මාරක දිනය (පළමු කොටස)

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    මාරක දිනය (පස් වැනි කොටස)

    යේසු ප්‍රතිමාවේ දුක්බර මුහුණ සහ ඔහුගේ සිරැර මතින් ගලායන රැධිරය දෙස ඔහු මෝහණයකින් මෙන් බලා සිටින්නට වූ අතර ඔහුගේ අත පයෙහි දැනී ගිය ශක්තිය වඩ වඩාත් ප්‍රභලව නැගී යන බවක් ඔහුට දැනිනි. ඔහුගේ දෑස්, රැධිරයෙහි රත් පැහැය උරා බීමට තැත් කරන බවක් කොෆීට හැගිනි. එම දෑස් එහි කෙවෙනි වලින් එලියට පැනීමට මෙන් විශාල වී තිබිනි. එමෙන්ම තම දිවට එම රැධිරයෙහි රසය දැනී යන බවක් ඔහුට හැගුනි. මේ අතර, ඔහුගේ අත පයට දැනුනු ශක්තිය විනාඩියෙන් විනාඩිය වඩ වඩාත් දැඩි වනුද, ඔහුගේ පපුව තුල ඇවිළුනු ගිනි සිළුව, එය මත පෙට්‍රෝල් ටිකෙන් ටික වක්කරන විට මෙන් වඩ වඩාත් මෙලවී යනුද ඔහුට දැනිනි. මේ අතර තවත් වෙනසක් කොෆීගේ හිස තුල ඇතිවන්නට විය. තම හිස තුල ඇතිවූ මේ අද්භූතජනක හැගීම ඔහුට සිහි කලේ, මිනිසෙකුගේ ඝණැති සිරැර ඔහුගේ සියුම් සිරැරෙන් වෙන් වී යාමේ පාරභෞතික සංසිද්ධියයි. දැන් කුමක් දැයි අමතකව ගිය කිසියම් පොතකින් හෝ සගරාවකින් මේ ගැන තමා කියවා ඇති බවක් ය ඔහුට සිතුනේ. මිනිසෙකු මිය යාමට ආසන්නයේදී හෝ දරැණු අනතුරකට ලක් වූ විටදී හෝ, එසේත් නැතිනම් සිතා මතාම භාවිතා කල හැකි යම් යම් ක්‍රියා මාර්ග වලින්, ඝණ සිරැරෙන් සියුම් සිරැරෙන් වෙන් කල හැකි බව ඔහු කොහෙන් හෝ කියවා තිබුනි. එයින් එක් ක්‍රමයක් වූයේ, මාංශපේශීන්ගෙන් යුතු ඝණ සිරැර ඇදෙහි නිදා සිටිද්දී, සියුම් සිරැර හෙවත් "ඇස්ට්‍රල්" ශරීරය ඇදෙන් නැගිටින සැටි තරයේ මනසේ මවා ගැනීමයි. ජපන් "යින්-යෑන්" සළකුනෙහි ශ්වේතවර්ණ අර්ධයත් කාලවර්ණ අර්ධයත් වෙන් කරන රිදීමුවා දාරය බදු, නින්දත් නොනින්දත් අතර පවතින සියුම් සිහිනමය අවකාශය තුළදී මෙය සිදු කිරීමේ වඩාත් පහසු බවටය මතය වූයේ. කෙසේ හෝ මෙය සාර්ථකව සිදු කිරීමට හැකියාව ඇත්තෙකුට, තමා ඇද මත නිදන ආකාරය, ඇදෙන් නැගිට තමාටම දැකගත හැකිය. තම මාංශමය ශරීරය එසේ නිදා සිටිද්දී, තම සියුම් ශරීරයෙන් ඔහුට හෝ ඇයට ගමන් කිරීමට හැකිය. මෙයට පාරභෞතිකවාදීන් භාවිතා කල ඉංග්‍රීසි වචනය වූයේ "ඇස්ට්‍රල් ප්‍රොජෙක්ශන්" යන්නයි. කොෆීටද හැගුනේ තම ශරීරයෙන් තමා පිටව යාමට ආසන්න බවකි. සැබැවින්ම තමාට දැන් මෙය සිදුවෙතැයි අපේක්ෂාවක් ඔහුට ඇති විය.

