මාන 4 හා වෙනස් වීම

nipund

Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    බොහොම ස්තූතියි සහ පින් මේ අත්දැකීම ප්‍රකාශ කලාට.

    අපි හැම විටම ලෝකයේ තියෙන ඉගැන්වීම්වල සාපේක්ෂකත්වයත් (මේකමයී ඇත්ත නොකියා) ඒවාගේ ප්‍රායෝගික වටිනාකමත් (ඇත්තමයී නොවුනත් වැඩක් ගන්න පුලුවන් බව) සමබරව තේරුම් ගන්න ඕනෙ.

    මෙන්න මේ ප්‍රකාශය ඉන්ටර්ස්ටිං "ඕනෑම" කියන වචනය තියෙන නිසා. මොකද ඔය ප්‍රකාශය තුල තිබෙනවා බුදුදහම පශ්චාත් කාලීනව වෙනස් වෙනකොට ඇතිවුන පහත් විකෘතියකට පදනම් උන අදහසක්. මේක ඔයාත් මෙහෙම හිතනවා කියලා නෙමෙයි නිකන් ඒ ප්‍රකාශය තුළින් වැරදි මතයක් යන්න පුලුවන් කියලා හිතලයි මේක ලියන්නෙ. වැඩි සඳහනක් කරන්න යන්නෙ නැහැ ත්‍රෙඩ් එක out of topic යන නිසා.
    PM එකක් හො අනික් අයට වැඩක් වෙවි කියලා හිතෙනවා නම් මෙතන හෝ එ ඇයි කියලා විස්තර කරන්න පුලුවන් ද ?

    ඔනෑම කිව්වා ම genaralize කරන්න බැරි දෙයක් generalize කරන හින්ද ද? එහෙම කරන්න නම් "ඔක්කොම", සියල්ල දැනන් ඉන්න ඕන මම. එහෙම නැතුව ඕනෑම කියන්න බෑ. Technically බුදුන්වහන්සේ ට විතරයි පුලුවන් එහෙම general statement එකක් දෙන්න .
    ------ Post added on Apr 28, 2022 at 11:01 AM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    PM එකක් හො අනික් අයට වැඩක් වෙවි කියලා හිතෙනවා නම් මෙතන හෝ එ ඇයි කියලා විස්තර කරන්න පුලුවන් ද ?

    ඔනෑම කිව්වා ම genaralize කරන්න බැරි දෙයක් generalize කරන හින්ද ද? එහෙම කරන්න නම් "ඔක්කොම", සියල්ල දැනන් ඉන්න ඕන මම. එහෙම නැතුව ඕනෑම කියන්න බෑ. Technically බුදුන්වහන්සේ ට විතරයි පුලුවන් එහෙම general statement එකක් දෙන්න .

    ඕනෑම සංඛතයක්, ඕනාම සකස්වූ එනම් "ලෝකයට අයිති දෙයක්" නිර්වාණය (අසංඛතය) උදෙසා කමටහනක් විය හැකියි කියන ප්‍රකාශයයි මම මෙතනින් ඉස්සරහට ප්‍රශ්න කරන්නෙ.

    මට ඕක කියෙව්ව ගමන්ම මතක් උනේ වජ්‍රයාන බුදුදහම. වජ්‍රයානයේ තියනවා කියනවා ඉතාමත් රහස්‍ය වූ තාන්ත්‍රික ඉගැන්වීමක්. බොහොම අකම්ප්ලිශ්ඩ් යෝගීන් පමණක් භාවිතා කරන එක්තරා උපායක්. එනම්, රාගය, කාමය රාගය කාමය තුලින්ම ප්‍රහීණ කිරීම. මේ ගැන චිත්තවිසුද්දිප්පකරණය කියන වජ්‍රයානයට සම්බන්ධ පොතේ සඳහන් වෙනවා කියනවා (තවත් පොත්පත් ඇති ඒ ගැන) ඒකෙ කියන්නෙ ඉතාමත් දක්ශ උපාය කුසලය දන්නා අයට ලිංගික එක්වීම හෝ ලිංගික ක්‍රියාවක් වුවත් නිර්වාණවබෝධයට හේතු කරගන්න පුලුවන් කියන මතය.

    ඒත් එක්කම මට මතක් වෙනවා ත්‍රිපිටකයේ එන භික්කුණී සූත්‍රය. ඒ සූත්‍රයේදි එක්තරා භික්ශූනියකට ආනන්ද හාමුදුරුවොත් එක්ක ලිංගිකව එකතුවෙන්න හිතිලා හොර ලෙඩ අරන් ඉහේ ඉඳං පොරවගෙන ආනන්ද හාමුදුරුවන්ට බලන්න එන්න "මම ලෙඩින්" කියලා පනිවිඩයක් අරිනවා.

    මේ මොකුත් නොදන්න ආනන්ද හාමුදුරුවොත් මේ ස්ථානයට වඩිනවා. ආපුවාම ආනන්ද හාමුදුරුවොන්ට තේරෙනවා භික්ශුනියට හැදිලා තියෙන්නෙ "හොර ලෙඩක්" බව. ඒ බව දැනගෙන ආනන්ද හාමුදුරුවො දේශනාවක් කරනවා. දේශනාව අවසානෙ භික්ශුනියට තමන්ගෙ ශ්‍රමණසාරුප්‍ය නොවන සිතුවිල්ල ගැන කලකිරීමක් දුකක් ඇවිත් ඇඳෙන් බැහැලා ආනන්ද හාමුදුරුවන්ගෙන් සමාව ගන්නවා.

    එතනදි ආනන්ද හාමුදුරුවො කාරණා හතරක් ගෙන හැර දක්වනවා. ඒවා පිලිවෙලින් ආහාර, තෘෂ්ණාව, මානය සහ මෛථුන්‍යය (ලිංගික එකතුවීම)

    ආනන්ද හාමුදුරුවෝ කියනවා නැගනිය තථාගත දේශිත ධර්මයේ උතුම් නිර්වාණය සාක්ශාත් කිරීමට නම්,

    ආහාරය භාවිතා කරලා ආහාරය නැසිය යුතුයි
    තෘෂ්ණාව භාවිතා කරලා තෘෂ්ණාව නැසිය යුතුයි
    මානය භාවිතා කරල මානය නැසිය යුතුයි
    නමුත් නැගනිය, මෛතුන්‍ය නම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කල යුතුයි/වැලකී සිටීමෙනුයි නිර්වාණය සාක්ෂාත් කරන්නෙ කියලා.

    ඉතින් අපි (වජ්‍රයානයේ සමහර ෆ්‍රින්ජ්? කොටස් මෙන්) ඕනෑම සංඛතයක් අසංඛත අවබෝධයට යොදවන්න පුලුවන් කියලා හිතනවාද, තථාගතයන් දෙසූ ධර්මය තථාගතයන් ගුරු කොට තථාගතයන් සරණකොට තථාගතයන් කෙරෙහිම ශ්‍රද්ධාවෙන් අසංඛතය අවබෝධ කරන්න පුලුවන්ද කියලා හිතනවාද...

    මම නැවතත් කියනවා ඔයා මෙහෙම හිතයි හෝ හිතලා කියලා නෙමෙයි මේ කාරණය සඳහන් කලේ. හුදෙක් සමහරෙකුට මෙහෙම හිතෙන්න පුලුවන් නිසා "ඕනෑම සංඛතයක් අසංඛතයට කමටහනක් කරගන්න පුලුවන්" කීවම...
     
    🙏
    ඕනෑම සංකතයක් කියන එකෙන් අදහස් කරේ . සකස්වීම පෙන්නන කොට සකස්නොවීමත් පෙන්නන්න පුලුවන් (සොවාන් වෙන්න කලින් ) . Imho (දන්න විදිහට ) සොවාන් පුද්ගලයා කරන ඕනෑම දෙයක් එයාගෙ විමුක්තියට යොමු වෙනවා. මොකද එයා ගෙ දිඨ්ටිය සෘජු නිසා කෙලෙස් කැපෙනවා ප්‍රඥාව නිසා. සොවාන්(ගිහි) කෙනා මෛතුනය කරත් එකෙ අනිත්‍ය ,අනාත්ම ස්වාභාවය දකිනවා(හිතනවා නෙමේ) කෑම කෑවත් දකිනවා .
    ඔබතුමා පෙන්නලා දුන්නා වගෙ හැම එකෙන්ම ඒක උලුප්පන්න ගන්න ගිහින් overboard වෙලා වෙනම තැනකට යොමුවෙන්න පුලුවන් තමා. 🤔
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    asata adala vijjanaya naa kiyanne...as penne naa... kanata adalawat ehemai..

    අභිධර්මයේ තියෙන්නේ ඇසෙන් පුළුවන් වර්ණය අල්ලගන්න විතරයි.වර්ණය අල්ලගන්න චක්කු විඥ්ඥානය ඇසේ චක්කු දසක කලාපයේ උපදින්න ඕනේ.අන්ධ මිනිසකුගෙයි ඇස් පෙනෙන මිනිසකුගෙයි වෙනස අන්ධ මිනිසාගේ චක්කු දසක කලාපය නෑ
    (චක්කු ප්‍රසාදය නෑ ----> ජිවිත රූපය නෑ -----> චක්කු දසක කලාපය නෑ )

    විජනනය අහලම නෑ කියහන්කෝ

    මේ Video එක බලල තියෙනවද ?
    දැන් හොයාගන්න දේවල් බුදුහාමුදුරුවෝ අවුරුදු 2500කට කලින් දේශනා කරලා තියෙනවා කිව්වම හිතට එන සතුට :love2:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155

    විජනනය newei ban..vijjanaya (විඥ්ඥානය )

    මේ Video එක බලල තියෙනවද ?
    දැන් හොයාගන්න දේවල් බුදුහාමුදුරුවෝ අවුරුදු 2500කට කලින් දේශනා කරලා තියෙනවා කිව්වම හිතට එන සතුට :love2:

    Ow, oka kaalekata kalin balala tiyenawa...
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    විද්‍යාව ගැන කලින් ලියපු දෙයක් . ෆිසිසිස්ට් උනත් අදාලයි. Assumptions / උපකල්පන වල තියන අවුල miss වෙනවා. මූලික උපකල්පන අවුල් නම් එතනින් උඩ ඔක්කොම ගැන කතා කරලා වැඩක් නෑ.
    හැබැයි ඉලෙක්ට්‍රොන තියෙනවා කියන කෙනෙක්ට quantum physics ගැන කතා කරල මනස open කරන්න පුලුවන්.
    මැතමැටික්ස් වල සරල රේඛාවට පලලක් නැහැනේ. ලක්ෂ්‍යක් ගත්තත් දිගක් පලලක්
    නෑ, එච්චරයි. මේව්ව ඇසම්ප්ශන් නේ. එහමයි කියල මැත අතෑරල ලෞකික සම්මා දිට්ටියට පත්වෙන කෙනෙක් මම දැකල නැහැ. අපේ නලින්ද සිල්වා මහත්තය ඕව ගැන කිය කිය දත් කූරූ කකා අපායගාමි වෙනව නම් කවුරුත් දැකලා ඇති. 😊

    ඉලෙක්ට්‍රෝන් තියෙනව කියල ගන්න කෙනා කොන්ටම් කියවල " එහෙනන් මොකද්ද වෙන්නේ" තවත් ගැඹුරට යනව මිසක ඇත කියන පදනම ප්‍රශ්න කරන්න යන්නේ නෑ. ඇයි? යකෝ ඉලෙක්ට්‍රෝන් තිබ්බ කෙනාට කොන්ටම් වලින් තව එකක් කිව්වම වෙන්නේ "මොකක් හරි තිබ්බනේ" කියන තැන ඉඳන් තමයි ක්‍රියාත්මක වෙන්න. මොකද සම්මුති ලෝකය ඇතුලේ මමත් ඉන්නව, අම්ම, තාත්තත් ඉන්නව, පූසත් ඉන්නව, අයින්ස්ටයින්ගේ පොතුත් තියෙනවා, ඒ නිසා තියෙන ලෝකේ ගැන තවත් සොයන්න පෙලඹෙනව.
    විද්‍යාව හා මගේ සත දෙක

    කුඩා කල සිට විද්‍යාව මාරයි කියන සංකල්පයේ හිටපු කෙනෙක් විදිහට මේකේ මුකුත් නෑනේ කියන පරිවර්තනයට ආසන්නතම හේතු මෙසේ ලියා දක්වමි.
    ඉගෙනීම් කටයුතු වෙනුවෙන් data science හා වෛද්‍ය විද්‍යාවේ යොදාගැනීම ගැන පිළිගත් විශ්වවිද්‍යාලයක course එකක් කරද්දී වෛද්‍ය විද්‍යාවේ තියන golden research method එක වන random control test .(මිනිසුන් දෙකට බෙදා එක් කොටසකට බෙහෙත් ද අනික් කොටසට බෙහෙත වගේ දෙයක් දෙනවා) එකෙන් තමා බෙහෙත් වැඩක් තියෙනවා කියලා කියන්නේ.
    80% වඩා බෙහෙත් පර්යේෂණ වල reproducibility crisis කියලා දෙයක් තියෙනවා . එකියනේ research එකේ කතාව ආයේ කරලා බැලුවොත් වෙනම කතාවක් එන්නේ .
    ඉතින් ඔය ගැන කියද්දී prof කෙනෙක් කිව්වා RCT වල නොකියන assumptions(රාමු) තුනක් තියෙනවා.
    1. ලෝකේ ඉන්නේ හැම මනුස්සයාම සමානයි. (physiology)
    2. ලෙඩේ හොද වෙන්න එකම හේතුව දෙන බෙහෙත විතරයි.
    3. බෙහත තියෙනේ ඒ effect විතරයි

    මට එක තේරුණ වෙලාවේ මට හිතුනේ මොන බොරුවක්ද මේ. ඔය තුනම පට්ටම බොරු නේද ? කොමද ඔය තුන මත ඉදන් generalized කරන්න පුළුවන් බෙහෙතක් හොයාගන්නේ ? වෙන්නම බැ . statistics (කියන කතාවෙන් කරන්න බැරි දෙයක් generalized කරනවා. ඔයාට හරියන බෙහෙත මට හරි යනවද කියන එක predict කරන්නම බැ. වෙන එකක් තියා මට අද හරිගිය බෙහෙත මට හෙට හරියවිද කියන්නවත් බෑ. මොකද මගේ physiology අද තිබ්බ දේ හෙට වෙනස් වෙනවා. අපි හොයන්න හදන්නේ නැති දෙයක් කියලා වැටහීමක් ආව.
    පට ගාලා අනිත් අන්තෙට වැටුනා නේද දන්නේම නැතුව! :unsure: මෙහෙමයි මාත් මේ ෆීල්ඩ් එකේ ඉන්නකෙනෙක් විදියට ඕවා නිරීක්ෂනය කොලාම වෙන්නේ ඔවා "නැත" කියන තැනට වැටෙන්නේ නැහැ. ඇයි? යකෝ ලෙඩ්ඩු ඉන්නවා, ඩී එන් ඒ තියෙනවා, නැත වෙන්නේ කොහොමද?
    එතකොට හොයා ගන්නවා ආ..SNP (Single Nucleotide Polymorphism) තියෙනවා පොපියුලේශං එකේ. ඒකයි.. ඒ හින්දා දැන් සීක්වංසින් වලට බැහැලා සම්පූර්න ජිනෝමය සීක්වන්ස් (whole genome Sequencing) කොරලා බලලා කියනව අපි දැන් Personalized Medicine වලට යොමුවෙන්ට ඕනෑ කියලා.. ඕක නේ මහත්තයෝ ඇත්තටම වෙන්නේ. ඔය Sanofi, GSK, Pfizer වල ඉන්න සයන්ටිස්ලා සම්මා දිට්ටියට එනවද? හැබැයි මෙතන මහත්තයාත් වැරදි අන්තයකට වැටිලා, ඒකත් කණගාටුවට කරුණක්.

    එත් සමගම කියෙව්වා Doctoring Data Kendrick, Malcolm. කියලා පොතක්. එක කියෙව්වම තේරුනා research කරන අයත් මාර විදිහට ඇදගෙන ඉන්නේ කියලා. Mortality studies වල තියෙන අවුල එකේ හොදට පැහැදිලි කරලා තියෙනවා.

    සසරෙ කවුරු කෝම පෙරුම් පුරන වද අපි දන්නෙනෑ . ෆිසිසිස්ට් කෙනෙක් ඇත්තටම යතාර්ථය ,මොකද්ද ඇත්ත කියලා හොයනවා නම් ඒක එයාට හම්බෙන්න ඉඩ තියෙනවා සසරෙ කවුද හරි . ඒක එයාගෙ මග වෙන්න පුලුවන් නිවනට.
    Imho ඇත අන්තය තුල තද වීමක් හො ලිහිල් වීමක් නෑ. All or non law. අවිද්‍යාව අඩු වැඩි වීමක් නෑ.
    ------ Post added on Apr 28, 2022 at 10:09 AM
    මොන සයන්ටිස් වුනත් ඕක ලෝකේ ඇතුලේ "ඇත" කියන අන්තේ හිරවෙලා, ලෝකය ඇත, මමත් ඇත, කියලා අරගත්තට පස්සේ ආයේ සම්මා දිට්ටියකට එන්නේ නැහැ

    ඒකම තමයි බුදු හාමුදුරුවෝ දේශනා කලේ " මේ එකම මඟයි", "පෙර නොවු විරූ ධර්මයක් කියලා. පෙර නොවු විරු ධර්මයක් කොන්ටම් වලින් හරි ස්ටැට් වලින් හරි හම්බෙන්ට විදිහක් නෑ නෙව? "ඇත" "නැත" අන්ත දෙකටම වැටුනොත් ඉතින් එච්චරයි, තද ලිහිල් කතාකරන්න දෙයක් නෑ, ඒකම තමයි ඔය "විද්‍යාවේ එක එක එව්වා" ධර්මයට ගාවා ගැනීමේ භයානක කම.
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උබ මචන් බුදු දහමේ කියල හිතවා. බුදු දහමේ හැටියට දිවය ලෝක සහ අපාය කියන දෙක තියනවා.ඒවාගේ කාලය අපේ පෘතුවියේ කාලෙන් ලොකු ගුණයක් වැඩි නේ. මේ ලෝක කියන ඒවා කොහේ හරි තියන්න ඕනේ නේ. එහෙනම් ඒවාගේ කාලය වැඩි සහ අඩු වෙන්න නම් කාලය කියන එක හැම තැනටම එක විදිහට නෙමේ බලපාන්නේ . මේක තමා සාපේක්ෂතා වාදය කියන්නේ. ඉතින් ඇහැට පෙන ත්‍රිමාන දෙයක් තැන දෙකක වෙනස් කාල යටතේ තියෙන්නේ. එක අපිට දැන් පැහැදිලි. එකයි කිව්වේ හතර වෙනි මානය කාලය කියල. නැතුව පෙන්නේ නැති ටෙසරක්ට් එකක් නෙමේ
    මචෝ වස්තුවක චලිත වේගය වැඩි වෙද්දී (ආලෝකයේ වේගයට ආසන්න වෙද්දී) කාලය මන්දනය වෙනවාලු නේද? එතකොට කළු කුහරයක් වගේ අධික ගුරුත්වයක් හරහා ගමන් කරනකොටත් කාලයේ ගැලීම වෙනස් වෙනවලු. මේ ගැන උඹ මොකද හිතන්නේ?
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචෝ වස්තුවක චලිත වේගය වැඩි වෙද්දී (ආලෝකයේ වේගයට ආසන්න වෙද්දී) කාලය මන්දනය වෙනවාලු නේද? එතකොට කළු කුහරයක් වගේ අධික ගුරුත්වයක් හරහා ගමන් කරනකොටත් කාලයේ ගැලීම වෙනස් වෙනවලු. මේ ගැන උඹ මොකද හිතන්නේ?
    මචන් වේගය වැඩි වෙද්දී කාලය අඩු වෙනවා. එක සරලයි නේ. ඒ කියන්නේ අපි මහරගම ඉදන් කොටුවට පයින් ගියොත් පැය 3 ක් යනවා. වාහනේක ගියොත් පැයයි. නමුත් මේ කතා කරන්නේ ඒ වගේ එකක් ගැන නෙමේ. වේගය වැඩි වෙද්දී කාලයේ ගත වීම අඩු වෙනවා කියන එක. උද්දහරන අපි පොළොවේ නිශ්චලව අව්රුද්දක් ඉන්නවා. උබ ඉන්ටර්නැෂනල් ස්පේස් සෙන්ටර් එකේ ඉන්නවා.එක යන්නේ 17,000 kms(වගේ ) වේගයකින්. එහෙම උනාම අව්රුද්දකදී මම උබට වඩා විනාඩි ගානක් වයසට යනවා. හරි නම් අපි දෙන්නාගේම ඔරලෝසු වල එකම වෙලාව යන්න ඕනේ. එත් එක එහෙම නෙමේ කියන එක ඔප්පු කරලා තියෙන්නේ. ඒ කියන්නේ වේගය වැඩි වෙනකොට එකක කාලයේ ගැලීම නිරපේක්ෂව වෙනස් කියන එක. (ඕක උබට සෙන්ස් වෙන්නේ නැත්තේ අපි කාලයේ මුලික මිනුම තත්පරේ ගන්න නිසා. මුලික මිනුම සෙකන්ඩ් එකෙන් 10x 10 බලෙකින් එකක් විදිහට ගන්න. එහෙම උනොත් උබට පෙනෙයි කාලය හැම තැනම එකම විදිහට නෙමේ ගලන්නේ කියන එක )

    බ්ලැක් හෝල් එක ගැන ලොකු අදහසක් නැ .ගුරුත්වය කියන්නේ බලයක්. එක නිසා වේගයක් හට ගන්න පුළුවන්. ඒ කියන්නේ එකක කාලය කියන එක සැහෙන්න වෙනස්. ඒ කියන්නේ උබ එක ඇතුලට ගියොත් උබ අර ඉන්ටර්නැෂනල් ස්පේස් සෙන්ටර් එකට ගියාට වඩා කාලයේ ගැලීම් වෙනසක් එයි.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඕනෑම සංඛතයක්, ඕනාම සකස්වූ එනම් "ලෝකයට අයිති දෙයක්" නිර්වාණය (අසංඛතය) උදෙසා කමටහනක් විය හැකියි කියන ප්‍රකාශයයි මම මෙතනින් ඉස්සරහට ප්‍රශ්න කරන්නෙ.

    මට ඕක කියෙව්ව ගමන්ම මතක් උනේ වජ්‍රයාන බුදුදහම. වජ්‍රයානයේ තියනවා කියනවා ඉතාමත් රහස්‍ය වූ තාන්ත්‍රික ඉගැන්වීමක්. බොහොම අකම්ප්ලිශ්ඩ් යෝගීන් පමණක් භාවිතා කරන එක්තරා උපායක්. එනම්, රාගය, කාමය රාගය කාමය තුලින්ම ප්‍රහීණ කිරීම. මේ ගැන චිත්තවිසුද්දිප්පකරණය කියන වජ්‍රයානයට සම්බන්ධ පොතේ සඳහන් වෙනවා කියනවා (තවත් පොත්පත් ඇති ඒ ගැන) ඒකෙ කියන්නෙ ඉතාමත් දක්ශ උපාය කුසලය දන්නා අයට ලිංගික එක්වීම හෝ ලිංගික ක්‍රියාවක් වුවත් නිර්වාණවබෝධයට හේතු කරගන්න පුලුවන් කියන මතය.
    ...........

    මම නැවතත් කියනවා ඔයා මෙහෙම හිතයි හෝ හිතලා කියලා නෙමෙයි මේ කාරණය සඳහන් කලේ. හුදෙක් සමහරෙකුට මෙහෙම හිතෙන්න පුලුවන් නිසා "ඕනෑම සංඛතයක් අසංඛතයට කමටහනක් කරගන්න පුලුවන්" කීවම...
    🙏
    ඕනෑම සංකතයක් කියන එකෙන් අදහස් කරේ . සකස්වීම පෙන්නන කොට සකස්නොවීමත් පෙන්නන්න පුලුවන් (සොවාන් වෙන්න කලින් ) . Imho (දන්න විදිහට ) සොවාන් පුද්ගලයා කරන ඕනෑම දෙයක් එයාගෙ විමුක්තියට යොමු වෙනවා. මොකද එයා ගෙ දිඨ්ටිය සෘජු නිසා කෙලෙස් කැපෙනවා ප්‍රඥාව නිසා. සොවාන්(ගිහි) කෙනා මෛතුනය කරත් එකෙ අනිත්‍ය ,අනාත්ම ස්වාභාවය දකිනවා(හිතනවා නෙමේ) කෑම කෑවත් දකිනවා .
    ඔබතුමා පෙන්නලා දුන්නා වගෙ හැම එකෙන්ම ඒක උලුප්පන්න ගන්න ගිහින් overboard වෙලා වෙනම තැනකට යොමුවෙන්න පුලුවන් තමා. 🤔

    ඔව් මේක තමයි ඇත්තටම මට ඉස්සෙල්ලාම ඇඩ්‍රස් කරන්න ඕනේ වුනේ. මේක බුද්ධ වචනයට එරෙහිව යන්නක්. ඇපීල් ටු ඔතෝරිටි වගේ ලොජිකල් ෆැලසි එකක් කියල මට බැන්නත් කමක් නෑ, මේක කියන්නම ඕනේ. ඉලෙක්ට්‍රෝන් තියෙනව කියල ගන්න කෙනාට ඒකේ නිරෝධය පෙන්නන්නේ කොහොමද? ඉලෙක්ට්‍රෝන් කවුරුත් දැකල නෑනේ?? බුද්ධ දේශනාවේ සතර සතිපට්ඨානය නේ "එකම මඟ" විදියට පෙන්වන්නේ. මීට අමතරව අනිච්ච සංඥාවත් ඉතාම වර්ණනා කරල දේශනා කරනවා, සියලු මෝහයන්, රාගයන්, ද්වේශයන් දුරු කරන භාවනාවක් කියලා. ඒ නිසා "ඕනෑම සංඛතයක් අසංඛතයට කමටහනක් කරගන්න පුලුවන්" කියන්නේ හරියට කරුනු නොදැන කරපු ප්‍රකාශයක් බවයි මගේ වැටහීම.
     
    • Like
    Reactions: greenthunder

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    වුනත් ඕක ලෝකේ ඇතුලේ "ඇත" කියන අන්තේ හිරවෙලා, ලෝකය ඇත, මමත් ඇත, කියලා අරගත්තට පස්සේ ආයේ සම්මා දිට්ටියකට එන්නේ නැහැ
    මන් දන්න විදිහට සත්වයා ඉන්නෙ අන්ත දෙක ඇසුරු කරගෙන. "නැත" අන්තය කෙනාට නිවන පෙන්නන්න බෑ.
    ඇත අන්තය ඉන්න කෙනෙක්ට නිවන පෙන්නන්න පුලුවන් . දන්න තරමින් ලොකෙ ඇත කියලා ගත්ත කෙනෙක්ට තමා ලොකය වෙන්න "බෑ" කියලා පෙන්නන්න පුලුවන් . ඇත අන්තයෙ ඉන්න අයට නිවන් දකින්න බෑ කියලා අහලා නෑ.
    එ කෙනා සයන්ටිස්ට් ද කම්කරු වද අදාල නෑ. බුදුන්වහන්සේ කෙනා කෙනාට අදාල රැකියාව අනුව (ඒ දවස් තිබ්බ) බණ කියලා තියෙනවා .

    අහසෙ තරු දැන් විනාශ වෙච්ච ඒවගෙන් එන එලියක් කියලා තියන දේශනා ව අහල ඇති. ඒක ඒකාලෙ verify කරන්න බෑ. කා වෙනුවෙන් වෙන්න ඇද්ද ඒක කියන්න ඇත්තෙ? බුදුන්වහන්සේ බණ කියන කොට අද ඉපදිලා නැති අයට target කරපු ඒවත් තියෙනවා .

    අදාල පුද්ගලයගෙ දැනුම එක්ක තමා සාකච්ඡාව ගොඩ නගන්න පුලුවන් . ඒක ඉලෙක්ට්‍රොන වෙන්න පුලුවන් . System තියරි වෙන්න පුලුවන් . එතනින් ගොඩ වෙලා කතාව කියන්න පුලුවන්.
    ඔබතුමා assumption එකක් තියෙනවා ඔක්කොම scientist ලා එක වගෙ, ඒක වැරදි . අපිට වෙන කෙනෙක් ගොඩ යනවද නැද්ද predict කරන්න බෑ . ගොඩ යන්නෙ මොන කාලෙද කියන්න බෑ. කොටින්ම කිසිම දෙයක් genaralize කරන්න බෑ.

    සතරසතිපට්ටානය ඒකායන මාර්ගය දන්න දකින කෙනාට (සොවාන්)

    ඉලෙක්ට්‍රොනය දන්න කෙනාට ඉලෙක්ට්‍රොනය පෙන්නන්න කියන්න(assumptions අයින් කරලා). පෙන්නන්න බැරි කම කමයි උත්තරය .කලින් කියලා තියෙන එකට එකගයි "ගොඩක්" අය යන්නෙ තව explanation එකක් හොයාගෙන . ඉතාමත් සුලු පිරිසක් එතනින් අලුතින් හිතනවා.

