මාර්ෂල් ආර්ට්ස් - - - Marshall arts

Another_Me

Active member
  • Feb 5, 2016
    299
    213
    43
    ෆෑන් එක යට
    මාර්ෂල් ආර්ට්ස් - - - Marshall arts

    Marshall arts එහෙම නැතිනම් ආත්මාරක්ෂක සටන් කළා තියෙන්නේ මොනවාටද කියලා ඇහුවාම ටිකක් ගොන් ප්‍රශ්නයක් කියලා හිතෙනවානේ, හරියට ජූලි කලබලය ඇතිවුණේ මොන මාසෙද කියල අහනව වගේ. ආත්මාරක්ෂක සටන් කලාවන් තියෙන්නේ ආත්මාරක්ෂාවට තමයි. වෙන මොනවටද?
    ඒ ඉස්සරනේ දැන් තියෙන්නේ මොකටද?
    දැන් තියෙන්නේද? දැන් තියෙන්නේ මේ මේ…. ආන්න මස්සිනේ ඔහේව හිරවෙන තැන. මාර්ෂල් ආර්ට්ස් තියෙන්නේ මොනවාටද? කියන ප්‍රශ්නෙට වර්තමානේ දෙන්න ගොඩක් උත්තර තියෙනවා.ඒ තමයි හිතේ සාමය, තැන්පත් බව, ශාරීරික නිරෝගීතාව වගේ දේවල් රැකගන්න කියන එක.
    එතකොට මාෂල් ආට් කියන්නේ කරාටේ වගේ එව්වට ද?
    ඔව් කරාටෙත් මාර්ෂල් ආර්ට් එකක් තමයි.
    තව නෑ??
    තියෙනවා. පොඩ්ඩක් ඉන්න, මේ ඒ ගැන තමයි කියන්න යන්නේ.

    1. බෝකටෝර්

    Marshall-Arts-aniwa-01.jpg

    කාම්බෝජියානු යුධ බිම් වලදී නිර්මාණය වුණා යයි කියන සටන් කලාවක්. “සිංහයෙකුට පහරදීම” යන අර්ථයෙන් යුතු මේ සටන් කලාවේ පහරවල් වලට අමතරව ඔවුන්ටම ආවේණික ආයුධ කට්ටලයකුත් තිබෙනවා. අශ්ව, කුරුලු, නාගයින් වැනි සතුන්ගේ ඉරියවු වලින් යුතු සටන් ක්‍රම රැසකින් මේ බොකටෝර් සටන් කලාව සමන්විතයි. ඒ වගේ අතීතයේදී මේ සටන් කලාවට දක්ෂ සෙබළුන් සිටි නිසා ඔවුන්ගේ යුද්ධ වලදී ප්‍රතිවාදීන් සිය දහස් ගණනකට මරු කැඳවන්න මේ සටන් කලාව සමත් වූ බවයි පැවසෙන්නේ.

    2. කොම්බටෝ

    Marshall-Arts-aniwa-02.jpg

    කොම්බටෝ කියන්නේ එතරම් පැරණි ආත්මාරක්ෂක සටන් කලාවක් නොවෙයි. මෙය සටන් කලාවක් ලෙස වැඩි දියුණු කලේ බිල් අන්ඩර්වුඩ් විසිනුයි. දෙවැනි ලෝක යුද්ධ සමයේදී අමෙරිකානු සහ කැනඩා හමුදාවන්ට මේ සටන් ක්‍රමය පුහුණු කරන ලෙස ඔහුගෙන් දැඩිසේ ඉල්ලීම් කොට තිබෙනවා. කෙසේ වෙතත් පසු කාලීනව මේ සටන් ක්‍රමයේ ඇති සමහර දරුණු සහ අනතුරුදායක කොටස් වෙනුවට ආත්මාරක්ෂාවට වැඩිපුර ඉඩක් සලස්වමින් වෙනස්කම් ඇති කරන්නටද ඔහු ක්‍රියා කරනවා. ඉන් පසුව මේ කොම්බටෝ සටන් ක්‍රමය ඩිෆෙන්ඩෝ නමින් නම් වෙනසකටත් ලක්ව තිබෙනවා. මෙය කැනඩාවේ පොලිස් පුහුණුව සඳහා යොදාගත් ආරම්භකම සටන් පුහුණු ක්‍රමයක් හැටියටයි සැලකෙන්නේ.

    3. ජීට් කුන් දෝ

    Marshall-Arts-aniwa-03.jpg

    මේ සටන් කලාවත් නිර්මාණය කරලා තියෙන්නේ අපි හැමෝම දන්නා කෙනෙක් විසින් ඒ තමයි ලෝකයේ මාර්ෂල් ආර්ට් රජු ලෙස හඳුන්වන Bruce Lee විසින්. 1967 දි තමයි මේ සටන් කලා ක්‍රමය ලොවට හඳුන්වා දී ඇත්තේ. සටන් කළා බොහොමයක ගති ලක්ෂණ එකට කැටි කරමින් තැනෙන මේ සටන් කලාව Bruce Lee නිපදවෙන්නේ ලොව අනෙකුත් සටන් කළා වලට අභියෝගයක් වන පරිද්දෙන්. අඩු චලනයකින් වැඩි බලපෑමක් කරන්නට තමයි මේ සටන් කළාවෙන් උත්සාහ ගනු ලබන්නේ.



    4. කෙය්සි සටන් ක්‍රමය

    Marshall-Arts-aniwa-04.jpg

    මේ සටන් ක්‍රමය නිපදවන ලද්දේ යෙස්ටෝ දියේගස් සෙරානෝ විසින් (Justo Dieguez Serrano) ඒ ස්පාඤ්ඤයේ වීදි සටන් වලින් බේරීමට ආරක්ෂක උපක්‍රමයක් හැටියටයි. සටන් වළල්ලක් තුළ නොව සාමාන්‍ය ජීවිතයේ අවස්ථාවලදී ආත්මාරක්ෂාව සපයා ගැනීමට උපකාරී වීම තමයි මේ මගින් වැඩිපුර අවධානයට ලක්කර තිබුණේ. කෙසේ වුවත් මේ සටන් ක්‍රමයේ ඇති සරල බව නිසාම ලොව පුරා සටන් ලෝලීන්ගේ අවධානය යොමු වුන අතර ඒ අවධානය මේ සටන් ක්‍රමය Batman සහ Mission Impossible වැනි චිත්‍රපට වලට එකතුවන්නට තරම් බලවත් වුනා.

    5. සම්බෝ

    Marshall-Arts-aniwa-05.jpg

    සම්බෝ නිපදවෙන්නේ මල්ලවපොර වල වඩා යාවත්කාලීන එකතු කිරීමක් හැටියටයි. මෙය මුලින්ම භාවිතාවෙන්නේ 1920 දී රතු හමුදාව තුළදීයි. රුසියාවේ විශේෂ කාර්ය බලකා වල භාවිතය සඳහා මෙය භාවිතා වුනත්, පවතින අපරාධ රැල්ල මැඩලන්නට සාමාන්‍ය ජනතාවටත් මේ සටන් ක්‍රමය පුරුදු පුහුණු වෙන්නට ඉඩ ලබා දෙනු ලැබුවා. ඒ හේතුව නිසාම ඔවුන් තවත් කරදරයක වැටුනා. ඒ තමයි, මෙය සාමාන්‍ය මං පහරන්නන් සහ සොරුන්ටත් භාවිතා කරන්නට ඉඩ ලැබීම.
    1968 වන විට මල්ලවපොර සටන් ක්‍රමයක් ලෙසට සම්බෝ පිලිගැනීමට ලක්වෙනවා. වාර්ෂිකව ලෝක සම්බෝ ශූරතා තරඟාවලිත් පැවැත්වෙනවා.

    6. එස්ක්‍රිමා

    Marshall-Arts-aniwa-06.jpg

    වෙනත් රටවල් වල මේ සටන් කලාව අර්නිස් හෝ කාලි යන නමින් හැඳින්වුවත් මෙහි ඇත්ත නම වන්නේ එස්ක්‍රිමා යන නමයි. පිලිපීනයේ ජාතික ක්‍රීඩාව වන්නේද මෙයයි. පිලිපීන ආත්මාරක්ෂක සටන් කලාවක් වන මෙය පුරුදු පුහුණු වූ අය අතීතයේ බොහෝමයක් සිටියා. නමුත් වර්තමානය වෙන විට මෙහි පවතින අති බියකරු බව නිසා ජන මතකයේ රැඳී තිබෙන්නේ සටනකට වඩා නැටුම් ශිල්පයක් ලෙසටයි. ප්‍රධාන වශයෙන් ම කිනිසි සහ රිටි භාවිත කරමින් කරන මේ සටන් කලාව වර්තමානය වෙන විට නැටුමක් ලෙසට ප්‍රසිද්ධ වුණත් එහි පවතින ආවේගශීලී බව තාමත් නැටුමේ තියෙන ලයාන්විත ගතිය නිසා වියකී ගොස් නැහැ.

    7. බෝජුකා/බොහූකා

    Marshall-Arts-aniwa-07.jpg

    ලොව ක්‍රීඩා නොවන ගණයට අයත් වෙන ආත්මාරක්ෂක සටන් කලාවලින් එකක් වෙන මේ සටන් කලාව වැඩි දියුණු කරන්නේ 90 දශකයේදීයි. ඒ ටොම් ශ්‍රෙන්ක් විසින්. තවද මේ සටන් ක්‍රමයත් භාවිත වන්නේ විදී වලදී සිය ආරක්ෂාව සලසා ගන්නට වීම සුවිශේෂ වෙනවා. නිපුණතා මට්ටම් (skill levels) 4කින් යුක්ත මේ සටන් කලාව සම්පූර්ණයෙන් හැදෑරීමට වසර තුනක්වත් ගත වෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. නිරායුධ මෙන්ම ආයුධ සහිත සටන් ශිල්ප හැදෑරීමක්ද මෙහිදී සිද්ධ වෙනවා.

    8. බ්‍රසීලියානු ජූ-ජිට්සු

    Marshall-Arts-aniwa-08.jpg

    හොයිස් ග්‍රේසි විසින් Ultimate fighting championship (UFC) පළමු තරඟාවලිය අනපේක්ෂිත අයුරින් ජයග්‍රහණය කිරීමත්, ඉන්පසු ඒ ශූරතාවය තුන් වරක් දිනාගන්නට සමත් වීමත් නිසා බ්‍රසීලියානු ජූ ජිට්සු සටන් කලාව ගැන ජනතාව කතා වෙන්නට ගත්තා. ප්‍රමාණයෙන් විශාල ප්‍රතිවාදියෙක් වුනත් මේ සටන් කලාව භාවිතා කරමින් බිම හෙලන්නට යන්නේ ඉතාම සුළු වෙලාවක් බව පැවසෙනවා. සිටගෙන කරන සටන් වෙනුවට මේ සටන් ක්‍රමය බිම පෙරළී කරන සටන් ක්‍රමයක් හැටියටයි සැලකෙන්නේ. ශක්තියට වඩා නිවැරදි තාක්ෂණය යොදාගෙන ප්‍රතිවාදියාගේ ශරීරයේ සන්ධි ග්‍රහණයට ලක්කර මෙල්ල කිරීමයි මෙහිදී වැඩි වශයෙන් සිදු කරනු ලබන්නේ.

    9. අංගම්පොර

    Marshall-Arts-aniwa-09.jpg

    වසර 5000ක අතීතයකට උරුමකම් කියනවා යයි කියන ලංකාවට ආවේණික ප්‍රධානතම සටන් කළා දෙකෙන් එකක් ලෙස හඳුන්වන අංගම්පොර තවමත් ලංකාවේ පුරුදු පුහුණු වෙනවා. සමහරු මේ සටන් ක්‍රමයට ඊටත් වඩා දිගු අතීතයක් ඇති බවට සඳහන් කරනවා. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමය තුල තහනමට ලක් වුණු මේ සටන් ක්‍රමයේදී අංගම් යනු ආයුධ භාවිත නොකරන සටන් ක්‍රමය ලෙසද, ඉලංගම් යනු ආයුධ භාවිත කරන සටන් ක්‍රමය ලෙසද හඳුන්වනවා. තවද මායා අංගම් යනුවෙන් අංගම් සඳහා කරන මන්ත්‍ර ගුරුකම් හඳුන්වනවා.
    නමුත් තවමත් වෙනස් කම් වලට භාජනය වෙමින් පැවතෙන අංගම් සටන් කලාව සාම්ප්‍රදායික ලෙසටම කරගෙන යන්නේ කොරතොට අංගම් කණ්ඩායම විසිනුයි.



    10. යෝග බුදෝ

    Marshall-Arts-aniwa-10.jpg


    යෝග බුදෝ කියන්නේ මිශ්‍ර සටන් ක්‍රමයක්. ඒ වුනත් එය ඉපදෙන්නේ ලංකාවේ නිසා, නිර්මාණයේ උප්පත්තියේ ගෞරවය ලංකාව සතු වෙනවා. ආත්මාරක්ෂක සටන් කළා ගැන මුලික දැනීමක් ඇති කෙනෙකුට මෙහි පුහුණුව බොහොම පහසු වෙනවා.

    යෝග බුදෝ වල ආත්මාරක්ෂක සටන් කලාව මෙන්ම මේ තුල පුද්ගල සංවර්ධනය, විනය , හික්මීම, ආත්ම විශ්වාසය වැනි කාරණා සඳහාත් මුල් තැන දෙනවා. ඒ නිසා තමයි මේ වෙනවිට ලංකාවේ රාජ්‍ය ආරක්ෂක අංශ වෙතට මේ පුහුණුව ලබා දෙන්නේ.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    REP added+++
    මේකට ලෝකෙ දැනට තියෙන හොඳම මාර්ෂල් ආර්ට් එක විදියට පිලිගන්න krav maga, ඒ වගේම කරාතෙ, වින්චුන්, තයිකොන්දෝ, අයිකිදෝ වගේ ඒවත් ඇතුලත් වෙනව නං හොඳා
     

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    Goood post
    එක ලග මේ වගෙ ගොඩාක් පොස්ට් දැම්මාම රෙප් දෙන්න අමාරුයි :)

    Sorry:sorry:
    You have given out too much Reputation in the last 24 hours, try again later.