අබ්දුල්~කලාම්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    අප හැමදෙනාටම ශ්‍රේෂ්ඨත්වයට පත්විය හැකි විභවතාවක් තිබෙන බව පැවසෙනවා. කළ නොහැකි දේ ජයගත් නොපසුබස්නා උත්සාහයකින් යුතු පුද්ගලයකු අද මා සමග සිටිනවා. ඉන්දියාවේ එකොළොස්වැනි ජනාධිති අබ්දුල් කලාම් සමග සාකච්ඡාවක යෙදීමට ලැබීම ඉතා සතුටක්. ඒ වගේ ම ගෞරවයක්.

    අබ්දුල් කලාම් - මටත් සතුටක්

    ප්‍රශ්නය - රාමේෂ්වරම් නගරයේ සිටි තරුණයා අද මේ තත්ත්වය දක්වා පැමිණීමට ඔබ තුළ තිබූ වෙනස කුමක් ද ?

    පිළිතුර - ඔබ මගෙන් රාමේෂ්වරම් ගැන ඇසූ නිසා මා මෙසේ කියන්නම්. සෑහෙන අතීතයක දී 1941 දී ඉන්දියාව බ්‍රිතාන්‍යය පාලනයට යටත්ව තිබුණේ. ඒ කාලේ ශ්‍රී ලංකාව හැඳින්වූයේ සිලෝන් කියා. මා කුඩා මඩුවක් වැනි ප්‍රාථමික පාසලක අධ්‍යාපනය ලබමින් සිටියා. ඒ බ්‍රිතාන්‍යය යටත් විජිතයක් වූ ඉන්දියාවේ. පහේ පන්තියේ අවුරුදු දහයක සිසුවෙක්. අති දක්ෂ ගුරුවරයෙක් හිටියා. මට ඉගැන්වූ දක්ෂ ගුරුවරු ගොඩක් හිටියා. නමුත් මේ ගුරුවරයා තමයි මගේ මග පෙන්වන්නා වුණේ. එතුමාගේ නම සිව සුබ්‍රමනියම් අයියර්. 1941 දී පහ ශ්‍රේණියේ ගුරුතුමා පන්තියට එනවා. එනකොට දැනුම විහිදෙන ගානයි. එතුමා සංස්කෘත දෙමළ පඬිතුමෙක්. අපේ විද්‍යා ගුරුතුමා. ඔහු ගාන්ධිවාදියෙක් නිසා ජිවිතයේ මිනිස් ගුණදම් විහිදුවාලූ චරිතයක්. ඔහුගේ මිනිස්කම මම එදා ඔහු තුළින් දැක්කා. අවුරුදු දහයක කොලුගැටයෙක් කාලෙදී මගේ වීරයා වුණේ ඒ ගුරුතුමායි. දැනුම වගේ ම ජිවිතයේ පාරිශුද්ධ බව පිළිබඳ ලස්සන වීර චරිතයක්.

    ප්‍රශ්නය - ඔබේ ඒ ගුරුතුමාගෙන් ඔබ ධෛර්ය සම්පන්න වුණා වගෙයි. නමුත් අනෙක් සිසුන්ට වඩා දක්ෂයකු වගේ කැපී පෙනෙන්න ඔබ පිළිගත් යම් ගුණාංග තියෙන්න ඇති. මං ආසයි ඒ ගැන දැනගන්න.

    පිළිතුර - මා කියූ ඒ සිව සුබ්‍රමනියම් අයියර් මට ඉගැන්නුවා ජීවතියට සිහිනයක් තියාගන්න කියලා. ඒක තුලිත වෙන්න නම් සිහිනයක් විතරක් මදි. දැනුමත් උකහාගන්න කිව්වා. ඊළඟට මං මහාචාර්ය ප්‍රම් ප්‍රකාශ් සමඟ වැඩ කළා. ඔහු මට කියලා දුන්නා මහන්සියෙන් වැඩ කරන හැටි. අනික් අය නිදාගෙන ඉන්න කාලයෙදිත් දැනුම ලබාගන්නේ කොහොමද ඒ දැනුම යොදාගන්නේ කොහොමද කියලා ඔහුගෙන් දැනගත්තා. ඊළඟට මං තවත් දක්ෂයෙක් එක්ක වැඩ කළා. ප්‍රසතිශ් දවාන්. ඔහු මට කිව්වා ප්‍රශ්නයක් ආවම ඒකට යටවෙන්න එපා. ප්‍රශ්නය පරාජය කරලා ජයගන්න ඕනේ කියලා කිව්වා. මේ විදියට බැලුවාම මගේ ජිවිතේ අංශ හතරක් බලපෑවා. එකක් තමයි ඉහළ ඉලක්කයක් තියාගන්න කියලා මගේ ගුරුතුමා කිව්වා. ඒ ඉලක්කය ජයගන්න දැනුම ලබාගත යුතුයි. ඒකත් මදි. ඊට පස්සේ වැඩ, වැඩ, වැඩ, වැඩ කරනවිට ප්‍රශ්න මතුවෙනවා. ඕනෑම කෙනෙකුට ඒ අත්දැකීම ලැබෙනවා. ප්‍රශ්නයක් ආවම ඒකට ඔබව මෙහෙයවන්න දෙන්න හොඳ නැහැ. ඔබ විසින් ප්‍රශ්නය මෙහෙයවන්න ඕනේ. එහෙම කරලා ප්‍රශ්නය පරාජය කරන්න ඕනේ. මේක තමයි මගේ ජීවතියේ දාම ප්‍රතික්‍රියාව. ඉලක්කය. දැනුම රැස්කරගැනීම, මහන්සියෙන් වැඩකිරීම සහ ප්‍රශ්නයට බය නැතුව මුහුණ දීලා ප්‍රශ්නය පරාජය කිරීම තමයි ඒ හතර.

    ප්‍රශ්නය - ආචාර්ය කලාම් මැතිතුමනි, ඔබ තරුණ ප්‍රජාව, විද්වතුන් හා බලශක්ති ක්ෂේත්‍රෙය් ක්‍රියාකාරිකයන් වෙනුවෙන් දේශනයක් පැවැත්වූව. එහි දී ඔබේ පණිවිඩය කුමක් ද ?

    පිළිතුර - මා මේ ගැන දේශනයේදීත් කිව්වා. කොහොමද ෆොසිල ඉන්ධන භාවිතය පිටුදකින්නේ කියා. සෑම මෝටර් රථයකින් ම ඊට යොදන පෙට්‍රල් හෝ ඩීසල් නිසා එක් ලීටරයකින් කාබන් ඩයොක්සයිඩ් කිලෝ ග්‍රෑම් දෙකක් නිපදවෙනවා. ලෝකේ පුරාම ගිගා ටොන් 30ක් පමණ වසරකට නිපදවනවා. ඒකෙන් අපේ පෘථිවියට හානිවෙනවා. ඒ නිසා තමයි මං ඉන්ධන ස්වාධීනතාවය ප්‍රවර්ධනය කරන්නේ. මං කියන්නේ ෆොසිල ඉන්ධන භාවිතය නවත්වලා ඒ වෙනුවට සූර්ය කෝෂ, සුළ බලය, න්‍යෂ්ඨික බලනේ ජීව ඉන්ධන යොදා ගන්න ඕනේ. ඊයේ සවස ඔබේ විදුලිබල හා බලශක්ති ඇමති චම්පික මහතා ජාතියට බලය ලැබනෙ බලශක්ති ගැන දේශනයක් සංවිධානය කර තිබුණා. එහිදීත් මං කිව්වා අපි ෆොසිල ඉන්ධන නවත්වලා සූර්ය බලය, සුළං බලය, න්‍යෂ්ටික බලය සහ ජීව ඉන්ධනවල මාරුවෙන්න ඕන කියලා.

    ප්‍රශ්නය - ඔබතුමා කියන පරිවර්තනය සඳහා නව සොයාගැනීම් පමණක් නොවෙයි. පරිවර්තිත නව නිර්මාණ කිරීම අවශ්‍යයි.

    පිළිතුර - සමාජයේ සෑම තරාතිරමක අයෙක් ම නව නිර්මාණ ගැන සිතා බැලිය යුතුයි.

    ප්‍රශ්නය - ශ්‍රි ලංකාව ජාතියක් හැටියට නව නිර්මාණ ගැන සිතන්න ඕනේ කියා ඔබේ අදහස දැනගන්න කැමතියි.

    පිළිතුර - නව සොයාගැනීම් කොතනක වුණත් වෙන්න පුළුවන්. පාසල් විද්‍යාගරයක් තුළ කර්මාන්ත ශාලාවක, ධීවර වාඩියක නැත්නම් ගොවි ගෙයක් තුළ ඕනෑම කෙනෙකුට අලුත් දෙයක් සොයාගන්න පුළුවන්. ඒක රටට දිනාගත යුතුයි. ඉන්දියාවේ තියෙනවා ජාතික නව නිර්මාණ පදනමක්. ඒකට අයවැයෙන් මුදල් වෙන් කරනවා. මේ පදනමෙන් සෑම වසරකදී ම පාදක තලයේ සිටින නව නිර්මාණකරුවන් සොයා යනවා. ඒ අය ගම්බද පැතිවල ඉන්න අය. නාගරික අය නොවෙයි. ඔවුන් සෙයාගෙන 200-300ක් දෙනකු අතරින් අවසාන 20 දෙනා තෝරලා සම්මාන දෙනවා. මේ පදනමේ මමත් ඉන්නවා. මේ ප්‍රශ්නය හොඳ එකක්. ඔබ දන්නවා ශ්‍රී ලංකාව වටේම මුහුද, වතුර ඇති තරම් තියෙනවා. ඉර අව්ව ලස්සනට පායනවා. සුළං හමනවා. නව සොයාගැනීම් අංශ රාශියක් විවෘතයි. ඒ නිසා විද්වත් ආයතන පමණක් නොවෙයි. රටේ නායකයිනුත් නව නිර්මාණවල වැදගත්කම දැනගන්න ඕනේ. ඔබට පේනවා. මෙතන විදුලි බුබුලක් විදුලි බුබුල සහ ආලෝකය සොයාගත්තේ තෝමස් අල්වා එඩිසන්. ඔහු කුඩා කාලයේ ලාම්පුවකින් පාඩම් කළ ළමයෙක්. ඔහු කිව්වා නිව්යෝර්ක් නගරය එළිය කරන්න මම විදුලි බුබුල නිර්මාණය කරනවා කියලා. නමුත් ඉන් මුළු ලෝකයම එළිය වුණා. ඉන්දියාවෙත් සත්සිරිය රාමන්, සිරිනිවාස් රාමානුජන් වගේ ගණිතඥයෝ ඉන්නවා. ඒ වගෙ නව නිර්මාණකරුවන් හැම රටකම ඉන්නවා. ඒ අය සොයාගෙන දිරිමත් කරලා අරමුදල් සපයලා ඒ දැනුම රටේ ප්‍රගතියට යොදාගන්න ඕනේ.

    ප්‍රශ්නය - අපි නව නිපැයුම් ගැන කතා කළා. මං දැන් කැමතියි දැනගන්න නිර්මාණශීලීත්වය ගැන. ඔබ ඒ ගැන කතා කරන්න කැමති බව මං දන්නවා. ආචාර්ය කලාම් මැතිතුමනි. නිර්මාණශීලී ච්න්තනය කියන්නේ කුමක්ද ?

    පිළිතුර - නිර්මාණශීලීත්වය හටගන්නේ ඉගැනීමෙන්. දැනුමෙන් තමයි නිර්මාණශීලීත්වය මතුවෙන්නේ. නිර්මාණශීලීත්වයෙන් චින්තනය බිහිවෙනවා. චින්තනයෙන් දැනුම ලැබෙනවා. දැනුම ඔබ ශ්‍රේෂ්ඨයෙක් බවට පත්කරනවා. ඔක්කොම පටන්ගන්නේ ඉගෙන ගැනීමෙන්. එය නවතින්නේ දැනුමෙන්. ඉගෙනීම වැඩිවෙන තරමට දැනුම වැඩවෙනවා. රටට ලැබෙන ප්‍රතිලාභ වැඩිවෙනවා.

    ප්‍රශ්නය - අධ්‍යාපන ක්‍රමයේ දී නිර්මාණශීලීත්වය සඳහා ඉඩ ප්‍රස්ථා අතිකරන්නේ, ඊට දිරිදෙන්නේ කොහොමද ?

    පිළිතුර - මා මේ ගැන ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ගණනාවකදී දේශනා කරලා තියෙනවා. ඊයෙත් පාසල් ළමුන් ගණනාවක් ඇමතුවා. නිර්මාණශීලීත්වය කෙසේ වුවත් ඒ ළමයි ප්‍රශ්න නැගූ ආකරය වැදගත් ප්‍රශ්න එක දිගටම ඉදිරිපත් වුණා. මං හිතන්නේ ප්‍රශ්න ඇසීම තමයි නිර්මාණශීලීත්වයේ මූලාරම්භය. එසේ වුවත් ඊට ඉඩ නොදුන්නොත් එය නැතිවෙලාම යා හැකියි. දක්ෂ ගුරුවරයා නිර්මාණශීලීත්වය වර්ධනය කරන්න දිරිදෙනවා. ඔහු පැය භාගයක් උගන්වයි. පැයක දේශනයක් නම් ඉතිරි පැය භාගය ප්‍රශ්න අහන්න දෙන්න. මං ගුරුවරයෙක් . මං පැයක දේශනයක උගන්වන්නේ පැය භාගයයි. ඉතිරි කාලය සාකච්ඡාවට වෙන්කරනවා. ප්‍රශ්න අහන්න වෙන්කරනවා. ප්‍රහ්න අහන තරමට සිසුන්ගේ නිර්මාණශීලීත්වය වැඩෙනවා. නිර්මාණශීලීත්වයෙන් දැනුම වැඩෙනවා. දැනුමෙන් ඒ පුද්ගලයා ශ්‍රේෂ්ඨයෙක් කරනවා. ශ්‍රී ලංකාවත් ඉදිරියට යනවා. අපේ දියුණුවේ ප්‍රමුඛතා තියෙනවා.

    ප්‍රශ්නය - ඔබට සිතෙන ආකාරයට ශ්‍රී ලංකාවේ අද සංවර්ධන ප්‍රමුඛතා විය යුත්තේ මොනවාද ?

    පිළිතුර - ඊයේ මං ශ්‍රී ලංකා ජනාධිතිතුමා හමුවුණා. අගමැතිතුමාත් හමුවුණා. බලශක්ති ඇමතිතුමාත් හමුවුණා. වෙන වෙනම. මම පිටු පහක ලියවිල්ලක් දුන්නා. ඒකේ නම තමයි “2020 සඳහා සාර්ක් රටවල දැක්ම“ ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් සාර්ක් රටවල්, ශ්‍රී ලංකාව බොහෝ මානව සංවර්ධන දර්ශක අතරින් ඉහළින්ම ඉන්න එක වාසනාවක්. හොඳ මට්ටමක්. අධ්‍යාපනය අතින් සියයට 95ක සාක්ෂරතාවක් තියෙනවා. ඇතැම් දර්ශක ගත්තොත්, බලශක්තිය ගත්ත්ත සියයට 60-70ක් විතර ෆොසිල ඉන්ධන යොදාගත්තත් දිවයිනට ප්‍රමාණවත් තරම් බලශක්තියක් උත්පාදනය තිබෙනවා. දැන් ඒ අයගේ දැක්ම තමයි පිරිසිදු බලශක්තියක්. මේ පසුබිම සමග සාර්ක් රටවල් එකිනෙකා සමග වැඩ කළ යුතු කාලය ඇවිත්. ඒ අයගේ වෙනස්කම් අතහැර දාලා එකතුවී වැඩ කළ යුතුයි. සාර්ක් රටවල ප්‍රමුඛතාවය තමයි මේ පෘථිවිය ජීවීන්ට ජීව්ත විය හැකි ලෝකයක්ව පවත්වාගැනීම ජීවත්වෙන්න සුදුසු ලෝකයක් නැත්නම් බිලියනයකටත් වැඩි සාර්ක් ජනතාවට හොඳ නිවසක් නැතිවෙනවා. පරිසරයක් නැතිවෙනවා. හරිත ලෝකයක් අවශ්‍යයි. ඒ කියන්නේ අපේ බලශක්තිය පිරිසිදු වෙන්න ඕනේ. අපේ ජලය පවිත්‍ර වෙන්න ඕනේ. වැඩ කරන ජනතාවට පිරිසිදු පරිසරයක් තියෙන්න ඕනේ. මේක තමයි සාර්ක් රටවල ප්‍රමුඛතාවය වෙන්න ඕනේ. ඒ නිසා තමයි මම අවධාරණය කරන්නේ සාර්ක් රටවල් හැටියට එකමුතුව වැඩෙ කරන්න ඕනේ කියලා. ඒ සංකල්පය තමයි මම ඉදිරියට දාන්නේ.

    ප්‍රශ්නය - තාක්ෂණය ගැන ඔබේ මතය දැනගැනීමට කැමතියි.

    පිළිතුර - සාර්ක් රටවල්වල තාක්ෂණය විවිධ මට්ටම්වල පවතිනවා. නමුත් අවශ්‍ය කරන්නේ ඒ තාක්ෂනයට අගය එකතු කිරීමයි. තාක්ෂණයට තාක්ෂණය එකතු කරන්නේ කොහොමද කියන එකයි.

    ප්‍රශ්නය - ඒ කියන්නේ ?

    පිළිතුර - තාක්ෂණයට තාක්ෂණය එකතු කරන්නේ මෙහෙමයි. දැන් බලන්න මේ විදුලි බලය. එය ලබාගන්නේ විදුලි සම්ප්‍රේෂණාගාරයක් හරහායි. ශ්‍රී ලංකාව විදුලි බලය ජනනය කරනවා. ශ්‍රී ලංකාවට අතිරික්ත බලශක්තියක් තියෙනවා. එය සම්ප්‍රේෂණය කරන්න සම්ප්‍රේෂණ පද්ධතියක් ඕනේ. තවත් රටක ජලය අතිරික්ත වෙන්න පුළුවන්. ඒ ජලය සාර්ක් කලාපය හරහා යන වාරිමාර්ග පද්ධතියක් තිබුණොත් වෙනත් සාර්ක් රටකට ඒ ජලයෙන් ප්‍රෙයා්ජන ගත හැකියි. ඒ වගේම තමයි තොරතුරු තාක්ෂණය. තොරතුරු තාක්ෂණය, විදුලිය, ජලය පිළිබඳව මේ රටවල ඒකාබද්ධ වැඩපිළිවෙනලක් සකස් කරන්න පුළුවන්. පරිසරය ගැන එකට වැඩ කරන්න පුළුවන්. එතකොට ජනතාවට අගය එකතුකළා වෙනවා.

    ප්‍රශ්නය - ඔබ කියන්නේ මින් පෙර කිසිදු කාලයක අවස්ථාවක් නොලත් සමාජයේ කොන් වූ ජන කොට්ඨාශවලටත් තාක්ෂණයෙන් සමාන අවස්ථා විවර වෙනවා කියන එකද ?

    පිළිතුර - උදාහරණයක් හැටියට තාක්ෂණික ක්ෂේත්‍ර කිහිපයක් ගත්තොත් තොරතුරු තාක්ෂණය ජීව තාක්ෂණය හා නැනෝ තාක්ෂණය මේවායින් අපේ ජීවිතවල විශාල වෙනසක් සිදුවේවි. නමුත් ලොකුම අභියෝගය මතුවෙන්නේ ඒවා සියල්ල ඒකාබද්ධ කළ විටයි. ඒ කාර්යයට කියන්නේ තාක්ෂණ මුසුව කියලා. තොරතුරු තාක්ෂණය, ජීව තාක්ෂණ සහ නැනෝ තාක්ෂණය යම් නව නිර්මාණයකට අගය එකතු කරන්නේ මේ තාක්ෂණ මුසුව මගින්. උදාහරණයක් හැටියට ‘‘නැනෝ රොබෝ“ හඳුන්වන්න පුළුවන්. නැනෝ රොබෝ නිර්මාණය කරලා තියෙන්නේ මේ තාක්ෂණ මුසුව මගින්. නැනෝ තාක්ෂණාගාරයක දී මේ රොබෝව ක්‍රමලේඛ කරන්න හැකියාව තිබෙනවා. එමගින් ඇඟට එන්නත් කළාම කොතන ද පිළිකා සෛල තියෙන්නේ හරියට ම එතැනට යනවා. එහෙම නැත්නම් වෙනත් රෝගී සෛලයක් කරා යනවා. ගිහින් ප්‍රතිකාරය ලබා දෙනවා. එතකොට ඒ සෛල විනාශවෙලා යනවා. මොකද නැනෝ රොබේ කියන්නේ ඩී.එන්.ඒ. සත්ත්වයෙක් හා සමානයි. ජීව තාක්ෂණය, නැනෝ තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණය මුසු කළ විට තමයි මේ නිර්මාණය බිහි වුණේ. මේ විදියට තමයි අලුත් පිම්මක් බිහිවෙන්න යන්නේ. ශ්‍රී ලංකාවට, ඉන්දියාවට තොරතුරු තාක්ෂණය තියෙනවා වගේ තවත් අසල්වැසි රටක ජීවත තාක්ෂණය තියෙන්න පුළුවන්. තවත් අසල්වැසි රටක නැනෝ තාක්ෂණය තියෙන්න පුළුවන්. ඒ සියල්ල ඒකාබද්ධ කරන්න ඕනේ.

    ප්‍රශ්නය - මා දන්නවා දේශපාලකයින් ගැන ඔබ රැඩිකල් මත දරන්නෙක් බව. ඔවුන්ගෙන් ජනතාව බලාපොරොත්තුවන දේවල් ගැන ඔබටම මතයක් තියෙනවා. ඒ ගැන ඔබේ අදහස් අහන්න කැමතියි.

