මාතරත් රනිල්ට!

monson

Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113



    ------ Post added on Aug 5, 2024 at 9:29 PM

    :lol:

    පොහොට්ටු මන්ත්‍රීවරු 102ක් ජනපතිගේ සහායට

    - 6 08 2024 - 15:47 - 123 views - ..

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා නම් කිරීමෙන් පසුව එම පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
    ඒ අනුව රත්නපුර, පොළොන්නරුව හා අම්පාර ඇතුළු තවත් දිස්ත්‍රික්ක නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් එලෙස එක්වීමට නියමිතව ඇත.
    දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡා අවසන්ව ඇති බවයි.
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම හෙට (7) දිනයේදී සිදු කිරීමට නියමිතය.
    ඉකුත් මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ 09ක මන්ත්‍රිවරුන් 102ක සහය ඉදිරි ජනාධිපතිවරණයේදී , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීමට මේ වන විට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
    ඉන් 70ක්ම පොදු ජන එක්සත් පෙරමුණු නියෝජිතයෝ වෙති. තමිල් මක්කල් වියුදලෛ පුලිකල් 01, ජාතික කොන්ග්‍රසය, කදුරට ජනතා පෙරමුණ හා අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය එම ජනාධිපතිවරයාට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහාය දැක්වීමට ඉදිරිපත්ව සිටින සෙසු පක්ෂ වෙති. මේ වන විට එම පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 13 දෙනෙකි.
    පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී පොහොට්ටුව ලකුණින් කොළඹ දිස්ත්‍රික්කයට තේරී පත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 12ක්. ඉන් 08 දෙනෙක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට දැනටමත් ඉදිරිපත්ව තිබේ.
    එක් අයෙක් නාමල් පිලේ සිටින අතර දෙදෙනෙක් සර්වජන බලය පක්ෂය නියෝජනය කරති. කොළඹින් ඉදිරිපත් වූ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව තිබේ.
    ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවෙන් තේරී පත් වූ මන්ත්‍රීවරු සංඛ්‍යාව 13කි. ඉන් 09 දෙනෙකුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්ව සිටී. දෙදෙනෙකු නාමල් පිලේ සිටින අතර එක් අයෙක් මාස කීපයකට පෙර සජබයට එක් විය. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය සිය ස්ථාවරය තවමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැතත් ඇයගේ සහායද රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවනු ඇතැයි ඇයට සමීප ආරංචි මාර්ග කියයි.
    කලුතර දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි සංඛ්‍යාව 08කි. ඉන් 05ක් ම මේ වන විට සිටිනුයේ රනිල් වික්‍රමසිංහ මහතා සමගය. ඉන් ජයන්ත සමරවීර මහතා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි අයෙකි. ඔහු මේ වන විට සර්ව ජන බලය කණ්ඩායම නියෝජනය කරයි. පොහොට්ටුවේ තේරී පත්වු ලලිත් එල්ලාවල මහතා මීට මාස කීපයකට පෙර සජබයට එක්වූ අතර නාමල් පිලේ සිටින්නේ සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා පමණි.
    මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ පොහොට්ටු මන්ත්‍රීවරු 08 දෙනාගෙන් එක් අයෙකු හැර සියලුම දෙනා රනිල් වික්‍රමසිංහ මහතාට මේ වන විට සහාය පල කර තිබේ.
    මාතලේ දිස්ත්‍රික්කයේ ද පොහොට්ටු මන්ත්‍රීවරු 04 දෙනාම මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පල කිරීමට ඉදිරිපත්ව ඇත.
    නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා තේරී පත් වූ පොහොට්ටු මන්ත්‍රීවරුන් 05 දෙනාම රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කරන බව පැවසේ.
    ගාල්ල දිස්ත්‍රික්කය සදහා පොහොට්ටුවෙන් පත් වූ මන්ත්‍රී සංඛ්‍යාව 07කි. ඉන් මන්ත්‍රීවරුන් 03 දෙනෙක් මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කර ඇත. පොහොට්ටුව ලකුණින් බලයට පත් වූ ශාන් විජේලාල්ද සිල්වා සහ චන්දිම වීරක්කොඩි මහතා සජබයට ගොස් තිබේ. ඉසුරු දොඩංගොඩ මහතා නාමල් පිල නියෝජනය කරයි. කලින් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් මොහාන් ද සිල්වා මහතා ආපසු නාමල් පිලට ගොස් ගාල්ල දිස්ත්‍රික් නායකත්වය ලබා ගෙන තිබේ. මේ අතර සජබය නියෝජනය කල මනූෂ නානායක්කාර මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කරයි.
    මාතර දිස්ත්‍රික්කයේ පොහොට්ටුවෙන් තේරී පත් වූ මන්ත්‍රීවරු සංඛ්‍යාව 06කි. මහින්ද යාපා අබේවර්ධන මහතා කථානායකවරයායි. ඩලස් අලහපෙරුම හා කරුණාදාස කොඩිතුවක්කු මන්ත්‍රීවරු සජබයට එක්ව සිටිති. නිපුන රණවක මහතා නාමල් පිල නියෝජනය කරයි. වීරසුමන වීරසිංහ මහතා සර්ව ජන බලය අපේක්ෂකයාට සහය පල කරන අතර කාංචන විජේසේකර මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කරයි.
    හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ද පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු පත්ව තිබේ. ඉන් මහින්ද අමරවීර හා අජිත් රාජපක්ෂ යන මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කරති. එම දිස්ත්‍රික්කය නියෝජනය කරන නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ඩී.වී. චානක යන මන්ත්‍රීවරු වෙනත් අපේක්ෂකයෙක් සදහා සහය පල කරන ස්ථාවරයක කටයුතු කරයි. එම දිස්ත්‍රික්කය නියෝජනය කළ උපුල් ගලප්පත්ති මහන්ත්‍රීවරයා සජබ ට එක්විය.
    යාපනය දිස්ත්‍රික්කයේ ඩග්ලස් දේවානන්ද (EPDP), සුරේන්ද්‍ර රාඝවන් (SLPP) යන මන්ත්‍රීවරුන් වන්නි දිස්ත්‍රික්කයේ කාදර් මස්තාන් (SLPP) කුලසිංගම් තිලීපන් (EPDP) යන මන්ත්‍රීවරුන්ගේ සහායද හිමිව ඇත්තේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාටය.
    මඩකලපුව දිස්ත්‍රික්කයේ සතා සිවම් වියලේන්ද්‍රන් (SLPP) සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට (TMVP) යන මහත්වරුන්ද ජනාධිපතිවරයාට මේ වන විට සහාය පල කර තිබේ.
    දිගාමඩුල්ල (අම්පාර) දිස්ත්‍රික්කයේ පොහොට්ටුවෙන් පත් වූ මන්ත්‍රීවරු සංඛ්‍යාව 03කි. ඉන් විමලවීර දිසානායක මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කරන අතර පොහොට්ටුවෙන් පැමිණි තිලක් රාජපක්ෂ මන්ත්‍රීවරයා සජබයට ගොස් ඇත. ඩී. වීරසිංහ මන්ත්‍රීවරයා නාමල් පිල නියෝජනය කරයි. ඊට අමතරව එම දිස්ත්‍රික්ක නියෝජනය කරන A.L.M. අතාවුල්ලා (NC) හා S.M.M. මුසාරෆ් (ACMC) රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කර ඇත.
    කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවෙන් තේරී පත් වූ මන්ත්‍රී සංඛ්‍යාව 11කි. ඉන් 05 දෙනෙක් මේ වන විට ජනාධිපතිවරණයට සහාය පල කිරීමට එකගතාවය පල කර ඇතැයි වාර්තා වෙයි. දයාසිරි ජයසේකර, වයි.ජී. රත්න සේකර, පොහොට්ටුව හැරගොස් විවිධ දේශපාලන පක්ෂ සමග කටයුතු කරයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණියේ ද පොහොට්ටුව ලකුණිනි.
    මේ අතරින් අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාංසා මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුතු නව සන්ධානය නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරනු ලබයි.
    පුත්තලම දිස්ත්‍රික්කයේ පොහොට්ටුව ලකුණින් පත් වූ මන්ත්‍රී සංඛ්‍යාව 05කි. ඉන් මන්ත්‍රීවරු 04ක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කරන අතර අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාද (MNA) රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කරන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ.
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටුව ලකුණින් පාර්ලිමේන්තු පැමිණි 07 දෙනාගෙන් මන්ත්‍රීවරු 05 දෙනෙක් සහාය පලකරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටයි. සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඉෂාක් රහුමාන් මහතාද ගාල්ලේ දී රනිල් වික්‍රමසිංහ මහතා සමග එක් විය.
    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 04න් මන්ත්‍රීවරු දෙදෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කරයි. බදුල්ල දිස්ත්‍රික්කයේ පොහොට්ටු මන්ත්‍රීවරු සංඛ්‍යාව 06කි. ඉන් මන්ත්‍රීවරු 03ක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පල කරන අතර සමගි ජන බල වේගයෙන් පාර්ලිමේන්තු පැමිණි 03 දෙනෙක් ද ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාට සහාය පල කරන බව පවසා ඇත.
    පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී මොණරාගල දිස්ත්‍රික්කය සදහා පොහොට්ටුවෙන් තේරී පත් වූ මන්ත්‍රී සංඛ්‍යාව 05කි. ඉන් 04 දෙනෙකුගේම සහාය හිමිව ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටය.
    රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටුවෙන් තේරී පත් වූ මන්ත්‍රී සංඛ්‍යාව 08කි. ඉන් 05ක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පල කරයි. රත්නපුර දිස්ත්‍රික්ක නායිකාව වන පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය දෙලොවක් අතරය. වාසුදේව නානායක්කාර මහතා අසනීප තත්වය හේතුවෙන් ක්‍රියාකාරී දේශපාලනයේ නැත. ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා සජබ සංවිධායකධූරයක් ඉල්ලා ඇත.
    කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමේන්තුව සදහා පොහොට්ටුවෙන් තරග කළ මන්ත්‍රීවරු 07 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්විය. ඉන් මන්ත්‍රීවරු 06 දෙනෙකුගේම සහාය වත්මන් ජනාධිපතිවරයාට හිමිව තිබේ.
    ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් මන්ත්‍රීවරු 17 දෙනෙකු පොහොට්ටුවේ නම් කෙරුණු අතර ඉන් 10 දෙනෙකුම මේ වන විට ඉන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමගය. තවත් 03 දෙනෙකු ජනාධිපතිවරයාට සහාය පල කරන ස්ථාවරයේ සිටියද මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත - https://www.ada.lk/breaking_news/පොහොට්ටු-මන්ත්‍රීවරු-102ක්-ජනපතිගේ-සහායට/11-411231

    ------ Post added on Aug 6, 2024 at 4:41 PM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113

    :lol:

    පවිත්‍රාත් රනිල්ට​

    August 8, 2024 11:43 am

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර තිබේ.
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත තමන් මෙම තීරණයට එළඹී බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
    පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.
    1723098060-1.jpg

    1723098044-2.jpg


    - https://sinhala.adaderana.lk/news/199703
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඇමති පවිත්‍රාත් වික්‍රමසිංහ රැල්ලේද? August 1, 2024

    ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දිය යුතු බවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ආධාරකරුවන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.
    අමාත්‍යවරිය අද (01) සිය ආධාරකරුවන් පැල්මඩුල්ලේ සිය නිවසට කැඳවා තිබෙන අතර එහිදී එම ඉල්ලීම ඉදිරිපත්ව ඇත්තේ.
    ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන ලෙස අමාත්‍යවරියගෙන් එකී ආධාරකරුවන්ගෙන් පිරිසක් ඉල්ලා ඇති බව සඳහන්.

    450089415_495081069706799_4205027979666853391_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113

    ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහායත් රනිල්ට​

    August 10, 2024 10:26 am

    ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර ඇත.
    එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඒ බව පැවසීය.

    - https://sinhala.adaderana.lk/news/199774
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    :lol:




    ඌව හිටපු මහ ඇමති විජයමුණි සොයිසා එජාපයට


    wijayamini_2024.08.10.jpg

    සමගි ජන බලවේගයේ කටාන ආසන සංවිධායක ලෙස කටයුතු කල විජයමුණි සොයිසා අද (10) දිනයේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය
    කර ඇතැයි වාර්තාවේ.

    හිටපු කැබිනට් අමාත්‍යවරයකු හා ඌව මහ ඇමතිවරයා ලෙස ද කටයුතු කර ඇති විජමුණි සොයිසා පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ ගම්පහ දිස්ත්‍රීක්කයට තරඟකර මනාප 35879 ලබාගෙන අංක 6ට පැමිණියේය. ඉදිරියේදී සජබ ගම්පහ මන්ත්‍රී ලයිස්තුවේ යම් පුරප්පාඩුවක් සිදුවුවහොත් මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත්වීමට නියමිතව ඇත්තේ ද ඔහුය.

    දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, අද (10) දහවල් 10ට විජයමුණි සොයිසා විසින් බිබිල විජයමුණි සංස්කෘතික මධ්‍යස්ථානය ක්‍රිඩාංගනයේ දී දැවන්ත ජනරැලියක් සංවිධානය කර තිබේ.

    මෙම ජනහමුවේ වේදිකාවට එජාප, පොහොට්ටු, සජබ ආදී සියලු පක්ෂ වල ජනතා නියොජිතයන් ගොඩ වදිනු ඇතැයි ද පැවසේ.

    2001 වසරේ පැවති මැතිවරණයේදී ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය හම්බන්තොට හා ගම්පහ දිස්ත්‍රීක්ක වලින් පවා අන්ත පරාජයකට පත්වූ අවස්ථාවේදී එම සන්ධානය ජයග්‍රහණය කල එකම දිස්ත්‍රීක්කය වන්නේ මොනරගලයි. ඒ, විජිත් විජිතමුනිගේ නායකත්වයෙනි.

    තමා සමගි ජන බලවේගයෙන් ඉවත්වීමට බලපෑ හේතු විජිත් විජිතමුණි සොයිසා විසින් අද දිනයේදී රට හමුවේ ප්‍රකාශ කිරීමට නියමිතව ඇතැයි ද පැවසේ.

    - https://www.theleader.lk/news/25456-2024-08-10-03-46-39
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113

    88/ 89 භිෂණය පිළිබද චන්දන සුරියබණ්ඩාරයන්ගේ අති විශිෂ්ට කියවීමක්​

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113



    ------ Post added on Aug 11, 2024 at 9:59 PM


    ------ Post added on Aug 14, 2024 at 5:55 PM
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,738
    4,979
    113
    ඔක්කොම රනිල්ට හැබැයි කල්ල කුජීතවෙන්න පරාදයි 🤣🤣. ආපු ජාතික ලැයිස්තු 2න් එකකුත් එකෙක් හොරකම් කරල 🤣
     
    • Haha
    Reactions: gama22 and rasikac

    rasikac

    Active member
  • Apr 3, 2007
    316
    240
    43
    Local
    ඔක්කොම රනිල්ට හැබැයි කල්ල කුජීතවෙන්න පරාදයි 🤣🤣. ආපු ජාතික ලැයිස්තු 2න් එකකුත් එකෙක් හොරකම් කරල 🤣
    Ow yaku, Hina yanwa me thread baladdi. Ranila cari arthal ekak deela tama kujeetha wennama paradila tiyenne. 😂