මාර්ගඵලයක් ලැබූ කෙනෙක් අදුනගැනීම - Recognizing an Enlightened

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
වැරදි ක්‍රමයක් අල්ල ගන්න, වැරදි අර්ථකතන වලට රැවටෙන්න තියෙන ඉඩ කඩ ඇහිරෙනවා.:yes:

අන්න හරි, අද බුදුදහමටත් වෙලා තියෙන්නෙ එකයි. ලෝකොත්තර අර්ථය වැහිලා (නැත්නම් උවමනාවෙන් වහලා). ඒකයි උන්වහන්සේ දේශණා කලේ මේ බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්‍යාන මිත්‍රයන් උඩයි කියළා. :)
 
Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
මම හිතන්නෙත් මාර්ගඵල ලැබූ අය කොතෙකුත් දෙනා ඇති. නමුත් ඔවුන් ඒ බව අන් අයට කියන්න‍ යන්නෙ නෑනෙ. ගිහි පැවිදි දෙපාර්ශවයේම මෙවැනි මාර්ගඵල ලැබූ අය ඉන්නවා. ගිහි ජීවිතේ සෝවාන් වූ අයත් බොහා් ඉන්නවාලු. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ කථා ඇතුළත් පොතක් මම කියෙව්වා.ඒකෙ තිබුනා ගිහි ජීවිතේ ඉදන්ම සෝවාන් වුන අයගැන. තව මම අහල තියෙනවා කථාවක්, මේක කියුවෙ ම‍ගෙ ගුරුවරයෙක්. සිරීපාදෙ ඉන්නවාලු භාවනානුයෝගී හාමුදුරු නමක්. ඒ හාමුදුරුවොත් යම් කිසි මාර්ගඵල ලාභී හාමුදුරුකෙනෙක් කිලයි කියුවෙ. මොකද මගේ ගුරුවරයා හිතන දේ ඒ හාමුදුරුවන්ට දැනෙනවාලු, ඒ අනුව ඒ හාමුදුරුවො කටයුතු කරනවලු. තවත් කථා කරද්දි ඒ බව හොදට තේරුනා කියලා කිවුවා.

අපිට මේ ජීවිතේදී සෝවාන් වෙන්නවත් පුලුවන් වෙයිද? :no:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
.

අපිට මේ ජීවිතේදී සෝවාන් වෙන්නවත් පුලුවන් වෙයිද? :no:

ei bari..darmaya sandittikai..me jeewithedima awaboda karaganna puluwan...theruwan kerehi shraddawen theruwan sarana giyama epamanakinma eya 'shradanusari' wenawa..eeta pasuwa darma margaye gaman karamin sowan palaya..etc etc..labana eka etharam deyak neme..
 
ඔව් අපිට පුළුවන්, අපට උත්පත්තියෙන් එන නුවණ හොඳටම ප්‍රමාණවත් අවශ්‍ය ආර්‍යයන් වහන්සේ නමකගෙන් පිරිසිදු ශ්‍රී සද්ධර්මය ඇසීම පමණයි.
 
මාර්ගඵල ලබන්න නම් භාවනා කරන්නම ඕනෙ නේද? වෙන මාර්ගයක් නැහැනෙ?
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
මාර්ගඵල ලබන්න නම් භාවනා කරන්නම ඕනෙ නේද? වෙන මාර්ගයක් නැහැනෙ?

පළමු ඵලය ඒ කියන්නේ සෝතාපන්න බව ලබා ගන්න බණ අහන්නම ඕන (ඉහත කියවන්න). අනෙක් ඵල වලට භාවනවෙන් විදර්ශණා වඩල පුළුවන්.
 
Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
marga pala lebu kenek haduna ganna puluwan para chiththa wijanana chanayak thiyana ayata witharai samatha bawana karala weda demmahamath kiyanna puluwan maraga pala labala kiyala, marga pala labanawa kiyanne hitha kelesungena nidahas wena ekata wena pudgalayek marga pala labalada balanna puluwan para chiththa wijanana chanayak thiyana ayata pamanamai
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78

ඔව් මේ කතාවනම් ඇත්ත.. අපි මේ හිතේ කෙලෙස් පුරවගෙන කොහොමද නිකෙලෙස් හිතක් අදුනගන්නේ... ඒක හරියට 2 පන්තියෙ පොඩි එකෙක් කලනය ගානක් හදන්න ට්‍රයි කරනවා වාගෙ වැඩක්. අපිට පුලුවන් අනුමානෙකට එන්න විතරයි.
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
ඔව් මේ කතාවනම් ඇත්ත.. අපි මේ හිතේ කෙලෙස් පුරවගෙන කොහොමද නිකෙලෙස් හිතක් අදුනගන්නේ... ඒක හරියට 2 පන්තියෙ පොඩි එකෙක් කලනය ගානක් හදන්න ට්‍රයි කරනවා වාගෙ වැඩක්. අපිට පුලුවන් අනුමානෙකට එන්න විතරයි.

:yes: තව කෙනෙකුගේ මාර්ගඵලයක් ගැන කිව හැක්කෙ බුදුපියාණන් වහන්සේට පමණයි. ඒ උන්වහන්සේගේ ඉන්ද්‍රිය පරියෝපරියත්ථ ඤාණය නිසා. අනික් අයට අනුමානවශයෙන් මාර්ගඵල ලැබු ආර්‍යයන් වහන්සේ නමක් ආශ්‍රය කිරිමේදි තෙරුම් යනව උන්වහන්සේ සතු ධර්මාවබෝධය.

ඉතින් අනුන්ගේ මාර්ගඵල හොයනවාට වඩා අපි කළයුත්තේ මේ බුද්ධ ශාසනය තියෙන කාලෙදීම මාර්ගය වැඩීමට උත්සහා කිරීමයි.
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
මේ ත්‍රෙඩ් එකෙ අරමුණ , අහවල් හාමුදුරුවො අහවල් ඵලය ලබලයි කියල හංවඩු ගහන්න නෙමෙයි,

එවගෙ අති විශේෂ දක්ෂතා තියෙන හාමුදුරුවරු හොයාගන්න අනික් අයට අනුබල දෙන එක පමණයි මෙතන එකම අරමුණ
 
wmsaneera

Member
Nov 21, 2009
503
94
0
මාර්ගඵල ලබන්න නම් භාවනා කරන්නම ඕනෙ නේද? වෙන මාර්ගයක් නැහැනෙ?[/QUOTE
]

ඔව් භාවනාවත් සමගම බෝධිපාක්ෂික ධර්ම වඩන්න ඕනේ.
නිවන් දකින්න නම් අපි ගමන් කල යුතු මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයට කියන්නේ බෝධි පාක්ෂික ධර්ම පිරීම කියලා. කෙනෙක් බෝධිපාක්ෂික ධර්ම පුරන්නේ නැතිව නිවන් දකින්න බෑ.
බෝධිපාක්ෂික ධර්ම 37 තියෙනවා.

1. සතිපට්ඨානය
එනම් කායානුපස්සනා
වේදනානුපස්සනා
චිත්තානුපස්සනා
ධම්මානුපස්සනා යන්නාවූ සතර සතිපට්ඨානයයි.

2. සම්මප්පධානය
නූපන් අකුසල් නූපදිනු පිනිස කරන වීර්යය
උපන් අකුසල් නැති කිරීමට කරන වීර්යය
නූපන් කුසල් ඉපදීම පිණිස කරන වීර්යය
උපන් කුසල් වල දියුණුවට කරන වීර්යය

3. ඍද්ධිපාද සතර
ඡන්දිද්ධිපාද - විරියිද්ධිපාද - චිත්තිද්ධිපාද - වීමංසිද්ධිපාද

4. ඉන්ද්රිය ධර්මයෝ හතර දෙන
සද්ධින්දිය - විරියින්දිය - සතින්දිය - සමාධින්දිය - පඤ්ඤින්දිය

