මාරක වෛරසය

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    චීනයේ අයිස් තට්ටු අතරේ මාරක වයිරස සැඟවිලා


    අයිස් දියවුණොත් මහ විනාශයක්


    Lankadeepa.lk

    චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නුවරින් ආරම්භ වුණු නව කොරෝනා වයිරසය ලොව කැලැඹීමට සමත් වී ඇත. කොරෝනා යනු සතුන්ගෙන් මිනිසුන්ට පැතිරෙන වයිරස වර්ගයකි. මෙම නව කොරෝනා වයිරසයේ සුලමුල තවමත් අපට අබිරහසකි. එය චීන විද්‍යාඥයන් විසින් වැඩි දියුණු කළ වයිරසයක් බවත්, අත්වැරදීමකින් වූහාන් වැසියන් අතරේ පැතිර ගිය බවත් පැවැසෙයි.


    මේ සටහන නව කොරෝනා වයිරසය ගැන නොවෙයි. නව කොරෝනා වයිරසයට වඩා බිහිසුණු, විද්‍යාඥයන්ට ආගන්තුක, වයිරස රැසක් වසර 15,000 ක් තිස්සේ, චීනයේ ටිබෙට් සානුවේ ගුලියා නමැති ග්ලැසියරයේ අයිස් තට්ටු අතරේ තැන්පත් වී ඇති බවත්, දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුම හේතුවෙන් ග්ලැසියරය දියවී, මෙම මාරක වයිරස ද පරිසරයට මුදාහැරෙනු ඇති බවටත් විද්‍යාඥයෝ බිය පළ කරති. ටිබෙට් සානුවේ ගුලියා ග්ලැසියරයේ තැන්පත් වුණු වයිරස සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන්නේ අද ඊයේ නොවෙයි. 1992 වසරේ සිටය. 1992 සිට 2015 වන විට වයිරස වර්ග 28 ක් විද්‍යාඥයෝ සොයා ගත්හ. මෙම වයිරසවලට කිසිදු ප්‍රතිකර්මයක් නොමැති අතර, මේවා මනුෂ්‍යයන්ට ආසාදනය වුවහොත් කොරෝනා වයිරසවලටත් වඩා බිහිසුණු බව විද්‍යාඥයෝ පැහැදිලි කරති. ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යද්දී අයිස් තට්ටු දියවී, වයිරස වාතයට මුදාහැරීම සිදු වුවහොත්, එය සතුන් හරහා මිනිසුන්ට හෝ සෘජුව මිනිසුන්ට ආසාදනය විය හැකි බව ද විද්‍යාඥයෝ වැඩිදුරටත් කියා සිටිති. ග්ලැසියරයෙන් ලබා ගත් වයිරස සාම්පල ඇමෙරිකාවේත් රුසියාවේත් චීනයේත් අධිආරක්ෂිත පර්​ෙ‌ය්ෂණාගාර තුළ සෙල්සියස් අංශක ඍණ 3 ක උෂ්ණත්වයක් යටතේ තැන්පත් කර තැබෙන අතර, ඒවා යොදා ගනිමින් පර්​ෙ‌ය්ෂණ කටයුතු සිදු කෙරේ.
    2016 දී වසරේ දී, රුසියාවට අයත් ආක්ටික් පළාතේ, උතුරුදිග සයිබීරියාවේ, උණ රෝගයක් හේතුවෙන් 40 දෙනකු රෝහල් ගත කෙරුණි. උණ රෝගය පැතිරීම ආරම්භ වූයේ සයිබීරියාවේ 12 ගෝත්‍රික දරුවකුගෙනි. රෝගය උත්සන්න වී දරුවා මියගියේය. දරුවාගෙන් තවත් ගෝත්‍රිකයන් 40 දෙනකුට රෝගය ආසාදනය විය. රුසියන් රජය එරට හමුදාවේ, ජීව අවි සම්බන්ධ හමුදා විශේෂඥ දැනුමක් ඇති සොල්දාදුවන් වහා ක්‍රියාත්මක වී, රෝගය කුමක්දැයි සොයා බලද්දී, මාරක ඇන්ත්‍රැක්ස් විෂබීජ රෝගයට හේතුව බව අනාවරණය කර ගත්තේය.


    ඇන්ත්‍රැක්ස් කුඩා දරුවාට ආසාදනය වී ඇත්තේ වසර 70 ක් අයිස් තට්ටු යට සැඟව තිබුණු, ගෝලීය උණුසුම හේතුවෙන් අයිස් දියවී වාතයට නිරාවරණය වුණු පිනිමුවකුගේ සිරුරක් තුළ බව පසුව අනාවරණය විය. මෙම සිදුවීම ලොව කැලඹීමට සමත් විය. කෙසේ නමුත් රුසියන් රජය සහ හමුදාව එම වයිරසය වසංගත තත්ත්වයක් බවට පත් වීමට ඉඩක් ලබා දුන්නේ නැත. පිනිමුවාගෙන් සිරුරින් වාතයට මුදා හැරුණු වයිරසය හේතුවෙන් පිනිමුවෝ 1,000 කට වැඩි ප්‍රමාණයක් මියගියහ. චීනයේ ටිබෙට් සානුවේ ගුලියා ග්ලැසියරයේ අයිස් තට්ටු දියවීමේ වේගය දිනෙන් දින වේගවත් වෙයි. අයිස් තට්ටු දියවීම ආරම්භ වූයේ 1970 වසරේ සිට බවත්, අද වනවිට ඉතිරිව ඇත්තේ ග්ලැසියරයෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් බව කාලගුණ විපර්යාස පිටුදැකීමේ ජගත් සංවිධානය පෙන්වා දී ඇත.




    ලුසිත ජයමාන්න
    ‘ද සන්’ ඇසුරිනි
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    owa nam nikan surangana katha

    No - this is not fiction. This news refers to a recent outbreak of Anthrax in Russia near the Arctic circle. During a very old Anthrax outbreak millions of reindeer has been killed in this area and many other places, and their frozen bodies are still under the permafrost.
    So the Russians have this theory that it could be one of the bodies of an infected reindeer resurfaced after 75 years being frozen and started this new epidemic.:yes:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මේක ඉවරවේගන යන කොට තව තව බයිලා කියවනව තවත් ටිකක් චීනේ ගැන බය කරවන්න..:D
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    මේක ඉවරවේගන යන කොට තව තව බයිලා කියවනව තවත් ටිකක් චීනේ ගැන බය කරවන්න..:D

    Honestly the Russians tried to revive bacteria from deep frozen Arctic carcasses years ago. They only succeeded to partially revive them. They did not really get into the active state.

    What we SHOULD worry about is, the viruses grown in labs - rather than the ones in permafrost. Probably the in Chinese labs - with their track record of LEAKS!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    Honestly the Russians tried to revive bacteria from deep frozen Arctic carcasses years ago. They only succeeded to partially revive them. They did not really get into the active state.

    What we SHOULD worry about is, the viruses grown in labs - rather than the ones in permafrost. Probably the in Chinese labs - with their track record of LEAKS!


    I heard that they also recovered DNA from mammoth fossil