මානසික ආතතිය

sweets

Banned
Jul 2, 2011
297
160
0
මානසික ආතතිය - හැදින්වීම

මනසට මිනිස් ජීවන රටාවට වෙනසක් ඇති කරන මනස විඩාවට වික්ෂිප්ත භාවයට ලක් කරන ඕනෑම දෙයක් ආතති ජනකයක් ලෙස හැදින්විය හැකිය.

මානසික ආතතියේ ප්‍ර‍ෙභ්ද :

දෙවර්ගයකි. එනම්,
  • ධනාත්මක සුභවාදී සධාකයක් නිසා ඇතිවන මානසික ආතතිය
උදාහරණය විභාගය, විභාගයකින් සමත්වීම නිසා මනසෙහි ඇතිවන කැලබිලි ස්වභාවය.

  • සෘණාත්මක සාධකයක් ලෙස දික්කසාදය විභාගවලින් අසමත්වීම වැනි දෙයක් නිසා ඇතිවන මානසික වික්ෂිප්ත භාවය
ලෙස සදහන් කළ හැකිය.


මානසික ආතතිය හදුනාගන්නේ කෙසේද?

මානසික ආතතිය දෙයාකාරයකට බාහිරව හෝ ශරීරයට හදුනා ගත හැකිය.
මානසිකව,
නොසන්සුන් භාවය, තරහා යාම, දරාගැනීමේ ශක්තිය අඩුවීම, නිතර බියට පත්වීමතිගැස්සෙ න සුර බව, කලහකාරී, භාවය , මානසික ඒකාග්‍රතාවය
බිද වැටිමශාරිරික ව හුස්ම ගැනීමේ අපහසුතාවය, ආහාර රුචිය අඩු හෝ ඉතාවැඩිවීම, හෘද ස්පන්දන වේගය වැඩිවීම , ක්ලාන්ත ගතිය , කැරකිල්ල,
ඇග ක්ෂයවීම හෝ මහත්වීම, ඇගේ පතේ රුදාව , හිස රදය.





මානසික ආතතිය - ප්‍රතිකාර

මානසික ආතතිය පාලනය කර ගන්නේ කෙසේද?

ක්‍රම කිහිපයකි.
  • ගැටථ හදුනාගැනීම හා එය ක්‍රම‍වත්ව විදසා ගැනීම.

මෙය තරමක් අපහසු කර්තවයයක් වුවද තමාට ඇතිවන ගැටථ හදුනාගෙන එයට ක්‍රමවත්ව පිලියම් ‍ෙයාදාගැනීමෙන් මානසික ආතතිය බොහෝදුරට අඩුකරගත
හැක. ප්‍රතමයෙන්ම ගැටථ තමාට ආතතිය ඇති කරන අනුපිළිවෙලින් ගොනුකර ගැනීම කළයුතුය. ඉන්පසු ක්‍රමයෙන් පිළියම් සෙවිය යුතුය. මෙය තනිවම කල
නොහැකි නම් විශ්වාසවන්ත හිතවාදියකුගේ සහාය ගැනීමද කල හැකිය. මෙය ලජ්ජාවට කාරණයක් නොවන අතර. තමාගේ ජිවිනය නිසි ආකාරයට පවත්වා
ගැනීමට සංකිර්ණ වෙනස්වන ජිවන රටාවක් සමග මානසිට උපදේශණය ඉතා වැදගත්වෙි.

  • තව ක්‍රමයක්නම් තමාට කළ හැකි දේ හා නොකල හැකි සහ යුතුදේ සම්බන්ධව මනා අවබෝධයක් තිබිමයි.

මෙමගින් තමාගේ සීමාවන් පවත්ගෙන අවුකූලව වැඩ කටයුතු සකස්වා ගත හැකිය.

  • අනිත් ක්‍රමයක් වනුයේ මනස සැහැල්ලු කරගැනීමට ඉගෙන ගැනිමයි.

මෙයට සංගීතය , තමාගේ කැමැති විනෝද්‍යාංශයෙක් කිරීම, භාවනාව යෝගී ව්‍යායාම , විනෝද චාරිකා , කිසිදෙයක් නොකොට තම ජීවන රටාවෙන් කලහකාරී
පරිසිරයන් මදක් ඇත්ව නිස්කලංකව සිටිම වැනි දෑ සිදුකරහැකය. තවද තමා ගැන අවදානය අඩුකර අනුන් ගැන සිතිම, අන් අය ගැන තරහ ගැනීමෙන් වැලකිම,
කාලකලමනාකරණය සකසුරැවම භාවය, අනෙක් අයගේ ජිවිත වලට උවමනාවට වඩා බලපෑම් නොකිරීම, ශරීර සෞඛ්‍ය හොදින් පවත්වාගැනීම, දවසින් දවස ජිවත්
වීම වැනි ක්‍රම යොදාගත හැකිය.

 
  • Like
Reactions: Kasmadumala

sweets

Banned
Jul 2, 2011
297
160
0
ආතතිය නිසා ඇතිවන ලෙඩ රෝග
මා දන්නා එක්තරා පුංචි දැරියක් නිතරම විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙයි. උණ ඉවර වෙනකොට හෙම්බිරිස්සාව, ඊට පස්සේ හිසරදය... බඩේ අමාරුව... නිතර ඇය වෙනුවෙන් පරීක්‍ෂා කිරීමේදී ඇය විශේෂ අසනීප තත්ත්වයකට හේතු වූ දරුවෙකු නොවන බව මට වැටහුනි. ඇගේ පවුල් පසුබිම පිළිබඳව විමසන්නට මා යොමු වූයේ එබැවිනි.
කාසි පනම් ඇති තරම් තිබුණත් මේ දැරියගේ පියා අධික ලෙස මත්පැන් වලට ලොල් වූ අයෙකු බව මට දැන ගන්නට ලැබිණි. පියකු වශයෙන් ඔහු මේ පුංචි සාවියට දයාබර පියකු වූයේ නැත. ගෙදර ආවොත් එන්නේ රෑ බෝවීය. ඇවිත් මවට අතෝරක් නැතිව බනියි. මේවා අසන දැරිය මුළු ගැන්වෙයි. ඇය තනිවූ විට කණ්නාඩිය ඉදිරිපිටට ගොස් තනිවම හඬන බව ඇගේ මව කීවාය.
ඇයට ඇති රෝගය කුමක්ද? දැඩි මානසික ආතතිය හේතුවෙන් ඇය රෝගී වෙලාය. මානසික පීඩනය ඇතිවිට සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටෙයි. ඇය මෙපමණ රෝගී වන්නේ ඒ හේතුවෙනි.
යහපත් මනසක් - යහපත් සිරුරක්එය සත්‍යයක් බවට විවාදයක් නැත. එසේ නම් මනස අයහපත් වූ විට - චිත්ත වේග දරන විට සිරුරද රෝගී වෙයි.
මේ අදහස පහත සමීක්‍ෂණ වලින් තහවුරු වී තිබේ.
- ආතතියට ලක්වන, චිත්ත පීඩාදියෙන් පෙළෙන වැඩිහිටියන්ගෙන් සියයට 43 ක් දෙනා ඒ හේතුකොටගෙන ශාරීරික ලෙස රෝග වලට නතුවෙති.
- ලෙඩ රෝග වලට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගෙන් සියයට 75-90 අතර ප්‍රමාණයකගේ ඒ අසනීප වලට කුමක් හෝ මානසික ගැටළුවක් බලපා තිබේ.
- මරණයට හේතුවන ප්‍රධාන රෝග හයකට ආතතියේ සෘජු සම්බන්‍ධයක් ඇත. ඒවා නම් හෘද රෝග, පිළිකා, පෙනහළු ආශ්‍රිත අසනීප, හදිසි අනතුරු, අක්මා රෝග හා සියදිවි නසා ගැනීම්ය.
Source - The Stress Solution by Lyle H Miller PhD / Alma Dell Smith, PhD
එක්තරා පියකු තම අළුත විවාපත් දියණිය බැලීමට ඇගේ ගෙදරට පැමිණියේය. අවාසනාවට යම් ශරිරය අඩක් අඩපණ වූ අංශභාග රෝගී තත්ත්වයක් ඇතිවී ඔහු එදාම රෝහල් ගත කරන්නට සිදුවූ අතර ඉන් සුළු වේලාවකට පසු ඔහු මිය ගියේය.
ඊට ටික කලකට පසු මේ දියණියද යම් අසනීප ස්වභාවයක් පෙන්වන්නට විය. එහි විශේෂත්වයක් වූයේ එදා තම පියා මිය ගිය දිනයේදී ප්‍රකට කළ ලක්‍ෂණ වලට මේ දියණියගේද රෝග ලක්‍ෂණ බෙහෙවින් සමාන වීමයි.
සැබවින්ම මේ තත්ත්වය චිත්තවේගීය පීඩාවක් - හදිසි වියොවින් උපන් රෝගයක් විය. ඇයට අවශ්‍ය වන්නේ හිත සැනසෙන ප්‍රතිකාර විධිය.
අද බොහෝ රෝගීන් අංශභාගය (ආඝාතය) වැළඳීමෙන් පසු ප්‍රතිකාර පතා ආයුර්වේදීය අංශයට යොමුවීමට වැඩි කැමැත්තක් දක්වති. ඊට හේතුවක් තිබේ. අපේ බොහෝ රෝහල් වල මේ රෝගීන්ට මූලික අවස්ථාවේදී සිදුකරන පරීක්‍ෂණ හා ප්‍රතිකාර හැරුණු විට සිදු කෙරෙන විශේෂ යමක් නැත. ඔහේ පැත්තක දමා තිබේ. ව්‍යායාම ටිකක් නම් කරන්න ඕනිහරියයිද දන්නේ නෑ. ඔහොම තමයි. මොළේ හානි වෙලානේ....සමහර විට එසේ කියන්නේ සුදුසුකම් ලත් වෛද්‍යවරයා නොවේ. සහායට සිටින සේවකයෙකි.
නමුත් ආයුර්වේදයේදී තත්ත්වය ඊට වෙනස්ය. රෝගියාට තෙල් ගායි. තවයි. සම්බාහනය කරයි. විවිධ අනුපාන යෙදු විවිධ ප්‍රතිකාර නොකඩවා ක්‍රියාත්මක කරයි. ඇත්තෙන්ම ඉන් රෝගියා සුවයක් ලබයි.
ඊට ප්‍රමූඛ හේතුව වන්නේ රෝගියා ඉච්ඡා භංගත්වයට පත් නොකර ඔහුට ජීවිතයට බලාපොරොත්තු එක් කර ගැනීමට තල්ලුවක් දීමයි.
විද්‍යාත්මක නොවන ග්‍රාම්‍ය ප්‍රතිකාරවල යෙදෙන ඇතැමුන් අතින් රෝගීන් සුවපත් වන්නේ ඇයි? මේ විශ්වාසය ඔවුන්ට ඇති කරලීම තුළින් ලබාගන්නා වාසිය තුළිනි. රෝගියා වෙනුවෙන් කෙනෙකුට කළ හැකි නරකම දෙය නම් ඔහුග් බලාපොරොත්තු බිඳ දැමීමයි. අන්තිම බැරෑරුම් අවස්ථාවේදී පවා අපේක්‍ෂා දල්වා ගැනීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි බව සිතට ගන්න. වෛද්‍ය වෘත්තියේ නිරතවුණු වීරවරියක ලෝකයට වැදගත් පාඩමක් උගන්වා පසුගියදා අපෙන් වෙන් වූවාය. හිටපු ප්‍රමූඛ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක වූ ඇය වෛද්‍ය කාමලිකා අබේරත්න මහත්මියයි.
හදිසි අනතුරකට ලක්වීමෙන් පසු HIV ආසාදිත රුධිරය පාරවිලයනය කිරීම නිසා මෙතුමිය ඒඩ්ස් රෝගයට නතු වූවාය. ඉතා විශිෂ්ඨ වෛද්‍ය මෙහෙයක නිරත වූ ඇය මේ සිදුවීමත් සමගම ඇය අතට මරණ වරෙන්තුවේ දින වකවාණු නියම වූවා පමණක් නොව සමාජයේ විවිධ ගැරහුම් නින්දා වලටද අනිවාරතේ ලක්වූවාය. ඇය පිහිට වූ ලෝකයම ඇය හිසමත කඩා වැටුණත් ඇය හිත හදා ගත්තාය. ඉන් පසුව ඇය ඉතිරි වූ මුළු කාලයම මේ විපතින් පීඩාවට පත් රෝගීන් වෙනුවෙන් කැප කළාය. ඇය ඔවුනට දිරියක් විය. ශක්තියක් විය. ඒඩ්ස් රෝගියෙකු වශයෙන් වෛද්‍ය කාමලිකා අබේරත්න මහත්මිය ලොව ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියකගේ භූමිකාව මෙලොවින් සමුගන්නා තුරුම ගෙන ගියේ අපමණ දුක් ගිනි දරන්නවුන්නට ජීවන

