මාර්ගඵලයක් ලැබූ කෙනෙක් අදුනගැනීම - Recognizing an Enlightened

DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info

ඔයාල දැනටමත් දන්නව ඇතිනේ මම මගේ ආච්චි එක්ක ආධ්‍යාත්මික දෙවල් සාකච්චා කරන බව. නැත්තම් "අල්ලාහ්" ත්‍රෙඩ් එක කියවන්න. ඉතින් මේ ආච්චි මට පොඩි කාලෙ ඉදලම කියල දීලා තියෙනවා මේ මාර්ග ඵල ලැබීම ගැන. නමුත් ඒ දවස් වල ඉන්ටර්නෙට් වගෙ දෙවල් නැතිවුන නිසාත් ඉස්කෝලෙ වැඩ තිබ්බ නිසාත් මට ඔය මාතෘකාව පිලිබද ආසාව අඩුවෙලා ගියා. ඊට පස්සේ අපේ අන්වර් මනතුංග මැතිතුමා එක විඩියෝ එකක " මේ නවීන මාධ්‍ය වලින් අනූන වර්තමාන ලොකයේ රහතන් වහන්සේලාට හැංගිලා ඉන්න විදියක් නෑ " කියල කියනව ඇහුනම මට අර කලින් තිබ්බ පරණ ආසාව නැවත මතුවුනා. ඉතිං මම ඉන්ටර්නෙට් හරහා මාර්ගඵල ලබපු අය හොයාගෙන හොයාගෙන ගියා. ඔහොම යද්දි මට සුවිශේෂී හාමුදුරුනමක් අදුනගන්නට ලැබුනා. පූරුවෙ කරපු කරුමෙකටද මන්දා මොනව කොරලත් මේ හාමුදුරුවො මුනගැහෙන්න තාමත් බැරිවුනා. එත් උන්වහන්සේට වෙන හාමුදුරුවරු ලග දකින්න නැති දක්ෂතා තියෙනවා. කරුණු අවබොධ කරවීමට උන්වහන්සේ අතිදක්ෂයි. තව හාමුදුරුනමක් හම්බුවුනා , උන්වහන්සේ පිරිසකගේ අවධානය ලබාගෙන ධර්ම දේශනා කරන්න අතිදක්ෂයි. උදාහරණයක් හැටියට එදා උන්වහන්සේ බණට වැඩම කරපු තැනට අල්ලපු වත්තේ ඉන්නෙ අන්‍යාගමික පිරිසක්. එයාල ඒ ගෙදර වැඩ පැත්තක තියලා ජනෙල් ගාවට ඇවිත් මේ හාමුදුරුවන්ගේ බණ අහන්න තරම් අවධානයක් දිනාගන්න උන්වහන්සේ දක්ෂ වුනා. මේ සිදුවීම නිසාම තමයි මම උන්වහන්සේව ඕනකමින්ම අදුනගන්න හේතුව. නමුත් මොනයම් හෝ කරුණක් නිසා උන්වහන්සේලා දෙනමම රහත් ඵලයට පත්වෙලා කියල මට අවබොධ වෙන්නෙ නැහැ.නමුත් ඒ හාමුදුරුවරුත් ඇසුරු කරමින්ම මගේ මේ ඉන්ටර්නෙට් එකෙන් හරි රහතන් වහන්සේ කෙනෙක් අදුනගන්න දරපු උත්සාහය අතඇරියෙ නැහැ. ඉතින් ඔහොම යද්දි මට අද හම්බුවුනා මරු විඩියෝ එකක්. එකෙන් අපිට අවබෝධ කරගන්න පුලුවන් රහතන් වහන්සේ කෙනෙක් හමුවෙන එකෙ තියෙන වටිනාකම. පහත විඩියෝ එක තියෙන්නෙ කඩ්ඩෙන් වුනත් බොහොදෙනෙක්ට එකෙ තියෙන කරුණු අවබෝධ කරගන්න පුළුවන් කියලා මම හිතනවා. එවගේම මගේ ඒ රහතන් වහන්සේ කෙනෙක් සෙවීමේ ගවේශනයෙ අළුත්වීම් ( අප්ඩේට්ස් ) මේ ත්‍රෙඩ් එකට දාන්නම්

