මාර්තු මාසයේ දී ඉතිහාසගත ඩොලර් ප්‍රමාණයක් ලංකාවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @monson Menna mun boru kiyanawa, uba dapan thread ekak hari ganan tika dala




    ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් දෙවැනියට ලද විශාලතම ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය 2025 මාර්තු මාසයේ දී වාර්තා වී තිබේ.

    මෙම ප්‍රේෂණ ප්‍රමාණයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 693.3 කි.

    මේ අනුව 2025 පළමු කාර්තුව තුළ දී ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ත විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය 1,814.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

    මෙය 2024 පළමු මාස 03හි ලද ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,536.1ක ප්‍රේෂණ වටිනාකම හා සැසඳීමේ දී 18.1%ක වර්ධනයකි.

    2020 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව ලද ඩොලර් මිලියන 812.7ක ප්‍රේෂණ ප්‍රමාණය හැරුණු විට මෙය මෙතෙක් ඉතිහාසයේ, විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති වැඩිම වටිනාකමකින් යුතු ප්‍රේෂණ ප්‍රමාණය වේ.

    කොවිඩ් 19 වසංගත තත්ත්වය දරුණු ලෙස පැවති 2020 දෙසැම්බර් වකවානුව තුළ දී ඉතාලිය, කොරියාව ඇතුළු රටවල සිටි බොහෝ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සිය රැකියාවලින් ඉවත්ව මෙරටට පැමිණීමට කටයුතු කර තිබුණු නිසා, ඔවුන් එකවර ලද මුදල් (Terminal benefits) විශාල වශයෙන් මෙරටට ප්‍රේෂණය කිරීම හේතුවෙන් එම මාසයේ මාසයේ දී, ශ්‍රී ලංකාව ලද ප්‍රේෂණ ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබුණි.

    ඉන්පසු මාසයේ, එනම් 2021 ජනවාරි මාසයේ වාර්තා වී තිබුණු විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 675.3කි.

    2024 සමස්ත වර්ෂය තුළ දී ඩොලර් මිලියන 6,575.4 ක ප්‍රේෂණ ප්‍රමාණයක්, විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා තිබුණි.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක වාර්තා ඇසුරින් මෙම දත්ත වාර්තා ලබාගෙන ඇත.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044


    🤭🤭
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    2020 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව ලද ඩොලර් මිලියන 812.7ක ප්‍රේෂණ ප්‍රමාණය හැරුණු විට මෙය මෙතෙක් ඉතිහාසයේ, විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති වැඩිම වටිනාකමකින් යුතු ප්‍රේෂණ ප්‍රමාණය වේ.

    //still the second to someone.
    Funny Face Lol GIF
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    2020 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව ලද ඩොලර් මිලියන 812.7ක ප්‍රේෂණ ප්‍රමාණය හැරුණු විට මෙය මෙතෙක් ඉතිහාසයේ, විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති වැඩිම වටිනාකමකින් යුතු ප්‍රේෂණ ප්‍රමාණය වේ.

    //still the second to someone.
    Funny Face Lol GIF


    සිංහල තේරෙන්නේ නැති මෝඩ ඉංගිරිස් බයියා තමන්ටම හිනාවෙන හැටි 😹😹

    දෙවැනියට ලද විශාලතම ප්‍රේෂණ ප්‍රමාණය
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    හෝල්ඩ් කරගෙන තියාගෙන හිටපුව දැන් ටික ටික එවනවා ඇති. වාහන ගන්නත් පුලුවන්නේ :yes:
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    අප්‍රේල් වල ඉදන් Tax ගහන නිසා තියන් හිටපු ඒවා ගෙනල්ල බන් 🥱
    remittance වලට ටැක්ස් ගහන්නේ නෑ බන් කොහොමත් :baffled:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,126
    1
    58,478
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    remittance වලට ටැක්ස් ගහන්නේ නෑ බන් කොහොමත් :baffled:
    ලංකාවේ ඉඳල පිටරටට සේවා සපයන උන්ට මේ අවුරුද්දෙ බදු ගැහුව. මොකක්ද කියපු හේතුව? අනික් උන්ට අසාධාරණ නිසා කියල කිව්වෙ

    ලබන බජට් එකෙන් ඊළඟ කණ්ඩායමට බදු ගහයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,086
    113
    Mother Earth
    මම නම් කියන්නේ රට ඉන්න අය සල්ලි එවන්න එපා මාස දෙක තුනක් යනකන්. ඒ අයට පුළුවන් තීරණය කරන්න අපි සල්ලි එවන්නේ නෑ කියලා. 🤷‍♂️
     

    Similar threads