මාධ්‍ය ඒකකයට මුකවාඩම්.
පොලිස් මාධ්‍ය ඒකකයට මුකවාඩම්..! තොරතුරු දෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය පමණයි..!
(ලංකා ඊ නිව්ස් -2019.නොවැ.27, ප.ව.6.25) ස්විට්සර්ලන්ත වීසා නිලධාරිනිය පැහැර ගනිමින් සුදු වෑන් භීෂනය ආරම්භ කිරීමත්, මාධ්‍ය ආයතන වලට කඩා පනිමින් සහ මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවමින් මාධ්‍ය මර්දනය ආරම්භ කිරීමත් සමග ආරක්ෂක අමාත්‍යාංශ නියෝග මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ඒකකය මගින් මාධ්‍ය වෙත තොරතුරු ලබා දීම අද (27) උදෑසන සිට නවතා තිබේ.
වැඩ බලන පොලිස්පතිවරයා විසින් පොලිස් මාධ්‍ය ඒකකය වෙත දන්වා ඇත්තේ මින් ඉදිරියට මාධ්‍ය වෙත තොරතුරු ලබා දීම ආරක්ෂක අමාත්‍යාංශය මගින් පමණක් සිදුකරන බව දන්වා ඇති බැවින් පොලිස් මාධ්‍ය ඒකකය මගින් කිසිදු මාධ්‍යයක් වෙත තොරතුරු ලබා නොදෙන ලෙසයි.
කොළඹ පොලිස් මුලස්ථානයේ පිහිටා තිබෙන පොලිස් මාධ්‍ය ඒකකයේ මේ වන විට පොලිස් නිලධාරින් 60-70 ක් පමණ රාජකාරී කරනු ලබති. අද දින සේවයට පැමිණි මේ නිලධාරීන් සියලුම දෙනාටම දන්වා ඇත්තේ තොරතුරු විමසන සියලු මාධ්‍යවේදීන්ට ආරක්ෂක අමාත්‍යාංශය අමතා තොරතුරු ලබා ගන්නා ලෙස දන්වන ලෙසයි.
තානාපති නිලධාරිනියගේ පැහැර ගැනීමේ ආරංචිය පැතිර ගිය ඊයේ සවස් වන විටම පොලිස් මාධ්‍ය ඒකකයේ දුරකථන අංකද ප්‍රතිචාරයක් නොදක්වන තත්ත්වයට පත්ව තිබුණි.