මාංශයෙන් තොරව ගොඩනැගූ මහා ශිෂ්ඨාචාරය

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
මාංශයෙන් තොරව ගොඩනැගූ මහා ශිෂ්ඨාචාරය

මාංශයෙන් තොරව ගොඩනැගූ මහා ශිෂ්ඨාචාරය


දැවැන්ත පිරමීඩ ගොඩනැගූ පුරාණ ඊජිප්තු වැසියන් නිර්මාංශ ආහාර සංස්කෘතියක් අනුගමනය කළ පිරිසක් බව ලියෝන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් තහවුරු කැර ඇත. ඔවුන් පවසන්නේ පැරණි මමී 45ක් කාබන් පරමාණු පිළිබඳ අධ්‍යයනයකින් මේ තොරතුරු ලබාගත් බවයි.

මමි බවට පත්කැර ඇති පුද්ගලයන්ගේ සිරුර සම්බන්ධ කාබන් සමස්ථානික පරීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ බහුලව ධාන්‍ය ලෙසෙ මෙදේරි, පරිප්පු, බාර්ලි, තිරිඟු, මෙදේරි හා සුදු ලූනු භාවිතා කැර ඇති බවයි. සුළු වශයෙන් මසුන් මරා ආහාරයට ගෙන ඇතැයි ද පර්යේෂකයෝ කියති.

ඔවුන් මේ සඳහා ක්‍රිස්තු පූර්ව 3500ත් ක්‍රිස්තු වර්ෂ 600 ත් අතර විසූ ඊජිප්තුවරුන්ගේ මමී 45ක් අධ්‍යයනයට ලක්කැර ඇත. එයින් පෙනීගොස් ඇත්තේ දීර්ඝ කාලයක් ආහාරයට ගෙන ඇත්තේ බාර්ලි හා තිරිඟු ආහාරයට ගත් බවයි.

පර්යේෂකයන් පවසන්නේ එයට සාක්ෂි පිරමීඩ තුළින්ම හමුවන බවයි. එහි ඇති සිතියන් විශාල ප්‍රමාණයක ගොවිතැන් කරන දසුන් චිත්‍රයට නගා ඇත. ඇතැම් තැන් කිහිපයක දැල් හා කොටු භාවිතයෙන් මාළු අල්ලන ආකාරය ද සටහන් කැර තිබේ.

සිතුවම් අනුව පෙනී යන්නේ ඉඩම්වල වැඩකරමින් තිරිඟු අස්වැන්න නෙලාගෙන එමගින් පාන් වැනි ද්‍රව්‍යයක් සාදා ගන්නා බවයි. එම ආහාරය ඔසිරිස් දෙවියාට පූජා කරන බවට චිත්‍රවල දැක්වේ





 
  • Like
Reactions: FoXm3D!A

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    500-116.jpg



    ඉතින් බන් මේ මාලු අල්ලන කැටයමක් නේ...මිරිදිය සුරතල් මත්ස්ය කර්මානතය වෙන්ටෑ...:lol::lol::lol: