මාරපන එදිරිව අභයකෝන් නඩුව...

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාරපන එදිරිව අභයකෝන් නඩුව...

    ”මාරපන එදිරිව අභයකෝන්” නඩුව ⚖️⚖️


    ◾නීති විද්‍යාලයේ සිසුන් ගේ ප්‍රසිද්ධ නඩුවක් වන මෙය ඔබත් කියවන්න.

    එක්තරා පියෙකු විසින් තම බිරිදට ඔවුන්ගේ කුලුදුල් දරුවා බිහිවන්නට ඉඳිද්දි නක්ශාස්ත්‍ර කරුවෙකුගෙන් නිමිත්තක් බලල තියනවා. ඒකෙදි කියල තියනවා ඉපදෙන්න ඉන්නෙ පිරිමි දරුවෙක් කියල. ඒත් නුවර මහ ඉස්පිරිතාලයේ දී පිරිමි නැකතකින් උප්පත්තිය ලබන්නේ ගැහැනු දරුවෙක් . ඉතින් මේ පියා විසින් ඔහු බාලාපොරොත්තු වුණු පිරිමි දරුවෙක් නූපදීම බරපතළ ගැටලුවක් බවට පත් කර ගන්නවා.

    එයාට නිමිත්ත බලපු මනුස්සය කියල තියෙන්නේ ගැහැනු දරුවෙක් ඉපදුණොත් පියා අනිවාර්යයෙන් ම මියයන බවත් සහ නැතිනම් දෙමව්පියන් විරසක වන බවටයි. ඉතින් ඇය ඉපදෙන විටම තම පියා විසින් මේ ගැහැනු දරුවා තම දියණිය ලෙස භාර අරගෙන නෑ.

    ඒකත් එක්කම තම බිරිදට බලපෑම් කරන්නේ දරුවා අතහරින ලෙසය. වෙනකාට හරි හදාගන්න දෙන්න, පවුලෙන් ඈත් කරන්න වගේ දේවල්.

    ඒත් මේ මව කිසිවිටෙකත් තම කුසින් වැදූ දරුවා ඇගෙන් වෙන් කරන්න දීලාත් නැති අතර ඇය ඒ ගැන සිතලවත් නෑ. ඉතින් මේ කිසිදෙයක් නොදන්න දරුවා අම්මට අවශ්‍යවීමත්, පියාට අනවශ්‍යවීමත් කියන කාරණාව උඩ දෙදෙනාට නීති මාර්ගයට යන්න සිද්ධ වනවා.

    ඒ වන විට එම පියා විසින් මවගෙන් වෙන්ව ජීවත් වන අතර , ඇයට තර්ජනය කරන්නෙ දරුවා ජීවිතක්ෂයට පත් කරන බවයි. දරුවා අයින් කරන්න බැරිනම් ජීවිතක්ෂයට පත්කරන බව පුන පුනා කියූ නිසා මේ අම්මා දරුවාගේ පියාට විරුද්ධව උසාවි යනවා,

    ඒ වනවිට රටේ තිබුණු නීතිය තමයි පිරිමි දරුවා මවට, ගැහැනු දරුවා පියාට කියන නීතිය. නමුත් මේ නීතිය තිබියදීත් ඇය තම දරුවා වෙනුවෙන් සටන් කරනවා. අවසානයේදී යම්කිසි නීති පනත් විශ්ලේෂනයෙන් පසුව ඇය හට තම දියණිය තමන්ගේ තනි අයිතියට ගන්නවා.

    ඒ අනුව ලංකාවේ නීති ප්‍රකාරව හබයාස් කොපුස් රීට් ආඥාවක් අනුව අම්මෙකුට භාරදෙන පළවෙනිම ගැහැනු දරුවා වන්නේ මේ දරුවා.ඒ අනුව මේ දරුවා හට මවගේ වාසගම හිමිවෙනවා.

    ඉතින් ඔය නඩුව තමයි අදටත් නීති විද්‍යාලවල දික්කසාද පිළිබඳව ඉගැන්වීම්වලදී කතා කරන සහ උගන්වන නඩුව.

    :love:මේ දරුවා කවුද?

    ඇය තමා පියාගේ ආදරය නොලැබුනත් මුලු රටක් එකසේ ආදරය කරන අප රටේ අග්‍රගන්‍ය රංගන ශිල්පිණියක් වන දුලීකාමාරපන.

    :) පසුකාලීනව ඇය රූපවාහිණී වැඩසටහනකදී මේ පිළිබදව සංවේදීව කියූ දෑ වලින් උපුටාගත් සටහනකි.

    :) මේ දින වල නාලිකා වලින් අමුතු අනාවැකි කියන නිසා මට මේ ලිපිය ලියන්නට සිතුණි.

    #prashan_malith

    මුහුණු පොතේ සිනමාවේදීන් සමුහයේ පළවුණු ලිපියකි.

    මුල් අයිතිය රචකයාට.

    උපුටාගැනීම පහතින්.


    https://www.facebook.com/groups/thecinemapeople/permalink/1183771245296607/

    D59YbKU.jpg


    NhfNrxL.jpg


    MKi4R6m.jpg


    g2CUOun.jpg


    uh5UDtw.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :shocked::shocked::shocked:
    අඩෝ මේක සිරාද
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    ඔය වගේ දේවල් ඉස්සර ඉඳලම තිබිල තියෙනවා බන්. මේ තියෙන්නේ රොබට් නොක්ස් ලංකාව ගැන ලියපු පොතේ කියන විදිය:

    "They have no Midwives, but the neighbouring good Women come in and do that Office. As soon as the Child is born, the Father or some Friend apply themselves to an Astrologer to enquire, whether the Child be born in a prosperous Planet, and a good hour or in an evil. If it be found to be in an evil they presently destroy it, either by starving it, letting it lye and die, or by drowning it, putting its head into a Vessel of water, or by burying it alive, or else by giving it to some body of the same degree with themselves; who often will take such Children, and bring them up by hand with Rice and Milk; for they say, the Child will be unhappy to the Parents, but to none else. We have asked them why they will deal so with their poor Infants, that come out of their Bowels. They will indeed have a kind of regret and trouble at it. But they will say withal, Why should I bring up a Devil in my House? For they believe, a Child born in an ill hour, will prove a plague and vexation to his Parents by his disobedience and untowardliness."

    http://www.gutenberg.org/files/14346/14346-h/14346-h.htm#d0e11060
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පට්ට මචෝ... ඕක අහල තියනව මම.. අඩේ මාරපන සුපිරි කෑල්ල නේද ඒ කාලේ ? දැන් නම් මෙලො රහක් නෑ.. බැන්දේ නෑ නේද මේ ඇන්ටි ? කවුරු නමුත් හොදට තලනවා.. මේ හැටි..
    TFS bro :):)
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
    heta dennam puthi...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පට්ට මචෝ... ඕක අහල තියනව මම.. අඩේ මාරපන සුපිරි කෑල්ල නේද ඒ කාලේ ? දැන් නම් මෙලො රහක් නෑ.. බැන්දේ නෑ නේද මේ ඇන්ටි ? කවුරු නමුත් හොදට තලනවා.. මේ හැටි..
    TFS bro :):)

    බැඳලා ඉන්නේ බන්......අර සුජීව ප්‍රියලාල් කියල නළුවෙක් උන්නේ.පොරවා තමා කසාද බැඳලා ඉන්නේ.