5. බලධර්මයෝ පස්දෙන
සද්ධා බලය - විරිය බලය - සති බලය - සමාධි බලය- පඤ්ඤා බලය

6. සප්ත බොජ්ජංගය

සති සම්බොජ්ජංගය - ධම්මවිචය සමබොජ්ජංගය - විරිය සම්බොජ්ජංගය
පීති සම්බොජ්ජංගය - පස්සධි සම්බොජ්ජංගය - සමාධි බොජ්ජංගය
උපේක්ඛා සම්බොජ්ජංගය

7. ආර්ය අෂ්ටාංගික මාර්ගය

සම්මා දිට්ඨි - සම්මා සංකප්ප - සම්මා වාචා - සම්මා කම්මන්ත
සම්මා ආජීව - සම්මා වායාම - සම්මා සති - සම්මා සමාධි

  • Like
Reactions: sudunone

aaloka

Member
Jul 15, 2008
11
2
0
මිතුර,
ඔබගේ ඒ රහතන් වහන්සේ නමක් දැක ගැනීමේ ආශාව පින්වන්ත එකක් උනත් එය මුලා සහගතයි. ප්‍රමාද කරවන සුලුයි. ධර්මයේ ගුණ වටහා නො ගැනීම නිසා වන දෙයක්.

රහතන් වහන්සෙ නමක්, අරහත්වය ලබලද කියල පිටින් හොයන්න බැහැ. උත්තරීය මනුෂ්‍යධර්ම සාක්ශාත් නොකර, භික්ෂූන් වහන්සෙ නමක් ඒකාන්තයෙන් අරහත්වයට පත්වූ බවක් දැන ගන්න කිසිම ක්‍රමයක් ඔබට නැහැ. නමුත් තමන්ට අරහත්වය ප්‍රත්ක්ෂ්‍යය යෙන්ම අත්දැකිය හැකියි. පිටින් තබා තම සිතේත් එවැනි මුලා සහගත ආකල්ප ඇති විය හැකි බවත්, ඒවායින් ගැලවෙන මගත් භාග්‍යවතුන් වහන්සෙ උගන්වා තිබෙනව.

ඔබ කලින් පිළිතුරක අගය කරේ ඉර්‍ධියක්, මාර්ග ඵලයක් නොවේ. මේ මොහොතෙත් නිරයේ කෙලවරක් නොමැති දුක් විඳින දේවදත්තයන්ටත් බොහෝ ප්‍රාතිහාර්ය පෑමේ හැකියාව තිබුන.

---

අනිත් එක, එවැනි උතුමෙක්, හේතු රහිතව ඒ ඵල ප්‍රකාෂ කරන්නෙ නෑ. ඒය හැමට අවැඩ පිණිස පවතින නිසා.

අනිත් එක රහතන් වහන්සේලා කෙසේ වෙතත්, පසුගිය සියවස තුල මේ බිමේ බිහිවූ චතුර ධර්ම දේශකයානන් වහන්සේලාගෙන් බොහෝ පිරිසක් මිසදුටුවෝ ඝාතනය කලා. අදත් එවැනි පවිටු අරමුණු ඇත්තන්න්, අපි අතර (මෙහි පවා) ඉන්නව.

---

ඔබට රහතන් වහන්සේ නමක් දකින මගක් මම කියන්නම්;
අවංක වන්න. මුලු හිතින් තෙරුවන් සරණ යන්න. සිල්වත් වෙන්න. ධර්ම අවබෝධ කරගැනීමේ අවංක අරමුණ ඇතිකර ගන්න. ජීවිතය ඒ අරමුණ වෙනුවෙන් පූජා කරන්න. ඉන්පසු ධර්ම-විනය හදාරන්න ගන්න. (එනම්, ත්‍රිපිටකයේ එන ධර්ම විනයයි - ධර්ම දේශනා ඇසීමේදී, දේශකයන් වහන්සේලාගේ පුද්ගලික මත සහ තථාගත ධර්මය වෙන් කර ගැනීමට දක්ෂ වන්න.)

එවිට ඔබට කළ්‍යාණ මිත්‍රයන්වහන්සේලා මුණ ගැසේවි. ඇසුරු කරන්න ලැබේවි. රහතන් වහන්සේ නමක් බාහිරින් හමු නොවුනොත්, ඇතුලතින් හමුවේවි.

පිටින් රහතන් වහන්සේලා සොයා ගැනීම අදිටන් කරනවාට වඩා, සියළු කෙලෙස් ඉවත් හැමූ, රාගය ප්‍රහාණය කල, සියළු දුකින් මිදුණු උත්තමයෙක් වී, ඒ දුර්ලභ සිංහනාදය මෙලොවදීම කිරීමට ඔබ අදිටන් කරත්වා!

තෙරුවන් සරණයි!!

ප.ලි:

:yes: තව කෙනෙකුගේ මාර්ගඵලයක් ගැන කිව හැක්කෙ බුදුපියාණන් වහන්සේට පමණයි. ඒ උන්වහන්සේගේ ඉන්ද්‍රිය පරියෝපරියත්ථ ඤාණය නිසා.

මෙය ඉන්ද්‍රිය පරියෝපරියත්ථ ඤාණයේ වැරදි අර්ථ දැක්වීමක්. පරියෝපරියත්ථ ඤාණය යනු අන්‍යයන්ගේ, ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාව දැකිය හැකි බවයි. මෙ නිසා තථාගතයන් වහන්සේට, කෙනෙක්ට ධර්මය අවබෝධ වන ආකාරය දැක, ඔහු ඉලක්ක කර ධර්මය දේශනා කල හැකියි.
 
පින්වත් මිතුර .

මේ ත්‍රෙඩ් එකෙ අරමුණ රහතන් වහන්සේලා හදුන්වාදීම නොව උසස් දක්ෂතා ඇති ස්වාමීන්වහන්සේලා සොයාගැනීමට මග පෙන්වීම , එවන් අත්දැකීම් ගැන කතිකාවතක් ඇතිකිරීම සහ අන්‍යාගමිකයින් ගේ රහතන්වහන්සේලා ගැන ඇති දුර්මතයන් හෙළි කර එවා නැති කිරීමයි.

එලෙසම ඔබගේ පිලිතුරට ස්තුති පූර්වක වෙමි.
 
Last edited:

aaloka

Member
Jul 15, 2008
11
2
0

මේ ත්‍රෙඩ් එකෙ අරමුණ රහතන් වහන්සේලා හදුන්වාදීම නොව උසස් දක්ෂතා ඇති ස්වාමීන්වහන්සේලා සොයාගැනීමට මග පෙන්වීම, එවන් අත්දැකීම් ගැන කතිකාවතක් ඇතිකිරීම සහා අන්‍යාගමිකයින් ගේ රහතන්වහන්සේලා ගැන ඇති දුර්මතයන් හෙළි කර එවා නැති කිරීමයි.

ඒක හොඳ ආකල්පයක්! නමුත් එවැනි ස්වාමින් වහන්සේලා ගැන තොරතුරු හෙලිකර ප්‍රසිද්ධ කිරීම හානිකරයි. හෙලි නොවන්නේත් ඒ නිසාමයි. කෙනෙක්ට කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් හමුවෙන්න අවශ්‍යනම් කල යුතු දෙයයි මා කීවේ.

රහතන් වහන්සෙල ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නය නගන්නෙ - මනතුංග වැනි අය - ධර්මයේ ගුණ නො දන්නා නිසා. පාරම්පරිකව බෞද්ධ පවුල්වල ඉපදුනත් ධර්ම-විනය නොදන්න අයටද මෙවැනි ප්‍රශ්න ඇතිවිය හැකියි.

අප කල යුත්තේ හැකිතරම්, ත්‍රිවිධ රත්නය ගැන ආරංචිය (ගුණ) අන් අයට කියාදීමයි, ප්‍රචාරයයි.
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
ඒක හොඳ ආකල්පයක්! නමුත් එවැනි ස්වාමින් වහන්සේලා ගැන තොරතුරු හෙලිකර ප්‍රසිද්ධ කිරීම හානිකරයි. හෙලි නොවන්නේත් ඒ නිසාමයි. කෙනෙක්ට කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් හමුවෙන්න අවශ්‍යනම් කල යුතු දෙයයි මා කීවේ.

රහතන් වහන්සෙල ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නය නගන්නෙ - මනතුංග වැනි අය - ධර්මයේ ගුණ නො දන්නා නිසා. පාරම්පරිකව බෞද්ධ පවුල්වල ඉපදුනත් ධර්ම-විනය නොදන්න අයටද මෙවැනි ප්‍රශ්න ඇතිවිය හැකියි.

අප කල යුත්තේ හැකිතරම්, ත්‍රිවිධ රත්නය ගැන ආරංචිය (ගුණ) අන් අයට කියාදීමයි, ප්‍රචාරයයි.

ඔව් කිසිම විධියකින් ස්වාමීන් වහන්සේලාගේ නම් මෙතන සදහන් කිරීමක් වෙන්නෙ නැහැ. උනන්දුව ඇති අයට මග පෙන්වීමක් විතරයි සිදුවෙන්නේ. අපි මේ ගැන මේ ත්‍රෙඩ් එකේ මුලදිත් සාකච්ඡා කලා :)
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
මෙය ඉන්ද්‍රිය පරියෝපරියත්ථ ඤාණයේ වැරදි අර්ථ දැක්වීමක්. පරියෝපරියත්ථ ඤාණය යනු අන්‍යයන්ගේ, ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාව දැකිය හැකි බවයි. මෙ නිසා තථාගතයන් වහන්සේට, කෙනෙක්ට ධර්මය අවබෝධ වන ආකාරය දැක, ඔහු ඉලක්ක කර ධර්මය දේශනා කල හැකියි.

:yes: ඒකම තමා මම කිව්වේ, ඉතින් ධර්මදේශණාවට පස්සෙ උන්වහන්සේට පෙනෙනවා ඇසු කෙනාගේ දැන් ඉන්ද්‍රිය මේ ප්‍රමාණයෙන් ඇතිබව ඊට පස්සේ ඵලය ප්‍රකාශ කරනව
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
මාර්ගඵල ලබන්න නම් භාවනා කරන්නම ඕනෙ නේද? වෙන මාර්ගයක් නැහැනෙ?[/QUOTE
]

ඔව් භාවනාවත් සමගම බෝධිපාක්ෂික ධර්ම වඩන්න ඕනේ.
නිවන් දකින්න නම් අපි ගමන් කල යුතු මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයට කියන්නේ බෝධි පාක්ෂික ධර්ම පිරීම කියලා. කෙනෙක් බෝධිපාක්ෂික ධර්ම පුරන්නේ නැතිව නිවන් දකින්න බෑ.
බෝධිපාක්ෂික ධර්ම 37 තියෙනවා.

1. සතිපට්ඨානය
එනම් කායානුපස්සනා
වේදනානුපස්සනා
චිත්තානුපස්සනා
ධම්මානුපස්සනා යන්නාවූ සතර සතිපට්ඨානයයි.

2. සම්මප්පධානය
නූපන් අකුසල් නූපදිනු පිනිස කරන වීර්යය
උපන් අකුසල් නැති කිරීමට කරන වීර්යය
නූපන් කුසල් ඉපදීම පිණිස කරන වීර්යය
උපන් කුසල් වල දියුණුවට කරන වීර්යය

3. ඍද්ධිපාද සතර
ඡන්දිද්ධිපාද - විරියිද්ධිපාද - චිත්තිද්ධිපාද - වීමංසිද්ධිපාද

4. ඉන්ද්රිය ධර්මයෝ හතර දෙන
සද්ධින්දිය - විරියින්දිය - සතින්දිය - සමාධින්දිය - පඤ්ඤින්දිය

5. බලධර්මයෝ පස්දෙන
සද්ධා බලය - විරිය බලය - සති බලය - සමාධි බලය- පඤ්ඤා බලය

6. සප්ත බොජ්ජංගය

සති සම්බොජ්ජංගය - ධම්මවිචය සමබොජ්ජංගය - විරිය සම්බොජ්ජංගය
පීති සම්බොජ්ජංගය - පස්සධි සම්බොජ්ජංගය - සමාධි බොජ්ජංගය
උපේක්ඛා සම්බොජ්ජංගය

7. ආර්ය අෂ්ටාංගික මාර්ගය

සම්මා දිට්ඨි - සම්මා සංකප්ප - සම්මා වාචා - සම්මා කම්මන්ත
සම්මා ආජීව - සම්මා වායාම - සම්මා සති - සම්මා සමාධි

මෙන්න මෙතන තමා අපි පැටලිලා ඉන්නේ. ඉතින් කවුරුහරි කිව්වාම මේ සේරම වඩන්න ඕන කියල මාර්ගය අමාරුයි කියලා පසුබසිනවා.

බුදුපියාණන් වහන්සේ දේශණා කලේ මෙහෙමයි

එකක් වැඩුවාම - හතරක් වැඩෙනවා
හතරක් වැඩුවාම - හතක් වැඩෙනවා
හතක් වැඩුවාම - අටක් වැඩෙනවා
අටක් වැඩුවාම නිවනින්ම කෙලවර වෙනවායි කියලා.

ඉතින් බලන්න ඕන මොකක්ද මේ වඩන්න ඕන එක කියාලා. ඒක තමා මූලික අවබෝධය (මේ ලෝකයේ අසාර බව අනිච්ඡ්, දුක්ඛ, අනත්ථ වශයෙන් බැලීම) . ඉතින් මේ ආකරයට බලනවිට, අපිට ඉබේම ලෝභ, ද්වේශ, මෝහ වැඩ කෙරෙන්නෙ නැහැ, ඉතින් සතර සතිපට්ඨානය ඉබේම වැඩෙනවා. ඉතින් මේවායේ නම් දැනගෙන හිටය‍ත් නැතත් ආර්‍ය මාර්ගය වඩන කෙනාට මේ හැම එකක්ම වැඩෙනවා.

උපමාවක් පෙන්නන්නම්, අපි අඹ ඇටයක් හිටවලා අවශ්‍ය වතුර, පොහොර ටික දැම්මාම, ගහේ අතු බෙදෙන්න ඕන මෙහෙමයි, මල් එන්න ඕන මෙහෙමයි, ගෙඩි එන්න ඕන මෙහෙමයි කියළා අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.

තවත් උදාහරණයක් ගමු,

කෙනෙක් නුවර ඉඳන් කොළඹට යන හැටි අහනවා,

1. එක්කෙනෙක් නුවරින්, පේරාදෙනියට යන්න, එතනින් කඩුගන්නාව ... ආදි වශයෙන් ප්‍රධාන නගර ආශ්‍රයෙන් කියන්න පුළුවන්.
2. තව එක්කෙනෙක් නුවරින්, ඔතන ලොකු බිල්ඩිං එකක්තියෙන්වා, ඊට පස්සෙ මල්වත්ත ආදි වශයෙන් විවිධ සංකේත, ගොඩනැගිලි ආශ්‍රයෙන් කියන්න පුළුවන්.
3. තවත් එක්කෙනෙක් මොකුත් ඕන නැහැ, ඔන්න ඔය කොළඹ යන බස් එකට නගින්නකො කෙලින්ම කොළඹ කියන්න පුළුවන්.

ඉතින් මේ මොන අවස්ථව ගත්තත් අර කියපු 1, 2 අවස්ථා 3 වෙනි එක්කෙනා දැනගත්තත් නැතත් පසු කරනවා.

ඔය සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම ආදි විස්තර කලේ ධර්ම රසය හොයන අයගේ පහසුව පිණිස මිසක් නිවන් දකින්න දැනගෙන ඉන්නම ඕන නැහැ.
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
බුදුපියාණන් වහන්සේ දේශණා කලේ මෙහෙමයි

එකක් වැඩුවාම - හතරක් වැඩෙනවා
හතරක් වැඩුවාම - හතක් වැඩෙනවා
හතක් වැඩුවාම - අටක් වැඩෙනවා
අටක් වැඩුවාම නිවනින්ම කෙලවර වෙනවායි කියලා.

සාදු සාදු... මේ සියල්ලම වැඩෙනවා ආනාපානසති භාවනාවෙන්...