මාර්ගඵල ලබන්න නම් භාවනා කරන්නම ඕනෙ නේද? වෙන මාර්ගයක් නැහැනෙ?[/QUOTE
]
ඔව් භාවනාවත් සමගම බෝධිපාක්ෂික ධර්ම වඩන්න ඕනේ.
නිවන් දකින්න නම් අපි ගමන් කල යුතු මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයට කියන්නේ බෝධි පාක්ෂික ධර්ම පිරීම කියලා. කෙනෙක් බෝධිපාක්ෂික ධර්ම පුරන්නේ නැතිව නිවන් දකින්න බෑ.
බෝධිපාක්ෂික ධර්ම 37 තියෙනවා.
1. සතිපට්ඨානය
එනම් කායානුපස්සනා
වේදනානුපස්සනා
චිත්තානුපස්සනා
ධම්මානුපස්සනා යන්නාවූ සතර සතිපට්ඨානයයි.
2. සම්මප්පධානය
නූපන් අකුසල් නූපදිනු පිනිස කරන වීර්යය
උපන් අකුසල් නැති කිරීමට කරන වීර්යය
නූපන් කුසල් ඉපදීම පිණිස කරන වීර්යය
උපන් කුසල් වල දියුණුවට කරන වීර්යය
3. ඍද්ධිපාද සතර
ඡන්දිද්ධිපාද - විරියිද්ධිපාද - චිත්තිද්ධිපාද - වීමංසිද්ධිපාද
4. ඉන්ද්රිය ධර්මයෝ හතර දෙන
සද්ධින්දිය - විරියින්දිය - සතින්දිය - සමාධින්දිය - පඤ්ඤින්දිය
5. බලධර්මයෝ පස්දෙන
සද්ධා බලය - විරිය බලය - සති බලය - සමාධි බලය- පඤ්ඤා බලය
6. සප්ත බොජ්ජංගය
සති සම්බොජ්ජංගය - ධම්මවිචය සමබොජ්ජංගය - විරිය සම්බොජ්ජංගය
පීති සම්බොජ්ජංගය - පස්සධි සම්බොජ්ජංගය - සමාධි බොජ්ජංගය
උපේක්ඛා සම්බොජ්ජංගය
7. ආර්ය අෂ්ටාංගික මාර්ගය
සම්මා දිට්ඨි - සම්මා සංකප්ප - සම්මා වාචා - සම්මා කම්මන්ත
සම්මා ආජීව - සම්මා වායාම - සම්මා සති - සම්මා සමාධි
මෙන්න මෙතන තමා අපි පැටලිලා ඉන්නේ. ඉතින් කවුරුහරි කිව්වාම මේ සේරම වඩන්න ඕන කියල මාර්ගය අමාරුයි කියලා පසුබසිනවා.
බුදුපියාණන් වහන්සේ දේශණා කලේ මෙහෙමයි
එකක් වැඩුවාම - හතරක් වැඩෙනවා
හතරක් වැඩුවාම - හතක් වැඩෙනවා
හතක් වැඩුවාම - අටක් වැඩෙනවා
අටක් වැඩුවාම නිවනින්ම කෙලවර වෙනවායි කියලා.
ඉතින් බලන්න ඕන මොකක්ද මේ වඩන්න ඕන එක කියාලා. ඒක තමා මූලික අවබෝධය (මේ ලෝකයේ අසාර බව අනිච්ඡ්, දුක්ඛ, අනත්ථ වශයෙන් බැලීම) . ඉතින් මේ ආකරයට බලනවිට, අපිට ඉබේම ලෝභ, ද්වේශ, මෝහ වැඩ කෙරෙන්නෙ නැහැ, ඉතින් සතර සතිපට්ඨානය ඉබේම වැඩෙනවා. ඉතින් මේවායේ නම් දැනගෙන හිටයත් නැතත් ආර්ය මාර්ගය වඩන කෙනාට මේ හැම එකක්ම වැඩෙනවා.
උපමාවක් පෙන්නන්නම්, අපි අඹ ඇටයක් හිටවලා අවශ්‍ය වතුර, පොහොර ටික දැම්මාම, ගහේ අතු බෙදෙන්න ඕන මෙහෙමයි, මල් එන්න ඕන මෙහෙමයි, ගෙඩි එන්න ඕන මෙහෙමයි කියළා අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.
තවත් උදාහරණයක් ගමු,
කෙනෙක් නුවර ඉඳන් කොළඹට යන හැටි අහනවා,
1. එක්කෙනෙක් නුවරින්, පේරාදෙනියට යන්න, එතනින් කඩුගන්නාව ... ආදි වශයෙන් ප්‍රධාන නගර ආශ්රයෙන් කියන්න පුළුවන්.
2. තව එක්කෙනෙක් නුවරින්, ඔතන ලොකු බිල්ඩිං එකක්තියෙන්වා, ඊට පස්සෙ මල්වත්ත ආදි වශයෙන් විවිධ සංකේත, ගොඩනැගිලි ආශ්රයෙන් කියන්න පුළුවන්.
3. තවත් එක්කෙනෙක් මොකුත් ඕන නැහැ, ඔන්න ඔය කොළඹ යන බස් එකට නගින්නකො කෙලින්ම කොළඹ කියන්න පුළුවන්.
ඉතින් මේ මොන අවස්ථව ගත්තත් අර කියපු 1, 2 අවස්ථා 3 වෙනි එක්කෙනා දැනගත්තත් නැතත් පසු කරනවා.
ඔය සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ආදි විස්තර කලේ ධර්ම රසය හොයන අයගේ පහසුව පිණිස මිසක් නිවන් දකින්න දැනගෙන ඉන්නම ඕන නැහැ.