    සුළු වේලාවක් හෝ බොහෝ වේලාවක් ගෙවී ගියේය. කාලය පිළිබද සංවේදනය සම්පූර්ණයෙන්ම ඔහු වෙතින් මේවන විට ඉවත් වී ගොස් තිබුනෙන්, එය සුළු වේලාවක්ද බොහෝ වේලාවක් දැයි ඔහුට හැගීමක් තිබුනේ නැත. තමා නූලකින් එල්ලූ රෑකඩයක් වැනි යැයි ඔහුට හැගීමක් පහල විය. එහෙත් ඔහු අපේක්ෂා කල "ඇස්ට්‍රල් ප්‍රොජෙක්ශන්" සංසිද්ධිය ඇති වන බවක් පෙනුනේ නැත. එහෙත් වෙන කිසියම් දෙයක් සිදු වෙමින් තිබිනි. එනම්, සිරැර නොව, එකපිට ඇලවූ කොල දෙකක් දෙපසට ගලවන්නාක් මෙන්, ඔහුගේ සිත පළු දෙකකට බෙදී යාමට පටන් ගෙන ඇති බවකි ඔහුට දැනුනේ. මෙම හැගීම මුලින් සෙමෙන් ඇරඹී, පසුව වඩාත් වේගවත් වන්නට විය. කොෆී නැමති මිනිසාගේ සිත ඉදිරි පසටත්, "තම" සිත පසු පසටත් ගැලවී යන බවකි ඔහුට පෙනුනේ. මෙම "ගැලවීමේ" ක්‍රියාවලිය සිදුවෙමින්.. සිදුවෙමින්, අවසානයේද කොෆී නැමති කොලය එක් පසෙකටත්, "තමා" නැමති කොලය අනෙක් පසටත් සම්පූර්ණයෙන්ම ගැලවී ගියේය. මෙවිට, කොෆී නැමති කොලයේ ලියා ඇති දිගු ලිපිය, හෙවත් කොෆී නැමති මිනිසාගේ මුළු ජීවිත කථාන්තරයම, මෙම "අළුත්" සිතට සහ විඥ්‍යාණයට කියවීමට හැකියාව ඇති විය. එමෙන්ම, උදෑසන ඇදෙන් නැගිට, ඔහුගේ බිරිය දුන් කෝපී කෝප්පය පානය කල මිනිසාද, ඉන්පසු ඔහුගේ නිවසින් පිටතට විත් මාර්ගය දිගේ ඉහලට ගමන් කල මිනිසාද, ඒ යන අතර මගදී අවන්හලක් ඉදිරිපිට මිනිසෙකු සහ ඔහුගේ කුඩා දියණියද, තම මිතුරෙකු ද දුටුවා යැයි සිතූ මිනිසාද, තවදුරටත් එසේ ගමන් කරමින් අවසානයේ දේවස්ථානය අසල නැවතුනු මිනිසාද, එතැනදී නාදුනන ගැහැනියකගේ සිපුම් වලටද, අනුතරැව ඇගේ තර්ජනයකට ආසන්න වදන් වලට සවන් දුන් මිනිසාද, අවසානයේදී මෙම විශාල දේවස්ථානයේ පඩි පෙල නැග, එහි ආසන පේලි මැදට ඇවිද ආ මිනිසාද, තමා නොවන බව මෙම "අළුත්" විඥ්ඥාණයට අවබෝධ වීමට ගතවූයේ තත්පරයකින් දාහෙන් නැතිනම් දසදහසෙන් පංගුවක්... -- නැත, එය තත්පර වලින් හෝ තත්පරයෙන් පංගු වලින් මැනිය නොහැකි විය. මන්දයත්, කාලය යන සංකල්පය එ් මොහොතෙහි ලෝකය තුල නොතිබුනු හෙයිනි. එම අවබෝධයට වේලාවක් ගත නොවුනි. පැවතුනු එකම දෙය වූයේ, ‍තමා ජෝන් කොෆී නොවන බවට මෙම අළුත් සිතට පැමිනි අවබෝධය පමණය.

    මතුවට...
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    මාරක දිනය (සය වැනි කොටස)

    මාරක දිනය (සය වැනි කොටස)

    ඉන්පසු පැමිනියේ, තමා සැබවින්ම කවරෙකුද යන අවබෝධයයි. මේ දක්වා ජීවත් වූ සියළු සත්වයන්ගේ රැධිරය තම අත්වල ඇත්තාවූත්, ගිනිය නොහැකි කෝටි ප්‍රකෝටි ගණනක් සත්වයන්ගේ අවසාන මොහොත අද්දුටුවාවූත්, ඔවුන්ගේ අවසාන මිනිත්තු කීපයේදී ඔවුන් අත්විදි දුක සහ සතුට, කායික වේදනාව සහ කායික සහනය අත්වින්දාවූත් එකම ප්‍රාණය -- තැන, ප්‍රාණය නොව. තමාව හැදින්විය හැකි වචනය කුමක්දැයි ඔහු නොදත්තේය -- තමා බව ඔහුට සිහි විය. තමා මරණය බව ඔහුට සිහිවිය. "ඔහු" යන වචනය මෙම "ජීවියාට" පාවිච්චි කිරීමට සැබවින්ම නොහැකිය. මරණයට ලිංග භේදයක් නොමැත. මෙහෙයින් මරණය හැදින්වීමට "එය" යන වචනය දැනට පාවිච්චි කරමු. "එය", හදිසි අනතුරැ වලදී ක්ෂණිකව මිය ගිය පුද්ගලයින්ගේද, පිළිකා වැනි මාරක රෝග වලින් ටිකෙන් ටික අවසානය කරා ලංවූ පුද්ගලයන්ගේ අවසාන මිතුරා විය. මරණයේදී සමහරැන් භීතියෙන් මොරගානුද, සමහරැන් එය තමා පෙලෙන පීඩා වලින් ගැලවෙන එකම මග යැයි සිතා සිනා පහල කරනුද එය දැක තිබුනේය. එමෙන්ම, සැබවින්ම, අවසාන මොහොතට මුහුන දීමට සිත සාදා ගැනීමට නොහැකි වූ සමහර ගැහැණු මිනිසුන්ටද වෙනත් විවිධාකාර ජීවීන්ටද උපකාර කිරීමටද එය උත්සාහ කොට තිබුනි. එම උත්සාහයන් සමහරක් සාර්ථක වී තිබුනු අතර, සමහරැන්ගේ සිත් භෞතික පැවැත්මට නොගැලවිය හැකි ලෙස ඇලී තිබීම හේතූවෙන්, සමහරක් උත්සාහයන් ව්‍යවර්ථව ගොස් තිබුනේය.

    "එය", තමා ඉදිරියේ ඇති ඇසට නොපෙනෙන, මනසට පමනක් පෙනෙන කොලය උඩින් පල්ලෙන් කියවන්නට වූයේය. එහි මුල් කොටසේ ලියවී තිබුනේ කොෆී ගේ පාසැල් කාලයේදී ඔහු සහ නතාශා නැමති තරැණියක් අතර ඇති වූ ප්‍රේම සම්බන්ධයක් ගැනය. ඇය දැඩි ආත්ම විශ්වාසයකින් යුතු, සමාජශීලී, එමෙන්ම ක්ෂූක්ෂම මොළයකින් තරැණියක් වූ අතර, තමාට කිසිවක් අවශ්‍ය වූයේ නම් ඈ එය හොදින් හෝ නරකින් ලබා ගත්තාය. ඈ සහ කොෆී සම කලොත්, එය කොටි ධෙිනුවක් ගොළුබෙල්ලෙකුට සම කලාක් වැනි විය. ජෝන් කොෆී යනු නතාශා විසින් තම උවමනාවන් ඉටු කර ගැනීමට පාවිච්චි කල ඉත්තෙක් විය. ඔහු, නූලකින් ඇගේ සුලැගිල්ලේ බැදී බල්ලෙකු විය. ඇගේ කාමුකත්වය, කෝෆී ගේ මෙම අහිතකර බැදීම වඩාත් තර කර ඔහුගේ ගෙල සිර කර දැමුවේය.

    රැයෙහි අදුරැ ජනශුන්‍ය මාර්ගයක් අයිනේ නැවතූ කො‍ෆීගේ පියාගේ කාරයෙහි පිටුපසු ආසනයෙහි ඔහු හා නතාශා සම්භෝගයෙහි යෙදෙන්නට පුරැදුව සිටියෝය. ඇගේ කාමාග්නියෙන් දැවෙන පහත් කෑගෑම් සහ සුසුම් ලෑම්, ඈ තම ක්‍රියාශීලී අත් වලින් ඔහුගේ රහස් තැන් උත්තේජනය කරන විට ඔහුගේ යටි කයින් පැනනැගුනු විදුලි කෙටීම් බදු ආවේගය, ඇගේ තෙත් මුව ඔහුගේ මුව සිපුම් වලින් සම්භාහනය කරද්දී දැනුනු ප්‍රණීත රසය, ඔවුන් එකිනෙකාගේ සුසුම් ආශ්වාශ-ප්‍රාශ්වාශ කරමින්, එකිනෙකාගේ සුසුම් වලින් ජීවත් වන විට දැනුනු දැඩි ඒකාත්මිකතාව, කොෆී ඈ වෙත නොගැලවෙන ලෙස බැද තැබුවේය. එහෙත් ඒ සදහා ඔහු ගෙවිය යුතු මිල වූයේ, බොහෝ විට තම සිතට එකග නොවුනු ඇගේ අණ පිලිපැදීමට සිදුවීමයි. එමෙන්ම, ඇගේ ක්ෂණික කෝපය ව්‍යාග්‍ර ධේනුවකගේ වැනි වූ හෙයින්, කොෆී ඇයට බිය විය. ඔවුන්ගේ මෙම වෛරය මුසු ආලය ඔවුන්ගේ පාසැල් සමය නිමාවී වසර ගණනාවක් පැවතිනි. එහෙත් කොෆීගේ මනස එරී තිබූ මෙම මී පැණි මුසු විශ ගොහොරැවෙන් ඔහුව යම්තාක් ගොඩගන්නට සමත් සිදුවීමක් වසර ගණනාවකට පසුව වුවද, සිදුවිය.
     
    Last edited:
    • Like
    Reactions: jhoncenamama