  • Like
Reactions: EPCO

sudunone

Member
May 23, 2009
3,781
121
0
බාහිරින් බලල අඳුනන්න බැරි වුණත් ඒ අය ධර්මය පැහැදිලි කරල දෙන විදිහෙන් හිතා ගන්න පුළුවන් නේද මාර්ගයෙ යම් දුරක් ගිය අය කියල?
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
බාහිරින් බලල අඳුනන්න බැරි වුණත් ඒ අය ධර්මය පැහැදිලි කරල දෙන විදිහෙන් හිතා ගන්න පුළුවන් නේද මාර්ගයෙ යම් දුරක් ගිය අය කියල?

අනිවා . නමුත් මගේ අරමුණ යම් කෙනෙක් අරහත් ඵලයට පත්වුන බව සැකහැර දැනගැනීමටයි. කුසල් රැස්කරගෙන යනකොට අනාගතෙදි එකත් සිද්දවෙයි
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
අනිවා . නමුත් මගේ අරමුණ යම් කෙනෙක් අරහත් ඵලයට පත්වුන බව සැකහැර දැනගැනීමටයි. කුසල් රැස්කරගෙන යනකොට අනාගතෙදි එකත් සිද්දවෙයි

මම දන්න තරමින් නම් උසස් මාර්ග ඵල ලැබූවන් එසේ නොවූවන්ට හඳුනා ගැනීමට අතීශය දුශ්කරය්... ඒහෙම කෙනෙක් ගැන ප්‍රසිද්ධ වුනොත් ඒක එයාට ලොකු හිරිහැරයක් වෙන්නත් පුලුවනි.. දන්නවනෙ අද බලවත් වෙලා තියෙන්නෙ අසුර හා මාර බලය..
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මම දන්න තරමින් නම් උසස් මාර්ග ඵල ලැබූවන් එසේ නොවූවන්ට හඳුනා ගැනීමට අතීශය දුශ්කරය්... ඒහෙම කෙනෙක් ගැන ප්‍රසිද්ධ වුනොත් ඒක එයාට ලොකු හිරිහැරයක් වෙන්නත් පුලුවනි.. දන්නවනෙ අද බලවත් වෙලා තියෙන්නෙ අසුර හා මාර බලය..
මාර්ගපල ලැබූවෙක් ඒ ගැන කිය කිය යන්නෙත් නෑනෙ. එහෙම හැම තැනම ප්‍රසිද්ධ කරගෙන දඟලනවනම් විශ්වාසෙන් කියන්න පුළුවනි එහෙම මුකුත් ලැබිල නෑ කියල.
නමුත් ඇතැම් හිමිවරුන් ගැන දන්න අය කියනවා, නැත්නම් ඔවුන් ධර්මය විස්තර කරන හැටි ඇහුවම අපට හිතෙනවා මේ අය යම් පලයක් ලද අය කියල. එහෙම අය ගැන අපි ප්‍රසිද්දියෙ කතා කරන එකත් ඒ අයට කරන අනදරයක් විය හැකියි නේද?
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
මාර්ගපල ලැබූවෙක් ඒ ගැන කිය කිය යන්නෙත් නෑනෙ. එහෙම හැම තැනම ප්‍රසිද්ධ කරගෙන දඟලනවනම් විශ්වාසෙන් කියන්න පුළුවනි එහෙම මුකුත් ලැබිල නෑ කියල.
නමුත් ඇතැම් හිමිවරුන් ගැන දන්න අය කියනවා, නැත්නම් ඔවුන් ධර්මය විස්තර කරන හැටි ඇහුවම අපට හිතෙනවා මේ අය යම් පලයක් ලද අය කියල. එහෙම අය ගැන අපි ප්‍රසිද්දියෙ කතා කරන එකත් ඒ අයට කරන අනදරයක් විය හැකියි නේද?

හරියට හරි. අපි අර හාමුදුරුවො රහත් වෙලාය , සකෘදාගාමි වෙලාය හෝ සොවාන් වෙලාය කියල අඩබෙර ගහන්න ඔන නැහැ. මොකද එවගේ හාමුදුරුකෙනෙක් ගෙ එවගේ අතිවිශේෂ දක්ෂතාවක් තෙරුම් ගන්න නම් කෙනෙක්ට යම්තාක් දුරකට බුද්ධියක් අවශ්‍යයි. හරියට දැන් ඔය අන්වර් වගෙ කෙනෙක් බණ සියසැරයක් ඇහුවත් එවගේ දෙයක් කරගන්න අමාරුයි. මේකත් යම්කිසි පාරමිතාවක් පුරන කෙනෙක්ට විතරයි අදුනගන්න පුළුවන් වෙන්නේ. විඩියෝ එක බැලුවාම එකෙ කියන දෙයක් තමයි "ශිෂ්‍යයාගේ ගැටළු රහතන් වහන්සේට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්". ඒකෙන් අදහස් වෙන්නේ යම්කිසි පෙරුම්දම් පුරන කෙනෙක්ට විතරයි එවගෙ උතුම් තැනැත්තෙක් හම්බු වෙන්න අවස්ථාවක් ලැබෙන බව. ඒක කොච්චර ඇඩ්වටයිස් කලත් සිද්ද වෙන්නේ නැති දෙයක්.

නමුත් මම කියන්නේ නැහැ අපි හාමුදුරුවරුන්ගේ නම් කියල ප්‍රසිද්ධ කල යුතුයි කියලා. එත් සුදුසු කෙනෙක්ට මේවගේ ත්‍රෙඩ් එකකින් එතාමත් සුළු මගපෙන්වීමක් කලොත්, ඒකත් ලොකු පුණ්‍යකර්මයක්. එකයි මේ ත්‍රෙඩ් එකෙ අරමුණ.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
එත් සුදුසු කෙනෙක්ට මේවගේ ත්‍රෙඩ් එකකින් එතාමත් සුළු මගපෙන්වීමක් කලොත්, ඒකත් ලොකු පුණ්‍යකර්මයක්.

ඔව්, ඒකනම් ඇත්ත. එතකොට මග පෙන්වීමක් අවශ්‍ය කෙනෙකුට ඒ වගේ උත්තමයෙක් හොයාගෙන යන්න පුළුවන්.
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
නූතන රහතන් වහන්සේ කෙනෙක් ගැන මම මුලින්ම අහපු කතාව.

අපේ ආච්චිට හොදට වාරු තියෙන කාලෙ එයාගෙ යාළුවොත් එක්ක වන්දනාවෙ යන එක තමයි එයාගෙ විනොදාංශෙ. ආච්චිලා ගිහින් තියෙනවා වන්දනාවේ යනකොට අතරමගදි තිබුන පන්සලකින් දැනගත්තට පස්සේ අම්පාරෙ කුඩිම්බිගල කියන ආරණ්‍යසේනාසනයට. මේ ආරණ්‍යසේනාසනයෙ ඉදලා පන්සලට යන්න පැය බාගයක් විතර යනවා වාහනේකින් යනවනම්. පන්සලේ අටවිසි බුද්ධපූජාවට හාමුදුරුවෝ වඩම්මන්න තමයි කට්ටියම ගිය වෑන් එකෙන් ගිහින් තියෙන්නෙ ආරණ්‍යසේනාසනේ බලන්නත් එක්ක. කොහොමහරි මේ තැන බලලා හාමුදුරුවො වැඩ ඉන්න ආවාසෙට ගිහින් හාමුදුරුවන්ට ආරාධනා කරල තියෙනවා පන්සලට වෑන් එකෙන් වඩින්න කියලා ආච්චිලාගෙ කට්ටිය. හාමුදුරුවො පොතක මොනවද ලියන ගමන් වැඩ හිටියලු එවලේ. ඉතිං හාමුදුරුවො කියල තියෙනව "ඔයාල යන්න , මම මේක ඉවර කරල වඩින්නම් කියලා". එතකොට කට්ටිය අතරෙ හිටපු කෙනෙක් කියල තියෙනවා " හාමුදුරුවනේ , පරක්කු වුනොත් .. " කියලා. ඒක කියනකොටම හාමුදුරුවො අනික් පැත්තට "ඉතිං අපි මෙතන කතා කොර කොර හිටියොත් ඊට වඩා පරක්කු වෙනවා නේද උපාසක මහත්තයෝ" කියල කිව්වලු. ඉතිං කට්ටියම ආපහු එන්න ආව පන්සලට. පැය බාගයකින් විතර ආයෙ පන්සලට ඇවිල්ලා අටවිසි බෝධිපූජාවට ලැස්තිවෙනකොට ආරණ්‍යසේනාසනේ වැඩහිටපු හාමුදුරුවෝ පන්සලේ බෝමළුව අතුගානවලු. මේ සිද්ධිය දැකල පැහැදිච්ච මගේ ආච්චිඅම්මා මේ කුඩිම්බිගල ආරණ්‍යසේනාසනේට දැන් යන්න බැරිවුනත්, තාමත් මුදලින් හරි දානේ පරිත්‍යාග කරනවා. ඒ කියන්නේ එදා ඇතිවිච්ච පැහැදීම තාමත් තියෙනවා.
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa

මම කලක සිට ආරාමයකට බණ අහන්න යනවා (ඊට ඉස්සෙල්ලා හරි මාර්ගය හොයගෙන සෑහෙන ස්වාමින් වහන්සේලාගෙන් බණ ඇහුවා). ඒත් මගේ නුවණට ගෝචරව මට වැටහුණ දේ තමයි මම ඉන්නෙ දැන් මම ඉන්නේ හරි මාර්ගයෙ බව. උන්වහන්සේ බණ දැනට තියෙන ඒවාට වඩා වෙනස් නමුත් අපේ නුවණට විමසා බැලූවාම තේරෙනවා මෙතෙක් කල් රැවටිලා සිටිය බව.

ඒ නිසා මම ඒ බණ අනෙක් අයට අහන්න සලස්වන්න කියලා වෙබ් සයිට් එකක් පටන් ගත්තා. ඒකේ උන්වහන්සේ දේශණා කල පිරිසිදු බුදු දහම රෙකෝඩ් කරලා පොඩි හැඳින්වීමක් එක්ක අහන්න සලස්වලා තියෙන්වා, කැමති කෙනකුට අහන්න.

මම උන්වහන්සේගෙ මාර්ගඵල ගැන කියනවාට වඩා ධර්මාවබොධය ගැන නමි අසීමිත විදිහට පැහැදිලා ඉන්නේ (ආයෙත් මට වෙන මාර්ගයක් ඕනෙ නැහැ). බුදුපියාණන් වහන්සේ අනුමත කල, සාදුකාර දීපු අනුශාසනා ප්‍රාතිහාර්‍ය උන්වහන්සේ අසීමිතව පානව.

කැමති කෙනෙක් ඉන්නවා නම් එතනට යන හැටි මෙතන තියෙන්වා

http://www.hiddendhamma.net/index.php/2010-02-19-18-55-35

යන්න ඉස්සෙල්ලා මෙතන තියෙන "නවකයෙකුට ආර්‍ය මාර්ගය" ඕඩියො එක අහන්න
http://www.hiddendhamma.net/index.php/saddharmaya/aryamaga/39-nawakayaku

මගේ අරමුණ මම මේ දැනගත්ත දේ අනික් අයටත් ලබා දීමයි.
තෙරුවන් සරණයි !!!

(මම කවුද කියළා හොයනවා නම මේ ඉන්නෙ මම http://www.facebook.com/fiqri.ismail මගේ FB group එක මෙතන http://www.facebook.com/group.php?gid=145801643607)
 
බොහොම පින් . මට මේ තැන ගැන අදුරන කෙනෙක් කිව්වා මේ ලගදි. බොහොම පින් මාර්ගය පෙන්නුවට . මම අදහස් කරනවා මෙතෙන්ට යන්න මේ මාසේ ඇතුලතම කොහොම හරි.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
නූතන රහතන් වහන්සේ කෙනෙක් ගැන මම මුලින්ම අහපු කතාව.

අපේ ආච්චිට හොදට වාරු තියෙන කාලෙ එයාගෙ යාළුවොත් එක්ක වන්දනාවෙ යන එක තමයි එයාගෙ විනොදාංශෙ. ආච්චිලා ගිහින් තියෙනවා වන්දනාවේ යනකොට අතරමගදි තිබුන පන්සලකින් දැනගත්තට පස්සේ අම්පාරෙ කුඩිම්බිගල කියන ආරණ්‍යසේනාසනයට. මේ ආරණ්‍යසේනාසනයෙ ඉදලා පන්සලට යන්න පැය බාගයක් විතර යනවා වාහනේකින් යනවනම්. පන්සලේ අටවිසි බුද්ධපූජාවට හාමුදුරුවෝ වඩම්මන්න තමයි කට්ටියම ගිය වෑන් එකෙන් ගිහින් තියෙන්නෙ ආරණ්‍යසේනාසනේ බලන්නත් එක්ක. කොහොමහරි මේ තැන බලලා හාමුදුරුවො වැඩ ඉන්න ආවාසෙට ගිහින් හාමුදුරුවන්ට ආරාධනා කරල තියෙනවා පන්සලට වෑන් එකෙන් වඩින්න කියලා ආච්චිලාගෙ කට්ටිය. හාමුදුරුවො පොතක මොනවද ලියන ගමන් වැඩ හිටියලු එවලේ. ඉතිං හාමුදුරුවො කියල තියෙනව "ඔයාල යන්න , මම මේක ඉවර කරල වඩින්නම් කියලා". එතකොට කට්ටිය අතරෙ හිටපු කෙනෙක් කියල තියෙනවා " හාමුදුරුවනේ , පරක්කු වුනොත් .. " කියලා. ඒක කියනකොටම හාමුදුරුවො අනික් පැත්තට "ඉතිං අපි මෙතන කතා කොර කොර හිටියොත් ඊට වඩා පරක්කු වෙනවා නේද උපාසක මහත්තයෝ" කියල කිව්වලු. ඉතිං කට්ටියම ආපහු එන්න ආව පන්සලට. පැය බාගයකින් විතර ආයෙ පන්සලට ඇවිල්ලා අටවිසි බෝධිපූජාවට ලැස්තිවෙනකොට ආරණ්‍යසේනාසනේ වැඩහිටපු හාමුදුරුවෝ පන්සලේ බෝමළුව අතුගානවලු. මේ සිද්ධිය දැකල පැහැදිච්ච මගේ ආච්චිඅම්මා මේ කුඩිම්බිගල ආරණ්‍යසේනාසනේට දැන් යන්න බැරිවුනත්, තාමත් මුදලින් හරි දානේ පරිත්‍යාග කරනවා. ඒ කියන්නේ එදා ඇතිවිච්ච පැහැදීම තාමත් තියෙනවා.