හුස්ම පියමිනි.
ජීවත් වීම ඉතාම උගහට අවස්ථාවේ වුව ජීවිතයට අර්ථයක් දෙන්නට... ජීවිතයට අරමුණක් දෙන්නට හැකිනම් එය කෙතරම් වටිනා ජීවිතයක්ද?
 

sweets

Banned
Jul 2, 2011
297
160
0
විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබේ. ආතතිය නිසා ලෙඩ රෝග ඇතිවන බව කියන විට ඔබ සමීපතමයකුද විවිධ ලෙඩ රෝග ප්‍රකට කරන බවද එහෙත් ඒවාට හේතුව ඔහුගේ ආතතිමය තත්ත්වය බවද ඔබට හැඟී ගියේ යැයි සිතමු.
ඕවා හිතේ ලෙඩ.... හිතට බර ගන්න එපා.. කල්පනා කරන්න එපා.. ඉබේම ඇරිලා යයිමේ විදිහේ උපදෙසක් ඔබ දෙනවාද?
එය සපුරා වැරදියි. ඇත්ත... ලෙඩ වුණේ හිතේ අමාරුවට. ඒත් දැන් ඔහුට/ඇයට අසනීපයක් තිබෙනවා. එයට ප්‍රතිකාර අවශ්‍යයි. වෛද්‍ය අවධානය අවශ්‍යයි. මේ නිසා ඔහුට අවශ්‍ය ප්‍රතිකාර නොමාව ලබා දෙන්න. එයයි හරි දෙය. ඔබේ සිතුම් පැතුම් අනුව ඔහුගේ ජීවිතය මෙහෙයවන්නට යාමෙන් ඇත්තටම ඔහුට වන්නේ අසනීපයෙන් මිය යාමටද විය හැකියි.

චිත්ත වේගවලදී බලගැන්වෙන කෝටිසෝල් හෝමෝනය

සිත්හී කැළඹීමක්, ආතතික තත්ත්වයක් ඇතිවූ විට අධිවෘක්ක ග්‍රන්‍ථියේ කෝටිසෝල් නමැති හෝමෝනයක් ස්‍රාවය වෙනවා. මේ හෝමෝනය ආතතිය නිර්මාණය කිරීමේ හුදු සරළ හෝමෝනයක් නොවන බව එහි ඇතිවන ක්‍ෂුද්‍ර වෙනස්කම්වලට අනුව විවිධ ශාරීරික රෝග ලක්‍ෂණ - අසනීප පෙන්නුම් කරන බව දැන් හඳුනාගෙන තිබෙනවා.
අධිවෘක්ක ග්‍රන්‍ථියෙන් වෑහෙන කෝටිසොල් හෝමෝනය විශේෂිත කාර්යයන් කිහිපයකට දායකත්වය ලබා දෙන්නක්. රුධිර පීඩනය පවත්වා ගැනීම , ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට හා මේද යන පෝෂක වල යාමනය පවත්වා ගැනීම ඒ අතරේ ප්‍රධානයි. ආපදාවකදී ශල්‍යකර්මයකදී, උණ ගැනීමකදී පවා කෝටිසෝල්, ස්‍රාවය ඉහළ යනවා. තරහව, බැන වැදීම හා ශෝකය චිත්ත පීඩාදියේදීත් කෝටිසෝල් මට්ටම වැඩි වෙනවා. කෝටිසෝල් ස්‍රාවය ඉහළ නැංවුණු විට රුධිර ධාරාවට ඇමයිනෝ අම්ලය මුදා හරිමින් පේශිවල තැන්පත් ප්‍රෝටීන බිඳ හෙලීමක් සිදුවෙනවා. මේ ඇමයිනෝ අම්ලය මගින් අක්මාවේදී ග්ලුකෝස් ශක්තිය බවට පරිවර්තනය කරනවා. මෙය gluconeogenesis ලෙස හඳුන්වනවා. මේ නිසා රුධිරයේ සීනි මට්ටම ඉහළ යනවා. මොළයේ පවත්නා දෑ සංතෘප්ත වන අතරේ සිරුරේ පරිවාර කොටස්වල ඇති ඉන්ධන ලෙස යොදාගත හැකි ග්ලුකෝස්වල පහත වැටීමක් ඒත් සමගම සිද්ධ වෙනවා. කෝටිසෝල් මගින් මේද සෛලවලට ඇති ශක්තිය - මේද අම්ලද මුදාහැරිම කටයුතු යොදනවා. මේ මගින් පේශි මත ශක්තිය නැවත පුනර්ජීවනයක් ඇති කරන හෙයින් ආතතික තත්ත්වය සමනය කිරීමට යම් තල්ලුවක්
ttp://wedananasala.org/sinhala/index.php?option=com_content&view=article&catid=45&id=226&Itemid=68
 

linkinpark_lk

Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    sleepingtablets-vbanner.jpg

    Prozac

    Avoid purchasing Prozac anti-depressant tablets and pills online from a web site which claims to sell a cheaper form of Prozac. You could be risking your health by buying fake and non genuine Prozac.
    Buy Prozac anti-depressant pills online either from a retail pharmacy or a certified online pharmacy where you know you will be getting genuine Prozac.
    Fake Prozac anti-depressants can contain unknown and potentially harmful substances which could result in serious health problems.
    It's better to be safe than sorry - Buy genuine, Prozac anti-depressant tablets online from an established website and online pharmacy