මහ රජා මැකෝට ජොබ් එක එපා කරවයි
මහින්ද රාජපක්ෂ මහතාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා සිය රැකියාව සම්බන්ධයෙන්ද කළකිරී සිටින බව ඊයේ ජනාධිපති අපේක්ෂකයින් සහ පක්ෂ ලේකම්වරුන් සහභාගි වූ රැුස්වීමේදී අනාවරණය විය. ඔහු ඊයේ ප්‍රකාශ කොට සිටියේ මෙම මැතිවරණය අවසන් වී වාර්තා බාර දීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස් කාර්යාලයට වාර්තා නොකරන බවයි.
‘‘අවශ්‍ය අය අවශ්‍ය පරිදි මැතිවරණ පවත්වා ගනීවි’’ යැයි ඔහු ඉතා කළකිරීමෙන් යුතුව පැවසීය.
රාජ්‍ය මාධ්‍ය නිර්ලජ්ජිත අන්දමින් ඒකපාර්ශ්විකව භාවිතා කරන බැවින් එය වැළැක්වීමට දිශානායක මහතා නිසි බලධාරියකු පත් කළ නමුත් රජයේ බලධාරීන් එම නිසි බලධාරියාට රාජකාරි කිරීමට ඉඩ නොදුන්හ. එබැවින් එම නිසි බලධාරියා ඉවත් කර ගැනීමටද දිශානයක මහතා පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවද ඔහු පැවසීය.
දයානන්ද දිශානයක මහතා ස්වාධීනව කටයුතු කරන නිලධාරියකු ලෙස මුළු රටේ ගෞරවාදරයට පාත්‍ර වූ නිලධාරියෙකි.