"මාතා" movie about the Sri Lankan war

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana


අධ්‍යක්ෂණය - විශ්වනාත් බුද්ධික කීර්තිසේන

නිෂ්පාදනය -රුවන් ජයසිංහ

තිර රචනය - මහාචාර්ය ආරියරත්න ඇතුගල

සංස්කරණය - ස්ටීවන් පිලිප්සන්

සංගීතය - ජෝශප් ලක්ෂ්මන් ද සේරම්

කැමරාකරණය -මිල්ටන් කැම්, ඩොනල්ඩ් කරුණාරත්න, කේ. ඒ. ධර්මසේන

අංග රචනය-වසන්ත විට්ටච්චි

කලා අධ්‍යක්ෂණය- ලයනල් ලියනගේ, උබේසිරි උපතිස්ස

රංගන දායකත්වය- දර්ශන් ධර්මරාජ්, යශෝදා රාධක්‍රිෂ්ණන්, රවීන්ද්‍ර රන්දෙණිය, මහේන්ද්‍ර පෙරේරා, බුද්ධික ජයරත්න, තුමිඳු දොඩන්තැන්න, ධර්මප්‍රිය ඩයස්, රාජා ගනේෂන්, මල්ලිකා කීර්ති, ගයාන් පෙරේරා

එල්.ටී.ටී.ඊ සංවිධානය හා ශ්‍රී ලංකා රජයේ හමුදා අතර සිවිල් යුද ගැටුම් පැවති අවසන් කාල සීමාව තුළ සිදුවූ මානුෂීය මෙහෙයුම පදනම් කරගනිමින් නිර්මාණය වූ බූඩි කීර්තිසේනගේ(විශ්වනාත් බුද්ධික කීර්තිසේන) නවතම සිනමා කාතිය “මාතා” 2012 ජනවාරි මස අගභාගයේ දී දිවයින පුරා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය. 2009 වසරේ ඔක්තොම්බර් මාසයේ දී ආරම්භ වූ “මාතා” චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු 2010 ජූනි මාසය දක්වා සිදුකර ඇති අතර සියලු රූගත කිරීම් සඳහා දින 110 ක කාලයක් ගතව ඇත. චිත්‍රපටයේ සියලු නිර්මාණ කටයුතු අවසන් කිරීම සඳහා වසර 02 ක කාලයක් ගතවී තිබේ. චිත්‍රපටයේ තාක්ෂණික ශිල්පීන් කණ්ඩායමට හොලිවුඩ් හි වෘත්තීය ශිල්පීන් කිහිපදෙනෙකුගේ ද දායකත්වය ලැබී තිබීම විශේෂත්වයකි. අවසන් යුද ගැටුම් පැවති කාලය තුළදීම යුද ගැටුම් පැවති පුදිකුඩිඉරිප්පු, මුලතිව්, නන්දිකඩාල් කළපුව, වෙල්ලමුල්ලි වයික්කාල්, ත්‍රිකුණාමලය, සාම්පූර් වැනි ප්‍රදේශවල මෙන්ම කොළඹ නගරය ආශ්‍රිතව ද ”මාතා” රූගත කිරීම් සිදුකර ඇත. චිත්‍රපටයේ සමස්ත නිෂ්පාදන කටයුතු සඳහා රුපියල් මිලියන 60 ක පමණ පිරිවැයක් දරා ඇති බවද සඳහන්ය.



Source:
http://www.fmderana.lk/blog/?p=20417

Repost නම් Sorry
:baffled::baffled::baffled::baffled:
 

Similar threads