මාර්ගඵලයක් ලැබූ කෙනෙක් අදුනගැනීම - Recognizing an Enlightened

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
part-03

අන්වර්ට දීලා තියන උත්තරේ ඉතාම පැහැදිලියි..රහතන් වහන්සේ නමක් පිළිබද මේ ඇතිවී තියන කන්ෆියුසන් එක මේ වීඩියෝ එකේ තියන පිළිතුර හරහා හොදින්ම විසදෙනවා.

ඇත්තටම කීවොත් අපි නොදැනුවත්වම අපව ධර්ම මාර්ගයට යොමු කරන, නිහඩව සෙවයක් කරන රහතන් වහන්සේලා ඕනෑ තරම් ඉන්නවා..:yes:

100% correct...!
 
  • Like
Reactions: ela_eluwa120

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔව් ඒත් අපි මුලින්ම ධර්මාවබෝධය ලැබු අර්‍යයන් වහන්සේ නමකගෙන් බණ අහලා පළමු පියවර (සොවාන් ඵලය) තබන්න ඕන ඊට පස්සෙ .. ගුරුවරයෙක් නැතුව ඉහත කිව්වා වගෙ තනියම මාර්ගය වඩන්න පුළුවන්.

'ධර්මාවබෝධය ලැබූ' කියන එකෙන් ඔයා අදහස් කරන්නෙ රහතන් වහන්සෙනමක්ද?
නමුත් එහෙම පියවරක් අත්‍යවශ්‍ය නෑ නේද? අවබෝදය ලැබූ කෙනෙක් ඉන්නවනම් ගුරුහරුකම් දෙන්න, අපේ කටයුත්ත වඩා පහසු වෙනවා. ඒකෙ දෙකක් නෑ. නමුත් අපට මග පෙන්වීමට ධර්මය තියෙනවානෙ.
 
wmsaneera

Member
Nov 21, 2009
503
94
0
බාහිරින් බලල අඳුනන්න බැරි වුණත් ඒ අය ධර්මය පැහැදිලි කරල දෙන විදිහෙන් හිතා ගන්න පුළුවන් නේද මාර්ගයෙ යම් දුරක් ගිය අය කියල?

ඇත්තටම මාර්ගඵලයක් ලැබූ කෙනෙක්ව බොහෝවිට ඒ අය ධර්මය පැහැදිලි කරල දෙන විදිහෙන් හදුනාගන්නට පුළුවන් වෙනවා ඒ වගේම ඔවුන්ගේ ඉන්දිය සංවරය වගේම හැසීරීමෙනුත් අපිට යම්කිසි තීරණයකට එන්න පුලුවන්කම තියෙනවා.
හැබැයි ඉතින් ධර්ම අවබෝදයෙන් හෝ ඉන්දිය සංවරයෙන් විතරක්ම අපිට එහෙම කියන්නත් බැහැ.
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
'ධර්මාවබෝධය ලැබූ' කියන එකෙන් ඔයා අදහස් කරන්නෙ රහතන් වහන්සෙනමක්ද?
නමුත් එහෙම පියවරක් අත්‍යවශ්‍ය නෑ නේද? අවබෝදය ලැබූ කෙනෙක් ඉන්නවනම් ගුරුහරුකම් දෙන්න, අපේ කටයුත්ත වඩා පහසු වෙනවා. ඒකෙ දෙකක් නෑ. නමුත් අපට මග පෙන්වීමට ධර්මය තියෙනවානෙ.

ධර්මය සංදිට්ටිකයි. අනුගමනය කරානම් ප්‍රතිපල ලැබෙනවා. මෙතන ධර්මාවබෝධය ලැබු අර්‍යයන් වහන්සේ කියලා අදහස් කලේ කල්ංන මිත්‍රයා ගැන වෙන්න ඕනි...
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
'ධර්මාවබෝධය ලැබූ' කියන එකෙන් ඔයා අදහස් කරන්නෙ රහතන් වහන්සෙනමක්ද?
නමුත් එහෙම පියවරක් අත්‍යවශ්‍ය නෑ නේද? අවබෝදය ලැබූ කෙනෙක් ඉන්නවනම් ගුරුහරුකම් දෙන්න, අපේ කටයුත්ත වඩා පහසු වෙනවා. ඒකෙ දෙකක් නෑ. නමුත් අපට මග පෙන්වීමට ධර්මය තියෙනවානෙ.

