මහ බැංකු අධිපතිට
මහ බැංකු අධිපතිට 'කෝප්' දෙහි කපයි
ශ්‍යාම් නුවන් ගනේවත්ත
'සංවේදී තොරතුරු' යෑයි පවසමින් මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවලට අදාළ තොරතුරු ලබා නොදීමේ උත්සාහය නිසා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට කැඳවනු ලැබූ මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරීන්ට කෝප් සාමාජිකයන්ගේ දැඩි දොaෂදර්ශනයට ලක් වීමට සිදුව තිබේ.
මෙහිදී මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් කෝප් සාමාජිකයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා අදාළ තොරතුරු ලබා නොදීම සාධාරණීකරණය කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ කෝප් සාමාජිකයන් සමරසිරි මහතාට ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස අවවාද කොට අදාළ තොරතුරු..
සතියක් තුළ ලබාදිය යුතු බවටද නියෝග කොට තිබේ.
මේ අවස්ථාවේදී මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කිසිවක් නොකියා නිහඬව සිට තිබේ. සංවේදී තොරතුරු යෑයි පවසමින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු තොරතුරු ලබා නොදීම මහ බැංකුවේ ස්ථාවරය බවට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා දුන් පිළිතුරට දැඩි විරෝධය පළ කර සිටි කෝප් සාමාජිකයෝ 'සංවේදී තොරතුරු' මොනවාද නැද්ද යන්න තීරණය කළ යුතු වන්නේ රජයේ විගණකාධිපතිවරයා විසින් බවටද ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
මේ අනුව ජුනි 15 දිනට ප්‍රථම අදාළ සියලු භාණ්ඩාගාරික බැඳුම්කර තොරතුරු ලබාගැනීමට මහ බැංකුව විසින් රජයේ විගණකාධිපතිවරයාට ඉඩ සැලසිය යුතු බවටද මහ බැංකුවේ උසස් නිලධාරීන්ට කෝප් සාමාජිකයන් විසින් දැනුම්දී ඇතැයි තවදුරටත් වාර්තා වේ.
copyright: Divaina Newspaper

Last edited: