මළ ඉර බසිනා සැන්දෑ යාමේ

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මළ ඉර බසිනා සැන්දෑ යාමේ

    yimg_EYGLk3-1024x421_0.jpg








    මළ ඉර බසිනා සැන්දෑ යාමේ
    ඔබගෙන් සමුගන්නම්
    අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
    අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
    ඔබගෙන් වෙන්වී මම යන්නම්

    නිදි නැති යහනේ රෑ යාමේ
    කාන්සියේ ඔබ හිඳිනා වේලේ //
    සුළඟේ දැවටී ඔබට හොරෙන්
    සුළඟේ දැවටී ඔබට හොරෙන්
    මම ඔබ වෙත එන්නම්
    සියුමැළි දෑතින් ඔබ හිස අතගා
    ඔබ නිදි කරවා මම යන්නම්

    අළුයම පිබිදෙන ඔබගේ දෑසේ
    මල් පෙති අග පිණි කඳුළක් රඳවා //
    සුසුමක් වාගේ ඉන් පිටවී
    සුසුමක් වාගේ ඉන් පිටවී
    ඔබගෙන් වෙන් වෙන්නම්
    අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
    අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
    ඔබගෙන් වෙන්වී මම යන්නම්



    මේ ලොව යම් කිසිවකු........



    "මේ ලොව යම් කිසිවෙකු
    මා හට පෙම් කළ බව
    එතකොට ඒ ගී රාවය
    හීන් හඬින් මට කියාවි

    මා මළපසු සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනවි
    නන්නාදුන නා ඔබ ගේ
    අත් අකුරින් ලියනු මැනවි

    අඩ සඳ බැසගෙන යන සඳ
    සීතල අඳුරු රැයක
    අඬ සඳ බැසගෙන යන සඳ
    රෑහි නඟන රැව් අතරින්
    එතකොට ඒ ගී රාවයයාන්තමින් මට ඇසේවී"

    පද රචනය -- මහගම සේකර
    සංගීතය හා ගායනය -- ඩබ්.ඩී. අමරදේව
     
    • Like
    Reactions: sandaru1rox