
ඔව් ඔබ කියනදේ හරි, ධර්මය ගුරු තනතුරේ තබාගන්න කිව්වෙ මේ හේතුව උඩ. මම උපමාවකින් කියන්නම්,
අපි ඔක්කොම දන්නවා
1 + 1 = 2 කියලා
පසු කාලෙක කෙනෙක් මොකක් හරි හේතුවක් උඩ හරි තමන්ගෙ මතයක් උඩ කියනවා
1 + 1 = 3 කියලා, මේක පොත්වල ලියනවා, ඊට පස්සෙ පරම්පරාව ගන්නෙ මේදේ....
නමුත් හරියටම එකතු කරන ක්රමය (ධර්මය) දැනගත් කෙනෙක් (මාර්ගඵල ලාභියෙක්) (ඕනම ගානක් එකතුකරන ක්රමය දන්න කෙනෙක්) අනික් කෙනාට කියලා දෙනවා මෙහෙමයි එකතු කරන ක්රමය (ධර්මය). මේක අවබෝධ කරගන්න කියලා. උදාහරණයක් විදිහට පෙන්නනව මේ ක්රමයට එකතු කරාම 1 + 1 = 2 වෙනවා කියලා. ඉතින් අහගත්ත කෙනාට අවබෝධයක් එනවා හරියටම එකතු කරන ක්රමය (ධර්මය) ගැන. දැන් දන්නව එකතු කරන විදිහ (ධර්මය). ඒක (ධර්මය) ගුරු තනතුරේ තියා ගෙන පුළුවන් ඕනම එකතු කරන ගානක් හදන්න. දැන් මේදේ අවබෝධ කරගත්ත කෙනාට කිව්වොත් 1+1 = 2 නෙමෙ උත්තරේ 3 කියලා, අවබෝධ උන කෙනා කීයටවත් පිලිගන්නවාද ? හේතුව දැන් එය දන්නවා එකතු කරන ක්රමය. ඒකෙන් එයාට ඕනම එකතු කරන ගනනක් හදන්න පුළුවන් ක්රමය (ධර්මය) අවබෝධ වුණ නිසා.
මම හිතන්නෙ දැන් තේරෙන්න ඇති ??
තෙරුවන් සරණයි !!!