    දන්න තරමින් සංකතය තුලින් විතරයි අසංකතය පෙන්නන්න පුලුවන් .(වැරදි නම් කියන්න). (පෙන්නන්න කිව්වට පෙන්නන්න බෑ )

    මම මේක කියන්න යනවට වඩා reference එක දාන්නම්. රේවත හාමුදුරුවන් modern theory , ඉතිහාස කතා ඕන එකකින් පටන් අරන් point එකට අරන් එනවා.
    https://youtube.com/c/AKAMPITHA
    ------ Post added on Apr 28, 2022 at 11:50 PM
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    මොන සයන්ටිස් වුනත් ඕක ලෝකේ ඇතුලේ "ඇත" කියන අන්තේ හිරවෙලා, ලෝකය ඇත, මමත් ඇත, කියලා අරගත්තට පස්සේ ආයේ සම්මා දිට්ටියකට එන්නේ නැහැ

    Mata hithena widihata, siddarthat lokaya, mama atha kiyana view eke mulin indala tamai passe samma dittiyata paminenne...lokayak naa..mamak naa kiyana view eke hitiyanam.."mata" spiritual freedom ekak seek karanna yanna uwamanawak naa nee..

    anika tamai..sathwaya innema oya antha dekakin ekakane...oya deken ekakawath nattam ayet amutuwen samma deittiyakata yanna deyak naa nee..
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston

    මම මේක කියන්න යනවට වඩා reference එක දාන්නම්. රේවත හාමුදුරුවන් modern theory , ඉතිහාස කතා ඕන එකකින් පටන් අරන් point එකට අරන් එනවා.
    https://youtube.com/c/AKAMPITHA
    ------ Post added on Apr 28, 2022 at 11:50 PM
    හරි මචං එල! දැන් මට පැහැදිලියි.. මම නං ජීවිතයටම ගරුකරන හාමුදුරුවරු ඉන්නේ අතලොස්සයි. දාරුකම්මික සුත්‍රයේදී බුදුහාමුදුරුවෝ වදාරනවා "ගැරහිය යුතු මහණුන්ට ගරහන්න" කියලා. මට ඔය මහත්තයත් එක්ක ඇරියර්ස් නැහැ, හැබයි මට ඇරියර්ස් තියෙන ඔය ගණගෙඩියො හුඟක් ඉන්නවා. මූත් එයින් එකෙක්, කට වාචාලකමයි මාන්නධිකකමයි තියෙන උන් චීවරේ දා ගත්තම අන්තිමට කෙලවෙන්නේ බුද්ධාගමට.
    සතරසතිපට්ටානය ඒකායන මාර්ගය දන්න දකින කෙනාට (සොවාන්)
    දැන් නං එලම තමා! ඕවත් රේවත බණ වෙන්ටැ?
    ඉලෙක්ට්‍රොනය දන්න කෙනාට ඉලෙක්ට්‍රොනය පෙන්නන්න කියන්න(assumptions අයින් කරලා). පෙන්නන්න බැරි කම කමයි උත්තරය .කලින් කියලා තියෙන එකට එකගයි "ගොඩක්" අය යන්නෙ තව explanation එකක් හොයාගෙන . ඉතාමත් සුලු පිරිසක් එතනින් අලුතින් හිතනවා.

    දන්න තරමින් සංකතය තුලින් විතරයි අසංකතය පෙන්නන්න පුලුවන් .(වැරදි නම් කියන්න). (පෙන්නන්න කිව්වට පෙන්නන්න බෑ )
    අසංකතයයි සංකත ලෝකයයි, ඉතින් ඔය දෙක නේ තියෙන්නේ. ඔය මහත්තයා කියනවා සංකතය තුලින් පෙන්වන්න පුලුවන් ලු නිවන, ඊට පස්සේ කියනවා පෙන්නන්න බැරිලු! මහත්තයා මහත්තයාවම කන්ට්‍රඩික්ට් කොරගන්න මරු ආතල් සීන් එකක්ද මෙතන වෙන්නේ?

    මේකේ මුකුත් නෑනේ කියන පරිවර්තනයට ආසන්නතම හේතු මෙසේ ලියා දක්වමි.

    මේගැනත් යමක් කිව්ව නම් තමා වටින්නේ..
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    අපි දෙන්න කතා කරන්නෙ අපි දෙන්න අදහන බුද්ධ දර්ශනය හරී කියන මතය ඉදලා. මට තේරෙන විදිහට සෑහෙන්න වෙනස් තැන් දෙකක ඉදලා තමා අපි කතා කරලා තියෙන්නේ .උඩ comment එකය අනුව ඒක එක තැනකට ගේන්න අමාරුයි fundamentally වෙනස්. (Imho හැමොමට පොදු සංකතයක් නෑ, කෙනා කෙනාට වෙනස් ,ඉතින් බුදුන්වහන්සේ හො දර්ශනය පොදු නොවෙන්න පුලුවන් )

    අසංකතය කියන්නෙ හිස් බොඩ් ලෑල්ලක්.මුකුත්ම නෑ ඉතින් පෙන්නන්න බෑ. යොමු කරන්න විතරයි පුලුවන් . Just the opposite of construction.

    මෙකෙ මුකුත් නෑ කියන්නෙ science වල හරයක් නෑ කියන අදහස.

    Fyi
    මම ඇත ,නැත කියලා පාවිච්චි කරපු definition
    ඇත- ශාවස්ත - යමක් ඇත ,ලොකයක් ඇත. අපි හැමොම වගෙ ඉන්නෙ මෙතන
    නැත- අරුප බ්‍රහ්මතල තමා උදාහරණය,
    අපි ගොඩක් වෙලවට නැත කියන්නෙ යමක් නැත කියන කාරනාව. උදා ඉලෙක්ට්‍රොනයක් නැත කියන විට ඉලෙක්ට්‍රොනය ඇත වෙලා ඉවරයි . සැබැ නැත කියන අන්තයට උදාහරණයක් දෙන්න අමාරුයි.

    "සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති යදා පඤ්ඤාය පස්සති

    අථ නිබ්බින්‍දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා."

    සබ්බෙ සංකාරා --- ඔනෑම සකස්වීමක් අනිත්‍ය වෙ
    දක්ශ දේශකයෙක් ට ඔනෑම සකස්වීමක අනිත්‍ය උලුප්පන්න පුලුවන් . එහෙම පෙන්නන්න බැරිනම් ඔබ කියන විදිහට සංකාර තුල අනිත්‍ය නැති වෙන අවස්ථාවක් තියෙන්න ඕන
    Imho if constructions has a quality which is common to "all" constructions. That quality can be
    Highlighted from any construction .

    මම නම් ගරු රේවත ස්වාමීන්වහන්සේ ට ගොඩක් ගරු කරනවා.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston

    පිස්සා ඩ්‍රයිවර් - රේවත කෝ - ප්‍රකම්පිත බකුලු කණ

    බොහොමත්ම ස්තුතියි මහත්තයෝ සංවාදයට. මේක රිලිජස් සෙක්ශන් එකේ දැම්ම නිසා තමා මම කොමෙන්ට් කලේ නැහ්නං මම කමෙන්ට් කරනේ නෑ මේවට. කොහොම වුනත් ඔබට ජය! සිතු පැතු ආකාරයෙන් නිර්වාණයම ලැබේවා කියල මම මෙතනින් චුත වෙනව එහෙනම් ඈ. බුදු සරණයි! 👍👍
     
    • Like
    Reactions: nipund

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මෙච්චර වෙලා ජාතික සමගියෙන් බෙග් ගේ සින්දුවක් දාගෙන දානේ බෙදුවා වගේ දිගටම කරගෙන පලයන් කා කොටාගන්නේ නැතුව, අර ගෝල් ෆේස් එකෙන් ආභාශය අරං.. :lol: :lol:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113

    පිස්සා ඩ්‍රයිවර් - රේවත කෝ - ප්‍රකම්පිත බකුලු කණ

    බොහොමත්ම ස්තුතියි මහත්තයෝ සංවාදයට. මේක රිලිජස් සෙක්ශන් එකේ දැම්ම නිසා තමා මම කොමෙන්ට් කලේ නැහ්නං මම කමෙන්ට් කරනේ නෑ මේවට. කොහොම වුනත් ඔබට ජය! සිතු පැතු ආකාරයෙන් නිර්වාණයම ලැබේවා කියල මම මෙතනින් චුත වෙනව එහෙනම් ඈ. බුදු සරණයි! 👍👍

    Mee thread eka balana godak un athi... so, ubata puluwan nam continue karapan uba danna eyak kiyala deela...

    ube video ela baluwa.. putajjanayek kohomada oka wadanne?

    haga (tree) eka gamuko..

    rupaya meyai (rupaya gaha?)
    rupaye samudaya (gasa peneemada?)
    rupaye hata noganeema mokakda?

    Thanks!
     
    Attachments

    • Screenshot 2022-04-28 170112.png
      Screenshot 2022-04-28 170112.png
      241.7 KB · Views: 47
    • Like
    Reactions: nipund

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පට ගාලා අනිත් අන්තෙට වැටුනා නේද දන්නේම නැතුව! :unsure: මෙහෙමයි මාත් මේ ෆීල්ඩ් එකේ ඉන්නකෙනෙක් විදියට ඕවා නිරීක්ෂනය කොලාම වෙන්නේ ඔවා "නැත" කියන තැනට වැටෙන්නේ නැහැ. ඇයි? යකෝ ලෙඩ්ඩු ඉන්නවා, ඩී එන් ඒ තියෙනවා, නැත වෙන්නේ කොහොමද?
    එතකොට හොයා ගන්නවා ආ..SNP (Single Nucleotide Polymorphism) තියෙනවා පොපියුලේශං එකේ. ඒකයි.. ඒ හින්දා දැන් සීක්වංසින් වලට බැහැලා සම්පූර්න ජිනෝමය සීක්වන්ස් (whole genome Sequencing) කොරලා බලලා කියනව අපි දැන් Personalized Medicine වලට යොමුවෙන්ට ඕනෑ කියලා.. ඕක නේ මහත්තයෝ ඇත්තටම වෙන්නේ. ඔය Sanofi, GSK, Pfizer වල ඉන්න සයන්ටිස්ලා සම්මා දිට්ටියට එනවද? හැබැයි මෙතන මහත්තයාත් වැරදි අන්තයකට වැටිලා, ඒකත් කණගාටුවට කරුණක්.

    බොහොම පිං මේ පිලිබඳව නිපුන්ඩීගෙ අත්දැකීම තවත් ඉස්සරහට අරන් ගියාට. ගොඩක් බෞද්ධයෝ පෙලඹෙනවා ආ "බුදුහාමුදුරුවො තමයි ඇත්ත කීවෙ විද්‍යාව බොරුයි" කියන්න. විද්‍යාවට කැමති සමහරු පෙලඹෙනවා "විද්‍යාව තමයි ඇත්ත බුදුහමුදුරුවො කීවෙ බොරුයි" කියන්න.

    හැබැයි ඔය දෙකෙන්ම "වැඩක් ගන්න" උදවිය කලින් දෙගොල්ලටම වඩා වටිනවා, වැඩක් ගන්න බැහැ කියන උදවිය තමනුත් නැසෙනවා අනුනුත් නසනවා.(y)හරියට අනිත්‍ය සංඥාව අවබෝධ නැති කෙනෙකුට කවදාවත් භාවනාවෙන් අනිත්‍ය සංඥාව වඩන්න බැහැ කියනවා වගේ.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93

    පිස්සා ඩ්‍රයිවර් - රේවත කෝ - ප්‍රකම්පිත බකුලු කණ

    බොහොමත්ම ස්තුතියි මහත්තයෝ සංවාදයට. මේක රිලිජස් සෙක්ශන් එකේ දැම්ම නිසා තමා මම කොමෙන්ට් කලේ නැහ්නං මම කමෙන්ට් කරනේ නෑ මේවට. කොහොම වුනත් ඔබට ජය! සිතු පැතු ආකාරයෙන් නිර්වාණයම ලැබේවා කියල මම මෙතනින් චුත වෙනව එහෙනම් ඈ. බුදු සරණයි! 👍👍
    🙏 ඔබතුමන්ටත් පතන්නාවු බෝධියකින් නිර්වාණය සාක්ශාත් කරගන්න ලැබේවා!! තෙරුවන් සරණයි.

    (y)හරියට අනිත්‍ය සංඥාව අවබෝධ නැති කෙනෙකුට කවදාවත් භාවනාවෙන් අනිත්‍ය සංඥාව වඩන්න බැහැ කියනවා වගේ.
    හරියට දන්නෙ නැති කෙනෙක්ට ලෞකික ලෝකය තුලවත් වැඩක් කරන්න පුලුවන් ද? දන්නෙනෑ කියලා දන්න කෙනෙක්ට නම් පුලුවන් ඉගෙන ගන්න.
    යමක් හරි හෝ වැරදි කියලා කියන්න නම් ඒක 100% දැන ගන්න ඕන.(මම imho කියන්නෙ එවැනි විට) . ඉතින් දන්නෙ නැති කෙනෙක් කෝමද අනිත්‍ය වඩන්නෙ. කෝමද වඩන එක හරිද දැනගන්නෙ. Imho දන්නෙ නැති කෙනෙක්ට පුලුවන් කියන එක contradiction එකක්.

    විද්‍යාව tool එකක් වැඩක් කරගන්න . මම කිව්ව උදාහරණය තුල තියෙන්නේ බෙහෙත් වල මූලික research එක වැරදි හොදටම. හැබැයි අපි panadol බොනවා ඔලුවෙ කැක්කුමට හොදත් වෙනවා. Panadol ගැන කරලා තියන research අරන් බලන්න . Pandol almost useless . ඒත් හොද වෙනවා
    ------ Post added on Apr 29, 2022 at 7:50 AM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    🙏 ඔබතුමන්ටත් පතන්නාවු බෝධියකින් නිර්වාණය සාක්ශාත් කරගන්න ලැබේවා!! තෙරුවන් සරණයි.
    ඊවිජේසේකර කියපු කාරණය සමහරවිට ඇනුම් පදයක් වගේ පේන්න ඇති. නමුත් ඒක ඇතුළෙ පැහැදිලි ගන්න දෙයක් තියනවා. මොන කෙස් පැලෙන තර්ක තිබ්බත් අන්තිමට ප්‍රායෝගිකත්වය ඉඩ දෙන්නෙ නැතිනම් මේ අපි කතාකරන ඒවා වචන විතරයි.

    අනිත්‍ය සංඥාව පැහැදිලිවම වඩන්න පුලුවන්, වැඩිය යුත්තක් කියලා බුද්ධ දේශනාව තිබෙද්දි. මහා තෙරවරු ඇතුලු විශාල සම්ප්‍රදායන් රාශියක් ඒ මතය පිලිගනිද්දි, ප්‍රායෝගික මාර්ගයක් ඉදිරිපත් කරද්දි, ඒ මාර්ගය ප්‍රතිඵල සහිතයි කියලා කාලයාගේ ඇවෑමෙන් යෝගීන් ප්‍රකාශ කරද්දි එසේ නෙමෙයි කියලා කරණ ප්‍රකාශ වලට මමත් කියන්නෙ "හිස් ප්‍රලාප" කියලා.

    ඔයා ෆිලෝසොෆිකලි ඉන්ක්ලයින්ඩ් නම් ඔයිට වඩා හොඳ වෙයි කියලා හිතෙන ථේරවාද සෝර්ස් එකක් මට සඳහන් කරන්න පුලුවන්.

    හරියට දන්නෙ නැති කෙනෙක්ට ලෞකික ලෝකය තුලවත් වැඩක් කරන්න පුලුවන් ද? දන්නෙනෑ කියලා දන්න කෙනෙක්ට නම් පුලුවන් ඉගෙන ගන්න.
    යමක් හරි හෝ වැරදි කියලා කියන්න නම් ඒක 100% දැන ගන්න ඕන.(මම imho කියන්නෙ එවැනි විට) . ඉතින් දන්නෙ නැති කෙනෙක් කෝමද අනිත්‍ය වඩන්නෙ. කෝමද වඩන එක හරිද දැනගන්නෙ. Imho දන්නෙ නැති කෙනෙක්ට පුලුවන් කියන එක contradiction එකක්.

    කෙටිම සහ සරලම පිළිතුර "ශ්‍රද්ධාව". තථාගතයන්ම දනියි, දන්නා වූ තථාගතයන් පිරිසිදුවූ මාර්ගය දේශනා කරයි. දන්නෙ නැති කෙනා දැනගැනීමට "කල යුත්ත" අහගනන්වා, අහගෙන කලයුතූ ආකාරය නිවැරදිව වටහාගෙන ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවා.

    (.......නුපස්සීව වාසය කරයි සහ ..........දැනගනියි කියලා දෙකම තිබෙනවා යන්න අමතක කරන්න එපා)

    දීර්ඝ පිලිතුරක් දෙන්න පුලුවන් තැනක්. නමුත් උදේ පාන්දරම වැඩ තිබෙනවා. බලමු පසුව මට, ගැලපෙයි කියලා හිතෙන පිලිතුරක් කල්පනා උනොත් දාන්නම්.
    ------ Post added on Apr 29, 2022 at 8:19 AM
     
    Last edited: