"එහේ වැඩ එසේ යන අතර පාංසකූලයට එන හාමුදුරුවන් දෙන වර්ණනාව අනුව නම් මියගොස් ඇත්තේ සජියාගේ ආච්චී නොව සජියාගේ අම්මායැයි සිතන බොහෝ දෙනෙක් නැවත පෙට්ටිය විවුර්ත කර මිනිය බැලීමට අවශ්‍ය බව පවසා සිටින්නේ හරියටම ඉස්තීරවම එය දැනගැනීමටය.."
"උන්වහන්සේගේ දේශනයෙන් අනතුරුව සජියාගේ අම්මාගේ ඔපිස් එක වෙනුවෙන් කරන කතාවෙන් පටන්ගන්නා කතා මාලාව අවසන් වන්නේ හන්දියේ මස් කඩයේ මුදලාලි ගේ කතාව ඇතුලු කතා හතලිස් පහක් පමන අවසන් කිරීමෙන් පසුවය.. "
"වල කපන තැන එවුන්ගෙන් බාගෙට බාගයක් මේ වන විටත් වල සරසන්නට ගෙනා ලී කුඩු ගොඩවල් උඩ සහ පරණ මිනී වලවල් වල පස් කඳු උඩ වැටී සිටින්නේ මිනී වලවල් කපන විට මතුවූ භූතාත්මයක පහරදීමක් නිසා මිසක පිනට ලැබුන අරක්කු බී වෙරි වෙලා නොවේය... "
කන හරහා මොළයට, පට්ට කතාව.