මහ මග යන ඔබට

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    අපි ඉතින් මොන වාහනේ ගත්තත් යන්ඩ ඕනෙ පාරෙනේ බන්. මගේ අත්දැකීම් වලින් කීපයක් මම උබලට කියන්නම් පරිස්සමට යන්ඩ ඕනෙ විදිය පාරේ.

    උබ බයික් එකක යනවනම් ගොඩක් පරෙස්සම් වෙන්ඩ ඕනෙ. මොකද උබට කිසිම කවර් එකක් නෑ බයික් එකෙන්. වාහනයක් ඇවිත් වැදුනොත් උබේ ඇගටමයි වදින්නෙ. වෙන්ඩ පුලුවන් හානිය උපරිමයි.

    බයික් එක පාරට දැම්ම ගමන් හිතන්ඩ එපා උබ තමයි ලෝඩ් පකීර් කියල. ට්‍රැෆික් එකේ අස්සෙන් මුල්ලෙන් දාගෙන යද්දි හොද කල්පනාවෙන් පලයන්. මොකද මිනිස්සු වාහන අතරින් පනිනව. ඉක්මනටම බ්‍රේක් ගහල නවත්තගන්ඩ ලෑස්ති පිට පලයන්. ටුක් ටුක් අයියලටත් මේක අදාලයි. පුලුවන්නම් ඇතුලෙන් රින්ගන්නෙ නැති තරමට හොදයි. පොඩි ඉඩක් දැක්ක ගමන් ඒක ඇතුලට ඔබන්ඩ යන්ඩ එපා. එතකොට උබත් හිර වෙනව අනිත් වාහනත් හිර වෙනව.

    ගමනක් පිටත් වෙන්ඩ කලින් හොදට ප්ලෑන් කරපන්. උබ යන්ඩ ඕන පාරවල් මොනවද, කෙටි මාර්ග තියනවනම් ඒව ගැන හොදට හොයල පලයන්. නැතුව පාරෙ මැද්දෙදි එක එක පැතිවලට හරවන්ඩ එපා. උබ යන්ඩ ඕන මංතීරුව හරියට හොයාගනින්. වන්ගුවේදි මංතීරුව මාරුකරන්ඩ ගියොත් අනිත් මංතීරුවෙ එන එකාගෙ රෝදෙ යටට තමයි උබට යන්ඩ වෙන්නෙ.

    උබට හොදට පාර පැහැදිලිව පේනකන් ඉස්සර කරන්ඩ යන්ඩ එපා. කොච්චර හදිස්සි උනත් ඉවසල පලයන්. උබට වැඩක් අතපසු උනොත් ඒක බැනුම් අහල හරි ගුටි කාල හරි බේරෙන්ඩ පුලුවන්. ඒත් නැති උන ජීවිතේ උබට ගන්ඩ බැහැ. ඒක නිසා තියන රටේ ලෝකෙ නැති ප්‍රශ්න ඔක්කොම කල්පනා කර කර වාහනේ යන්ඩ එපා. අනතුරක් උනොත් උබ විතරක් නෙමෙයි විදවන්නේ. අහක ඉන්න අහින්සකයෙක් ජීවිතෙන් වන්දි ගෙවුවොත් උබට උබෙන්ම ගැලවීමක් නැති වෙනව.

    උබ පාරෙ පයින් යනවනම් කහ ඉරක් තියන තැන් වලින්ම පාර පැනපන්. මල් කඩ කඩ ඇවිදිනවනම් පාරෙ අයිනට වෙන්ඩ පලයන්. එතකොට අනිත් මිනිහට කිසිම අපහසුවක් නැතුව උබව ඉස්සර කරන්ඩ පුලුවන්. පාර පනිද්දි උනත් හොදට පාර බලපන්. වාහන අතරින් පනිනවනම් තොගෙ අලි බඩ ගෙඩිය ඉස්සරහට දාන්නෙ නැතුව හෙමීට ඇහැක් දාල බලපන් පැත්තෙන් වාහන එනවද කියල.

    අනිත් එක උබ වාහනයක යනවනම් පයින් යන මිනිස්සු ගැන විශේෂ අවදානයක් දීපන්. වැස්ස දවස් වලට මිනිහෙක් පාර පනින්ඩ බලන් ඉන්නවනම් පොඩ්ඩක් උබේ වාහනේ නවත්තල ඒ මිනිහට පනින්ඩ ඉඩ දීපන්. උබ වාහනේ ටිකක් නැවැත්තුව කියල උබව තෙමෙන්නෙ නෑනෙ බන්. ඒ මිනිහ වැස්සෙ තෙමි තෙමිනෙ පාරෙ ඉන්නෙ.

    වැහි දවස් වලට වැඩියෙ හයියෙන් යන්ඩ එපා. පාරෙ වතුර වලක් තියනවනම් අනිවාර්යෙන් වේගය අඩු කරපන්. උබට වතුර වලෙන් වැඩක් නැති උනාට පයින් යන මනුස්සයෙක්ට ඒක අපහසුතාවයක්. මඩ වතුර ඇගේ ගාගෙන ඉන්ඩ කිසිම මනුස්සයෙක් කැමති නෑනෙ බන්. එක නිසා හිතක් පපුවක් ඇති මිනිහෙක් වෙයන්. හැමවෙලේම අනිත් උන් ගැනත් ටිකක් හිතපන්.

    අනිත් උන් කොහොම ගියත් ගනන් ගන්ඩ එපා. උබ හරි විදියට පාරෙ යමන්. උබ වපුරන දේ තමයි උබට අස්වැන්න විදියට නෙලාගන්ඩ හම්බෙන්නෙ. හොද වපුරපන් හැමතිස්සෙම. උබට නිකන්ම හොද නෙලාගන්ඩ හම්බෙයි. මේ දේවල් ටිකක් හිතේ තියාගෙන පරිස්සමට පලයල්ල. කාගෙ උනත් වටිනා ජීවිතනෙ. ජයවේවා