මහ මැතිවරණය තීන්දුයි ............
පාර්ලිමේන්තුව විසුරුවීම පෙබරවාරි 05...?
එළඹෙන නිදහස් දින උත්සවයෙන් පසු දින එනම් පෙබරවාරි 5 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණය කැඳවීමට ජනාධිපතිවරයා තීන්දු කොට ඇත. ජනාධිපතිවරණය ජයග‍්‍රහණයත් සමග ආණ්ඩුව තුළ මත දෙකක් ඉදිරිපත් වූ අතර ඉන් එක් මතයකින් කියැවුණේ මහා මැතිවරණයක් නොපවත්වා පාර්ලිමේන්තු නිල කාලය දික් කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවකි.
නමුත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ජනාධිපතවරයාට පෙන්වා දී ඇත්තේ වහාම මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවකි. ඒ අනුව ලබන පෙබරවාරි 5 වැනි දින හදිසි විවාදය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව රැස්වන දිනයේදී එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව ලබන මාර්තු අග සතියේදී මහ මැතිවරණය පැවැත්වෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.