මළ ඉලව් කෝච්චි වලට පැන දිවිනසා ගැනීම
වැලන්ටයින් ආලයෙන් මුසපත් වී ලව් කෝච්චියට බෙල්ල තියමුද????
වසරක් පාසා වෙළෙන්දන්ට කල්ල මරේ වන ඊනියා වැලන්ටයින්ගේ විගඩම කළ එළි බහින පෙබරවාරි මුල් සතියයි. මේ. ආදරයෙන්, කාමයෙන් මුසපත් වූ එෆ් එම් ගුවන්විදුලි නිවේදක ගිරවුන්ගේ කන් කරච්චලය නිමක් නැත. වෙළෙන්දන් සහ විද්‍යුත් මාධ්‍ය මුදලාලිලා විවිධ උප්පරවැට්ටි හරහා අහිංසක,ලාමක තාරුණ්‍ය ආදරයේ නාමයෙන් බිලිබා ගනිත්දී අනිත් පසින් මේ රටේ සංස්කෘතිය, සදාචාරය සභ්‍යත්වය වල පල්ලට ඇද දමති.
වැලන්ටයින් වෙනුවෙන් ආදරයෙන් මුසපත්වී කෑ මොර දෙන ඇතැම් එෆ් එම් නාලිකාවල ගිරවියන්ගේ නිර්ලැජ්ජිත ප්‍රකාශ අහන් ඉන්නට බැරි තරම් හිරිකිතය.
හිරු FM ගුවන්විදුලි නාලිකාව පෙබරවාරි 14 දාට යෙදෙන වැලන්ටයින් විකඩම සැමරීම වෙනුවෙන් සූදානම් කර තිබෙන්නේ ආදර කෝච්චි සවාරියකි. ඒ වෙනුවෙන් උදේ හවා ආදරය ප්‍රේමය වමාර කමින් පෙම්වතුන්ට ආරාධනා කරන නිවේදිකාවන් විලිසංගයක් නැති කතා ඇද බාන්නේ මේ රටේ සංස්කෘතිය සදාචාරයක් අඩුම තරමේ විලිලැජ්ජාවක් ගැනවත් නොදත්තවුන් සේය.
උන් බිරිදට හොරෙන් හොර අඹුව සමග පෙම් කෝච්චියේ යන්නට කතා කරති. ඒ මදිවාට දුරකථනයෙන් ගීත ඉල්ලීම් වැඩසටහන් අමතන ලාබාල දැරියන්ට පවා ඊනියා වැලන්ටයින් දිනයේ පෙම් කෝච්චියේ අනාචාරයේ හැසිරෙන්නට අඩගසති.
මේ උම්මත්තක ඔලමොට්ටල නිවේදක නිවේදිකාවන්ට තමන්ගේ විකෘතිකාමය ඒ අයුරින්ම සමාජගත කර පහත් මානසික වින්දනයක් ලබාගැනීමට ඉඩ දී බලා සිටිය යුතුද. තමන්ගේ පවුල් ජීවිත වල අශ්ශීල සවභාවය සමාජගත කර අන්‍යයන්ගේද පවුල් කඩාකප්පල් කරන්නට මාන බලන බටහිරටත් පෙරදිගටත් නැති අවජාතක සංස්කෘතියක අතරමංව සිටින මේ මානසික ලෙඩුන්ට අපේ වටිනා සංස්කෘතික හර පද්දතිය වල පල්ලට ඇද දැමීමට ඉඩ දී අපි තවත් නිකම් බලා සිටිමුද?.
එෆ් එම් නාලිකාවල සදාචාර විරෝධී මාධ්‍ය අවභාවිතය පිළිබද විවිධ අවස්ථාවලදී කතා බහ ඇති වුණත්, එයින් සෑහීමකට පත් විය යුතු තරමේ සෙතක් වී නොමැති බැවින් එම කතිකාවත නැවත වරක් නව මානයකින් ආරම්භ විය යුතුව තිබේ.
ගුවන්විදුලි නාලිකා සදහා නිසි නියාමනයක් නොවීමත්, ඒ සදහා වගකිවයුත්තෙකු නැති වීමත් නිසා විජාතික සංස්කෘතීන් කරපින්නාගත් කල්ලතෝනියෝ සදාචාරය, සභ්‍යත්වය බල්ලට දමා බල්ලන් සමග එක පැදුරේ සයනය කරති.
