මළවුන්ගේ අවුරුදු දා
"එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නෙ අද විතරයි. අද දවස හමාර උණාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්නා ඉන්නවා. හෙට මම විතරයි."
ඔහුට නොයන්නට තිබුණි. "මම අනිද්දා යනවා" යි කීවේනම් මම කෙතරම් සැනසෙම්ද?! අනිද්දා වුවත් තව එක් දවසක් තිබෙනවා නොවේද? ඒ දවසත් මේවාගේම ගෙවී යනු නියතය. ආයෙමත් "මම හෙට යනව" යි ඔහුට කියන්නට සිදුවේ. එහෙත් අද? අද ඔහු හෙට නොයයි. ඔහු හෙට යන දවස නොවේ, අද. අදට හෙට තිබේ, හෙටට කුමක් වෙතත්.
"තව කල් දැම්මත් කවදා හරි යන්න එපාය. මොකටද කල් දාලා? ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුළුවන්."
යළිත් ආ හැකි නිසාද යන්නෙ? නොගියොත් යළිත් ආ නොහැකිය. එය සැබෑවකි. මට එය නොතෙරුණි. යාම හොදයි. ගොස් ඊම ද හොදයි. ලොවෙ ඇත්තේ යාම ඊමය. නෑවිත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය. මගේ හදවත සැනසුම් ලද්දේය.
නැතිනම් යන්නේ මෙසේ..
යළි එන්නේදෝ.. කෙසේ...
වෙන්වීමක් නම් නොවේ.....
තුහීනේ සීතේ (මළවුන්ගේ අවුරුදු දා) - ඉන්දියානු ගායක ත්රීඩීව් සහ චාතුර්යා ගීත්මී