මාර්ගඵලයක් ලැබූ කෙනෙක් අදුනගැනීම - Recognizing an Enlightened
ඔයාල දැනටමත් දන්නව ඇතිනේ මම මගේ ආච්චි එක්ක ආධ්‍යාත්මික දෙවල් සාකච්චා කරන බව. නැත්තම් "අල්ලාහ්" ත්‍රෙඩ් එක කියවන්න. ඉතින් මේ ආච්චි මට පොඩි කාලෙ ඉදලම කියල දීලා තියෙනවා මේ මාර්ග ඵල ලැබීම ගැන. නමුත් ඒ දවස් වල ඉන්ටර්නෙට් වගෙ දෙවල් නැතිවුන නිසාත් ඉස්කෝලෙ වැඩ තිබ්බ නිසාත් මට ඔය මාතෘකාව පිලිබද ආසාව අඩුවෙලා ගියා. ඊට පස්සේ අපේ අන්වර් මනතුංග මැතිතුමා එක විඩියෝ එකක " මේ නවීන මාධ්‍ය වලින් අනූන වර්තමාන ලොකයේ රහතන් වහන්සේලාට හැංගිලා ඉන්න විදියක් නෑ " කියල කියනව ඇහුනම මට අර කලින් තිබ්බ පරණ ආසාව නැවත මතුවුනා. ඉතිං මම ඉන්ටර්නෙට් හරහා මාර්ගඵල ලබපු අය හොයාගෙන හොයාගෙන ගියා. ඔහොම යද්දි මට සුවිශේෂී හාමුදුරුනමක් අදුනගන්නට ලැබුනා. පූරුවෙ කරපු කරුමෙකටද මන්දා මොනව කොරලත් මේ හාමුදුරුවො මුනගැහෙන්න තාමත් බැරිවුනා. එත් උන්වහන්සේට වෙන හාමුදුරුවරු ලග දකින්න නැති දක්ෂතා තියෙනවා. කරුණු අවබොධ කරවීමට උන්වහන්සේ අතිදක්ෂයි. තව හාමුදුරුනමක් හම්බුවුනා , උන්වහන්සේ පිරිසකගේ අවධානය ලබාගෙන ධර්ම දේශනා කරන්න අතිදක්ෂයි. උදාහරණයක් හැටියට එදා උන්වහන්සේ බණට වැඩම කරපු තැනට අල්ලපු වත්තේ ඉන්නෙ අන්‍යාගමික පිරිසක්. එයාල ඒ ගෙදර වැඩ පැත්තක තියලා ජනෙල් ගාවට ඇවිත් මේ හාමුදුරුවන්ගේ බණ අහන්න තරම් අවධානයක් දිනාගන්න උන්වහන්සේ දක්ෂ වුනා. මේ සිදුවීම නිසාම තමයි මම උන්වහන්සේව ඕනකමින්ම අදුනගන්න හේතුව. නමුත් මොනයම් හෝ කරුණක් නිසා උන්වහන්සේලා දෙනමම රහත් ඵලයට පත්වෙලා කියල මට අවබොධ වෙන්නෙ නැහැ.නමුත් ඒ හාමුදුරුවරුත් ඇසුරු කරමින්ම මගේ මේ ඉන්ටර්නෙට් එකෙන් හරි රහතන් වහන්සේ කෙනෙක් අදුනගන්න දරපු උත්සාහය අතඇරියෙ නැහැ. ඉතින් ඔහොම යද්දි මට අද හම්බුවුනා මරු විඩියෝ එකක්. එකෙන් අපිට අවබෝධ කරගන්න පුලුවන් රහතන් වහන්සේ කෙනෙක් හමුවෙන එකෙ තියෙන වටිනාකම. පහත විඩියෝ එක තියෙන්නෙ කඩ්ඩෙන් වුනත් බොහොදෙනෙක්ට එකෙ තියෙන කරුණු අවබෝධ කරගන්න පුළුවන් කියලා මම හිතනවා. එවගේම මගේ ඒ රහතන් වහන්සේ කෙනෙක් සෙවීමේ ගවේශනයෙ අළුත්වීම් ( අප්ඩේට්ස් ) මේ ත්‍රෙඩ් එකට දාන්නම්