මාර්තු 19 සිට කෘතිම බුද්ධිය පාසැල්වල උගන්වයි..

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,360
    20,105
    113
    41
    අපි ඉස්කෝලෙ යන කාලෙත් සමහර ගුරුවරු අයිස් ගැහුවා දැන් අධ්‍යාපන ක්රමය අනුව තියෙන්නෙ ලමයට හොයලා ඉගෙනගන්න කියලා. ගමක පස්දෙනෙකුටවත් ඉන්ටනෙට් තිබුනෙත් නෑ ඒකාලෙ. අන්තිමට ඕලෙවල් කොමස්වල ද්විත්ව තීරු මුදල්පොතවත් ඉගැන්නුවෙ නෑ හුත්ති. අපිට පෙළපොත් තිබුනෙත් නෑ.පන්තියෙ උන්ගෙන් බරගානක් ඒකට S , w
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    4,670
    8,727
    113
    Sri Lanka
    රෙද්දක් කියවනවා... OL කරන ළමයි ඉන්නවා එකතු කිරීම අඩු කිරීම වත් හරියට කර ගන්න බැරි... ඍණ කියන concept එක තේරෙන්නේ නෑ ගොඩක් උන්ට... බස් එකක ගිහිං සල්ලි දීලා හරි ගානට ඉතිරි ගන්නවත් බැරි සෙට් එකක් ඉන්නේ... මුන් මේ කෘතිම බුද්ධියක් ගැන කියවනවා...
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    7,085
    8,344
    113
    ඔය කියන ඇගැයීම් ක්‍රමය ගෙනාපු දවසට තමයි ලංකාවේ අධ්‍යපන පද්ධතියේ මළගම වෙන්නේ. දෙමවුපියන්ට කොච්චර සල්ලි තිබුනත් සල්ලි දීලා OL AL පාස් කරගන්න බැරි නිසා තමයි මෙහෙම හරි ලංකාවේ අධ්‍යපන පද්ධතිය ඉතුරු වෙලා තියෙන්නේ.

    ඇගැයීම් ක්‍රමය ගෙනාපු ගමන් සල්ලි තියෙන දෙමවුපියන් ගුරුවරුන්ට හොඳට සලකනවා ඉතින් ගුරුවරුත් ඕන වැඩ බැරි ළමයෙක්ට ලකුණු දීලා පාස් කරනවා.

    ලංකාවේ වගේ හැමදේටම හොර වැඩ කරන සමාජයකට ඇගැයීම් ක්‍රමය ගැලපෙන්නේ නෑ

    ශිෂ්‍යත්ව විභාගයට තියෙන තරගකාරීත්වය අඩු කිරීමට අවශ්‍ය නම් කරන්න ඕන , පොඩි ඉස්කෝලවලට වැඩිපුර ප්‍රතිපාදන වෙන්කරලා ඒවාට ජනප්‍රිය පාසල් වල තියෙන සියලුම පහසුකම් දෙන එක , එතකොට කවුරුවත් ජනප්‍රිය පාසල් හොයාගෙන යන්නේ නෑ
     
    • Like
    Reactions: kevin_levin

    EON

    Well-known member
  • Nov 4, 2012
    2,780
    2,427
    113
    ඉදිරියේදී රටේ සෑම දරුවෙකුටම තම හැකියාවන් හා අභිරුචිය අනුව තම අනාගත ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩසටහනකට එක්වෙමිනි.


    මෙරට 1-5 ශ්‍රේණි දක්වා වූ ප්‍රාථමික අධ්‍යාපන අවධියෙහි දරුවන්ට පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දෙමාපියන් විසින් අතිරේක ඉගැන්වීම් කරවමින් ලබා දෙන පීඩනය නතර කළ යුතු බවද ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන නමුත් එහි තරගකාරීත්වය අඩු කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරන බවද සිසුන් ඇගයීම සඳහා පන්ති කාමරයෙන් පරිබාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් දරුවන් දක්වන කුසලතා හඳුනා ගනිමින් එම සුහුරු කුසලතා වෙනුවෙන් ඇගයීම් ලබාදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය .


    එමෙන්ම අටවන ශ්‍රේණියෙන් ඉහළ දරුවන් සඳහා තොරතුරු තාක්ෂණය විෂය සමඟ කෘතිම බුද්ධිය හැදෑරීමට අවස්ථාව සලසා දෙන බවත් එළඹෙන මාර්තු 19 වැනි දින එහි නියමු ව්‍යාපෘතිය පාසල් විස්සක් යොදා ගනිමින් ආරම්භ කරන බවද ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සිදු කරමින් පවතින බවද එළඹෙන වසරේදී එය දීපව්‍යාප්තව ක්‍රියාවට නංවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.



    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට දැනට පවතින විෂයන් සංඛ්‍යාව විෂයන් හත දක්වා අඩු කරන බවත් ඉතිරි විෂයන් තුන සඳහා ප්‍රාදේශීය වශයෙන් සිසුන්ට ලබා දිය හැකි කර්මාන්ත හා පාරිසරික දැනුම ඇසුරින් ඇගැයීමකට ලක් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.



    කිසිදු දරුවෙක් සාමාන්‍ය පෙළ අසමත් නොවන අයුරින් සහ උසස් පෙළ ශේණිවලදී තමන්ට අභිමත සහ කුසලතා දක්වන විෂය ක්ෂේත්‍ර ඔස්සේ වෘත්තීය පුහුණුව ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටද පියවර ගන්නා බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙවර උසස් පෙළට පෙනී සිටි 3,37000ක සිසුන් අතරින් සිසුන් 50,000කට ඉංග්‍රීසි , තොරතුරු තාක්ෂණය හා මාර්ගෝපදේශනය පිළිබඳ පුහුණුවක් ලබා දීමට කටයුතු සැලසුම් කර ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය .එළෙඹෙන මාර්තු 05 වන දා සිට දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 300ක මෙම පුහුණු වැඩසටහන පැවැත් වේ
    therumak thiyanawada kiyahanko.. syllabus ekata oka ebuwata iskola wala inna IT teachers la AI thiya adu tharame office package ekawath hariyata danne na. e harak pattiya dala mona reddak kiyala dennada lamayinta