පෝසිලේන් සේවිකාවගේ කෙස්වැටිය යන්ත්‍රයකට අසු වෙයි
මාතලේ, වරකාමුර පෝසිලේන් පිඟන් කර්මාන්ත ශාලාවේ සේවිකාවකගේ දිගු කෙස් වැටිය (08දා) දහවල් එහි යන්ත්‍රයකට අසුවීමෙන් කෙස්වැටිය මුළුමනින්ම හිසෙන් ගැලවී ගොස් තිබේ. හිසට සිදු වූ දරුනු තුවාල සහිතව මාතලේ රෝහලට රෝගී සේවිකාව වහාම ඇතුලත් කර තිබේ. මාතලේ රෝහලෙන් මහනුවර රෝහලටත්, එතැනින් කොළඹ ජාතික රෝහලටත් මාරු කර යැවීමට පියවර ගෙන තිබේ. සේවිකාව යන්ත්‍රයක් අසල සේවය කරමින් සිටියදී හිටිහැටියේ ඇගේ දිගු කොණ්ඩය මැෂිමට අසුවී තිබේ. අවට සිටි සෙසු සේවිකාවන් කෑ ගසා වහා යන්ත්‍රවල විදුලිය විසංධි කර තිබේ. මෙම අනතුරට මුහුණ පෑවේ නිලූකා ජයවර්ධන නැමැති 30 හැවිරිදි සේවිකාවකි.
2013 පෙබරවාරි 08 - අශෝක එරමිණිගම්මන - මාතලේ