ධර්මය සංදිට්ටිකයි. අනුගමනය කරානම් ප්‍රතිපල ලැබෙනවා. මෙතන ධර්මාවබෝධය ලැබු අර්‍යයන් වහන්සේ කියලා අදහස් කලේ කල්ංන මිත්‍රයා ගැන වෙන්න ඕනි...

ඔව්..කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය හා යෝනිසෝ මනසිකාරය හේතුකොට ගෙන තමයි සම්මා දිට්ඨිය උපදින්නේ...:D
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ධර්මය සංදිට්ටිකයි. අනුගමනය කරානම් ප්‍රතිපල ලැබෙනවා. මෙතන ධර්මාවබෝධය ලැබු අර්‍යයන් වහන්සේ කියලා අදහස් කලේ කල්ංන මිත්‍රයා ගැන වෙන්න ඕනි...

බුදු දහම නිවැරදිව කියලා, විස්තර කරලා දෙන තැනැත්තා.:yes:
 
wmsaneera

Member
Nov 21, 2009
503
94
0
ඔව් ඒත් අපි මුලින්ම ධර්මාවබෝධය ලැබු අර්‍යයන් වහන්සේ නමකගෙන් බණ අහලා පළමු පියවර (සොවාන් ඵලය) තබන්න ඕන ඊට පස්සෙ .. ගුරුවරයෙක් නැතුව ඉහත කිව්වා වගෙ තනියම මාර්ගය වඩන්න පුළුවන්.

ඒ අදහසනම් මට ටිකක් පැහැදිලි මදි වගේ.
ධර්මාවබෝධය ලැබු අර්‍යයන් වහන්සේ නමකගෙන් බණ අහලා පළමු පියවර (සොවාන් ඵලය) තබන්න පුලුවන්ද?
අපිකරන්න ඕනේ ප්‍රයෝගිකව ධර්ම මාර්ගයේ ගමන්කරන් එක නේද?
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
ඒ අදහසනම් මට ටිකක් පැහැදිලි මදි වගේ.
ධර්මාවබෝධය ලැබු අර්‍යයන් වහන්සේ නමකගෙන් බණ අහලා..

දැන් මුල් පියවර දෙක හරි. ඊට පස්සෙ යෝනිසො මන්සිකාරය අවශයය්..
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
ඒ අදහසනම් මට ටිකක් පැහැදිලි මදි වගේ.
ධර්මාවබෝධය ලැබු අර්‍යයන් වහන්සේ නමකගෙන් බණ අහලා පළමු පියවර (සොවාන් ඵලය) තබන්න පුලුවන්ද?
අපිකරන්න ඕනේ ප්‍රයෝගිකව ධර්ම මාර්ගයේ ගමන්කරන් එක නේද?

මෙහෙමයි, ධර්මාවබෝධය ලැබූ කියලා මම කිව්වේ අඩුම වශයෙන් සෝවාන් ඵලයවත් ලැබූ කෙනෙක් වෙන්න ඕන. මේක අනිවාර්‍ය දෙයක් හේතුව තනියම ධර්මය අවබෝධ කරගත හැක්කේ සම්මා සම්බුදුවරයෙක් සහා පසේ බුදුවරයෙකුට පමණයි. ඊට පස්සෙ අවබෝධ කරගත්ත දහම දේශණාකරන කොට ශ්‍රාවක ගෝචර වෙනවා. ඊට පස්සේ ඒ ශ්‍රාවකයන් වහන්සේලා අනික් අයට කියලා දෙනවා.

මේ ලෝකේ අසාර (අනිච්ඡ, දුක්ඛ, අනත්ථ) බව මුලින්ම බණ අහලා තේරුම් ගත්ත කෙනා තමයි සෝවාන් ඵල ලාභියා. ඊට පස්සෙ අනික් අයට බණ දේශණා කරන ශක්තිය තියෙනවා නම එයාට පුළුවන් අනික් අයට අවබෝධ කරලා දෙන්න.

බුදුපියාණන් වහන්සේ ධර්ම චක්‍රය දේශණා කරන කොට දේශණා කලේ, මේක මම පෙර නොඇසු විරු දහමක් ඒකෙන් මගෙ ඇස් පැහැදුන, නුවණ පැහැදුනා, ප්‍රඥාව ලැබුනා, විද්‍යාව දැක්කා ආදි වශයෙන් (පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු , චක්ඛුං උදපාදි, ඥාණං උදපාදි, ප්‍රඥා උදපාදි, විජ්ජා උදපාදි). ඉතින් මෙකෙන්ම තේරෙනවා තනියෙන් කරගන්න පුළුවන් වැඩක් නෙමෙ කියලා. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍යයි,

එක් වතාවක් ආනන්ද හාමුදුරුවො බුදුපියාණන් වහන්සේට කියනවා, මේ සාසනය පැවතෙන්නෙ බාගයක් කල්‍යාණ මිත්‍රයන් සහා බාගයක් පිලිවෙත් නිසා නේද කියළා, එවිට උන්වහන්සේ පවසනවා "නැහැ ආනන්ද මේ සාසනය සම්පූර්ණයෙන්ම පැවතෙන්නේ කල්‍යාණ මිත්‍රයන් උඩයි කියළා"
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
දැන් මුල් පියවර දෙක හරි. ඊට පස්සෙ යෝනිසො මන්සිකාරය අවශයය්..

යෝනිසෝමනිසාකරය - යෝනිසෝ (උප්පත්ති ලබන තැන. [දේව, බ්‍රහ්ම, සතර අපා, මිනිස්] ඉවත් කිරිමට) (මනිසිකාරය) (සිතින් යොමු කර බැලිම)
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
යෝනිසෝමනිසාකරය - යෝනිසෝ (උප්පත්ති ලබන තැන. [දේව, බ්‍රහ්ම, සතර අපා, මිනිස්] ඉවත් කිරිමට) (මනිසිකාරය) (සිතින් යොමු කර බැලිම)

ඕක පැහැදිලි කරලා නම් තියෙන්නෙ රාග ද්වේශ මෝහ ප්‍රහානය වෙන ආකාරයට කල්පනා කිරීම කියලයි...
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
ඕක පැහැදිලි කරලා නම් තියෙන්නෙ රාග ද්වේශ මෝහ ප්‍රහානය වෙන ආකාරයට කල්පනා කිරීම කියලයි...

:yes: ඔබ හරි දෙකෙන්ම වෙන්නේ එක දෙයයි, උපත නවත්වන්න උදව් වෙන එක.

"රාගක්‍ෂයෝ නිබ්බානං, මෝහක්‍ෂයෝ නිබ්බානං, දේවශක්‍ෂයෝ නිබ්බානං"
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මෙහෙමයි, ධර්මාවබෝධය ලැබූ කියලා මම කිව්වේ අඩුම වශයෙන් සෝවාන් ඵලයවත් ලැබූ කෙනෙක් වෙන්න ඕන. මේක අනිවාර්‍ය දෙයක් හේතුව තනියම ධර්මය අවබෝධ කරගත හැක්කේ සම්මා සම්බුදුවරයෙක් සහා පසේ බුදුවරයෙකුට පමණයි. ඊට පස්සෙ අවබෝධ කරගත්ත දහම දේශණාකරන කොට ශ්‍රාවක ගෝචර වෙනවා. ඊට පස්සේ ඒ ශ්‍රාවකයන් වහන්සේලා අනික් අයට කියලා දෙනවා.

මේ ලෝකේ අසාර (අනිච්ඡ, දුක්ඛ, අනත්ථ) බව මුලින්ම බණ අහලා තේරුම් ගත්ත කෙනා තමයි සෝවාන් ඵල ලාභියා. ඊට පස්සෙ අනික් අයට බණ දේශණා කරන ශක්තිය තියෙනවා නම එයාට පුළුවන් අනික් අයට අවබෝධ කරලා දෙන්න.

බුදුපියාණන් වහන්සේ ධර්ම චක්‍රය දේශණා කරන කොට දේශණා කලේ, මේක මම පෙර නොඇසු විරු දහමක් ඒකෙන් මගෙ ඇස් පැහැදුන, නුවණ පැහැදුනා, ප්‍රඥාව ලැබුනා, විද්‍යාව දැක්කා ආදි වශයෙන් (පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු , චක්ඛුං උදපාදි, ඥාණං උදපාදි, ප්‍රඥා උදපාදි, විජ්ජා උදපාදි). ඉතින් මෙකෙන්ම තේරෙනවා තනියෙන් කරගන්න පුළුවන් වැඩක් නෙමෙ කියලා. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍යයි,

එක් වතාවක් ආනන්ද හාමුදුරුවො බුදුපියාණන් වහන්සේට කියනවා, මේ සාසනය පැවතෙන්නෙ බාගයක් කල්‍යාණ මිත්‍රයන් සහා බාගයක් පිලිවෙත් නිසා නේද කියළා, එවිට උන්වහන්සේ පවසනවා "නැහැ ආනන්ද මේ සාසනය සම්පූර්ණයෙන්ම පැවතෙන්නේ කල්‍යාණ මිත්‍රයන් උඩයි කියළා"

සමා වෙන්න; මේ මතය මං මින් පෙර අහල නෑ. බුදුපියාණන් තමන්ගෙන් පසු ගුරු තනතුරෙහි තියාගන්න කිව්වෙ ධර්මයයි. ඒ කියන්නෙ අපට මග පෙන්වන්නෙ ධර්මය.
ධර්මය හොඳින් වටහාගත් කෙනෙක්ගෙන් අහ ගන්නකොට, එහෙම කෙනෙක් අපේ ගැටළු නිරාකරණය කරගන්න උදව් කරනකොට, අපට සත්‍යය අවබෝධ කරගන්න ලේසියි; අප වැරදි මගක යාමට ඇති ඉඩකඩ අඩුයි. නමුත් කළ්‍යාණමිත්‍රයෙක් කියන්නෙ මගපල ලාභියෙක්ම වියයුතුයිද?
අපට දහම් පොත් ඇසුරෙනුත් ධර්මය ඉගෙන ගත හැකියි. තනියෙන් විදර්ශනා වැඩුවට අපි අනුගමනය කරන්නෙ බුදුහිමියන් පෙන්වූ මග නිසා, එතනදි ඇත්තටම තනියෙන් අවබෝධ කිරිල්ලක් නෙවෙයි තියෙන්නෙ- බුදු පසේබුදු උතුමන් වගේ. නමුත් අවසාන වශයෙන් තමන්ට ඕනෙනම් සත්‍යය දකින්න, ඒ ගමන යා යුත්තෙ තමන්මයි; පාර පෙන්නුවට මදිනෙ. මෙතෙන්දි වෙන කෙනෙක් පහදලා දුන්නට මදි, තමන් අවබෝධ කරන්නනම්, තමන් ඒ ඔස්සේ හිත මෙහෙයවා බලන්න ඕනෙ, නේද?
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
:yes: ඔබ හරි දෙකෙන්ම වෙන්නේ එක දෙයයි, උපත නවත්වන්න උදව් වෙන එක.

"රාගක්‍ෂයෝ නිබ්බානං, මෝහක්‍ෂයෝ නිබ්බානං, දේවශක්‍ෂයෝ නිබ්බානං"

ඔව්, මේ නිර්වචන දෙකෙන්ම කියවෙන්නෙ එකම අදහස.:yes:
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
සමා වෙන්න; මේ මතය මං මින් පෙර අහල නෑ. බුදුපියාණන් තමන්ගෙන් පසු ගුරු තනතුරෙහි තියාගන්න කිව්වෙ ධර්මයයි. ඒ කියන්නෙ අපට මග පෙන්වන්නෙ ධර්මය.
ධර්මය හොඳින් වටහාගත් කෙනෙක්ගෙන් අහ ගන්නකොට, එහෙම කෙනෙක් අපේ ගැටළු නිරාකරණය කරගන්න උදව් කරනකොට, අපට සත්‍යය අවබෝධ කරගන්න ලේසියි; අප වැරදි මගක යාමට ඇති ඉඩකඩ අඩුයි. නමුත් කළ්‍යාණමිත්‍රයෙක් කියන්නෙ මගපල ලාභියෙක්ම වියයුතුයිද?
අපට දහම් පොත් ඇසුරෙනුත් ධර්මය ඉගෙන ගත හැකියි. තනියෙන් විදර්ශනා වැඩුවට අපි අනුගමනය කරන්නෙ බුදුහිමියන් පෙන්වූ මග නිසා, එතනදි ඇත්තටම තනියෙන් අවබෝධ කිරිල්ලක් නෙවෙයි තියෙන්නෙ- බුදු පසේබුදු උතුමන් වගේ. නමුත් අවසාන වශයෙන් තමන්ට ඕනෙනම් සත්‍යය දකින්න, ඒ ගමන යා යුත්තෙ තමන්මයි; පාර පෙන්නුවට මදිනෙ. මෙතෙන්දි වෙන කෙනෙක් පහදලා දුන්නට මදි, තමන් අවබෝධ කරන්නනම්, තමන් ඒ ඔස්සේ හිත මෙහෙයවා බලන්න ඕනෙ, නේද?

:yes: ඔව් ඔබ කියනදේ හරි, ධර්මය ගුරු තනතුරේ තබාගන්න කිව්වෙ මේ හේතුව උඩ. මම උපමාවකින් කියන්නම්,

අපි ඔක්කොම දන්නවා

1 + 1 = 2 කියලා

පසු කාලෙක කෙනෙක් මොකක් හරි හේතුවක් උඩ හරි තමන්ගෙ මතයක් උඩ කියනවා

1 + 1 = 3 කියලා, මේක පොත්වල ලියනවා, ඊට පස්සෙ පරම්පරාව ගන්නෙ මේදේ....

නමුත් හරියටම එකතු කරන ක්‍රමය (ධර්මය) දැනගත් කෙනෙක් (මාර්ගඵල ලාභියෙක්) (ඕනම ගානක් එකතුකරන ක්‍රමය දන්න කෙනෙක්) අනික් කෙනාට කියලා දෙනවා මෙහෙමයි එකතු කරන ක්‍රමය (ධර්මය). මේක අවබෝධ කරගන්න කියලා. උදාහරණයක් විදිහට පෙන්නනව මේ ක්‍රමයට එකතු කරාම 1 + 1 = 2 වෙනවා කියලා. ඉතින් අහගත්ත කෙනාට අවබෝධයක් එනවා හරියටම එකතු කරන ක්‍රමය (ධර්මය) ගැන. දැන් දන්නව එකතු කරන විදිහ (ධර්මය). ඒක (ධර්මය) ගුරු තනතුරේ තියා ගෙන පුළුවන් ඕනම එකතු කරන ගානක් හදන්න. දැන් මේදේ අවබෝධ කරගත්ත කෙනාට කිව්වොත් 1+1 = 2 නෙමෙ උත්තරේ 3 කියලා, අවබෝධ උන කෙනා කීයටවත් පිලිගන්නවාද ? හේතුව දැන් එය දන්නවා එකතු කරන ක්‍රමය. ඒකෙන් එයාට ඕනම එකතු කරන ගනනක් හදන්න පුළුවන් ක්‍රමය (ධර්මය) අවබෝධ වුණ නිසා.

මම හිතන්නෙ දැන් තේරෙන්න ඇති ??

තෙරුවන් සරණයි !!!

වැරදි ක්‍රමයක් අල්ල ගන්න, වැරදි අර්ථකතන වලට රැවටෙන්න තියෙන ඉඩ කඩ ඇහිරෙනවා.:yes: