දික්කසාදවූ_නොගැළපෙන ජෝඩුව-බ්‍රෙක්සිට්
ඉංග්‍රීසි ඕඩය දිගේ කේවල් කරන අසීරු යුගයක ඇරඹුම සහ දික්කසාද වූ නොගැළපෙන ජෝඩුව - බ්‍රෙක්සිට්
බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රි 11 ට මහා බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය සමග පැවති සිය වසර 47 ක දීගය නිමා කර තනිකඩ වීය.
මෙයින් උද්දාමයට පත්ව සිටින්නෝ බොහෝ ය. බ්‍රෙක්සිට් සඳහා, එනම් යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය එක්සිට් විය යුතුම බව පවසමින් ජනතාවගේ මනස සැදූ නයිජල් ෆෙරාජ්, කන්සවේටිව් නායක අගමැති බොරිස් ජොන්සන් ඒ අතර ඉහළින්ම සිටිති. මේ අතරවාරයේ, ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ද සිය දක්ෂිණාංශික නායක ට්‍රම්ප්ගේ සුබාශිංසන රැගෙන, වෙන්වීම සියැසින් ම දකිමින් මල් වෙඩි සමරන්නට එංගලන්තය බලා පැමිණීමට නියමිත ය.
නිසැක වශයෙන්ම ඉදිරියේදී එක්සත් රාජධානියට උදා වන්නේ සංක්‍රාන්ති සමයකි.
බ්‍රෙක්සිට් නිසා තව පැය කිහිපයකින් වෙනස් වන සහ වෙනස් නොවන බ්‍රිතාන්‍යයේ ඉරණම් කතාව සැකෙවින් මෙසේ ය.
එක්සත් රාජධානියේ සිටින යුරෝපා සංගම් මන්ත්‍රීවරුන්ට (MEPs) සිය ආසන අහිමි වේ.
2019 යුරෝපා සංගම් මැතිවරණයේදී වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත්තේ බ්‍රෙක්සිට් පක්ෂය විසිනි.
මේ අනුව එක්සත් රාජධානියේ යුරෝපා සංගම් නියෝජිත මන්ත්‍රීවරුන් 73 දෙනාටම යුරෝපා පාර්ලිමේන්තුවේ සිය ආසන ස්වයංක්‍රීයව අහිමි වේ. ඒ අතර දැඩි බ්‍රෙක්සිට්වාදීන් වන නයිජල් ෆෙරාජ් ද සිටියි. එසේ ස්වයංක්‍රීයව ඔවුන් යුරෝපා පාර්ලිමේන්තුවෙන් පිටමං කෙරෙන්නේ බ්‍රෙක්සිට් සිදුවූ සැණින්, යුරෝපා සංගමයේ සියලු දේශපාලන ආයතන සහ කාරක ආයතනවලින් ඔවුන්ට ඉවත් වීමට සිදුවන බැවිනි. නමුත් සංක්‍රාන්ති සමය අවසන් වන තෙක් එක්සත් රාජධානියට තමන්ගේම ජීවිතයක් ආරම්භ කළ නොහැකි ය. මේ සංක්‍රාන්ති සමය තුළ යුරෝපා පාර්ලිමේන්තුවෙන් ඔවුන් පිටමං කළත්, යුරෝපියානු යුක්ති අධිකරණය (European Court of Justice) තවදුරටත් එක්සත් රාජධානියට අදාළව ක්‍රියාත්මක වේ. එය ඔවුන්ගේ ආරාවුල් සම්බන්ධයෙන් අවසානාත්මක තීන්දු ලබාදෙන විනිශ්චයාධිකාරිය ලෙස තවදුරටත් පවතිනු ඇත.
පහත ඡායාරූපයේ දැක්වෙන්නේ බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ පිහිටා ඇති යුරෝපා සංගම් මූලස්ථානයෙන් මහා බ්‍රිතාන්‍යයේ ජාතික ධජය ඉවත් කර දමන ආකාරයයි.
යුරෝපා සංගම් සමුළු අකැප වෙයි!
අනාගතයේදී එක්සත් රාජධානි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හට යුරෝපා කවුන්සිලයේ සමුළුවලදී යුරෝපා රටවල රාජ්‍ය නායකයන් මුණ ගැසීමට අවශ්‍ය නම්, ඒ සඳහා ඔහුට අවස්ථාව නොලැබෙනු ඇත. එසේ වීමට නම් බොරිස් ජොන්සන්, විශේෂ ආරාධනයක් ලැබිය යුතු වේ.
