මාධ්‍ය දඩයම දිගටම
ගෝඨාගේ මාධ්‍ය දඩයම දිගටම..! ‘ද ලීඩර්’ විකල්ප ප්රවෘත්ති කී ධනුෂ්ක සහ ‘වොයිස් ටියුබ්’ කතුවරිය පසුපස රහස් පොලිසිය පන්නයි..! ICCPR පනත යටතේ හිරේ දාන්න යයි..!
(ලංකා ඊ නිව්ස් -2019.නොවැ.27, ප.ව.5.45) නිව්ස් හබ් වෙබ් අඩවියට ඊයේ කඩා වැදී රාජපක්ෂලා විවේචනය කළ මාධ්‍ය දඩයම ඇරඹූ ගෝඨාභය පාලනය තවත් මාධ්‍යවේදියෙකු සහ මාධ්‍යවේදිනියක ICCPR පනත යටතේ සිරගත කිරීමේ සැලැස්මක් අනුව ඔවුන් රහස් පොලිසියේ කුප්‍රකට 4 වෙනි තට්ටුවට කැඳවා තිබේ.
ජනාධිපතිවරණ සමයේ ‘ද ලීඩර්’ විකල්ප රූපවාහිනී ප්රවෘත්ති මාලාවක් ඉදිරිපත් කළ මාධ්‍යවේදී නීතිඥ ධනුෂ්ක සංජය මහතා ඊයේ දහවල් රහස් පොලිසියේ හතර වැනි තට්ටුවට කැඳවන ලදුව රාත්‍රී 10 දක්වා ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ. ප්‍රශ්න කර ඇත්තේ පාස්කු බෝම්බය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තා වීඩියෝවේ පාස්කු බෝම්බය ගැන කියද්දී ගෝඨාභයගේ සේයාරූ ප්‍රදර්ශනය කිරීම පිළිබඳව ය. ඔහුට විරුද්ධව ICCPR පනත යටතේ චෝදනා ගොනු කිරීමට නියමිත ය. ICCPR පනත යටතේ චෝදනා ඉදිරිපත් කළ විට ශක්තික සත්කුමාරට සේ ඇප නැතිව රිමාන්ඩ් බන්ධනාගාරගත වීමට සිදුවේ.
මේ ආකාරයටම අද ‘වොයිස් ටියුබ්’ යූ ටියුබ් නාලිකාවේ කතු වරිය වන තුෂාරා විතානගේ මෙනෙවියට ද ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලිසියේ 4 වැනි තට්ටුවට එන්නැයි දැනුම් දී තිබේ. මුදල් අමාත්‍යාංශය යටතේ වූ ව්‍යාපෘති දෙකක් වන ‘එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා’ සහ ‘ගම්පෙරළිය’ යන වැඩ සටහන් වල ප්රචාරක කටයුතු බාරව සිටියේ ද ඇයයි. මේ වන විට ඇයගෙන් ප්‍රශ්න කරමින් සිටින බව දැනගන්නට තිබේ.
නීතිඥ ධනුෂ්ක සහ තුෂාරා මාධ්‍යවේදීන් දෙදෙනාට එරෙහිව ICCPR පනත යටතේ ව්‍යාජ චෝදනා නගා සිරගත කර අනෙකුත් මාධ්‍යවේදීන්ට ද පාඩමක් ඉගැන්වීම වියරු යැංකි පාලනයේ අරමුණ වී ඇතැයි දැන ගන්නට තිබේ. නමුත් මේ මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් ගෝඨාභය බලයට ගෙන ආ මාධ්‍යවේදීන්ගෙන්ම විරෝධයක් මතුව තිබෙන බවත් දැන ගන්නට ඇත. ගෝඨාභය බලයට ගෙන ඒමේ මහත් වැඩ කොටසක් ඉටු කළ ප්‍රකට විද්‍යුත් නාලිකාවක අයිතිකරුවෙකු තම හිතවතෙකුට පවසා ඇත්තේ “මේ මෝඩයා පරණ වැරදිම යලිත් සිදුකර අනාගන්නට යනවා” කියා ය.