මහ බැංකු බෝම්බය පුපුරා

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මහ බැංකු බෝම්බය පුපුරා

    වසර විසි හතරකට පෙර අද වැනි දවසක ; එනම් 1996 ජනවාරි 31 වැනිදා ජීවිත 78 ක් උදුරා ගත් මහ බැංකු බෝම්බය පුපුරා ගියේය.
    83895387_10220029546866211_3232482448138829824_n.jpg

    එවකට මහ බැංකු අධිපති ව සිටි ඒ.එස්. ජයවර්ධන මහතා පෙබරවාරි 03 වැනිදා දිවයින පුවත්පත ට මෙසේ පවසා සිටියේය. "අපේ ආරක්ෂක අංශය ඒ වෙලාවේ ක්‍රියා කළ ආකාරය ප්‍රශංසනීයයි. එක් ආරක්ෂක නිළධාරියෙක් බිම දිගේ ඇදීගෙන ගොස් යකඩ ගේට්ටුව වසා නොදැම්මා නම් සිදුවන විනාශය මීට වඩා අතිශයින් දරුණු වීමට ඉඩ තිබුණා. එම යකඩ ගේට්ටුව වසා නොදැම්මා නම් බෝම්බ ලොරිය බැංකු ගොඩනැගිල්ලේම හප්පන්නට තිබුණා."

    මහ බැංකු බෝම්බය අදටත් මතක අපට එම ආරක්ෂක නිළධාරියා මතකද යන්න හරහා හෘද සාක්ෂියේ සහ කෘතගුණයේ ලිට්මස් පරීක්ෂාව පැවැත්විය හැකිය.1996 බෝම්බය පුපුරන විටත් දෙවැනි ශ්‍රේණියේ ආරක්ෂක නිළධාරියෙකු වූ සරත් ජයසිරි ට ඊ ළඟ ශ්‍රේණියට උසස්වීම ලැබෙන්නේ 2000 වසරේ දීය.

    සිත් වේදනා , කළකිරීම් සහ ඉච්ඡා භංගත්වය සමග සිරෝසිස් රෝගයෙන් මිය යනතුරුම සරත් ජයසිරි හට මහ බැංකු බෝම්බ වික්‍රමයෙන් උරුම වී තිබුණේ එකම එක දෙයකි. ඒ දැක්වූ මෙහෙවර වෙනුවෙන් දෙසිය දෙනෙකුට පිරි නැමූ ඇගයුම් සහතික පතක් පමණකි.

    රට වෙනුවෙන් හෝ අනුන් වෙනුවෙන් කිසිවක් නොකර දේශපාලකයින් පසුපස බත් බැලයන් වූ මිනිසුන් බොහෝ ජීවනාභිලාශයන් ඉටු කර ගනිද්දී ; දිවි පරදුවට තබා කළ මෙහෙවර වෙනුවෙන් සහතික පතක් පමණක් ලද මිනිසා ජීවිතය අතැර ගියේය.

    සරත් ; ඇහෙනවද ඒ සිනා සද්දේ ?

    - සහන් කසීර වික්‍රමසිංහ -
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේ බෝම්බය ගැහුවේ බුද්ධි අංශය.ඒක රංජාගේ හඬ පටිවල තියෙනවා
     

    Romeoromeo

    Junior member
  • Jul 2, 2021
    58
    49
    18
    මේ බෝම්බය ගැහුවේ බුද්ධි අංශය.ඒක රංජාගේ හඬ පටිවල තියෙනවා
    ඒ ගොං හුත්තිගෙ පුතා කියන ඒවත් පිළිගන්නව ද?උඹ ප්‍රභාකරන් ගෙ දෙමළ පුක ලෙවකාපු එකෙක් නේ?ඇත්ත කියපන්.