මාදුළුවාවේ සෝභිත නා හිමියෝ අපවත් වෙති

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    මාදුළුවාවේ සෝභිත නා හිමියෝ අපවත් වෙති

    සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නායක සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියෝ (73) අද අලුයම 4.30ට පමණ සිංගප්පූරුවේ මවුන්ත් එළිසබෙත් රෝහලේ දී අපවත් වූ බව එසැණ සාතිශය සංවේගයෙන් දැනුම් දෙයි.
    සෝභිත හිමියෝ ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහලක හදවත් සැත්කමකට බඳුන් කරනු ලැබූහ. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය තුන් වැනි දා සිංගප්පූරුව බලා වැඩමවාගෙන යනු ලැබූහ. ඒ සිංගප්පූරුවේ විශේෂ ගුවන් යානයකිනි. සිංගප්පූරුවේ දී එරට විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගේ සහ ලංකාවේ වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ සෝභිත හිමියන් ප්‍රතිකාර ලැබීය.
    සෝභිත හිමියන්ගේ දේහය හැකි ඉක්මණින් ලංකාවට එවීමට කටයුතු කරන බව සිංගප්පූරුවේ ආරංචි මාර්ග කියයි.
    යුද්ධය අවසන් කිරීමෙන් පසු විධායක ජනාධිපති ක්‍රමය හා ඡන්ද ක්‍රමය වෙනස් කරන ලෙස මහින්ද රාජපක්ෂ රජයෙන් ඉල්ලීම් කළ සෝභිත හිමියෝ පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා වෙහෙසුනහ.
    ඉන් පසු ස්වාධීක කොමිෂන් සභා හැකි ඉක්මණින් ස්ථාපිත කරන ලෙස හා ඡන්ද ක්‍රමය වෙනස් කරන ලෙස මේ ආණ්ඩුවට ද බල කළහ.
    1942 මැයි නව වැනි දා මාදුළුවාව ගමේ දී සෝභිත හිමියෝ උපත ලැබූහ. පියා පතිරගේ දොන් අප්පුහාමි ය. මව කරලිනාහාමි ය. සෝභිත හිමියන්ගේ ගිහි නම පී ඩී රත්නසේකරය.
    1955 දී සසුන් ගත වු සෝභිත හිමියෝ 1962 දී උපසම්පදාව ලැබූහ.

    (සෝභිත නා හිමියන්ගේ 70 වැනි ජන්ම දිනයට ලියැවුණු ගීතයක්)



    http://www.lankadeepa.lk/index.php/top_story/359472
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නිවන් සුව ලැබේවා, තමන්ගේ පුද්ගලික වැසි නොතකා රට වෙනුවෙන් වැඩ කරපු හිමිනමක්