මචන් දැන් ඔය එක එක සද්ද ඇහෙන, එක එක දේවල් පෙන එක කොහොමද හරියටම ලෙඩක් කියල කියන්නේ? දැන් මෝහනයේදීත් නැති දේවල් දකින්නත් (positive visual hallucination) එකේ අනිත් පැත්තත්, ඒ වගේම ශබ්ද නැති ඒවා ඇහෙන්නත් සලස්වානවනේ (positive auditory hallucination) ඒ වගේම වයස 5 ට විතර අඩු ය පෙර භාවයන් කියනවනේ. දැන් ඔය ධ්‍යාන ලබපු අය භාවනා කරන අය සමහර පියවි ඇසට නොපෙනෙන දේවල් දකිනවනේ. එතනිදී ඒ අයට එක ලෙඩක් කියල නිගමනයක එන්නේ කොහොමද? එහෙම නම් බුදුන් දෙවියන්ට කතා කරපු දේවල් මනෝ විකාරද? මේක වෙන්නේ අපි දකින්න තෝරගත්ත විදිය අනුව නෙමෙයිද? අපේ වපසරිය තුල මේවා විකාර විදියට අපි දකිනවා.
අනික දුර්වල හිතකට තමා මම කියපු කාරනා වලංගු.
නෑ මෙහෙමනෙ බන් දැන් ඔය මානසික රෝගියො ඉන්නවනෙ කිසිම දෙයක් ගැන නිච්චියක් නැති නිකන් හීන ලෝකවල ජීවත්වෙන. තමන් ජනාදිපති කියල හිතාගෙන ඉන්න,තමන් දෙයියො කියල, තමන් කෝටිපතියො කියල හිතාගෙන ඉන්න. සමහරක් අයට හොල්මන් පේනව, සමහරක් අයට දෙයියො කතාකරනව ඇහෙනව. මේව නිකන්ම ඒගොල්ලො හිතෙන් හිතාගෙන ඉන්න දේවල් නෙමේනෙ. මේව මොකඛරි මානසික ලෙඩක ලක්ෂන. එහෙම අයට සාමාන්‍ය කෙනෙක් කරන දේවල් කරන්න බෑ. ඒකනෙ එහෙම අයට කියල වෙනම මානසික රෝහල් එහෙම හදල තියෙන්නෙ. ඉතින් ඒවගෙ එච්චර ලොකුවට නැතිඋනත් සුලු සුලු මානසික ආබාධ තියෙන අයත් ඉන්නව.හැබැයි ඒගොල්ලන්ට කොහොමහරි තමන්ගෙ ලෙඩේ පාලනය කරගෙන වැඩකරන්න පුලුවන් සාමාන්‍ය විදිහට. මෝහනයේදි වෙන්නෙ ඉතින් වෙනම ක්‍රියාවලියක්නෙ. ඒකෙදි මනස වෙනම එකකට දානවනෙ හරියට ඩ්‍රග් එකකින් කරනව වගේ ඉතින් එතකොට එහෙම දේවල් පේන්න ඇහෙන්න පුලුවන්!!