මේ අතර, මත්ස්‍ය කර්මාන්තයේ සීමා යනාදිය ගැන සාකච්ඡා කිරීමට මේ දක්වා එක්සත් රාජධානි ඇමතිවරුන් නිරන්තරයෙන්ම වෙනත් යුරෝපා රටවලට සංචාරය කළ නමුත්, එවැනි අවස්ථා ද ඔවුන්ට අහිමි වනු ඇත.
භාණ්ඩ හා සේවා ගැන ලෝකය සමග අලුතනේම කතා කරන්නට සිදු වේවි!
එක්සත් රාජධානියට භාණ්ඩ හා සේවාවන් අලෙවිය හා මිලදී ගැනීම් පිළිබඳ නව රීති සකස් කර ගැනීමට සිදුවේ. මේ සඳහා මුළු ලෝකයම සමග අලුතෙන් වැඩ කිරීමට ද ඔවුන්ට සිදු වේ.
යුරෝපා සංගමයේ සාමාජිකයෙක් ලෙස සිටියදී මහා බ්‍රිතාන්‍යයට ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල් සමග විධිමත් වාණිජ ගනුදෙනුවලට එළඹීමට හැකියාවක් තිබුණේ නැත. බ්‍රෙක්සිට් වලට හුරේ දමන්නන් දිගින් දිගටම කියා සිටියේ බ්‍රෙක්සිට් සමග ලැබෙන මේ නිදහස සමග ඔවුන්ට එක්සත් රාජධානි ආර්ථිකය වැඩි දියුණු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි. ඔස්ට්‍රේලියාව කෙසේ වෙතත්, ඇමරිකාව නම් ඔවුන් පිළිගන්නට දෑත් විදහා බලා සිටියි. කෙසේ නමුත් මේ වාණිජ ගනුදෙනුවලදී ඔවුන් සාර්ථක වේ ද යන්න අනාගතයට අයිති කාරණයකි. තවද යම්කිසි වාණිජ ගනුදෙනුවක් සාකච්ඡා කෙරුණද, සංක්‍රාන්ති සමය ආරම්භ වන තෙක් ඒ කිසිවක් විධිමත් ලෙස ආරම්භ කිරීමට එක්සත් රාජධානියට හැකි වන්නේ නැත.
UK පාස්පෝට් එකේ පාට වෙනස් වේවි!
අවසාන වශයෙන් එක්සත් රාජධානි විදේශ ගමන් බලපත්‍රයේ පැහැය වෙනස් වූයේ 1988 වසරේදී ය.
වත්මන් බර්ගන්ඩි පැහැයේ (රතු දුඹුරු පැහැයේ) එක්සත් රාජධානි විදේශ ගමන් බලපත්‍රය 1988 වසරට ම ආපසු යනු ඇත. එනම්, වසර 30 ක් තිස්සේ පැවති වර්තමාන විදේශ ගමන් බලපත්‍ර, අලුත් කිරීමේදී සහ අලුතෙන් නිකුත් කිරීමේදී පෙර පැවති නිල් පාටින්ම මුද්‍රණය කිරීමට සිදු වේ. 2020 මැද භාගයේදී නව වර්ණයෙන් යුක්තව එය මුද්‍රණය කරනු ඇත. මුලින්ම මේ නිල්-රන්වන් පැහැයෙන් යුක්ත පාස්පෝට් බ්‍රිතාන්‍යය පාවිච්චි කළේ 1921 වසරේ දී ය. එනම්, දළ වශයෙන් සියවසකට පෙර ය.
බ්‍රෙක්සිට් කාසි!
බ්‍රෙක්සිට් ප්‍රමාදයත් සමග කාසි අලුතෙන් සාදන්නට සිදු විය.
ජනවාරි 31- ‘‘සියලු ජාතීන් සමග සාමය, සෞභාග්‍යය සහ මිත්‍රත්වය‘‘ "31 January" "Peace, prosperity and friendship with all nations"
හෙට දිනයේ පටන් මහා බ්‍රිතාන්‍යයේ සංසරණය වනු ඇත්තේ මේ වදන් ඔබ්බවා ඇති අලුත් කාසි ය.
බ්‍රෙක්සිට් වලින් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල ගැන අවදියෙන් සිටින ජනතාව පවසා තිබෙන්නේ තමන් මේ කාසි ප්‍රතික්ෂේප කරන බව ය.
බ්‍රෙක්සිට් සැබවින්ම සිදුවීමට නියමිත ව තිබුණේ 2019 ඔක්තෝබර් මාසයේදී ය. එවකට පැවති තෙරේසා මේ ගේ ආණ්ඩුව විසින් මේ දිනය සහිතව කාසි සාදා තිබුණත්, අවසානයේ බ්‍රෙක්සිට් ප්‍රමාද වීම හේතුවෙන් ඒ කාසි උණු කර ජනවාරි 31 සහිත නව කාසි නිපදවන්නට මහා බ්‍රිතාන්‍යයට සිදු වී තිබේ.
‘බ්‍රෙක්සිට් දෙපාර්තමේන්තුව‘ වසා දැමේ!
බ්‍රෙක්සිට්වලට අදාළව UK-EU සාකච්ඡා හැසිරවූ ‘බ්‍රෙක්සිට් දෙපාර්තමේන්තුව‘ අහෝසි වන්නේ යුරෝපා සංගමය සමග සියලු සාකච්ඡා අවසන් නිසා ය. ඉදිරියේදී යම් සාකච්ඡාවක් සිදු වේ නම් එය සිදුවනු ඇත්තේ ලන්ඩනයේ අගමැති කාර්යාලය වන ඩව්නින් ස්ට්‍රීට් හි අංක 10 දී ය.
ජර්මනිය එංගලන්ත වැසියන් උදර්පණය කිරීම නතර කර දමනු ඇත!
ජර්මනියට පළා එන බ්‍රිතාන්‍ය ජාතික අපරාධ සැකකරුවන් පිටුවහල් කර නැවත මහා බ්‍රිතාන්‍යයටම භාරදීම ජර්මනියේ මෙතෙක් පැවති සිරිතයි. නමුත් ජර්මානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මෙසේ උදර්පණය කළ හැක්කේ තවත් යුරෝපා සංගම් රටකින් පැමිණෙන්නන් පමණකි.
මෙහි ප්‍රතිඵලය වනු ඇත්තේ ජර්මනියට පැමිණෙන එක්සත් රාජධානියේ අපරාධ සැකකරුවන්, ජර්මානු නීතිය අනුව නඩු අසා දඬුවම් ලැබීමයි.
බ්‍රෙක්සිට් නිසා මෙතෙක් වන බව කියූ මහා අවුල, දැන් ඇත්තටම සිදුවන්නට නියමිත ය. නමුත් නිගමනයක පැමිණෙන්නට පෙර පහත කරුණු 6 ත් කියවන්න!
දික්කසාද වූ බ්‍රිතාන්‍යය ‘ලිවින් ටුගෙදර්‘ වන හැඩ!
බ්‍රෙක්සිට් සිදුවූ වහාම සංක්‍රාන්ති සමය ඇරඹෙයි.
මේ සංක්‍රාන්ති සමය අවම වශයෙන් මාස 11 ක කාලයක් එනම්, 2020 දෙසැම්බර් 31 දක්වා පවතිනු ඇත. ඒ කාල සීමාව තුළ නොවෙනස් වන දේවල් මේවා ය.
විදෙස් ගමන්
සංක්‍රාන්ති සමය තුළ පමණක් එක්සත් රාජධානි පුරවැසියන්ට යුරෝපා සංගමයෙන් පෙර සැලකුමම ලැබෙනු ඇත.
ගුවන් යානා, බෝට්ටු සහ දුම්රිය පෙර පරිදිම ක්‍රියාත්මක වනු ඇත. සංක්‍රාන්ති සමය තුළ පමණක්, එක්සත් රාජධානි පුරවැසියන් හට යුරෝපා සංගමයෙන් පැමිණෙන්නන්ට වෙන් වූ පෝලිම්වල ඉඩ ලැබේ. ඉන්පසු ඔවුන්ට පෝලිම් ද අහිමි වනු ඇත.
රියැදුරු බලපත්‍ර සහ පෙට් පාස්පෝට්
රියැදුරු බලපත්‍ර සහ සුරතල් සතුන් ගුවනින් ප්‍රවාහනය කිරීමට අදාළ පෙට් පාස්පෝට්, ඒවා අවලංගු වන දිනය දක්වා වලංගු තත්වයේ පවතිනු ඇත. නමුත් ඒ තත්වයෙන් අලුත් කර ගත නොහැකි වනු ඇත.
යුරෝපියානු සෞඛ්‍ය රක්ෂණ කාඩ්පත් European Health Insurance Card (EHIC)
සංක්‍රාන්ති සමය තුළ පමණක් වලංගු යුරෝපියානු සෞඛ්‍ය රක්ෂණ කාඩ්පතක්
රෝගී තත්වයකදී හෝ හදිසි අනතුරකදී පාවිච්චි කිරීම සඳහා එක්සත් රාජධානි රජය විසින් හඳුන්වා දී ඇති සෞඛ්‍ය රක්ෂණ කාඩ්පත් ඕනෑම යුරෝපා සංගම් රටකදී පාවිච්චි කළ හැකි විය. ඒවා ස්විට්සර්ලන්තය, නෝර්වේ හා අයිස්ලන්තයේදී ද මෙතෙක් වලංගු විය. නමුත් එක්සත් රාජධානියට මේ අවස්ථාව හිමි වන්නේ සංක්‍රාන්ති සමය අවසන් වන තෙක් පමණි.
එක්සත් රාජධානිය තුළ ජීවත් වීම සහ වැඩකිරීම
නිදහසේ ගමන් බිමන් යාමේ හැකියාව සංක්‍රාන්ති සමය තුළදී එලෙසින්ම පවතිනු ඇත. ඒ අනුව එක්සත් රාජධානි පුරවැසියන්ට යුරෝපා සංගමයේ ඕනෑම රටක් තුළදී සිය නීතිමය තත්වය එලෙසින්ම පවත්වා ගැනීමට සංක්‍රාන්ති සමය තුළ පමණක් හැකියාව ලැබේ. ඉන්පසු සියල්ල අවුල් ජාලයක් බවට ද පත්වීමට ඉඩ තිබෙන්නේ ඔවුන්ගේ රැකියා ලයිෂන් පවා වෙනස් වීමට නියමිත නිසා ය. මේ තත්වය, එක්සත් රාජධානිය තුළ සිටින යුරෝපා සංගම් රටවල පුරවැසියන්ට ද අදාළ ය.
විශ්‍රාම වැටුප්
වාර්ෂික විශ්‍රාම වැටුප් වැඩිවීම් සමගින් යුරෝපා සංගම් රටවල් තුළ වෙසෙන එක්සත් රාජධානි පුරවැසියන්ට සිය විශ්‍රාම වැටුප් ප්රතිලාභ, සංක්‍රාන්ති සමය අවසන් වන තෙක් එලෙසින්ම ලැබෙනු ඇත.
යුරෝපා සංගම් අයවැය එලෙසින්ම පවතියි!
යුරෝපා සංගමයේ අයවැය (EU budget) සඳහා සංක්‍රාන්ති සමයේදී එක්සත් රාජධානිය ඒ අයුරින්ම සිය ගෙවීම් සිදුකරගෙන යායුතුය. ඒ අනුව මේ වසර තුළදී ද එක්සත් රාජධානියට යුරෝපා සංගම් අරමුදල් එලෙසින්ම ලැබෙනු ඇත. ඉන්පසු සියල්ල නතර වනු ඇත.
ස්කොට්ලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ උද්ඝෝෂණ
මහා බ්‍රිතාන්‍යය සමන්විත වන්නේ එංගලන්තය (එක්සත් රාජධානිය), ස්කොට්ලන්තය සහ වේල්සයෙනි. මේ අතරින් ස්කොට්ලන්තය සපුරාම බ්‍රෙක්සිට්වලට විරුද්ධව සිය මනාපය පළ කළ දේශභූමීන් ය.
මේ අනුව, බ්‍රෙක්සිට්වලට එකහෙළාම විරුද්ධ වූ, එනම් තමන්ට යුරෝපා සංගමය සමග සිටීමට අවශ්‍ය යැයි එක හඬින් කියා සිටි ස්කොට්ලන්තය පුරා, ශෝකය පළ කරමින් රාත්‍රියේ පහන් එළි විරෝධතා සිදුවිය.
