මාමා_ලේලි

signshop

Well-known member
  • May 30, 2011
    12,161
    8,865
    113
    Dubai
    මගුල් දා මාමා හොඳටම බීලා ලේලියට දන ගහලා වැඳලා

    පසුගිය 20 වැනි දින සිට 22 වැනි දින දක්වා මඟුල් නැකැත් රැසක් තිබූ නිසා සෑම ගමකම විවාහ මගුල් සිදුවන අයුරු දැක ගත හැකිවිය. කතරගම නාගහවීදිය ගමේ තරුණියක් මිරිස්ස පැත්තේ තරුණයකු ට විවාහ කරදීමේ උත්සවයක් ද ඉතා ජයට පැවැත්විණ. පවුලේ එකම දියණිය නිසා මව්පියෝ ගොඩක් සල්ලි වියදම් කර තිබූ අතර මෙම මඟුලට අෂ්ඨක කියවීම හා පෝරුවේ චාරිත්‍ර ඉටු කිරීම පිණිස ඈතක සිටින ඥාතිවරයකුද ගෙන්වා ගෙන තිබිණ.
    මංගල යුවළ පෝරුවේ සිටුවා සියලුම චාරිත්‍ර කිරීම මනාලියගේ ඥාති මාමා විසින් සිදු කරනු ලැබීය. පැමිණි සැමටම ඇති තරම් බීමට මත්පැන් ද සූදානම් කිරිමට මව්පියන් කටයුතු කළ අතර බොහෝ අය ඇවිද ගැනීමට පවා නොහැකි පරිදි මත්පැන් පානය කර මඟුලට රැගෙන ආ මුදල් තෑගිද නොදී වෙරි පිට යන්නට ගිය අතර අෂ්ඨක කියවීමට පැමිණි මාමාද හොඳින් සප්පායම් වූයේ සිය බිරිඳ නිවසින් එනවිට ලබා දුන් අවවාදයන්ද අමතක කර දමමින්ය.
    මනාලිය නිවසින් පිට වන අවස්ථාව ළං විය. සියලුම ඥාතින්ට බුලත් හුරුළු දී මනාලිය වැඳ සමු ගන්නා අවස්ථාව සිදුවෙමින් පැවතිණ. මෙම අවස්ථාවේ දී මනාලියට අවස්ථාව ලැබුණේ පොරුවේ අෂ්ඨක කියවීමට පැමිණි මාමාට හා නැන්දාට බුලත් දී වැඳීමටයි. කඳුළු පිරි දෙනෙතින් මනාලිය, මාමාට හා නැන්දාට බුලත් හුරුළු දී වැඳීමට සැරසුනත් හොඳටම වෙරි වී සිටි මාමා “එපා දුවේ මට වදින්න. මමත් දුවට ගරු කරන්න ඕනි. මමත් දුවට වඳිනවා” යැයි පවසමින් මාමා මනාලිය ඉදිරිපිට දන ගසා ඇයට වැන්දේය. එය දුටු පිරිස සිනාසුණේ බඩවල්ද අල්ලා ගෙනය. නැන්දා ලැජ්ජාවෙන් හනිකට ගෙට දුව ගෙන ගියේ “මේ යකා බී ගත්තොත් මොකක් හරි අලුගොත්තේරු වැඩක් කරනවා” යැයි කියමින්ය.

    :lol::lol::lol:

    Source:.. 2013 මැයි 23 lakbima :yes:
     
    • Like
    Reactions: kasun757