    පිළිතුර - මා 2000-2007 දක්වා කාල සීමාවේ දී ඉන්දීය ජනාධිපතිවරයා ලෙස ඉන්දීය පාර්ලිමේන්තුව ඇමතුවා. රාජ්‍ය සභාව සහ ලෝක් සභාව ඒකාබද්ධ සැසියක් ඇමතුවා. එතැන මන්ත්‍රීවරු 450 ට වැඩිය හිටියා. මං මගේ කතාවෙදි කිව්වා අපේ රටට වෙනසක් අවශ්‍ය බව. අපේ දාර්ශනික දර්ශනයේ වෙනසක් අවශ්‍යයි කිව්වා. මං දේශපාලනය සමාන කළා ප්‍රභේද දෙකක එකතුවකට. එකක් තමයි දේශාපලනික දේශපාලනය. අනික තමයි සංවර්ධනාත්මක දේශපාලනය.

    ප්‍රශ්නය - දේශපාලනික දේශපාලනය කියන්නේ මොකක් ද ? සංවර්ධනාත්මක දේශපාලනය කියන්නේ මොකක්ද?

    පිළිතුර - දේශපාලනික දේශපලානය කියන්නේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත්කැර ගැනීම. මං හිතන්නේ ලබන අගෝස්තුවේ ලංකාවේ මැතිවරණය තිබෙනවා. ඔබ මගෙන් නිසි වේලාවට නිසි ප්‍රශ්නයක් තමයි අහන්නේ. හොඳයි. දේශපාලනික දේශපාලනය කියන්නේ දේශපාලන පක්ෂ අතර තිමතාන්තර ඉස්මතු කරලා තමන් වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට පත්වෙන්න දරණ තරඟයක්. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැඩි වශයේ කරන්නේ දේශපාලනික දේශපාලනය . ඔහුට තමන්ගේ දේශපාලන පක්ෂය ජනප්‍රිය කරන්න වෙහෙසෙන්න වෙන එක සාධාරණයි. දේශපාලඥයා තේරී පත්වුණේ නැතත් ඔහුට තමාගේ දේශපාලන පක්ෂය ජනප්‍රිය කරන්න වෙනවා. ඒක තමයි දේශපාලනික දේශපාලනය කියලා කිව්වේ. සංවර්ධනාත්මක දේශපාලනය කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තම ඡන්දදායකයන් වෙනුවෙන් පෙනී සිටීම. ඔහු පෙරොන්දු දෙනවා. ඉදිරි පස් වසර තුළ දී මා දියුණු කරන්න යන ක්ෂේත්‍ර මෙන්න මේවායි. පළමුව ජල මූලාශ්‍ර සිය්ලල මා ක්‍රමවත්ව හදනවා. අද තියෙන ගස් ප්‍රමාණය දස දහස් ගුණයකින් වැඩි කරනවා. එතකොට පරිසරය ලස්සන තියේවි. අද තියෙන කුඩා පරිමාණ කර්මාන්තවලට මා නව තාක්ෂණය ලබාදෙනවා. අන්න ඒ විදියට ඡන්ද කොට්ඨාශය් තමන් කරන්න යන සංව්ධන වැඩ ගැන ඔහු කියාවි. ඒක තමමයි සංවර්ධනාත්මක දේශපානය. මා දකින්නට කැමති ලෝකයේ දේශපාලනඥයින් තමයි. සියයට 70ක් සංවර්ධනාත්මක දේශපාලනය කරලා සියයට 30ක් දේශපාලනික දේශපාලනය කරන අය. නමුත් ඔවුන් කරන්නේ එහි විලෝමය. මේක ලංකාවට හරි ඉන්දියාවට හරි විතරක් පොදු සත්‍යයක් නොවෙයි. ලෝකේ අනෙක් රවටල දේශපාලඥයන් හැමෝ ම මෙහෙම තමයි. ඔවුන් සිය70ක් දේශපාලනික දේශපාලනය කරලා සියයට 30ක් විතර තමයි සංවර්ධනාත්මක දේශපාලනය කරන්නේ. මා ඉල්ලා සිටින්නේ එහි විලෝමය කරන්න කියලා. මගේ ඡන්ද කොට්ඨාශයේ දියුණුවට ඉදිරි අවුරුදු පහේ දී මං මේ මේ දෙවල් සංවර්ධනය කරනවා කියලා. ඔබේ මන්ත්‍රීවරුන්ට කියන්න ඉඩ හරින්න. එතකොට ඔබේ රටේ පුරවැසියන්ට පුළුවන් අවුරුදු පහකට පස්සේ මැන බලන්න මිනිහා පොරොන්දු වුනේ මොනවද ? ඇත්තටම කරලා තියෙන්නේ මොනවද කියලා.

    ප්‍රශ්නය - එතකොට ජනතාවගේ වගකීම වන්නේ කුමක් ද ?

    පිළතුර - ඇයි ඒක තමයි සංවර්ධනතාමක දේශපාලනය කරලා නිවැරදි පුද්ගලයා මන්ත්‍රී හැටියට තේරා පත්කරගන්න එක. තමන්ගේ ඡන්ද කොට්ඨාශයට මොනවද පොරොන්දු වුණේ. අවසානයේ දී ඇත්තටම මොනවද කලේ අවුරුදු පහක් යනකොට ජනතාව හොඳින් දැනගන්නවා. මොකද ඔබගේ වගේ මාදධ්‍යවලින් එය නිරාවරණය වෙනවනේ. ඔබගේ මාධ්‍යය කියනවා මේනන දුන්නු පොරොන්දු, මෙන්න ඉටු කරපු වැඩ ප්‍රමාණය කියලා. එවිට ඒ අය ලබන වතාවෙදි නිවැරදි පුද්ලයාව තේරාගනීවි.

    ප්‍රශ්නය - ඔබ “ඊ-මැතිවරණ“ කියලා අලුත් සංකල්පයක් හඳුන්වා දුන්න්නා. ඒ ගැන වැඩි විස්තර කිව හැකිද ?

    පිළිතුර - ඒක මගේ මනසේ ඇඳුණු චිත්‍රයක් නමුත් මේ ක්‍රමය යම් දවසක සැබෑ වෙන්න පුළුවන්. ඔබේ රටටත් සැබෑවක් වෙන්න පුළුවන්. මා ඒ සංකල්පයෙන් කිව්වේ යම් පුරුෂයෙක් හෝ කාන්තාවක් තමන්ට මැතිවරණයට තර කරන්න අවශ්‍යනම් මන්ත්‍රී කෙනෙක් හෝ පළාත් පාලන සභිකයෙක් වෙන්න. නාම යෝජනා ලැබුණු ගමන් ඒ අපේක්ෂකයාගේ සියළු විස්තර මැතිවරණ කොමාසරිස්ට ලබාගන්න පුළුවන්. එවිට මැතිවරණ කොමසාරිස් ඒ අපේක්ෂකයාගේ පොලිස් වාර්තා පරීක්ෂා කර බලනවා. ආදායම් බදු වාර්තා පරීක්ෂාකර බලනවා. දේපළ, ධනය වගේ හැම තොරතුරක්ම මැතිවරණ කොමසාරිස්ට ලබාගන්න පුළුවන්. ඔහුට කොහේවත් යන්න ඕනේ නැහැ. කිසිම අදුම්පතක් පුරවන්න අවශ්‍ය නැහැ. මොකද ? ඒ සියලු දත්ත පරිගණකයේ තිබෙනවා. එතකෙට මැතිවරණ කොමසාරිස්ට එතැන දී ම තීරණය කරන්න පුළුවන් මේ පුද්ගලයාට අපේක්ෂකත්වය දෙන්න ඕනෑද ? නැද්ද ? නැතිනම් මේ පුද්ගලයා සුදුසු නැද්ද කියලා මැතිවරණ කොමසාරිස්ටම තීරණය කරන්න පුළුවන්. ඡන්දය දෙන්නත් ලේසියි මොකද දැන් හැම ජාතියක් සඳහාම අපි ජීව කේත අංකයක් හදලා තියෙනවා. ඒ ජීව කේත අංකය හැඳුනුම්පත් අංකය වගේ භාවිතා කළාම. යම් පුද්ලයකුට තම අනන්‍යතාව රැකගෙන තමන් ඉන්න තැන ඉඳන් මැතිවරණ දවසේ දී ඡන්දය දෙන්න පුළුවන්. ඡන්ද පොළෙට යන්න අවශ්‍ය නැහැ. මේක තමයි මා යෝජනා කරන සංකල්පයේ යථාර්ථය. එතකොට දැනට සියයට 60-70 තියෙන ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 95ක් 100 තරම් ඉහළ මට්ටමකට යාවි. ඒ මගින් අපිට හුරු පුරුදු දේශපලාන ක්‍රමය වෙනස් වේවි. දේශපාලනය කියකියන්නේ නායකත්වයේ පිළිබිඹුවක්. ඒ නායකත්වය ප්‍රධාන විධායක නිලධාරී හෝ අගමැති හෝ ජනාධිතිගෙන් නොවෙයි. ඔබ දකින විදියට සමාජයේ සෑම තරාතිමක ම අයගෙන් ලැබේවි.

    ප්‍රශ්නය - මා කැමතියි ඔබතුමා නායකත්වය පිළිබඳව දරන දර්ශනය ගැන දැනගන්න. ඔබතුමා නායකයෙක් වුණේ මොන ගුණාංග නිසාද ?

    පිළිතුර - මම ලෝකයේ ශ්‍රේෂ්ඨ නායකයින්ගේ උතුම් ගුණාංග ගැන සොයා බැලුවා මා දුටු කරුණ තමයි එකිනෙකාට අවේනික ලක්ෂණ තියෙනවා. ඒ හැමෝටම පොදු එක් ලක්ෂණයක් මා දැක්කා. ඔබට සිතිය හැකිද ඒ ගුණාංගය මොකක් ද කියා. ?

    ප්‍රශ්න විමසන්නා පිළිතුරු දෙයි - මට බැහැ.

    යළි අබ්දුල් කලාම් මහතා - ඔබට බැහැ නේද ? හරි මං කියා දෙන්නම්. මගෙන් දෙන්න පුළුවන් මොනාද ? මගෙන් දෙන්න පුළුවන් ඒ ගුණාංග මොනාද ? කුඩා දරුවෙක්, තරුණයෙක්, වැඩිහිටියෙක් සහ නායකකේ ගත්තොත් දැන් ඔබ නායකයා ගැන අහපු නිසා දරුවා කියයි. “ ඔබ මට දෙනන් “ කියලා. ඒක සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය. තරුණයා කියය් ‘‘ඔබ ගණන් ගන්න එපා ඒක මං කරලා දෙන්නම්“ කියලා .වඩිහිටියා අහයි. “ අපි එකතුවෙලා මේ වැඩේ කරමුද ? “ කියලා. නායකයා කියයි. ‘‘මං මොනවාද දෙන්න ඕනේ?“ කියලා. දරුවා කිව්වේ ‘‘මට ඔබ දෙන්න “ කියලයි. අවුරුදු 3-4 ක දරුවා හැබැයි නායකයා කියන්නේ මගෙන් මොනවද අවශ්‍ය කියලයි. අන්න ඒක තමයි අපිට ඕන කරන ගුණාංගය. මගෙන් මොනවද ඕනේ. මගෙන් මොනවද ඕනේ. මගෙන් මොනවද ඕනේ.