එර්දියෙන් වැඩලා!
නමුත් ඉන් අදහස් කරන්නෙ හොඳින් සමථ භාවනා වඩා ඇති බව නේද? මාර්ගඵල ලාභියෙක් වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්. කොහොම වුණත් මේ වගේ හොඳින් භාවනාව දියුණු කරගන්න තරමට කැප වීමක් තිබුණානම් උන්වහන්සේ සසරින් එතෙර වන දිනයත් දුර වෙන්න බැහැ.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මම කලක සිට ආරාමයකට බණ අහන්න යනවා (ඊට ඉස්සෙල්ලා හරි මාර්ගය හොයගෙන සෑහෙන ස්වාමින් වහන්සේලාගෙන් බණ ඇහුවා). ඒත් මගේ නුවණට ගෝචරව මට වැටහුණ දේ තමයි මම ඉන්නෙ දැන් මම ඉන්නේ හරි මාර්ගයෙ බව. උන්වහන්සේ බණ දැනට තියෙන ඒවාට වඩා වෙනස් නමුත් අපේ නුවණට විමසා බැලූවාම තේරෙනවා මෙතෙක් කල් රැවටිලා සිටිය බව.

ඒ නිසා මම ඒ බණ අනෙක් අයට අහන්න සලස්වන්න කියලා වෙබ් සයිට් එකක් පටන් ගත්තා. ඒකේ උන්වහන්සේ දේශණා කල පිරිසිදු බුදු දහම රෙකෝඩ් කරලා පොඩි හැඳින්වීමක් එක්ක අහන්න සලස්වලා තියෙන්වා, කැමති කෙනකුට අහන්න.

මම උන්වහන්සේගෙ මාර්ගඵල ගැන කියනවාට වඩා ධර්මාවබොධය ගැන නමි අසීමිත විදිහට පැහැදිලා ඉන්නේ (ආයෙත් මට වෙන මාර්ගයක් ඕනෙ නැහැ). බුදුපියාණන් වහන්සේ අනුමත කල, සාදුකාර දීපු අනුශාසනා ප්‍රාතිහාර්‍ය උන්වහන්සේ අසීමිතව පානව.

කැමති කෙනෙක් ඉන්නවා නම් එතනට යන හැටි මෙතන තියෙන්වා

http://www.hiddendhamma.net/index.php/2010-02-19-18-55-35

යන්න ඉස්සෙල්ලා මෙතන තියෙන "නවකයෙකුට ආර්‍ය මාර්ගය" ඕඩියො එක අහන්න
http://www.hiddendhamma.net/index.php/saddharmaya/aryamaga/39-nawakayaku

මගේ අරමුණ මම මේ දැනගත්ත දේ අනික් අයටත් ලබා දීමයි.
තෙරුවන් සරණයි !!!

(මම කවුද කියළා හොයනවා නම මේ ඉන්නෙ මම http://www.facebook.com/fiqri.ismail මගේ FB group එක මෙතන http://www.facebook.com/group.php?gid=145801643607)

බොහොම පින්. දහම් පිපාසාවෙන් පෙළෙන අයට ඒ දැණුම බෙදා දෙන එක ලොකු පිනක්.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මෙහෙමයි..අපි අප්‍රමාදව ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කලොත් අරහත් බාවය දක්වා මාර්ගඵල ලබන්න අපිටත් පුලුවන්. රහතන් වහන්සේලා හොය හොය යනවට වඩා ඒ ක්‍රමය ප්‍රැක්ටිකල්..:rolleyes:
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
මෙහෙමයි..අපි අප්‍රමාදව ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කලොත් අරහත් බාවය දක්වා මාර්ගඵල ලබන්න අපිටත් පුලුවන්. රහතන් වහන්සේලා හොය හොය යනවට වඩා ඒ ක්‍රමය ප්‍රැක්ටිකල්..:rolleyes:

ආර්ය අෂ්ඨාංගික මාර්ගය පුහුණු කරන ගමන් රහතන් වහන්සේලා සොයාගෙන යනවා. හයිබ්‍රිඩ් :D
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
ආර්ය අෂ්ඨාංගික මාර්ගය පුහුණු කරන ගමන් රහතන් වහන්සේලා සොයාගෙන යනවා. හයිබ්‍රිඩ් :D

ඔව් ඒත් අපි මුලින්ම ධර්මාවබෝධය ලැබු අර්‍යයන් වහන්සේ නමකගෙන් බණ අහලා පළමු පියවර (සොවාන් ඵලය) තබන්න ඕන ඊට පස්සෙ .. ගුරුවරයෙක් නැතුව ඉහත කිව්වා වගෙ තනියම මාර්ගය වඩන්න පුළුවන්.
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
ඔව් ඒත් අපි මුලින්ම ධර්මාවබෝධය ලැබු අර්‍යයන් වහන්සේ නමකගෙන් බණ අහලා පළමු පියවර (සොවාන් ඵලය) තබන්න ඕන ඊට පස්සෙ .. ගුරුවරයෙක් නැතුව ඉහත කිව්වා වගෙ තනියම මාර්ගය වඩන්න පුළුවන්.

ඒනිසා රහතන් වහන්සේ කෙනෙක් හමුවෙන්න ඒ වෙනුවෙන් අපි පෙරුම්දම් පිරීම සහ අධිෂ්ඨාන කිරීම කරන්න ඕනා.

ඔබතුමා ඉදිරිපත් කරපු සයිට් එකෙ තිබ්බ මෙන්න මේ ධර්ම දේශනාව නියමයි. ඔබතුමාට බොහොම පින් ඒකට. අනික් හැමොමත් කරුණාකරල ඒක අහන්න.
 
Last edited:

sudunone

Member
May 23, 2009
3,781
121
0
බුදු රජාණන් වහන්සෙ දේශනා කළේ උන්වහන්සෙ නැති කාලෙක ධර්මය ගුරු තනතුරෙහි තබා ගන්න කියලනෙ. ඉතින්, ධර්මයේ මේ ගැන කියවෙන විදිහ බලලා, එ අනුව ක්‍රියා කිරීම තමයි හොද විදිහ. ආර්ය අෂ්ඨාංගික මාරගය පිළිපදින්න කියල තමයි හැම තැනම් කියල තියෙන්නෙ.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
part-03

අන්වර්ට දීලා තියන උත්තරේ ඉතාම පැහැදිලියි..රහතන් වහන්සේ නමක් පිළිබද මේ ඇතිවී තියන කන්ෆියුසන් එක මේ වීඩියෝ එකේ තියන පිළිතුර හරහා හොදින්ම විසදෙනවා.

ඇත්තටම කීවොත් අපි නොදැනුවත්වම අපව ධර්ම මාර්ගයට යොමු කරන, නිහඩව සෙවයක් කරන රහතන් වහන්සේලා ඕනෑ තරම් ඉන්නවා..:yes:
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
part-03

අන්වර්ට දීලා තියන උත්තරේ ඉතාම පැහැදිලියි..රහතන් වහන්සේ නමක් පිළිබද මේ ඇතිවී තියන කන්ෆියුසන් එක මේ වීඩියෝ එකේ තියන පිළිතුර හරහා හොදින්ම විසදෙනවා.

ඇත්තටම කීවොත් අපි නොදැනුවත්වම අපව ධර්ම මාර්ගයට යොමු කරන, නිහඩව සෙවයක් කරන රහතන් වහන්සේලා ඕනෑ තරම් ඉන්නවා..:yes:

එළුවො මගෙ කලින් පොස්ට් එකෙ තියෙන බණ දේශනාව අහන්න. එතකොට ඔබතුමාට ඒ කාරණය ඉතා හොදින් වැටහෙයි.