මාධ්‍ය ගවමඩු වර්ජනය කරමු
උපුටාගත්තේ මෙතනින්.
දැනට වසර ගණනාවකට කලින් නිල්වලා ගඟට පැන සියදිවි නසාගැනීමේ රැල්ලක් ඇතිවුණා. කුමන හෝ හේතුවක් නිසා රට වටෙන්ම පිරිස් මාතරට පැමිණ සියදිවි නසාගැනීමට නිල්වලා ගඟට පැනීමට පෙළැඹුනා. රත්මලානේ සිට පැමිණි එක්තරා ගුරුවරියක් ඈ එන මග පිහිටි බොල්ගොඩ ගඟ, කළු ගඟ, බෙන්තොට ගඟ, මාදු ගඟ ආදී සියලුම ගංඟා පසුකර පැමිණ මාතරින් නිල්වලා ගඟට පැන සියදිවි හානිකර ගත්තා.
මග දිගට නිල්වලා ගඟ කීප තැනකින්ම පසුකරමින් අකුරැස්සේ සිට පැමිණි තවත් පුද්ගලයෙකු මාතරින් ගඟට පැනීමට තැත්කරද්දී පොලිසියට හසුවූ විටයි මෙම හැසිරීමට හේතු පැහැදිලි වුණේ.
එක්තරා ජාතික පුවත්පතක් විසින් සියදිවි නසාගැනීමක් වාර්තා කරමින්, නිල්වලා ගඟට මෙම ස්ථානයෙන් පැනීමෙන් අනිවාර්යයෙන්ම මියයන බව වාර්තා කර තිබුණාලු!
පසුගිය දවස් 5 තුළ 6දෙනෙකු දුම්රියට පැන සියදිවි නසාගෙන ඇතැයි කියවුණා. මීට ප්‍රධානම හේතුව වන්නේ මාධ්‍ය විසින් මෙම රැල්ලේ පළමු සියදිවි නසාගැනීමේ සිටම ඒවා වාර්තා කළ නින්දිත, ජුගුප්සාජනක ආකාරය බව නිසැකයි. මළ සිරුරු වල ඡායාරූප ද, මළගියවුන්ගේ පුද්ගලික තොරතුරු ද, ඔවුන් මරණයට පත්වූ ආකාරයද සවිස්තරාත්මකව ඉදිරිපත් කරමින් රාජ්‍ය මාධ්‍ය ද ඇතුළුව ගොසිප් පඩංගු වලින් "කෝච්චියට බෙල්ල තැබීමේ" රැල්ලක් නිර්මාණය කර තිබෙනවා.
"මාධ්‍ය ආචාරධර්ම" අපභ්රංසයක් වූ රටක, විනය සහ සදාචාරය පසෙකලා තම විකිණුම වැඩිකර ගැනීමට මාධ්‍ය ආයතන විසින් අතිශය ගෝත්‍රික ලෙස මෙම මියයෑම් ලේ පිටින්ම අමු අමුවේ විකුණමින් සිටිනවා.
මේ කියවන ඔබත් ඇතැම්විට එවැනි පුවත් ඔබේ බිත්තියේ ශෙයා කරගන්නට ඇති. තමාගේ සමීපතමයෙකුගේ මළ සිරුරත් ලේ පිටින්ම ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි වන දිනය තෙක්ම ආත්මාර්ථකාමී, මළකුණු මත යැපෙන නිලමැසි ජාතියක් වන අප මේවා අපගේ බිත්ති මත බෙදාගන්නවා ඇති. නමුත් අප විසින් කළයුත්තේ මෙවැනි පාදඩ ක්‍රියා විවේචනය සහ ප්‍රතික්ෂේප කිරීම නොවෙයිද? ප්‍රවීණ සහ ප්රබුද්ධ යැයි කියාගන්නා "මාධ්‍යවේදීන්ද" මේවා නිහඬවම අනුමත කිරීම ලැජ්ජාවට කරුණක්.
එනිසා කරුණාකර තවත් නිහඬව ඉන්න එපා. පාඨකයෙකු, පුරවැසියෙකු වන ඔබේ නිහඬතාව මේ පාදඩ මාධ්‍ය සංස්කෘතිය අනුමත කිරීමක් වෙනවා. මේ "ප්රවෘත්ති" දුටු තැන රිපෝට් කරමු. ඒවා බෙදාහරින මාධ්‍ය ගවමඩු ප්‍රසිද්ධියේ විවේචනය කරමු. ප්‍රතික්ෂේප කරමු.

මේවටත් එහෙම වාරණයක් දැම්මොත් හොඳා වගේ 