නේ එම වාණිජ බැංකුව බංකොලොත් වී ඇති බවයි. බංකොලොත් වූ වාණිජ බැංකුවකට එම බැංකුව සතු සියලුම වත්කම් මුදල් කළත් තැන්පතුකරුවන්ගේ මුදල් සියල්ල ආපසු ගෙවීමේ හැකියාවක් නැහැ.

    මේ කතාවම මහ බැංකුවටත් අදාළයි. කිසියම් වාණිජ බැංකුවක් විසින් මහ බැංකුවේ තිබෙන තමන්ගේ තැන්පතු ආපසු ඉල්ලා සිටි විට එම තැන්පතු ආපසු ගෙවීමට මහ බැංකුවට හැකි විය යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් වත්කම් මහ බැංකුව සතු විය යුතුයි.

    මේ විදිහට වාණිජ බැංකු විසින් තමන්ගේ තැන්පතු ආපසු ඉල්ලා සිටින්නේ මුදල් නෝට්ටු වලින්නම් මහ බැංකුවට කිසිම අවුලක් වෙන්න විදිහක් නැහැනේ. මොකද මහ බැංකුවට ඕනෑ තරම් සල්ලි අච්චු ගහන්න පුළුවන්. ඒ කියන්නේ මහ බැංකුවක් කවදාවත් බංකොලොත් වෙන්න විදිහක් නැහැ. නමුත් මහ බැංකුවකට එසේ සල්ලි අච්චු ගසා තමන්ගේ වගකීම් පියවිය හැක්කේ මහ බැංකුව විසින් නිකුත් කරන මුදල් හා නෝට්ටු වටිනාකමක් ඇති දේ සේ සැලකෙන්නේනම් පමණයි. ඒ නිසා, මහ බැංකුවකට හැම වෙලාවකම තමන් නිකුත් කරන මුදල් නෝට්ටු වල වටිනාකම වෙනත් නිර්ණායකයන්ට සාපේක්ෂව යම් මට්ටමක තියා ගන්න වෙනවා. උදාහරණයක් විදිහට ඇමරිකන් ඩොලරයට හෝ රන් අවුන්සයකට සාපේක්ෂව.

    මහ බැංකුවට අනුව ජූලි 1 දින ඇමරිකන් ඩොලරයක සාමාන්‍ය මිල රුපියල් 200.52ක්. එයින් අදහස් වන්නේ මහ බැංකුව විසින් නිකුත් කරන රුපියල් නෝට්ටු හා කාසි වලින් 200.52ක් ආපසු අරගෙන ඇමරිකන් ඩොලරයක් දෙන්න මහ බැංකුව සූදානමින් ඉන්නවා කියන එකයි. යම් හෙයකින් සියලුම වාණිජ බැංකු විසින් රුපියල් 200.52 අනුපාතයට තමන්ගේ තැන්පතු වල වටිනාකමට සමාන ඇමරිකන් ඩොලර් ප්‍රමාණයක් ඉල්ලා සිටියොත් මහ බැංකුව විසින් එම ඇමරිකන් ඩොලර් ප්‍රමාණය ලබා දිය යුතුයි. ඒ වගේම, මහ බැංකුව විසින් මෙතෙක් නිකුත් කර තිබෙන සියලුම නෝට්ටු හා කාසි ඒවායේ අයිතිකරුවන් විසින් ආපසු මහ බැංකුවට භාර දී රුපියල් 200.52 අනුපාතයට ඇමරිකන් ඩොලර් ඉල්ලුවොත් මහ බැංකුව විසින් එම ඇමරිකන් ඩොලර් ප්‍රමාණයත් ලබා දිය යුතුයි. මේ පදනම මත සංචිත මුදල් වල සංරචක දෙකේ ව්‍යුහමය වෙනසක් නැහැ

    මම කලින් සඳහන් කළ පරිදි 2019 අවසානයේදී මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 936.6ක්. ඒ වෙද්දී ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 181.63ක්. ඒ වෙලාවේ රටේ සියලුම වාණිජ බැංකු හා මිනිස්සු එක පාරටම මේ සියලුම සංචිත මුදල් වගකීම් වල වටිනාකම ඇමරිකන් ඩොලර් වලින් ඉල්ලා සිටියා කියා අපි හිතමු. මේ සියලු බැරකම් ගෙවා අවසන් කරන්න මහ බැංකුවට ඇමරිකන් ඩොලර් මිලියන 5,134.6ක් අවශ්‍ය වෙනවා. ඒ වෙලාවේ මහ බැංකුව සතුව තිබුණු විදේශ සංචිත වල වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 7,642.4ක්. අවුලක් නැහැනේ. බැරකම් වලට වඩා ගොඩක් වැඩියෙන් වත්කම් තිබෙනවා.

    අවුරුද්දකට පස්සේ, 2020 අවසානය වන කොට තත්ත්වය කොහොමද? මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 964.4ක්. ඒ වෙද්දී ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 186.41ක්. ඒ අනුව, සියලු බැරකම් ගෙවා අවසන් කරන්න මහ බැංකුවට ඇමරිකන් ඩොලර් මිලියන 5,173.5ක් අවශ්‍ය වෙනවා. මහ බැංකුව සතුව ඒ වන විටත් ඩොලර් මිලියන 5,664.3ක විදේශ සංචිත තිබුණා. වෙනස එතරම් ලොකු නොවුනත්, බැරකම් වලට වඩා වත්කම් වැඩිපුර තිබුණා.

    මේ වෙද්දී තත්ත්වය කොහොමද? 2021 ජූලි 1 වන විට මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 1,072.0ක් බව මම කිවුවනේ. මහ බැංකුවට අනුව ඩොලරයක සාමාන්‍ය මිල රුපියල් 200.52යි. ඒ අනුව, මහ බැංකුවේ බැරකම් සියල්ල ඇමරිකන් ඩොලර් වලින් පියවන්නනම් ඩොලර් මිලියන 5,346.1ක් අවශ්‍යයි.

    මේ වෙද්දී මහ බැංකුව සතුව ඩොලර් මිලියන 5,346.1ක සංචිත නැති බව ඉතාම පැහැදිලියි. 2021 මැයි අවසානය වන විට නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,032.8ට බැහැලා. තව තෙසතියකින්, එනම් 2021 ජූලි 27, කල් පිරෙන ස්වෛරිත්ව බැඳුම්කරය වෙනුවෙන් ඩොලර් බිලියනයක් හෙවත් ඩොලර් මිලියන 1000ක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් තිබෙන සංචිත වලින් සැලකිය යුතු කොටසක් වැය කරන්න වෙන බවත් පැහැදිලියි. අපි දැනට ඒක පැත්තකින් තියලා ඩොලර් මිලියන 4,032.8ක නිල සංචිත මේ වන විටත් තියෙනවා කියලා උපකල්පනය කරමු.

    මේ මොහොතේ තිබෙන තත්ත්වය අනුව බැලුවොත් රුපියල් 200.52 විණිමය අනුපාතිකය යටතේ මහ බැංකුවේ සියලුම වගකීම් ඩොලර් වලින් ආපසු පියවීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ, සාමාන්‍ය සම්මත අනුව බැලුවොත් මහ බැංකුව බංකොලොත්!

    මේ වන විට මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් ප්‍රමාණය වන රුපියල් බිලියන 1,072.0 තිබෙන නිල සංචිත වලින් ආපසු ගෙවන්න පුළුවන් වෙන්නනම් විණිමය අනුපාතිකය කීයක් විය යුතුද? තවමත් ඩොලර් මිලියන 4,032.8ක නිල සංචිත මහ බැංකුව සතුව තිබෙනවාද කියා අපි හරියටම දන්නේ නැහැ. තිබෙනවා කියා අපි හිතමු. එහෙම වුනොත් මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් හා නිල සංචිත යාන්තමින් සමාන වෙන්නේ ඩොලරයක මිල රුපියල් 265.87ක් වුනොත් පමණයි. ඒ කියන්නේ මේ වෙලාවේ සියලු වගකීම් පියවා මහ බැංකුව වහල දමන්න පුළුවන් වෙන්නෙත් ඩොලරයක මිල රුපියල් 265.87ක් වුනොත් පමණයි.

    සම්පුර්ණ ලිපිය ඉකොනෝමැට්ටා බ්ලොග් එකේ තියෙනවා.

    ලින්ක් එක.
    උප්
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    රටේ බැංකු පද්දතිය වට්ටන්න ගොඩක් උන්ට ඕන කමෙන් බොරු පොස්ට් ශෙයා කරනවා.

    මිනිස්සු කලබල වෙලා සල්ලි අදින එකෙන් වෙන්නෙ ඔය පොස්ට් ලියපු එකාගෙ ඉදන් නැත්තටම නැති වෙන එක.

    රට බංකොලොත් නෑ.

    මෙතන තියෙන්නෙ දේශපාලකයො රට අස්තාවර කරගන්න හදන එකක්.

    නන්ඩට කිසි දැක්මක් නෑ.
    මිනිස්සුට දුන්න පොරොන්දු.. ඉටු කරන්න බෑ.. ආයොජන කරන්න වෙන රටවල අයට විශ්වාසයක් නෑ.

    ඔකයි ප්‍රදාන දේ.. අනික් එක ශෙයාමාකට් එකත් එක්ක බුල් කෙලින එක.

    මොනවා උනත් දේශපාලන බලේ මරු කරවන්න රට ගැන බොරු පෝස්ට් දාන එක නම් පට්ට චාටර් වැඩක්.
    cant agree more! Who said that state banks are bankrupt if petroleum prices are not raised! The most damaging statement by a Minister? People did not take him seriously (as he was a joker only second to Wimal for a long time). The last thing that needs to happen is to loose confidence in banking system. This is what some politicians want? Strange but true.
     
    • Like
    Reactions: lilman

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,649
    100,913
    113
    වැක්සීන් කරල කොළඹ ෆුල් ඇරපු ගමන් රටේ ආර්තිකය කොහොමත් දුවනව, ඒක බලාගෙන ඉන්ඩ බැරි උනුයි ඔය බැකු අද වැටෙනව හෙට වැටෙනව ගගා දගලන්නෙ, ලකාවෙ බැකු අධික ලාබයක් ලබනව ඕනම තත්වයක් යටතේ ඒක හින්ද ඕව වැටෙනව කියන්නෙ තනිකර විහිලුවක්..


    ඔය ඩිපොසිට්ද???
    ------ Post added on Jul 4, 2021 at 10:27 PM
    🤭 🤭 🤭
     
    • Haha
    Reactions: Identity

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දැන් බැoකු වැටුනද පොන්නයො??
    Animated GIF


    බෙට්ට කෙලින්...