මේ අතර, ස්කොට් ආණ්ඩුවේ ප්‍රධානියා හෙවත් Scotland’s First Minister වන නිකොලා ස්ටර්ජන්, යුරෝපා සංගම් ධජයේ ඡායාරූපයක් සමගින් ට්විටර් පණිවුඩයක් එක් කර තිබුණේ ස්කොට්ලන්තය නැවතත් යුරෝපයේ හදවත වෙතට යනු ඇති බව පවසමිනි. “Scotland will return to the heart of Europe as an independent country – #LeaveALightOnForScotland”
වෙන් වූ මහා බ්‍රිතාන්‍යෙයන් නිදහස ලබාගැනීම සඳහා ස්කොට්ලන්තයට ජනමත විචාරණයක් ලබාදෙන ලෙසට ද ඇය විසින් මේ වන විට ඉල්ලීමක් ඉදිරිපත් කරයි.
යුරෝපයෙන් ඉවත් වූ පසුව වේල්සය යුරෝපියානු රටක්ලු!
වේල්ස් ආණ්ඩුවේ ප්‍රධානී මාක් ඩ්රැක්ෆෝල්ඩ් පැවසුවේ වේල්සය තවදුරටත් ‘යුරෝපියානු ජාතියක්‘ ලෙස පවතිනු ඇති බවයි. යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ඡන්දය පළ කළ පසුව ඔහු එසේ කියන්නේ කුමන පදනමකින්දැයි විචාරකයෝ ප්‍රශ්න කරති.
නයිජල් ෆෙරාජ්ගෙන් දේශානුරාගී ගී!
මේ අතර ‘බ්රෙක්සිටියර්ස්‘ (Brexiteers) හෙවත් බ්‍රෙක්සිට් සඳහා සහාය පළ කළෝ, ලන්ඩනයේ පිහිටි පාර්ලිමේන්තු චතුරස්රයේ රැස්ව ප්‍රීති ඝෝෂා සැමරූහ.
බ්‍රෙක්සිට් පක්ෂය විසින් කල් තබාම තැබෑරුම්, අවන්හල් ආදිය මේ අවස්ථාව සඳහා වෙන් කර ගෙන තිබූ අතර, ඒවායේ ඔවුහු සාද පැවැත්වූහ. නයිජල් ෆෙරාජ් ඇතුළු බ්රෙක්සිටියර්ස්ලා දේශප්‍රේමී ගීත ගයමින් උද්වේගකර කතා ද පැවැත්වූහ.
‘‘මේක නූතන ඉතිහාසයේ සහ අපේ ශ්‍රේෂ්ඨ ජාතියේ ශ්‍රේෂ්ඨ මොහොතයි‘‘ යැයි බ්‍රෙක්සිට් පක්ෂ නායක නයිජල් ෆෙරාජ් පැවසුවේය.
බොරිස් ජොන්සන්ගේ පණිවුඩය
බ්‍රෙක්සිට් සිදුවීමට හරියටම පැයකට පෙර සමාජ ජාල වෙත පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මෙසේ කීවේය.
‘‘බොහෝ දෙනෙකුට මෙය බලාපොරොත්තුවේ විස්මයජනක මොහොතයි. කිසිදා උදා නොවේ යැයි සිතූ මොහොතයි…
‘‘ඒ වගේම බොහෝ දෙනෙකුට මෙය කාංසාව සහ අහිමිවීම ගැන හැඟීමක් ගෙනැවිත් තිබෙනවා..
‘‘ඒ වගේම ඇත්ත වශයෙන්ම තුන්වැනි කණ්ඩායමකුත් සිටිනවා. ඒ තමයි, දේශපාලනික වියවුල් කිසිදා අවසන් නොවේවි කියා සිතන අය…‘‘
ඉන්පසු සුපුරුදු පරිදි යුරෝපා සංගමයට සහ එක්ව සිටීමට විරුද්ධව කතා කළ ඔහු පැවසුවේ, යුරෝපා සංගමය පරිණාමය වී තිබෙන්නේ මේ රටට නොගැළපෙන අවුරුදු 50 ක් පැරණි දිශාවකට බවයි.
ඉංග්‍රීසි ඕඩය දිගේ කේවල් කරන අසීරු යුගයක ඇරඹුම සහ දික්කසාද වූ නොගැළපෙන ජෝඩුව
පහත දැක්වෙන්නේ BBC දේශපාලන සංස්කාරක ලෝරා කුවන්ස්බර්ග් විසින් බ්‍රෙක්සිට් පිළිබඳ ඉදිරිපත් කරන දේශපාලන විග්රහයේ සාරාංශයකි.
https://www.bbc.com/news/correspondents/laurakuenssberg
‘‘යුරෝපා සංගමයෙන් ඉවත් වුවද, කිසි කතාවක් නැතිව මේ වසර අග වන තෙක් අප ඔවුන්ගේ රෙගුලාසි පිළිපැදිය යුතුය.
‘‘40 වසරකට අධික කාලයකට පසුව අපි වෙන්වෙන්නෙමු. නමුත් මතක තබා ගන්න, දැන් පවතින්නේත් කලින් තිබූ තත්වය (status quo)ම බව..
‘‘බ්‍රිතාන්‍යය – තවමත් එකම නිවස සහ එකම වියදම් බෙදා ගන්නා – අවසානයේ දික්කසාද වූ නොගැළපෙන ජෝඩුවකි..
‘‘අගමැතිවරයා විසින් නව යුගයක්, නව අළුයමක් ලෙස වර්ණනා කළද දැන් ඇරඹෙන්නේ ඉංග්‍රීසි ඕඩය දිගේ වෙසෙන අසල්වැසියන් සමග අසීරුවෙන් කේවල් කළ යුතු මාස ගණනකි…‘‘
පසුවදනක්
අවුරුද්දක් යනු දිගු කාලයකි. මේ කාලය තුළ සිදුවිය නොහැක්කේ මොනවාද? යුරෝපා සංගමය නැවත නැවතත් කියා සිටින්නේ, ‘‘ආපහු ගෙදර එන්න.. ඕනෙම වෙලාවක ඔබව පිළිගන්නවා..‘‘ කියා ය.
දික්කසාද වන නමුත්, එක් අවුරුද්දක් යුරෝපා සංගමය සමග එක ගෙයි වසන්නට එක්සත් රාජධානියට සිදු වේ. ඒ එක් අවුරුද්ද අවසාන වන විට මේ දෙපළ නැවත විවාහ වන්නටත් ඉඩ තිබේ!
කෙසේ නමුත් මහා බ්‍රිතාන්‍යයට පමණක් නොව මුළු ලෝකයටම දැන් උදා වී තිබෙන්නේ සංක්‍රාන්ති සමයකි. ට්‍රම්ප්ලාගේ, බොල්සොනාරෝලාගේ, බොරිස් ජොන්සන්ලාගේ දක්ෂිණාංශික රැල්ල ලොව පුරා පැතිර යද්දී සොබාදම් මව කුපිත වූයේ කලින් කියමින් නොවේ. එක් පැත්තකින් ඔස්ට්‍රේලියාව ගිනි ගත්තේය. ඒ ගිනි නිවන්නට ඇයටම සිතී වැසි වස්සවන විට එය මහා ගං වතුරක් බවට පත් වුණේය. ඒ ගං වතුර අඩු වන විට කෘමී උවදුරක් ඇති වුණේය. ඔස්ට්‍රේලියාව නිශ්චල වන්නට යන විටම නවසීලන්තයේ ගිනි කඳු පිපිරුණු අතර, මේ වන විට පිලපීනයේ ගිනි කඳු පුපුරා තිබේ. කැරිබියානු මුහුදේ රික්ටර් ඒකක 7.7 ක භූමි කම්පනයක් සමග සුනාමි උවදුර හටගත්තේ මෙයට දෙදිනකට පෙර ය.
මුළු ලෝකයම මේ විපත් සමග පාරිසරික හදිසි තත්වයන් සංවේදී වෙමින් සිටියදී මහා බ්‍රිතාන්‍යය කළේ ගෙට වීමයි! ගෙට වී දොරගුළු දමා ගැනීමයි! ලොවම ගිනි ගනිද්දී වීණා වයන නීරෝ බවට තව පැය කිහිපයකින් බ්‍රිතාන්‍යයේ බොරිස් ජොන්සන් පත් වනු ඇත.
මහා බ්‍රිතාන්‍යයේ මේ බ්‍රෙක්සිට් ආදර්ශය නිසා හෙට සිට කුල්මත් වන ජාතීන් ද සිටින බව ඉන්තේරුවෙන්ම කිව හැකිය. කදිමය. ලොවම මේ බ්‍රෙක්සිට් පරිච්ඡේදය ආදර්ශයට ගතහොත් කුමක් සිදුවනු ඇත්ද? ගෙයි වහලය සුළි සුළඟට ගසාගෙන යන තෙක්ම දොරගුළු දමාගෙන සිටින බ්‍රිතාන්‍යය ඉදිරි මාස 12 තුළ ලොවට කියා දෙනු ඇත්තේ ඒ පාඩමයි!
කැමති නම් මටත් Rep+ ටිකක් දීගෙන යන්න