ලංකාවේ පරිසරයට කරන මේ විනස්හෙට වග කියන්න ඕනේ අපේ රටේ ඉස්කොලවල් උගන්වන ගුරුවරු. පොඩි දරුවෙක් තමන් ලඟට ආවාම පරිසරයට ආදරේ කරන හැටි මිනිස්සුන්ට ආදරේ කරන හැටි පුංචි කාලේ ඉඳන්ම උන්ගේ මනසට දැම්මාම උන් ලොකු උනාම යහපත් විනයගරුක පුරවැසියෙක් වෙනවා. එත් අද මොනවද මෙහෙ ඉස්කෝලවල කියලදෙන්නේ. විෂය කරුණු විතරයි. ටීචර් පන්තියට ආපු වෙලාවේ ඉඳන් සිලබස් එක උගන්වනවා. ගුනදහමක් කියල දෙන්නේ නැහැ. අඩු ගානේ අපි මිනිස්සු පාරකවත් යන්න දන්නවද?