කෙසේ වෙතත් වාණිජ පරමාර්ථ වෙනුවෙන් මොවුන් මේ වනසන්නේ මේ රට ගොඩනගන තරුණ පරපුරයි. සූක්ෂම බිද දමන්නේ මහා ආයාසයකින් මේ දක්වා රැකගෙන ආ වටිනා සිංහල බෞද්ධ සංස්කෘතික හර පද්දතියයි. බටහිරින් දෝරේ ගලන දහජරාවල් බුරුතු පිටින් මේ රටට ආනයනය කර ආදරය, ප්‍රේමය, වැනි සංවේදී මානුෂීය හැගීම්වලට මුවා වී මේ රටේ තරුණ පරපුර අයාලේ යවන්නට උතුම් ජනමාධ්‍ය කලාව ජඩමාධ්‍යයක් කරගත් ව්‍යාපාරිකයන්ට ඉඩ නොදිය යුතුය.
නිසි බලධාරීන් ඊට එරෙහිව පියවර නොගන්නවානම්, සිංහල බෞද්ධ ජාතික සංවිධාන වලට හෝ මේ වෙනුවෙන් මැදිහත් වන ලෙස අපි ආයාචනය කර සිටිමු.
අනෙත් අතට වැලන්ටයින් වේවා, සුපිරිතරු වේවා මේ හැම බහුබූතයක් නිසාම නන්නත්තාර වන්නේ අපේ ජාතියයි. මුස්ලිම් හෝ දමිළයන් කිසිවිටෙකත් මේ බහුරූ කෝලම් ඔවුන්ගේ කරට ගන්නේ නැත. මොන මොන රැළි ආවත් ඔවුන් ඔවුන්ගේ අනන්‍යතාවය රැකගෙන මේ රටේ ජීවත් වෙති. විදේශයන්ගෙන් එන කුනුකන්දල් මෙන්ම, සර්වජාතික, සර්වාගමික මේ හැම දහජරාවක්ම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව වැළදගෙන දවසින් දවස ආගාධයටම දුවන්නේ අපේ සිංහලයන් ය. මෙහෙම වුණේ ඇයි? අද නිදහස් ජාතියක් ලෙස මහා උජාරුවෙන් පාරම්බෑවද අපි තවමත් ගතින් මෙන්ම හිතින් ද විජාතිකයන්ගේ හිරකාරයෝ නොවෙමුද? සිතින් සිංහල බෞද්ධ සංස්කෘතියක ජීවත් වුව ද ක්‍රියාවෙන් අපි බටහිර ක්රස්තියානු සංස්කෘතියේ ගැත්තන් වී සිටිමු.
සිංහල බෞද්ධ සංස්කෘතියට අනුවනම් පරදේසක්කාර වැලන්ටයින්ලාට මේ රටේ තරුණ පරපුරේ ඉහ මොළ කා දමමින් විගඩම් නටන්නට හැකි නොවේ. ආපසු හැරී බැලුවොත් අපට කොතනක හෝ ලොකු වරදක් සිදුව තිබේ, එසේත් නැතිනම් කවුරුන් හෝ වරද්දා තිබේ.
කිසිම වෑදගම්මකට නෑති,උගත් කමක් නෑති උන් ටිකක් උදේ ඉදන් රෑ වෙනකන් වාචලකම් කියව කියව මිනිස්සුන්ගෙ මොල කුරුවල් කරනවා කුඩු කාර්යෙක්ගෙ නාලිකාවකින් වෑදගත් දෙයක් සමාජෙට දේය්ද?
සිංහල බෞද්ධ සමාජයට නිසි නායකත්වයක් නැතිද? අපට නිසි මග පෙන්වීමක් නැත්ද? තවත් ප්‍රමාද නොවී අපි මේවාට පිළිතුරු සෙවිය යුතු වෙමු. එසේ නැතිනම් මළ ඉ ලව් කොච්චි වලටම පැන දිවිනසා ගැනීමට අපේ ජාතියට සිදුවනු ඇත.
"සංවාදයට විවෘතයි"