සංඝරත්නය කරන්න ඕන ප්‍රධානම දේ පෘතග්ජනයන් සසරෙන් එතෙර වීමට අවශ්‍ය උපදෙස් ලබා දීම.
පක්ෂග්රාහී නොවී සියලු දෙනාට නිවැරදි ආකාරයෙන් ජීවත්වීමට හා රට ජාතිය දහම සුරැකීමට උපදෙස් දීම හාමුදුරුවරු කරන්න ඕන. ඒ වගේම තමන්ගේ විමුක්තිය වෙනුවෙන් ක්‍රියාත්මක වීමත් අත්‍යාවශ්‍යයි.
අබුද්ධස්ස කාලේ ලබුත් තිත්තයි වගේ යුතුකම් වගකීම් අතහැර වෙන පාරවල් දිගේ යන, තමන් කරන්නේ තමන්ට නියමිත දේදැයි නුවණින් නොවිමසා ක්‍රියාත්මක වන අතලොස්සක්ද සිටින බව දැකීම බොදුනුවන් වන අපිට හද කම්පා කරවන දෙයකි.