මාතර නපුංසකයොත් නෑ.. අවජාතකයොත් නෑ…
මාතර අවජාතකයන් හෝ නපුංසකයන් නැතැයි එජාප මාධ්‍ය ප‍්‍රධානී මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පවසයි.
පසුගිය 05 වැනිදා මාතරදී ඇති වූ ගැටුම පිළිබඳව අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ රනිල් විරෝධී පා ගමනට ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරීන් පවා සහභාගි වී ඇති බවත් කොටි නායක ප්‍රභාකරන් විනාශ කළ හමුදාව පවා එකී විරෝධතා පා ගමනේදී ප්‍රහාරයට ලක්ව ඇති බවත්ය.
සිද්ධියේ චූදිතයෙක් වන පළාත් සභා මන්ත‍්‍රී මෛත්‍රී ගුණරත්නගේ පියා ජනාධිපති උපදේශකවරයෙකු බවත් ඔහු හෙළ උරුමයෙන් එජාපයට ගොස් යළි ආණ්ඩුවට සම්බන්ධ වී සිටින බවද පෙන්වා දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවට හිතවත් මාධ්‍ය පක්ෂපාති ප්‍රචාරයක් ගෙන ගිය බවත් ඒ අනූව මීට ආණ්ඩුව මෙන්ම ආණ්ඩුවට හිතවත් මාධ්‍යය ද සහයදී ඇති බව පැහැදිලි යැයි මන්ත්‍රීවරයා කීය.
කෙසේ වෙතත් එදින පැවති සාමකාමි පා ගමනක නිරත වූ තම පාක්ෂිකයින් වුව ද වැරැද්දක් කර ඇති නම් අත්අඩංගුවට ගැනීම ප්‍රශ්නයක් නොවන බවත් සමථ මණ්ඩලයට ගොස් විසඳා ගැනීමට තිබූ මෙම ගැටුම ඉහළ නියෝගයකින් පොලීසිය දක්වා රැගෙන ගොස් ඇති බවද කීවේය. ‘මාතර කොල්ලෝ හොඳට හොඳා.. වසට වසා – අවජාතකයොත් නෑ නපුංසකයොත් නෑ’ යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කලේය.
source lankacnews

ඌ විතරක් හිටියම හොදටම ඇති