මාමයි බෑනයි - මුල ඉදන් පටන් ගමු නේ monson

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කවුද රට බංකොලොත් වීමේ හේතු හොයනවා දැක්කා


    J.R.-Jayewardene-Black-July-1983.jpeg




    Nothing seems to deter RW from repeatedly demonstrating self-serving methods of governance, and this extends to mobilizing support from the Rajapaksa clan and its close allies (fake dissidents of the previous government who are futureless, power-hungry, and opportunistic politicians), by promising ministerial posts and bribes. RW has again shown his willingness to align with anyone to secure power before immediately surrounding himself with an inner circle of close friends. However, the Movement remains steadfast in its demands: to see the Rajapaksa family depart from politics, establish a political culture of accountability, and foster leaders with impeccable credentials (something RW lacks).

    Considering RW’s arrogance, his unfounded and self-cultivated image as an intelligent and capable politician, and his belief that he, like the Rajapaksa’s, is the sole savior of the country, he is unlikely to listen to the wishes of the Movement. In a BBC interview where he was asked how he can run a government as a one-man party, RW’s arrogance was clearly illustrated when in his response, he compared himself to former UK Prime Minister Winston Churchill. While RW may be as arrogant as Churchill’s, he is in no way comparable to and in the same league as Churchill. But RW appears to have learned two things from Churchill. First, repeating his legacy even if it makes him unpopular, mimicking Churchill’s view that “if you are destined for hell, keep trying.” Second, following Churchill’s advice that “diplomacy [is] the art of telling people to go to hell in such a way that they ask for directions,” in his dealings with the Rajapaksa clan when they were desperate to escape public wrath. Be that as it may.

    වැඩිදුර කියවනවා නම් https://www.colombotelegraph.com/in...table-reason-for-the-aragalaya-to-stay-alive/




    1994 ඔක්තෝඹරයේ අපි යලිත් යාපනයේ සිටිද්දි ‘ පුස්තකාලයක් ගිනිතැබිම’ වාර්තා චිත්‍රපටයේ රූ ගතකිරීම් ආරම්භ කළෙමු. නිමලරාජන් මයිල්වාගනම් ස්වේච්ඡාවෙන්ම පර්‍යේෂක තනතුර ද පරිවර්තක තනතුර ද බාර ගත්තේය. අපි වැඩේට බැස්සෙමු. [මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් අපගේ ‘ඊළමේ ගෙවුණු දවස්’ ග්‍රන්ථයට එකතු කර ඇත] පොලිස් මැරයන් හා දේශපාලන මැරයන් යාපන පුස්තකාලය ගිනි තබද්දී, ‘ඉඩම්, වාරිමාර්ග සහ මහවැලි ඇමති ගාමිණි දිසානායක, සහ අධ්‍යාපන, රැකීරක්ෂා හා යෞවන කටයුතු ඇමති රනිල් වික්‍රමසිංහ, කර්මාන්ත ඇමති සිරිල් මැතිව් හා ධීවර ඇමති පෙස්ටස් පෙරේරා යාපන තානායමේ සිට නිරීක්ෂනය කරනු සියැසින් දුටු සාක්ෂි අපට හමු වුණේ ය. නියෝජ්‍ය ඇමති එස්. ජී පුංචිනිලමේ, නියෝජ්‍ය ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා, කුරුනෑගල දිසා ඇමති එස්. ජී. ප්‍රේමචන්ද්ර හා යාපනය දිසා ඇමති යු.බි. විජේකෝන් ද මේ අපරාධ කල්ලියේ සිටි බවට තොරතුරු ලැබුණේය. 1981 සංවර්ධන සභා චන්දයේ දී යාපනය කෙසේ හෝ දිනා ගැනීමට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ නියෝග ලබා පැමිනි පොලිස් බලකාය හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජාතික සේවක සංගමයේ සමාජික මැර හමුදාව යාපන දුම් රිය පොළට පැමිණි තැන් පටන් සාක්ෂි අපට හමුවුණේ ය. මේ ගවේෂනයේ වැදගත්ම තොරතුර වූයේ මැරයන් ගිනි තැබූ යාපන පුස්තකාලය නිවීමට රජයේ නාවික හමුදාව වතුර බවුසර ගෙන ඒමය. එහෙත් මේ නිල මැරයෝ නාවුක හමුදා ගිනි නිවීමේ කණ්ඩායමට දැවෙමින් තුබූ පොත් 95000 සහිත පුස්තකාලය බේරා ගැනිමට ඉඩ නොදුන්හ. මේ සාක්ෂි නිසා ‘යාපන පුස්තකාලය ගින් තැබුවේ රජයේ හමුදා ය’ යන චෝදනාවෙන් ඔවුන් නිදහස් වන්නේය.

    යලිත් යාපනය පුස්තකාලය අපේ මතකයට ආවේ 2022 වසරේ මැයි මාසයේ දී එජාපයට සිටි එකම මංත්‍රිවරයා වූ රනිල් වික්‍රමසිංහ කොළඹ 7, ක්‍රෙම්බ්‍රිජ් පෙදෙසේ තිබූ තම නිවස හා පුස්තකාලය ගිනි තැබීම ගැන විලාප කියද්දීය. බරපතල බෞද්ධයෙකුට මෙය දිට්ට ධම්ම වේදනීය කර්මය හෙවත් මෙලොව වශයෙන් දඬුවම් ලැබුණු කර්මයක් ලෙසින් පෙනුනත් අපට 1981 යාපනයේ සිදුවීම් නැවත ගවේෂණය කිරීමට බල කෙරුණේය. එහෙත් ලියූ වාර්තාව හෝ රූගත කෙරුණු කැසට් පට අප සතු නොවීය. එකම විසදුම වූයේ පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා හා පුවත්පත් වාර්තාවලින් මේ ඉතිහාසය යලි සොයා ගැනීමය. ඉහත කී ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් හා දිසා ඇමතිවරුන් මේ අපරාධවල නායකයන් බව පුවත්පත් වාර්තා හා හැන්සාඩ් වාර්තා තහවුරු කළේය. යාපනයේ සිදුවූ අපරාධ ගැන ගැන විවාදය 1981 ජුනි 9 සහ 10 දිනවල පැවැත්වෙද්දී එවාට භාදාකරමින් කතා කළේ, ඇමති සිරිල් මැතිව්, ඇමති ආනන්ද තිස්ස අල්විස් හා නියෝජ්‍ය ඇමති ජී.වී. පුංචිනිලමේ හා පානදුර මන්ත්‍රි දොස්තර නෙවිල් ද සිල්වා පමණි. සෙසු මැති ඇමතිවරු ගෝෂාකරමින් සිටියහ


    අපි 1981 යාපනය ගිනි තැබීමේ 42 වැනි සමරුව හා ඊට වසර 41කට පසු රනිල් වික්‍රමසිංහගේ නිවස ඇතුළු මැති ඇමතිවරුන්ගේ නිවාස 74 පමණ ගිනිබත් කිරීම සිහි කිරීමට මේ ග්‍රන්ථ සිහිවටනය ඔබට ඉදිරිපත් කරමු. සති දෙකකට ආසන්න කාලයක් පුරා මේ දේශපාලන මැරයන් මෙහෙය වූ අපරාධ ඉතිහාසය අපට අදට ඉතා වැදගත් වන්නේ එහි එක් නායකයෙකු වූ රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපතිවරයා වී සිටින නිසයි. මේ අපරාධ මෙහෙය වූ ඔහු දැන් ප්‍රජාත්න්ත්‍රවාදය හා සංවර්ධනය ගැන පොරොන්දු බෙදමින් සිටින්නේය. අනෙක් අතට මැර නායකයෙකු රටේ නායකයා වී සිටින කාලයක ඔහුට අභියෝග කල හැක්කේ මේ ඉතිහාසය ලියා තැබීමෙන් හා වර්තමාන හා අනාගත පරම්පරාවලට කියවා ගැනීමට අවස්ථාව සැලසීමෙනි. අප මේ කළේ ජනමාධ්‍යකරුවෙකු හැටියට අපේ වගකිම ඉටු කිරීමය. ඔබත් ඔබේ වගකීම ඉටුකරන්න.

    වැඩිදුර කියවනවා නම් https://nandanaweeraarathne.substack.com/p/1981-143?sd=pf


    FvN5cNVXsAE8Hyv



    You can read it using this link https://drive.google.com/file/d/1Y-Eje8DYkYPXDlmRTKxOXT25V-aurfzp/view?usp=sharing









    image.png



     
    Last edited: