මාතර හෝටලයකට පැන්න තිහගොඩ පොලීසිය ට චෝදනාවක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මාතර තිහගොඩ ප්‍රදේශයේ හෝටලයකට පැමිණි තිහගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් එහි හිමිකරු සහ ඔහුගේ මවට පදනම් විරහිත චෝදනා සිදුකර අත්අඩංගුවට ගත් බව හෝටලයේ හිමිකරු පවසයි.

    මාතර තිහගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම හෝටලයට ඉකුත් පළමු වනදා තිහගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් පැමිණ තිබුණි.

    ඒ හෝටලය තුළ නීතිවිරෝධීව මත්පැන් ජාවාරමක් සිදුකළ බවට චෝදනා කරමිනි.

    මෙහිදී හෝටලයේ හිමිකරුගේ මව අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූයේ දැඩි උණුසුම් තත්ත්වයකි.

    එහිදී පොලිස් නිලධාරීන් විසින්, හෝටලයේ හිමිකරුගේ මව නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය සහ හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේත් හෝටලයේ හිමිකරු රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේත් අත්අඩංගුවට ගෙන තිබුණි.

    තිහගොඩ පොලී‍සිය සඳහන් කළේ, එම ස්ථානයේ තිබී නීතිවිරෝධී මත්පැන් ලීටර් එකහමාරක් සහ හෝටලයේ හිමිකරුගේ මව සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 700ක් ද පොලිස් භාරයට ගත් බවය.

    කෙසේවෙතත් හෝටලයේ හිමිකරු චෝදනා කරන්නේ මාතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ උසස් නිලධාරියෙකුගේ බලපෑම මත තමන්ට සහ තම මවට තිහගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පදනම් විරහිත චෝදනා එල්ලකර ඇති බවය.

    මේ සම්බන්ධයෙන් තිහගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමකදී ප්‍රකාශ කළේ එම හෝටලය තාවකාලිකව වසා දමා ඇති බවත් මීට පෙරද හෝටලයේ හිමිකරුගේ මවට එරෙහිව මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු කිහිපයක්ම පවතින බවත්ය.

    ඒ අනුව හෝටලයේ හිමිකරු සහ ඔහුගේ මව පසුගියදා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

    එහිදී හෝටලය හිමිකරුගේ මව හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර හෝටලයේ හිමිකරු ඇප මත මුදාහැර ඇත.

    අදාළ හෝටලයේ හිමිකරු,

    "මට කිව්වා චානක... මේ ටයිල් ටික ගෙදරට අල්ලගන්න දෙන්න කියලා. ASP මහත්තයා කොයිවෙලාවෙත් කෝල් කරලා අර ටයිල් ටික ඉල්ලලා වදේ. ටයිල් ටික දෙන්න විදියක් නැහැ. ලක්ෂ 12ක් විතර වටිනවා. හෝටලය පරීක්ෂා කරන්න ඇවිත්. සාක්කුවෙන් අරන් පොඩි බෝතලයක් තිබ්බා. කැමරාවේ තියෙනවා. කුඩු පොඩ්ඩක් කිව්වලු දැම්මේ. බෙහෙත් පෙති කුඩුයි... මදුරු කොයිල් කුඩුයි ලු දැම්මේ."
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,367
    113
    Ohio, USA
    Ai ithin police karayonta penna Tile tiyan idala thiyenne? okunta penna kisi deyak thiyanna hoda na
    අදටත් මතක් වෙනවා ඥාණසාර හිමියන් කියපු කතාවක්...

    "මේ රටේ තවමත් තියෙන්නේ සිංහල පොලිසියක්... සිංහල හමුදාවක්..."
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ...හෝටලය පරීක්ෂා කරන්න ඇවිත්. සාක්කුවෙන් අරන් පොඩි බෝතලයක් තිබ්බා. කැමරාවේ තියෙනවා... - අදාළ හෝටලයේ හිමිකරු

    Me video eka demma nan police karayata hireth inna wei.
     
    Last edited:
    • Like
    Reactions: SLK_sri

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,959
    113
    ප*යාගල
    sorry.com
    අදටත් මතක් වෙනවා ඥාණසාර හිමියන් කියපු කතාවක්...

    "මේ රටේ තවමත් තියෙන්නේ සිංහල පොලිසියක්... සිංහල හමුදාවක්..."
    gnanasara kiyanne mahindage kukkek. ubalata owata tripper wenna epa .sinhala untath dn e ponnywa penna ba