මාරපන එදිරිව අභයකෝන් නඩුව...
”මාරපන එදිරිව අභයකෝන්” නඩුව

නීති විද්‍යාලයේ සිසුන් ගේ ප්‍රසිද්ධ නඩුවක් වන මෙය ඔබත් කියවන්න.
එක්තරා පියෙකු විසින් තම බිරිදට ඔවුන්ගේ කුලුදුල් දරුවා බිහිවන්නට ඉඳිද්දි නක්ශාස්ත්‍ර කරුවෙකුගෙන් නිමිත්තක් බලල තියනවා. ඒකෙදි කියල තියනවා ඉපදෙන්න ඉන්නෙ පිරිමි දරුවෙක් කියල. ඒත් නුවර මහ ඉස්පිරිතාලයේ දී පිරිමි නැකතකින් උප්පත්තිය ලබන්නේ ගැහැනු දරුවෙක් . ඉතින් මේ පියා විසින් ඔහු බාලාපොරොත්තු වුණු පිරිමි දරුවෙක් නූපදීම බරපතළ ගැටලුවක් බවට පත් කර ගන්නවා.
එයාට නිමිත්ත බලපු මනුස්සය කියල තියෙන්නේ ගැහැනු දරුවෙක් ඉපදුණොත් පියා අනිවාර්යයෙන් ම මියයන බවත් සහ නැතිනම් දෙමව්පියන් විරසක වන බවටයි. ඉතින් ඇය ඉපදෙන විටම තම පියා විසින් මේ ගැහැනු දරුවා තම දියණිය ලෙස භාර අරගෙන නෑ.
ඒකත් එක්කම තම බිරිදට බලපෑම් කරන්නේ දරුවා අතහරින ලෙසය. වෙනකාට හරි හදාගන්න දෙන්න, පවුලෙන් ඈත් කරන්න වගේ දේවල්.
ඒත් මේ මව කිසිවිටෙකත් තම කුසින් වැදූ දරුවා ඇගෙන් වෙන් කරන්න දීලාත් නැති අතර ඇය ඒ ගැන සිතලවත් නෑ. ඉතින් මේ කිසිදෙයක් නොදන්න දරුවා අම්මට අවශ්‍යවීමත්, පියාට අනවශ්‍යවීමත් කියන කාරණාව උඩ දෙදෙනාට නීති මාර්ගයට යන්න සිද්ධ වනවා.
ඒ වන විට එම පියා විසින් මවගෙන් වෙන්ව ජීවත් වන අතර , ඇයට තර්ජනය කරන්නෙ දරුවා ජීවිතක්ෂයට පත් කරන බවයි. දරුවා අයින් කරන්න බැරිනම් ජීවිතක්ෂයට පත්කරන බව පුන පුනා කියූ නිසා මේ අම්මා දරුවාගේ පියාට විරුද්ධව උසාවි යනවා,
ඒ වනවිට රටේ තිබුණු නීතිය තමයි පිරිමි දරුවා මවට, ගැහැනු දරුවා පියාට කියන නීතිය. නමුත් මේ නීතිය තිබියදීත් ඇය තම දරුවා වෙනුවෙන් සටන් කරනවා. අවසානයේදී යම්කිසි නීති පනත් විශ්ලේෂනයෙන් පසුව ඇය හට තම දියණිය තමන්ගේ තනි අයිතියට ගන්නවා.
ඒ අනුව ලංකාවේ නීති ප්‍රකාරව හබයාස් කොපුස් රීට් ආඥාවක් අනුව අම්මෙකුට භාරදෙන පළවෙනිම ගැහැනු දරුවා වන්නේ මේ දරුවා.ඒ අනුව මේ දරුවා හට මවගේ වාසගම හිමිවෙනවා.
ඉතින් ඔය නඩුව තමයි අදටත් නීති විද්‍යාලවල දික්කසාද පිළිබඳව ඉගැන්වීම්වලදී කතා කරන සහ උගන්වන නඩුව.
මේ දරුවා කවුද?
ඇය තමා පියාගේ ආදරය නොලැබුනත් මුලු රටක් එකසේ ආදරය කරන අප රටේ අග්‍රගන්‍ය රංගන ශිල්පිණියක් වන දුලීකාමාරපන.
පසුකාලීනව ඇය රූපවාහිණී වැඩසටහනකදී මේ පිළිබදව සංවේදීව කියූ දෑ වලින් උපුටාගත් සටහනකි.
මේ දින වල නාලිකා වලින් අමුතු අනාවැකි කියන නිසා මට මේ ලිපිය ලියන්නට සිතුණි.
#prashan_malith
මුහුණු පොතේ සිනමාවේදීන් සමුහයේ පළවුණු ලිපියකි.
මුල් අයිතිය රචකයාට.
උපුටාගැනීම පහතින්.
https://www.facebook.com/groups/thecinemapeople/permalink/1183771245296607/
”මාරපන එදිරිව අභයකෝන්” නඩුව
එක්තරා පියෙකු විසින් තම බිරිදට ඔවුන්ගේ කුලුදුල් දරුවා බිහිවන්නට ඉඳිද්දි නක්ශාස්ත්‍ර කරුවෙකුගෙන් නිමිත්තක් බලල තියනවා. ඒකෙදි කියල තියනවා ඉපදෙන්න ඉන්නෙ පිරිමි දරුවෙක් කියල. ඒත් නුවර මහ ඉස්පිරිතාලයේ දී පිරිමි නැකතකින් උප්පත්තිය ලබන්නේ ගැහැනු දරුවෙක් . ඉතින් මේ පියා විසින් ඔහු බාලාපොරොත්තු වුණු පිරිමි දරුවෙක් නූපදීම බරපතළ ගැටලුවක් බවට පත් කර ගන්නවා.
එයාට නිමිත්ත බලපු මනුස්සය කියල තියෙන්නේ ගැහැනු දරුවෙක් ඉපදුණොත් පියා අනිවාර්යයෙන් ම මියයන බවත් සහ නැතිනම් දෙමව්පියන් විරසක වන බවටයි. ඉතින් ඇය ඉපදෙන විටම තම පියා විසින් මේ ගැහැනු දරුවා තම දියණිය ලෙස භාර අරගෙන නෑ.
ඒකත් එක්කම තම බිරිදට බලපෑම් කරන්නේ දරුවා අතහරින ලෙසය. වෙනකාට හරි හදාගන්න දෙන්න, පවුලෙන් ඈත් කරන්න වගේ දේවල්.
ඒත් මේ මව කිසිවිටෙකත් තම කුසින් වැදූ දරුවා ඇගෙන් වෙන් කරන්න දීලාත් නැති අතර ඇය ඒ ගැන සිතලවත් නෑ. ඉතින් මේ කිසිදෙයක් නොදන්න දරුවා අම්මට අවශ්‍යවීමත්, පියාට අනවශ්‍යවීමත් කියන කාරණාව උඩ දෙදෙනාට නීති මාර්ගයට යන්න සිද්ධ වනවා.
ඒ වන විට එම පියා විසින් මවගෙන් වෙන්ව ජීවත් වන අතර , ඇයට තර්ජනය කරන්නෙ දරුවා ජීවිතක්ෂයට පත් කරන බවයි. දරුවා අයින් කරන්න බැරිනම් ජීවිතක්ෂයට පත්කරන බව පුන පුනා කියූ නිසා මේ අම්මා දරුවාගේ පියාට විරුද්ධව උසාවි යනවා,
ඒ වනවිට රටේ තිබුණු නීතිය තමයි පිරිමි දරුවා මවට, ගැහැනු දරුවා පියාට කියන නීතිය. නමුත් මේ නීතිය තිබියදීත් ඇය තම දරුවා වෙනුවෙන් සටන් කරනවා. අවසානයේදී යම්කිසි නීති පනත් විශ්ලේෂනයෙන් පසුව ඇය හට තම දියණිය තමන්ගේ තනි අයිතියට ගන්නවා.
ඒ අනුව ලංකාවේ නීති ප්‍රකාරව හබයාස් කොපුස් රීට් ආඥාවක් අනුව අම්මෙකුට භාරදෙන පළවෙනිම ගැහැනු දරුවා වන්නේ මේ දරුවා.ඒ අනුව මේ දරුවා හට මවගේ වාසගම හිමිවෙනවා.
ඉතින් ඔය නඩුව තමයි අදටත් නීති විද්‍යාලවල දික්කසාද පිළිබඳව ඉගැන්වීම්වලදී කතා කරන සහ උගන්වන නඩුව.
මේ දරුවා කවුද?ඇය තමා පියාගේ ආදරය නොලැබුනත් මුලු රටක් එකසේ ආදරය කරන අප රටේ අග්‍රගන්‍ය රංගන ශිල්පිණියක් වන දුලීකාමාරපන.
පසුකාලීනව ඇය රූපවාහිණී වැඩසටහනකදී මේ පිළිබදව සංවේදීව කියූ දෑ වලින් උපුටාගත් සටහනකි.
මේ දින වල නාලිකා වලින් අමුතු අනාවැකි කියන නිසා මට මේ ලිපිය ලියන්නට සිතුණි.#prashan_malith