මාර්කෝපෝලෝත් දුටු අලි කුරුල්ලා

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මාර්කෝපෝලෝත් දුටු අලි කුරුල්ලා

    මාර්කෝපෝලෝත් දුටු අලි කුරුල්ලා; බර ටොන් බාගයක්, උස මීටර් තුනක්, බිත්තර ඩයිනෝසර බිත්තරවලටත් වඩා විශාලයි!!!



    4.jpg
    මැඩගස්කර දූපතෙන් හඳුනාගත් දැවැන්ත Elephant birds පොසිල අස්ථියක් පර්යේෂකයන්ගේ විශේෂ අවධානයට යොමුවූවා පමණක් නොව මෙතෙක් මානව ජනාවාස ආරම්භ වීම වෙනුවෙන් ගොඩ නගා ගෙන සිටි කාලවකවානු ගැනත් වැඩිදුර අවධානය යොමු වීමේ අවශ්‍යතාවය පැන නැගී ඇත. ලන්ඩනයේ සත්ව විද්‍යා සංගමයේ ‘‘ජේම්ස් හැන්ස්ෆෝඞ් ..පෙන්වා දෙන අන්දමට මෙතෙක් අපි උපකල්පනය කරගෙන සිටි අන්දමට මානව ජනාවාස වෙනුවෙන් මැඩගස්කරයට මුල් පදිංචිකරුවන් පැමිණෙන්නට ඇත්තේ මීට වසර 2500 සිට 4000 අතර කාලයේ නොව අවම වශයෙන් වසර හයදහසකටත් පෙරාතුව විය හැකි බවයි. කි‍්‍ර.ව 1640 සිට 1650 අතර කාලයේ මැඩගස්කරයේ සිටි ප‍්‍රංශ ජාතික ආණ්ඩුකාරවරයෙක් සඳහන් කරන්නේ පැස්බරෙකුට සමාන විශාලත්වයක් ඇති පක්ෂි විශේෂයක් ජනශූන්‍ය ප‍්‍රදේශවල ගැවසෙන අතර මෙම කුරුල්ලන් අතීත පරම්පරාවන් විසින් ජනකතාවන්හි සඳහන් කරන කුරුල්ලන් විය හැකි බවයි.

    හඳුනාගත් කැපුම් සහිත අස්ථිය නිසා පෙනී යන්නේ මෙම දැවැන්ත එලිෆන්ට් කුරුල්ලන් සමග ‘‘ඉපියෝනිස්.. (Aepyornis) සහ ‘‘මුලරෝනිස්.. (Mullerornis) පක්‍ෂීන් ද දැවැන්ත ලීමාවන්ද (lemurs) වඳවීමේ තර්ජනයට පත්වන්නට ඇති බවයි.

    එක්තරා කාලයකදී මෙම එලිෆන්ට් කුරුල්ලන් මැඩගස්කරයේ සුලබ දසුනක් විය. ඔවුන්ගේ බර අවම වශයෙන් ටොන් බාගයක් පමණ වූ අතර සිටගත් විට සිරුරේ උස මීටර් තුනක් පමණ විය. මෙම කුරුලූ බිත්තර ඩයිනෝසර බිත්තරවලටත් වඩා ප‍්‍රමාණයෙන් විශාල විය. 1830 සහ 1840 අතර සංචාරයේ යෙදුන යුරෝපීය සංචාරකයින් විසින් යෝධ බිත්තර සහ කටු පිළිබඳ වාර්තා කරන අතර ඔවුන් සඳහන් කරන්නේ මෙම බිත්තර නවසීලන්තයේ පක්‍ෂීින්ගේ බිත්තරවලට සමාන බවයි.


    4.1.jpg
    Aepyornis maximus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වුන මෙම එලිෆන්ට් කුරුල්ලන් එතරම් ආක‍්‍රමණශීලි පක්‍ෂි විශේෂයක් නොවීය. මෙම කුරුල්ලන්ගේ බිත්තර කිසිවෙකු විසින් ආහාරයට ගෙන නැති අතර ඔවුන් බිජු දමන්නේ හුදෙකලා ප‍්‍රදේශවලය. 13 වන සියවසේදී අපි‍්‍රකානු කලාපයේ සංචාරයේ යෙදුන දේශ ගවේශක මාර්කෝපෝලෝ විසින් සඳහන් කරන අන්දමට ඇතැම් හුදෙකලා ප‍්‍රදේශයන්හි ඔහු විසින් දුටු විශාල බිත්තර සමහර විට මෙම එලිෆන්ට් කුරුල්ලන්ගේ විය හැකි බවයි. මාර්කෝපෝලෝගේ සටහන අනුව මෙම පක්‍ෂීන්ට අලියෙක් ඔසවා ගත හැකි තරම් ශක්තියක් තිබුණි. පරිසරයේ මල්” පලතුරු ආහාරයට ගන්නා මෙම එලිෆන්ට් කුරුල්ලන් වඩාත් පි‍්‍රයකරන ලද පලතුරු විශේෂයක් වූයේ Endocarp වැනි පලතුරුය.

    නව ලෝකය සොයා ගැනීමත් සමග මිනිසුන් සමග ඉතා සහජීවනයෙන් සිටීම නිසාම මෙම පක්‍ෂීන් මිනිස් කි‍්‍රයාකාරකම්වල අහිතකර ප‍්‍රතිඵලයන්හි ගොදුරක් වන්නට ඇතැයි පර්යේෂකයන් ගේ අදහසයි.

    හවායි හි ඝර්ම කලාපීය ජාතික උද්‍යානයේ පාෂාණීභූත විද්‍යාඥ ඬේවිඞ් බර්නි සඳහන් කරන අන්දමට මිනිසුන් විසින් මැඩගස්කරය ජනාවාස කර ගැනීමත් සමග මෙම පක්‍ෂින් පමණක් නොව වෙනත් පක්‍ෂීන්ගේත් ජීවිත වෙනුවෙන් තර්ජන ගොඩනැගෙන්නට ඇති බවයි. කෙසේ වුවත් එය තහවුරු කිරීමට වැඩිදුර අධ්‍යයනයන් අවශ්‍ය බවත් පර්යේෂක බර්නි සඳහන් කර සිටී.

    පුන්‍යා චාන්දනී ද සිල්වා
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    මාර්කෝ පෝලෝ දැකල නැති උන්ට මෙන්න උගේ ෆොටෝ එකක්. ;)

    picture.php