    ප්‍රශ්නය - මේ ප්‍රබෝධාත්මක සම්මුඛ සාකච්ඡාව අවසානයේ මම නැවත කියන්න කැමතියි. ලක්ෂ සංඛ්‍යාත අපේ තරුණයන් ඔබේ සෑම වදනක්ම අසා සිටිනවා. ඔවුන් වෙනුවෙන් මා ප්‍රශ්න දෙකක් ඔබෙන් අහන්න කැමතියි. තරුණ තරුණියන් තමන්ගේ විභවතාවේ උපරිමය නෙළා ගන්න නම් කරන්න ඔනේ මොනවාද ? දෙවැනි ප්‍රශ්නය තමයි ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට ඔබතුමා දෙන පණිවිඩය කුමක් ද ?

    පිළිතුර - තරුණ තරුණියන්ට තමන් අවුරුදු 20 පිරෙන්න කලින් ලොකු අරමුණක් තියෙන්න ඕනේ. අවුරුදු 20ට කලින්. ඔව්. එම අරමුණු සඳහා ඔවුන්ගේ දෙමාපියන්, ගරුවරුන් උධව් කළ යුතුයි. ලෝකු අරමුණක් පමණක් මදි, ඔවුන් නිතිපතා දැනුම රැස්කරගත යුතුයි. වටිනා පොත් කියවලා උතුම් ගුරුවරු ඇසුරු කරලා ශ්‍රේෂ්ඨ මිනිසුන්ගෙන් අසාගෙන දැනුම රැස්කර ගත යුතුයි. අමතක කරන්න එපා. ලෝකයේ බොහේ දෙනා නිදා සිටියදීත් සමහරවිට ශ්‍රේෂ්ඨ නායකයින් නිදි නැහැ. වැඩක නිරත වෙනවා. මහන්සියෙන් වැඩ වැඩ වැඩ හතර තමයි ප්‍රශ්නයට බය නැහැ. ප්‍රශ්නයට මුහුණ දීලා ප්‍රශ්නය පරාජය කරන්න හරිද ? මේ කරුණු හතර තමයි ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට මං කිව්වේ. ඉන්දියාවෙන් මං කියා තියෙන්නේ පණිවිඩය තමයි මේක මගේ වචන නොවෙයි. 13 වැනි සියවසේ විසූ ශ්‍රේෂ්ඨ කවියෙක් චින්තකයෙක් තමයි රූමි, රූමිගේ පණිවිඩය. ශ්‍රී ලංකාවේ තරුණයින්ට ගැලපෙන පරිදි මම සකස් කළා විතරයි. මෙන්න පණිවිඩය

    ඊයේ අවුරුදු 15 විතර පාසල් දූ දරුවෝ මා ඉදිරියේ ප්‍රතිඥාවක් දුන්නා. ඒක මෙහෙමයි. ‘‘මං වඩා ඉහළට පියාඹනවා“ කොහොමද කියලා මං කියා දුන්නා. ඊයේ අර තරුණ දරුවෝ මාත් එක්ක මේ දිවුරුම කියෙව්වා මෙහෙමයි. මං ඉපදී තිබෙන්නේ විභවතාවක් ඇතිවයි. මම ඉපදී තිබෙන්නේ යහපත, විශ්වාසය ඇතිවයි. මම ඉපදී තිබෙන්නේ අදහස් සහ සිහින සමගයි. මම ඉපදී තියෙන්නේ ශ්‍රේෂ්ඨත්වය ඇතිවයි. මම ඉපදී තියෙන්නේ ආත්ම විශ්වාසය ඇතිවයි. මම ඉපදී ඇත්තේ ධෛර්යය සම්පන්නවයි. මම ප්‍රශ්නය පරදවා ජය ගන්නවා. මා ඉපදී ඇත්තේ පියාපත් ඇතිවයි. ඒ නිසා මං බඩටගාන්නේ නැහැ. මට පියාපත් තියෙනවා. මං පියාඹලා පියාඹලා, පියාඹලා උඩටම යනවා. මම ප්‍රශ්නය පරදා ජය ගන්නවා. මං ඉපදී තියෙන්නේ පියාපත් ඇතිවයි. ඒ නිසා මං බඩගාන්නේ නැහැ. මට පියාපත් තියෙනවා. මං පියාඹලා පියාඹලා පියාඹලා උඩටම යනවා.

    ඔබතුමා සමග මේ වගේ සාකච්ඡාවට එක්වීමට ලැබීමත් ගෞරවයක්. මේ රටේ ජනතාව වෙනුවෙන් ඔබ කෘතඥ වෙනවා. ඔබ සමග මෙවැනි තවත් කතාබහකට එක්වීමට හැකිවේවා යැයි පතනවා. කියමනක් තියෙනවා ‘‘අල්පේච්ඡ බවෙන් සත්‍යයෙන් සහ කෙලින් කතා කිරීමෙන් තොර ශ්‍රේෂ්ඨත්වයක් නැහැ“. කියා. ඔබ සමග කළ සාකච්ඡාවෙන් ඒ බව තහවුරු වුණා.

    (රූපවාහිනී සාකච්ඡාවක් ඇසුරිණි)


    මෙන්න මිනිස්සු. මේ වගේ උගත් මිනිස්සු නෑනේ අපේ රටේ. කරුමේ තමයි. :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    මෙන්න මිනිස්සු. මේ වගේ උගත් මිනිස්සු නෑනේ අපේ රටේ. කරුමේ තමයි. :(

    :(
    මේ වගේ උගත් මිනිස්සුට ඉහලට එන්න අපේ සමාජය අවස්ථාවක් දෙන්නේ නෑ. පල්ලෙහාට ඇදලා දාන්නම තමයි බලන්නේ. සමාජයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඉතිං ඒ මිනිස්සු පිටරටකට ගිහින් පදිංචි වෙනවා.
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    :(
    මේ වගේ උගත් මිනිස්සුට ඉහලට එන්න අපේ සමාජය අවස්ථාවක් දෙන්නේ නෑ. පල්ලෙහාට ඇදලා දාන්නම තමයි බලන්නේ. සමාජයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඉතිං ඒ මිනිස්සු පිටරටකට ගිහින් පදිංචි වෙනවා.

    :(:(
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :(
    මේ වගේ උගත් මිනිස්සුට ඉහලට එන්න අපේ සමාජය අවස්ථාවක් දෙන්නේ නෑ. පල්ලෙහාට ඇදලා දාන්නම තමයි බලන්නේ. සමාජයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඉතිං ඒ මිනිස්සු පිටරටකට ගිහින් පදිංචි වෙනවා.

    ඔව් බන්. රටේ අවාසනාව. :(:(:(
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    :(
    මේ වගේ උගත් මිනිස්සුට ඉහලට එන්න අපේ සමාජය අවස්ථාවක් දෙන්නේ නෑ. පල්ලෙහාට ඇදලා දාන්නම තමයි බලන්නේ. සමාජයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඉතිං ඒ මිනිස්සු පිටරටකට ගිහින් පදිංචි වෙනවා.

    තිත්ත උනත් ඇත්ත... :yes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් බන්. රටේ අවාසනාව. :(:(:(
    මේ මනුස්සයා ඉන්න විදියට හිතන්න බැ බන් මේ වගේ උගතෙක් කියලා.. හරිම සරල පොරක්. මම මෙයාගේ දේශනය ඇහුවා ලන්කාවේ කරපු. හරි වැදගත් කරුනු කිව්වේ, ලන්කාව හා ඉන්දියාව ගැන.. ලොකේ ඉස්සරහට යන්න ඉගෙන ගන්නවනම්, දැන් ඉන්න නායකයන්ට ඉගෙන ගන්න පුලුවන් චරිතයක්.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේ මනුස්සයා ඉන්න විදියට හිතන්න බැ බන් මේ වගේ උගතෙක් කියලා.. හරිම සරල පොරක්. මම මෙයාගේ දේශනය ඇහුවා ලන්කාවේ කරපු. හරි වැදගත් කරුනු කිව්වේ, ලන්කාව හා ඉන්දියාව ගැන.. ලොකේ ඉස්සරහට යන්න ඉගෙන ගන්නවනම්, දැන් ඉන්න නායකයන්ට ඉගෙන ගන්න පුලුවන් චරිතයක්.

    :yes::yes:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    There are good visionary people in sl. But unfortunately the environment is not conducive for them to survive and show their talent. Most of them are either in abroad . I can give a one example . There was a person in my school who always got 100 marks for maths for every exam. He did the same at A/L and got the highest aggregate in that year. Due to close down of universities he could not complete his studies . Recently I learned that he had gone to UK and entered Cambridge to study IT and had again continued his excellence there by being the batch top for all the years. He came to SL but work very short time in private leading IT firm and now in Google, US.
    The problem in SL is that people do not value new ideas and if one tries to be innovative that person is discouraged and sometimes kill any new ideas. This happens in private as well as public sector. So, there are many Kalams in SL but unfortunately we do not see them. They do not get the prominence due to our own fault.
     

    diads

    Member
    Jul 29, 2008
    131
    19
    0
    Colombo
    අපේ උගතුන්ට නිසි තැන නොලැබීමේ ප්‍රතිවිපාක නිසයි අපිට කෙලවිලා තියෙන්නේ. ඒක අද ඊයක නෙවෙයි අවු 50ක් 60ක් තිස්සේ වෙන දෙයක්.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    අප හැමදෙනාටම ශ්‍රේෂ්ඨත්වයට පත්විය හැකි විභවතාවක් තිබෙන බව පැවසෙනවා. කළ නොහැකි දේ ජයගත් නොපසුබස්නා උත්සාහයකින් යුතු පුද්ගලයකු අද මා සමග සිටිනවා. ඉන්දියාවේ එකොළොස්වැනි ජනාධිති අබ්දුල් කලාම් සමග සාකච්ඡාවක යෙදීමට ලැබීම ඉතා සතුටක්. ඒ වගේ ම ගෞරවයක්.

    (රූපවාහිනී සාකච්ඡාවක් ඇසුරිණි)


    මෙන්න මිනිස්සු. මේ වගේ උගත් මිනිස්සු නෑනේ අපේ රටේ. කරුමේ තමයි. :(

    මේ තියෙන්නේ ඔය සම්පුර්ණ රූපවාහිනී සාකච්චාව ... සිරසෙන් කරපු

     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔක්කොම කියෙව්වා .. මේ වගේ මිනිස්සු අපේ රටේ නැත්තේ නෑ ... :yes:
    එත් අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන අඩු දැනුම නිසා ඒ වගේ මිනිස්සුන්ට උඩට එන්න බෑ .. මිනිහෙක් මොකක් හරි අලුතින් වැඩක් පටන් ගන්න හැදුවොත් එකට කට් එක දෙන්නයි බලන්නේ අපේ රටේ මිනිස්සු !